පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, October 23, 2017

ඇස්වලට නිවැරදිව බෙහෙත් දමන්නේ කොහොමද? - How to put eyedrops correctly?



අද වෙනකල් ඇස්වලට නිවැරදිව බෙහෙත් දමන්නේ කොහොමද කියලා හරියටම නොදැන හිටියේ මම විතරක් නෙවෙයි කියලා දැනගත්තේ ඒ ගැක කිහිප දෙනෙකුගෙන් ඇහුවට පසුවයි. ඇහේ කොනට බෙහෙත් වත්කරලා සෑහෙන වෙලාවක් උඩ බලාගෙන ඉන්න ඕන‍ කියලත්, ඊට පස්සේ උගුරට තිත්ත රසක් දැනුණා නම් ඔන්න නියම විදියට බෙහෙත ඇහැට වැටිලා කියලත් තමයි  තරම් කාලයක් මම හිතාගෙන හටියේ  මම මේ ගැන අහපු හැමෝම කිව්වෙත් ඒ විදයට. ඒත් අද ඇස්වලට බෙහෙත් කරන රෝහලක දි මම මේ තරම් හිතාගෙන හිටි විදිය වැරදියි කියලා දැනගත්තා. මම වගේම වැරදියට හිතාගෙන ඉන්න තවත් අය ඉන්නවා නම් ඒ හැමෝටම මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලයි මම මේක ලියන්න හිතුවේ. 

නිවැරදිව ඇස්වලට බෙහෙත් වැටුණා නම් ඒ බෙහෙත් කොහොමටවත් උගුරට බහින්න විදියක් නෑ. ඒ කියන්නේ උගුරට බෙහෙත් රසක් දැනෙන්න විදියක් නෑ. නිවැරදිව බෙහෙත් වැටුණේ නැත්නම් ඒ බෙහෙත් ටික කෙලින්ම උගුරට බහිනවා. 

නිවැරදිව බෙහෙත් දමන්නේ මෙහෙමයි. මේක අදාළ වෙන්නේ දියර බෙහෙත් බිංදු වත් කරද්දී බවත් මතක තියාගන්න ඕන.





බොහෝ විට තමන්ටම තමන්ගේම ඇස්වලට ‍බෙහෙත් දමාගන්න අපි පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඒක සාර්ථක නැහැ. ඒත් හරියටද දාගන්න පුළුවන් නම් ගැටළුවකුත් නැහැ. වෙන කෙනෙක් තමයි බෙහෙත් දමන්න ඕන. ඔළුව උඩට උස්සලා ඇස්වලින් සාමාන්‍ය මට්ටමකින් උඩ බලන්න ඕන. දැන් බෙහෙත් දමන කෙනා ඇස් අමාරුව තියෙන කෙනාගේ ඇහැට යටින් තරමක් තදින් තෙරපන්න ඕන. මේ පින්තූරවල ඒ විදිය තියෙනවා. එසේ තෙරපන විට ඇසට වැටෙන දියරය උගුරට බහින මාර්ගය අවහිර වෙනවා. දැන් හරියටම ඇසේ යටට මැදට වන්නට බෙ‍හෙත දමන්න ඕන. මේ විදයට බෙහෙත් වැටිලා ගොඩක් වෙලා උඩ බලාගෙන ඉන්න ඕන නෑ. ඕනම නම් විනාඩියක් ඉන්න. ඒත් ඒ වෛද්‍යවරයා කීව විදියට නම් තත්පර කිහිපයක් හිටියත් ඇති. මෙහෙම ඉන්න අතරේ ඇස හොඳින් වටේට කරකවලා අර බෙහෙත් ඇසේ තවර ගන්න ඕන. 

ඔන්න ඔය විදියට තමයි නිවැරදිව ඇසට බෙහෙත් දමන්නේ.

4 comments:

  1. වටිනා ලිපියක් ඔබතුමා වගේ තමයි ඇසට බෙහෙත් වැටීම ගැන මමත් හිතං හිටියේ දැනුම බෙදා ගත්තාට ස්තූතියි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබට මෙය ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි.

      Delete
  2. වටිනා අදහස්.ඔබට බොහොම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න