විවිධ ආයතනවල
සේවය කරන බොහෝ දෙනෙක් නිතර නගන මැසිවිල්ලක් වන්නේ, “ලොක්ක එක්ක ඉහ ගහගෙන ඉන්න බෑ අප්පා. එපා
වෙනවා.” වැන්නකි. මෙයට හේතුව ආයතන ප්‍රධානියා සෑමවිටම ‘ලොක්කා’ හෝ ‘මුදුනා’ බවට
පත්වීමට ගන්නා උත්සාහයයි. එවැන්නන් බොහෝ විට සෙසු සේවකයන්ගේ අදහස් පයිසයකට හෝ
මායිම් කරන්නේ නැත. සාමාන්‍යයෙන් ආයතනයක ඉදිරි වැඩ සැලසුම් කරගැනීම සඳහා රැස්වීම්
පවත්වනු ලබයි. මෙහි අරමුණ වන්නේ සිදු කළ කාර්යයන්, අතපසු වූ කාර්යයන්, ඉදිරි සැලසුම් සහ නව
අදහස් ඉදිරිපත් කිරීම වැනි දේවල් සාකච්ඡා කිරීමය. නමුත් මේ ‘මුදුනා’ වන්නට වලිකන
ප්‍රධානීන් සිටින තැනක නම්, සෙසු සේවකයන්
ඉදිරිපත් කරන නව අදහස් හා යෝජනා කිසිදු සැලකිල්ලකට ගන්නේ නැත.
“ඕව කරන්න
පිස්සුද? . . . ඕව හරියන වැඩ
නෙවෙයි මනුස්සයෝ . . .මොනවද අයිසේ තමුසේ දන්නේ . . . ” වැනි දේ කියමින් මේවා
කුණුකූඩයට දමයි. මේ තත්ත්වය නිසා ඇතැම්
සේවකයන්ට සිය රැකියාව පවා එපාවන තැනකට පත් වන අතර ඇතැමුන් රැකියාව හැර දමා යන
අවස්ථාවන් ද දක්නට ලැබේ. එවැනි අවස්ථාවක දී සේවකයන්ට හැඟෙන්නේ තම අදහස් ආයතනයට
වැදගත් නොවන නිසා ප්‍රධානීන් එසේ හැසිරෙන බවකි. මෙවැනි ප්‍රධානීන් ආයතනවල මෙන්ම
දේශපාලන පක්ෂවල ද සිටිනු දැකිය හැකිය. කෙටියෙන් පවසතොත් ආයතන වැඩි ගණනක සිටිනේනේ
මෙවැනි ප්‍රධානීන්ය.
මෙවැනි
පුද්ගලයන් බිහිවීම පසුපස යම් යම් මානසික සාධක දකින්නට ලැබේ. මේ අතරින් එකක් මනෝ
විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ ‘මමංකාර උද්ධමනය’ (Ego Inflation) නමිනි. ‘මමත්ව
උද්ධමනය’ ලෙසින් ද මෙය හඳුන්වනු ලබයි. මෙහිදී සිදුවන්නේ යම් කිසි පුද්ගලයෙක් තමා
ගැන සිතා සිටින මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ නංවා ගැනීමය. මෙවැනි මානසික තත්ත්වයකින් පසු
වන පුද්ගලයා සිතන්නේ තමා තරම් බුද්ධිමත්, වැදගත්, හැකියාව ඇති වෙනත් කිසිවකු ආයතනයේ නොමැති
බවය. මෙවැනි ප්‍රධානියෙකු යටතේ අවංකව වැඩකටයුතු කරන යම් සේවකයෙක් සිටී නම්
එවැන්නෙකුට සේවය කිරීම දුෂ්කරය. තමා සේවය කරන ආයතනයේ දියුණුව වෙනුවෙන් තමා සතු
අදහස් ඉදිරිපත් කරන්නට හැකියාවක් නොමැති නම් එවැනි සේවකයෙක් නිතැතින්ම කලකිරීමට
පත් වෙයි.
මෙවැනි ආයතන
ප්‍රධානීන් නිසා සිය සාර්ථකත්වය ළඟා කර ගන්නා සේවක පිරිසක් ද සිටිති. මොවුන් අවංක
නැත. තමා සේවය කරන ආයතනය දියුණු වුව ද පරිහානියට පත් වුවද ඔවුන්ට ඒ පිළිබඳ වගක්
නැත. මොවුන් කරන්නේ මෙවැනි ‘මුදුනා’ වීමේ මානසිකත්වය ඇති ප්‍රධානීන් පවසන සෑම
අදහසක්ම,
“ඔව් සර් . .
. සර් කියන කතාව හරියට හරි. සර් කියන විදියට කළොත් තමයි මේක හරියන්නේ . . . සර්ට
තරම් අදහස් අපට එන්නේ නෑ නේ.“
ආදී
වශයෙන් පවසමින් ‘යර්ස් බොස්’ (Yes
Boss) න්‍යාය අනුගමනය
කිරීමය. එම න්‍යාය අනුගමනය කිරීමෙන් ආයතනයට කුමක් වුව ද තමාගේ සුඛ විහරණය සකසා
ගැනීම ඔවුන්ගේ සිරිතය. මුදුනාගේ අදහස් අනුමත කිරීම තුළින් මුදුනා තවත් ඉහළට නගින
අතර මුදුනාගේ ගුණ ගායනා කළ සේවකයාගේ රැකියාවේ තත්ත්වය ද උසස් වෙයි. මෙවැනි ප්‍රධානීන්ට
‘බටර් ගෑම’ තුළින් අදාළ සේවකයන්ට ආයතන තුළ සිය රැකියාවේ මහත් දියුණුවක් අත්පත් කර
ගත හැකි වේ. අනෙක එවැනි බටර් ගානා සේවකයන් අතින් සිදුවන වැරදි පවා ප්‍රධානියා
විසින් යටපත් කර දමයි. සාමාන්‍ය සේවකයෙක් විසින් සිදුකරන සුළු අත්වැරැද්දක්
මහමෙරක් සේ දකින මෙවැනි ප්‍රධානීන්, ආයතනයට ලක්ෂ ගණනින් පාඩු සිදුකරන තීරණ ගන්නා, ‘යර්ස් බොස්’ න්‍යාය
අනුගමනය කරන සේවකයන් පිළිබඳ වදනකුදු හෝ නොදොඩා සිටියි.
එමෙන්ම අවංක
සේවකයකු විසින් ඉදිරිපත් කොට ඉවත දමන අදහසක්, මෙවැනි ‘යර්ස් බොස්’ න්‍යාය අනුගමනය කරන
සේවකයකු විසින් ඉදිරිපත් කළ විට එය ක්‍රියාත්මක කිරීම ද මෙවැනි ප්‍රධානීන් අතින්
සිදුවේ.
මෙවැනි ප්‍රධානියකු
බිහිවන්නට බලපාන තවත් මානසික තත්ත්වයක් පවතින අතර එය ‘ආත්මරාගී පුද්ගල ආබාධය’ (Narcissistic
personality disorder) නමින් හඳුන්වනු ලබයි. මේ මානසික තත්ත්වයෙන්
යුක්ත පුද්ගලයන් ද හැසිරෙන්නේ යටකී මානසිකත්වයෙනි.
සාමාන්‍යයෙන්
නිවසක්, ආයතනයක් වැනි
තැනක සෙසු පුද්ගලයන්ගේ අදහස් විමසා ඒවාට ගරුකිරීම සිදු කළ යුතු දෙයකි. එක්තරා
ආයතනයක් රියැදුරකු වශයෙන සිටි පුද්ගලයකුගේ අදහස් ක්‍රියාත්මක කොට ආයතනයේ ආදායම්
කිහිප ගුණයකින් වැඩි කර ගත් අතර රියැදුරාට උසස්වීමක් ද ලබා දෙන්නට ද කළමනාකාරීත්වය
කටයුතු කළේය. එවැන්නක් සිදුවූයේ එතැන ‘මුදුනා’ වෙමින් අන් අයගේ අදහස් කුණු කූඩයට
දමන ප්‍රධානියකු නොසිටීමය. මුදුනා වීමේ ගති ලක්ෂණ සහිත ගෘහ මූලිකයන් සිටින නිවෙස්
ද ඕනෑ තරම් දැකිය හැකිය. මෙවැනි තත්ත්වයක අවසන් ප්‍රතිඵලය වන්නේ එකී ආයතනය හෝ නිවස
දියුණුවීම බාධා වීම හෝ ප්‍රමාද වීමය. යම් ආයතනයක මෙවැනි ප්‍රධානියකු සිටී නම්
සේවකයන්ට ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක්ද නැත. එක්කෝ සේවකයන් ‘යර්ස් බොස්’ කියමින්
නිහඬව සිටිය යුතුය. නැතහොත් රැකියාව අතහැර යායුතුය.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න