මිනිසාගේ
මූලික අවශ්‍යතාවයන් වන්නේ ජලය, ආහාර සහ ඇඳුම්
වැනි දෑ වුව ද නූතන ලෝකයේ මේ අතරට එක්කරගත යුතු තවත් එක් දෙයක් වන්නේ විදුලියයි.
විදුලියේ පිහිට නොමැතිව කිසිවක් කරගත නොහැකි තරමටම එය මිනිස් ජීවිතයට බද්ධ වී
තිබේ. නමුත් අතීතයේ එසේ වූයේ නැත. මිනිසුන්ට විදුලියෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ
කිසිවක් නොතිබුණු අතර ඔවුන් එවැනි බලයක් පිළිබඳව දැන සිටියේ ද නැත. නමුත් අප මේ
සඳහන් කළ දෑ ‛සත්‍ය වශයෙන්ම
සත්‍යය’ ද? අපේ පැරැන්නෝ විදුලි බලය පිළිබඳ දැන සිටියේ
නැතිද? මෙවැනි කුතුහල දනවන
කාරණා පිළිබඳ මිනිස්සු අතීතයේ සිටම ප්‍රශ්න කළා පමණක් නොව ඒවා පිළිබඳ සොයන්නට ද
උත්සුක වූහ. මේ සෙවීම්වලට අනුව පෙනෙන්නේ පැරැන්නෝ විදුලි බලය පිළිබඳ නොදැන සිටි
බවක් නම් නොවේ. ඒ පිළිබඳව අප කතා කළ යුතු වන්නේ එබැවිනි.
ඉතිහාසඥයින්
සහ ස්වාධීන පර්යේෂකයන් විශ්වාස කරන අන්දමට ලෝකයේ පැරණි ශිෂ්ටාචාර අප දැන සිටිනවාට
වඩා තාක්ෂණය අතින් ඉහළ තැනක පැවත තිබේ. ඔවුනට අනුව ඇතැම් ශිෂ්ටාචාර විදුලි බලය
පිළිබඳව දැන සිටියා පමණක් නොව එය සිය
එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු සඳහා භාවිතයට ද ගෙන තිබේ. මේ පිළිබඳ සිදුකළ පර්යේෂණයන්
අතරින් ප්‍රමුඛ පෙළේ ලා සැළකිය හැකි එවැනි සාධක කිහිපයක්ම තිබේ.
1. බළල් සමින් කළ
විදුලි ජනකය
බළල් සමින් කළ විදුලි ජනකය - ප්‍රතිනිර්මාණ කරන ලද්දකි |
අපේ පැරැන්නෝ
ස්ථිතික විදුලිය පිළිබඳ යම් වැටහීමකින් පසුවූ බවට සාධක ලැබී තිබේ. නමුත් ඔවුනට එය
පූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට හැකියාවක් ලැබී නැත. අඳුරු කුටියක් තුළ දී බළල් සමක්
මත යම් යම් ද්‍රව්‍යයන් අතුල්ලන විට එයින් යම්කිසි පුළිඟුවක් විසිවන බව ඔවුහු
දුටුවහ. මෙයට දෙවියන්ගේ සම්බන්ධයක් ඇතැයි ද ඔවුහු කලපනා කළහ. ස්ථිතික විද්‍යුතය
පිළිබඳව මුළින්ම ලිඛිත සාධක හමුවන්නේ ක්‍රි.පූ. 624 - 546ත් අතර සමයේ ජීවත් වූ ග්‍රීක ජාතික දාර්ශනිකයකු වූ
තේල්ස් මිලෙටස්ගේ ලේඛණවලිනි. ඔහු සඳහන් කොට ඇත්තේ තමා බළල් සමක් සමගින් විදුලිය
පිළිබඳ පර්යේෂණ කළ බවකි. ඔහු එම පර්යේෂණය සඳහා රෝද දෙකක් සහිත සරල යන්ත්‍රයක් ගොඩ
නගා තිබේ. එක් රෝදයක් දිවියකුගේ සමකින් ආවරණය කොට තිබූ අතර අනෙක් රෝදය වීදුරු වැනි
පාෂාණයකින් ආවරණය කොට තිබිණි. එම රෝදය සවිකොට තිබුණේ රනින් තැනූ ඇක්සලයකටය. එම
ඇක්සලයේ කෙළවර රනින් කළ තහඩුවක් තිබිණි. ඉන්පසු මෙම රෝද දෙක මුහුණට මුහුණ තබා
එකිනෙකට විරුද්ධ දිසාවන්ට කරකැවීමේදී පෙර කී ලෝහ පතින් අඟල් කිහිපයක් දිගට ස්ථිතික
විදුලි පුළිඟු විසි වී ඇත.
2. විදුලි
ආඳාගෙන් කළ වෛද්‍ය ප්‍රතිකාර
විදුලි ආඳා
යනු විභව අන්තරය (වෝල්ට්) 600 දක්වා විද්‍යුතයක්
ජනනය කළ හැකි සත්වයෙකි. පැරණි ඊජිප්තු වැසියන් සිය සිය ලේඛණවල විදුලි බළල්
මත්සයයකු පිළිබඳ සඳහන් කොට තිබේ. විවිධ මූලාශ්‍රවලට අනුව ග්‍රීක හා රෝම වැසියන්
මෙම සත්වයන් පිළිබඳ මනා අවබෝධයකින් සිට ඇති අතර ඔවුන් ඇතිදැඩි කිරීම ද සිදුකොට
තිබේ. ක්‍රි.ව. 47 දී පමණ සිටි
ක්ලෝඩියස් අධිරාජයාගේ වෛද්‍යවරයකු සඳහන් කොට තිබුණේ මෙවැනි මත්ස්‍යයින්ගේ ජනනය වන
විදුලිය මගින් විවිධ ලෙඩරෝග සුවකරගන්නට හැකියාව ඇති බවය. වාත රක්තයෙන් පීඩා
විඳිනවුන්ගේ දෙපා හිරිවැට්ටවීම සඳහාත් , හිසේ නිදන්ගත කැක්කුම් සඳහාත් ප්‍රතිකාර ලෙස මෙම මත්ස්‍යයන්ගේ
විදුලි සැර භාවිත කොට තිබේ. මෙය සත්‍යයක් නම් ‛කම්පන ප්‍රතිකාර මුළින්ම සිදුකොට ඇත්තේ ඔවුන්ය. 2009 තරම් මෑත කාලයෙදී බොස්ටන් හි සිටි වෛද්‍යවරු
පිරිසක් විදුලි ධාරා මගින් මිග්රේන් නමින් හැඳින්වෙන හිස කැක්කුම සුවකිරීම
සම්බන්ධව සාර්ථක අත්හදා බැලීම් සිදුකොට තිබේ.
3. බැග්ඩෑඩ්
විදුලිකෝෂය
ඉරාක
කෞතුකාගරයේ අධ්‍යක්ෂවරයකුව සිටි විල්හෙල්ම් කොනිග් විසින් වර්ෂ 1938 දී එහි සංරක්ෂණාගාරයේ තිබී පිඟන් මැටිවලින්
තනන ලද කුතුහල දනවන ආකාරයේ කුඩා මුට්ටි
ගණනාවක්ම සොයාගනු ලැබිණි. ඒ සෑම එකක්ම සෙ.මී 13ක් පමණ දිග වූ අතර ඉහළින් සෙ.මී. 3ක පමණ විවරයක් තිබණි. මේ සෑම මුට්ටියකම
විවෘත කෙළවරක් සහිත තඹ සිලින්ඩරයක් වූ අතර එය තුළ යකඩ කූරක් තිබිණි. මෙය ‛ගැල්වානි විදුලි කෝෂයකට’ (ලුයිගි ගැල්වානි විසින් නිපදවන ලද සරල
විදුලි කෝෂය මේ නමින් හැඳින්වේ) සෑම අතින්ම සමාන විය. 1940 දී විද්‍යා නිබන්ධනයක් ඉදිරිපත් කරමින්
කොනිග් පවසා සිටියේ මෙම වස්තූන් උපයෝගී කොටගෙන කිසියම් විදුලි ධාරාවක් නිපදවන්නට
ඇති බවත්, එම විදුලි ධාරාව
උපයෝගී කොට ගෙන රත්තරන් හෝ රිදී ආලේපන කටයුතු කරන්නට ඇති බවත්ය. මෙවැනි වස්තුවක්
ප්‍රති නිර්මාණය කොට එයට දෙහි යුෂ යොදා විදුලිය නිපදවා පෙන්වුව ද ප්‍රධාන පෙළේ පුරා විද්‍යාඥයන් මේ පිළිබඳ පහළ
කළේ සැකයකි. යකඩ සහ තඹ සහිත වස්තුවක් ආශ්‍රිතව මෙයට වඩා වෙනත් අර්ථකථනයක් දිය
නොහැකිය. මෙම මුට්ටි සසානිද් යුගයේ (ක්‍රි.ව. 224 - 640) යුගයේ නිර්මාණය කරන්නට ඇති බව විශ්වාස කෙරේ. මේ පිළිබඳ
පරීක්ෂණ තවමත් අවසන් වී නොමැත.
4. පාරාවෝ ප්‍රදීපාගාරය
එම අලෝකයෙන් සතුරු නෞකාවලට ගිනි අවුල්වන්නට හැකියාව තිබූ බවත් පැවසේ |
පැරණී ලෝකයේ
පුදුම හතට ද අයත්වන, මීටර් 130 ක් පමණ
උසින් යුක්ත පාරාවෝ ප්‍රදීපාගාරයේ ඉදිකිරීම් ආරම්භ කරන්නට ඇත්තේ ක්‍රි.පූ. 280 දී පමණ යැයි සැළකේ. මෙම ප්‍රදීපාගාරය
පිහිටා තිබී ඇත්තේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා වෙරළට මඳක් ඔබ්බෙන් පිහිටි කුඩා
දූපතකය. මෙහි ඉදිකාට තිබූ ප්‍රදීපාගාරයේ
අරමුණ වූයේ රාත්‍රී කාලයේ දී නෞකාවන්ට මඟ පෙන්වීමය. මෙයින් විහිදුණු දීප්තිමත්
ආලෝකය සැතපුම් 30ක් පමණ දුරට
දිස්වූ බවට ඓතිහාසික වාර්තා සාක්ෂි සපයයි. මගපෙන්වීමට විහිදුවන අලෝක කදම්භය හැරුණු
විට මෙයින් ඊට වඩා ප්‍රබල ආලෝක ධාරාවක් ද විහිදුවන ලද බැව් හෙළිවී තිබේ. එම ආලෝකය
දෙස බලන යමෙකුගේ දෑස් අන්ධවීමට පවා ඉඩ තිබූ බවත්, එම අලෝකයෙන් සතුරු නෞකාවලට ගිනි අවුල්වන්නට හැකියාව තිබූ
බවත් පැවසේ. මෙතරම් ප්‍රබල අලෝකයක් නිපදවන්නට හැකි වන්නේ විදුලි චාප පහනකින් (arc
light lamp) සහ යෝධ අවතල
දර්පණයකින් බව පර්යේෂකයන්ගේ අදහසය. මේ සඳහා බලය ලබා ගත් ප්‍රභවය අභිරහසක් වුවද එයට
අනිවාර්යෙයන්ම විදුලි බලය අවශ්‍ය වූ බවට නම් සැකයක් නැත.
5. දෙන්දෙරා ආලෝක
ඊජිප්තුවේ ‛දෙන්දෙරා’ (Dendera ) දේවාල සංකීර්ණයේ ඇති ‛හාතර්’ දේවාලය තුළ ඇති කැටයම්වලින් පෙන්නුම් කරන්නේ ආලෝකය ජනනය කිරීම සඳහා විදුලි
බලය යොදාගත් ආකාරය යැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. එම කැටයම්වල චාප පහනක් (තිරස්
අතට), උඩු අතට හැරවූ පහන්
කිහිපයක්, පහන් කෙවෙණිය, චාප පහනට සර්පයකු මෙන් ඇදී ගොස් ඇති සම්බන්ධ
විදුලි රැහැන, ඒකලනයක් (isolator) ක් උඩු අතට හැරවූ විශාල විදු්‍යුත් කෝෂයක්
ද වේ. මෙම යුගයේ සිටි ඊජිප්තු ජාතිකයන් විදුලි බලය භාවිත කළේ යැයි පුරා විද්‍යාඥයින්
සහ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ නම්, ඒ සඳහා වූ හොඳම උදාහරණය මෙය බැව් සඳහන් කළ හැකිය. මෙහි සඳහන් කළ උපකරණ
සියල්ල මෙම සිතුවමෙහි පැහැදිලිව පෙනෙන්නට තිබුණද බොහෝ ඉතිහාසඥයන්, පුරා විද්‍යාඥයන් සහ ඊජිප්තුව පිළිබඳ
විද්වතුන් මෙහි ඇත්තේ විදුලි බලයක් පිළිබඳ තොරතුරක් යන අදහස ප්‍රතික්ෂේප කරති.
ඔවුන් පවසන්නේ මෙයින් පිළිබිඹුවන්නේ කාන්තාවන්ගේ නිසරුබවට ප්‍රතිකාර කිරීම සඳහා
අනුගමනය කරනු ලබන කිසියම් චාරිත්‍ර විධියක් බවය.
6. අබිඩොස් යන්ත්‍ර
ඊජිප්තුවේ
කයිරෝ නුවර සිට කිලෝමීටර් 450ක් පමණ දකුණු
දෙසට වන්නට පැරණි අබිඩොස් නගර සංකීර්ණය හමුවේ. විවිධ හේතූන් කිහිපයක් නිසාම මෙය
ඊජිප්තුවේ ඇති වඩාත් වැදගත්ම පුරා විද්‍යාත්මක් භූමිය ලෙස සැළකේ. ප්‍රධාන ධාරාවේ
පුරා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙය ඔසිරිස් සහ අයිසිස් නම් ආගමික නිකායට අයත්
භූමියක් බවය. නමුත් තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉතිහාසඥයන් පවසන කරුණුවලට වඩා
වැඩි දියුණුවක් සහිත ශිෂ්ටාචාරයක් මෙහි පැවති බවය. මෙහි අංක 1 නමින් ඇති සෙටි දේවාලයේ බහුටැම් ප්‍රාසාද
ශාලාවේ ඇති කැටයම්වලින් නූතන ගුවන් යානයක ලක්ෂණ, විශේෂයෙන් සඳහන් කළහොත්, හෙලිකොප්ටරයක සහ දිරිජිබල් යානයක (පැරණි ගුවන් යානා
ආකෘතියකි) ලක්ෂණ පිළිබිඹු වන බවය. නමුත් ප්‍රධාන ධාරාවේ පුරා විද්‍යාඥයන් සඳහන්
කරන්නේ් මෙහි ඇති හැඩතලවල ඇති යම් යම් සමානතා නිසා ඇතැම් අය මෙවැනි වැරදි මත ඉදිරිපත්
කරන බවය.
7. කොසෝ මෙවලම
ඇමරිකා එක්සත්
ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඕලන්චා නගරය පාෂාණ එකතු කරන්නන් අතර ඉතා ප්‍රකට ය.
එමෙන්ම මෙය කරා වෘත්තීය සහ ආධුනික භූ විද්‍යාඥයෝද ඇදී එති. පලුදු සහිත පාෂාණ එකතු
කරන්නන් වූ වැලෙස් ලේන්, මයික්
මික්සෙල් සහ වර්ජිනියා මැක්සි යන තිදෙනාට 1961 පෙබරවාරි 13 වැනිදා අමුතු ආකාරයේ පාෂාණ මෙවළමක් හමු විය. මයික් මික්සෙල් මෙය නිවසට
රැගෙනවිත් දියමන්ති තලයක් සහිත කියතකින් එය මැදින් කැපුවේය. එහි මධ්‍යයේ තිබූ
දෙයින් ඔහු විශ්මයට පත් වූයේය. එහි පැවතියේ පිඟන් මැටිවලින් තනන ලද, අඳුරු සුදු පැහැයට හුරු සිලින්ඩරයකි. මෙම
සිලින්ඩරය මැදින් ලෝහ කොටස් දක්නට තිබිණි. මෙම ආකෘතිය වර්තමානය හා සැසඳීමේදී එහි
තිබුණේ අප කවුරුත් දන්නා ‛පුළිඟු
පේනුවකි’ හෙවත් ‛ස්පාර්ක් ප්ලග්’ (sparkplug ) එකකි. මෙය පරීක්ෂා කළ වෘත්තීය භූ විද්‍යාඥයකු
සඳහන් කොට තිබුණේ මෙය අඩුම තරමින් වසර
පන්ලක්ෂයක්වත් පැරණි බවය. භූ විද්‍යාඥයා කවුදැයි අනාවරණය කෙරුනේ නැත. මෙම අදහසත්
සමඟ ඇතැම් විද්‍යාඥයන් අතර මතබේදයක් හටගත් අතර මෙහි කිසිදු පුළිඟු පේනුවක් නොමැති
බවත්, මල බැඳුණු මෑතකාලීන
පාෂාණ කැබැල්ලක් පමණක් ඇති බවක් ඔවුහු පැවසූහ. මේ හේතුව නිසාම මෙය සොයාගත්
පුද්ගලයෝ 1969 න් පසු මෙය
ප්‍රදර්ශනය කිරීම ද නවතා දැමූහ.
මෙම ලිපිය
පාදක කොටගත් අන්තර්ජාල මූලාශ්‍ර හැරුණු විට අප රටේ ඉතිහාසය දෙසට මඳක් විපරම් කොට
බැලුවහොත්, රුවන්වැලි සෑය
ඉදිකරනු ලැබීමෙන් පසු එහි කොත අකුණු වැදීමෙන් ආරක්ෂා කරගනු සඳහා වර්තමානයේ අප දකින
ආකාරයේ අකුණු සන්නායකයක් සවිකොට තිබූ බවට සාධක හමු වේ. එකල සිටි අපේ පැරැන්නෝද
විදුලිය පිළිබඳ යම් අවබෝධයකින් සිටි බව මෙයින් අවබෝධ වේ. ලෝකයේ සිටින සාම්ප්‍රදායික
පුරා විද්‍යාඥයෝ ඉහත සඳහන් කළ ස්ථානයන්හි ඇත්තේ පැරැන්නන් විදුලි බලය පිළිබඳ
අවබෝධයෙන් සිටි බවට හමුවන සාධක යැයි ප්‍රතික්ෂේප කරති. නමුත් විවෘත මනසකින්
සිතන්නෝ එසේ නොවෙති. ඔවුහු සාම්ප්‍රදායෙන් ඔබ්බට සිතති. නමුත් මේවා පිළිබඳ
පර්යේෂණය නොකෙරන බැවන් පැරැන්නන්ගේ විදුලි පිළිබඳ දැනුම ද අතීතය සමග ද වැළලී යමින්
පවතී.
අර ප්‍රදීපාගාර සිද්දියෙදි සමහර විට වෙනත් ආලෝක ප්‍රභවයක් භාවිත වෙන්නට ඇති. විදුලිය එන්නට ප්‍රථම කොළඹ නගරයේ තිබූ ප්‍රදීපාගාරය ගෑස් ලාම්පු වලින් ආලෝකමත් වූ බවක් මා අසා තිබෙනවා.
ReplyDeleteඔව් එහෙම වෙන්නත් පුලුවන්. ඒත් ඒක මොකක්ද කියන එක ගැන තමයි හොයාගෙන නැත්තේ. වර්තමානයට නෑවිත් අතීතයෙන්ම අවසන් වූ පුදුමාකාර දේවල් මේ ලෝක ඉතිහාසයේ බොහෝ පවතිනවා.
Delete