පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, August 9, 2014

මෙහෙමත් මූර්ති හැදිල්ලක් - The Hyperrealistic Sculptures of Ron Mueck



රොනල්ඩ් රොන් මුවෙක් කියන්නේ අපූරු මූර්ති ශිල්පියෙක්. 1958 දී  ඕස්ට්‍රේලියාවේ උපත ලද ඔහු දැනට සේවය කරන්නේ එක්සත් රාජධානියේ. ඔහු මුළින්ම කළේ දරුවන්ගේ රූපවාහිනි වැඩසටහන්වලට විවිධ ආකෘති හා රූකඩ නිර්මාණය කළ එකයි. ඔහුගේ නිර්මාණය දායකත්වයක් ලද ප්‍රකට සිනමාපටයක් ලෙස Labyrinth සඳහන් කරන්නට පුළුවන්.



Mask II


පසුව මුවෙක් තමන්ගේම සමාගමක් ආරම්භ කරන්නට ලන්ඩන්වලට ආවා. ඔහු ඉන් පසු වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඔහු මෙහිදී තම නිර්මාණ සඳහා යොදා ගත්තේ අපූරු ශෛලියක්. යම්කිසි දෙයක් විශාලනය කරන ලද ඡායාරූපයක් ඇසුරින් දැවැන්ත පරිමාණයේ මූර්ති නිර්මාණය කිරීම තමයි ඔහුගේ ශෛලිය.

Dead Dad
ඔහුගේ ඇතැම් මූර්ති නැරඹිය හැක්කේ එක් කෝණයක සිට පමණයි. එසේ වුවත් ඒවා අතිශය සජීවි ලෙස නිර්මාණය කරන්නටත් ඔහු සමත්ව තිබෙනවා. සෑම කෝණයකින්ම නැරඹිය හැකි නිර්මාණ වැඩි වශයෙන් කරන්නට ඔහු උත්සාහ කරන බවයි පවසන්නේ. ඔහු විසින් නිර්මාණය කරන ලද  Dead Dad හෙවත්  මළ පියාමූර්තිය සඳහා ඔහු යොදාගත්තේ සිලිකන් මිශ්‍ර බදාමයක්. එහි හිසකේ සඳහා යොදාගත්තේ ඔහුගේම හිසකෙස්. 
 
Pregnant Woman
ඔහුගේ මූර්තිවල දක්නට ඇති අනෙක් සුවිශේෂිතම ලක්ෂණය වන්නේ ඒවායේ ඇති සියුම්බවයි. මිනිස් සිරුරේ සෑම ලක්ෂණයක්ම ඔහු ඉතා සූක්ෂම ලෙස තම මූර්තිවලින් නිරූපනය කරන්නට සමත්ව තිබෙනවා.

මුවෙක් 1999 දී ලන්ඩන් ජාතික කලාගාරයේ සහකාර සිතුවම් ශිල්පියකු ලෙස පත්කෙරුණා.
 
Man in Boat
ඔහු එහි සේවය කළ සමයේ නිර්මාණය කළ මව සහ දරුවා ( Mother and Child), ගැබ්ගත් කත (Pregnant Woman), බෝට්ටුවේ සිටින මිනිසා     ( Man in Boat ) හා රෙදිවලින් එතූ බිළිඳා ( Swaddled Baby ) බොහෝ ජනාදරයට පත්වූ නිර්මාණ ලෙස සඳහන් කළ හැකියි. 2002 දී ඔහුගේ ගැබ්ගත් කත නිර්මාණය ඕස්ට්‍රේලියානු කලාගාරය සඳහා ඇමරිකන් ඩොලර් 800,000 කට අළෙවි කෙරුණා. 

Mother and Child



2 comments:

  1. ගොඩක් වැදගත් දෙයක්

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්විම ගැන ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න