‛ඩෙනිම’ යනු අපූරු ඇඳුමකි. ගැහැනු සහ පිරිමි වෙනසක් නැතිව ඩෙනිම් අඳිති. නමුත් ගැහැනු හා පිරිමි යනුවෙන් වෙන වෙනම ඩෙනිම් තිබේ. වෙනත් ඇඳුමක් ඇන්දාට වඩා ඩෙනිමක් ඇඳි කල අමුතු ‛ස්මාර්ට්’ පෙනුමක් ලැබෙන්නට පටන් ගනී. නමුත් කාර්යාලයට හෝ උත්සව, විවාහ මංගල වැනි අවස්ථාවන්ට සාමාන්‍යයෙන් ඩෙනිම් ඇඳගෙන එන්නේ නැත. කෙසේ නමුත් වර්තමානයේ පවතින ‛කැෂුවල් ෆ්‍රයිඩේ’ සඳහා ඩෙනිම් අඳිනු පෙනේ.
ඇඳුම් සෝදා ඇඳීම ගුණත්වයට සහ සමාජ පිළිගැනීම ඉහළ දමාගැනීමට හේතු වුවත්, ඩෙනිම් නම් නොසෝදන තරමට ගුණත්වයෙන් ඉහළ යයි. වෙනත් ඇඳුම් ඉරෙන විට ඉවත දමන මුත්, ඩෙනිම් ‛ඉරෙනවාට’ වඩා තමන් විසින්ම ඉරා හෝ නව පෙනුමක් ඇතිකරගෙන අඳින්නට ඇතැමුන් පෙළඹෙති. වෙනත් ඇඳුම් ‛ඇන්දත්’ ඩෙනිම් යනු ‛අඳිනවාට’ වඩා ’ගසන්නට’ ප්‍රිය කරන ඇඳුමකි. මේ නිසා කවුරුත් පවසන්නේ ‛ඩෙනිමක් ගැහුවා’ කියාය. අලුතින්ම ඩෙනිමක් ‛ගසා ගෙන’ යමෙකු මිතුරන් අතර පැමිණි විට කවුරුත් පවසන්නේ, “අම්මද බොල! මෙන්න මේකා ඩෙනිමක් බස්සලා” යන අපූරු ප්‍රකාශනයට සමාන අදහස්ය. විශේෂයෙන් ‛ඩෙනිම බස්සනවා’ යන්න අනිවාර්යෙයන්ම සඳහන් කෙරේ. සමාජයේ ‛රස්ත ගහන පිරිස්’ සිටිති. ඔවුන් ‛ඩෙනිමක් බස්සා’ ‛රස්ත ගහන්නට’ කැමැත්තෙන් පසුවෙති. ඩෙනිම් නිතර නොසේදීම යනු එහි ගුණත්වය ඉහළ යවාගත හැකි ක්‍රමයක් බව අපි දන්නා නමුත් මුදල් දී ‛ඩෙනිම් වොෂ් කරවා ගැනීම’ නම් සිදු වේ.
සාමාන්‍යයෙන්, ඩෙනිම් බහුල වශයෙන් නිල් සහ කලු පැහැයෙන් පවතින අතර වෙනත් වර්ණයන්ගෙන් ද පවතී. මේ වර්ණ කාලයක් යන විට අවපැහැ ගැන්වෙන නිසා දැන් බොහෝ වෙළෙඳසල්වල ඩෙනිම්වලට දමනා ‛ඩයි’ වර්ග ද දක්නට ලැබේ. මේ සියලු කරුණුවලින් අපට වැටහෙන දෙය වන්නේ සමාජයේ සෙසු ඇඳුම්වලට නැති කුමක් හෝ දෙයක් ඩෙනිම පසුපස පවතින බවය. ඩෙනිම් යනු එක්තරා ආකාරයක සංස්කෘතික පද්ධතියක් සේ හැඳින්වීමේ වරදක් ද නැත.
සාමාන්‍යයෙන්, ඩෙනිම් බහුල වශයෙන් නිල් සහ කලු පැහැයෙන් පවතින අතර වෙනත් වර්ණයන්ගෙන් ද පවතී. මේ වර්ණ කාලයක් යන විට අවපැහැ ගැන්වෙන නිසා දැන් බොහෝ වෙළෙඳසල්වල ඩෙනිම්වලට දමනා ‛ඩයි’ වර්ග ද දක්නට ලැබේ. මේ සියලු කරුණුවලින් අපට වැටහෙන දෙය වන්නේ සමාජයේ සෙසු ඇඳුම්වලට නැති කුමක් හෝ දෙයක් ඩෙනිම පසුපස පවතින බවය. ඩෙනිම් යනු එක්තරා ආකාරයක සංස්කෘතික පද්ධතියක් සේ හැඳින්වීමේ වරදක් ද නැත.
ඩෙනිම් යනු මෑත ඉතිහිසයේ බිහිවූ තවමත් එක්සේ ජනප්‍රියව පවතින ඇඳුම් වර්ග අතරින් එකකි. 19 වැනි සියවසේදී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ රත්රන් සොයා පොලොව කැණීමේ රැල්ළක් ඇතිවිණි. මෙම රන් ආකරවල සේවය කළ කම්කරුවන්ට පහසුවෙන් ඉරෙන්නේ නැති ශක්තිමත් ඇඳුමක් අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් ලෙස කපු රෙද්දෙන් නිමවන ලද ඩෙනිම් වෙළෙඳ පළට පැමිණෙන්ට පටන් ගත්තේය. ඒ වර්ෂ 1848 දීය. රන් ආකර කම්කරුවන්ට ඩෙනිම් අළෙවිකිරීමේ පුරෝගාමියකු වූයේ ලියොබ් ස්ටෝස් ය. ඒ වර්ෂ 1853 දීය. ස්ට්‍රෝස් පසුව සිය නම වූ ’ලියොබ්’ යන්න ‛ලුවී’ ලෙස වෙනස් කරගත්තේය. අද ලෝකයේ ‛ලිවයිස්’ ඩෙනිම් අතිශය ජනප්‍රියය.
ඩෙනිම් පිළිබඳ අතීත කතාව එසේය. කලින් ද සඳහන් කළා සේ වර්තමාන ලෝකයේ පවතින ජනප්‍රියතම ඇඳුම වන්නේ ඩෙනිමය. ඒ එය වෙනත් ඇඳුම්වලට සාපේක්ෂව බොහෝ කාලයක් ‛පට්ට ගැසිය හැකි’ නිසාය. සේදීමට අවශ්‍ය නැති නිසාය. ඉස්ත්‍රික්ක කරන්නට අවශ්‍ය නැති නිසාය. සෝදන්නේ නැතත්, ඉස්ත්‍රික්ක නොකරන්නේ නැතත් ලෝකයේ අතිශය ධනවතාගේ සිට අන්ත දිළින්දා දක්වා වෙනසක් නැතිව ඩෙනිම් අඳියි. සමාජය විෂම වුවත්, විෂම වී නැති එකම දෙය මේ අනුව ‛ඩෙනිම’ විය හැකිය.
හෙහ් නියමයි
ReplyDeleteහොද ඩෙනිමක් මේකත් හිහික්
ඩෙනිම හොද නම් ෆිට් තමයි
Deleteහෆ්ෆා මෙව්වා ඇඳලා බස් එකේ යන එවුන්ගේ මෙව්වගෙන් එන ගඳ
ReplyDeleteඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නැහැ.
Deleteෆැෂන් එකට ගත්තට මොකද..... දුප්පත් කමට ගැලපෙන මරු ඇදුම
ReplyDeleteඒ කතාවට නම් කටේ මසුරන් දාන්න වටිනවා
Deleteලුවිස් නොවෙයි ලීවයිස් නේද ඔරිජිනල් කැලිපෝනියා සෙන්ෆ්රන්සිස්කෝ ලිවයිස් එකක් ලංකාවෙන් ගන්න පුලුවන්ද ලංකාවේ තියෙන්නේ පකිස්තාන් මේඩ් ලිවයිස් .දැන් අමරිකවෙවත් නැ මම දන්නා විදිහට " ඔරිජිනල් යු ඒස් ඒ ලිවයිස් " ලිවයිස් වල සදහන් නොම්බරය අනුව ඒවායේ කොලිටිය වෙනස් වෙනවා . ලිවයිස් 501 එකකක් රුපියල් 11000.00 ව්තර වෙනවා එකත් පකිස්තාන් මේඩ්.
ReplyDeleteලීවයිස් ඩෙනිම් ෂර්ට් එකක් රුපියල් 17000.00 විතර වෙනවා මැදපෙරදිගත් සින්ගප්පුරුවෙත් ලිවයිස් සාප්පුවේ තියෙන්නේ පකිස් තාන් මේඩ් ලිවයිස්
ඔබ හරි. මම නම නිවැරදි කළා. වරද පෙන්වා මේ ගැන අතිරේක විස්තර ලබාදීම ගැන ඔබට ස්තූතියි.
DeleteThis comment has been removed by the author.
ReplyDelete