වැසිකිලි වලක් කඩා වැටීමෙන් පසුගිය දිනෙක ඇඹිලිපිටිය ප්‍රදේශයේ අඹු - සැමි යුවලක් මරුමුවට පත් වූ බව අසන්නට ලැබිණි. මිදුල අතුගාමින් සිටි කාන්තාව වැසිකිලි වල වැසෙන සේ තනා තිබූ කොන්ක්‍රීට් ලෑල්ල මත සිටියදී එය කඩා වැටී ඇත. එහිදී ඇය සිහි මුර්ජා තත්වයට පත්ව ඇති අතර ඇයට උදව්කිරීම සඳහා මේ අවස්ථාවේදී ඇයගේ සැමියා ද වලට බැස ඇත. නමුත් එහිදී ඔහු ද සිහි මුර්ජා තත්වයට පත්වීම නිසා පසුව අසල්වැසියන් එක්ව ඔවුන් දෙදෙනා රෝහලට රැගෙන යන්නට කටයුතු යොදා ඇති නමුත් ඒ වන විටත් ඔවුන් මිය ගොස් සිට ඇත. මෙවැනිම මරණයක් පසුගිය ජුනි මාසයේදී ද වාර්තා විණි. ඒ රඹුක්කන ප්‍රදේශයෙනි. එහිදී ද සිදුව ඇත්තේ වත්ත අතු ගාමින් සිටි කාන්තාවක් හදිසියේ වැසකිලි වලට කඩා වැටීමෙන් අනතුරට පත්වීමත්, පසුව ඇයට උදව් කරන්නට පැමිණි අසල්වැසියන් තිදෙනකු ද අනතුරට පත්වීමය. මෙහිදී ද මේ සිව් දෙනාම මරණයට පත්ව තිබේ.
ඉහත සිදුවීම් දෙකේදීම පුද්ගල මරණ සිදුව ඇත්තේ වැසිකිලි වලට කඩාවැටීමෙන් සිදුවූ ශාරීරික ආබාධ නිසා නොව විෂ වායු ආඝ්‍රාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
පොලොව අභ්‍යන්තරයේ කුහර වැනි ස්ථානවල විෂ වායු ඇති වීම සාමාන්‍ය සිදුවීමකි. බොහෝ විට මෙවැනි ස්ථානවල ඇතිවන්නේ මීතේන් නම් විෂ වායුවය. වැසිකිලි වලවල් සහ අතහැර දැමූ ළිංවල ද මේ ආකාරයට මීතේන් වායුව නිපදවෙයි. පැරණි ළිං පිරිසිදු කිරීම සඳහා ළිඳ බසින පුද්ගලයන් විෂ වායු ආඝ්‍රාණය කිරීම නිසා මරණයක් පත් වූ කතා බොහෝ ය. මෙවැනි අවදානම් තත්වයන්ගෙන් වැළකීමට ගත හැකි ක්‍රියා මාර්ග තිබුණත් බොහෝ දෙනෙක් ඒවා පිළිබඳ සැළකිලිමත් නොවීමත් මෙවැනි මරණවලට තවත් හේතුවකි. ඇතැම් පුද්ගලයන් කරන්නේ පැරණි ළිංවලට බැසීමට පෙර ඉටි පන්දමක් දල්වා එය සෙමින් ළිඳ තුළට බැස්සවීමය. එවිට මීතේන් වායුව ඇත්නම් එම වාතය දහනය වී විනාශ වී යන අතර, එහ තවදුරටත් ඔක්සිජන් නොමැති නම් ඉටිපන්දම නිවී යයි. දෝනා පතල් සෑරීමේදී ද මුල් කාලයේ ගමන් කළේ ඉටිපන්දම දැල්වෙන දුරක් දක්වා පමණි. නමුත් වර්තමානයේ යන්ත්‍රවලින් මේවාට ඔක්සිජන් සපයන නිසා මෙම තත්වය වෙනස් වී තිබේ.
කාබන් සහ හයිඩ්‍රජන්වලින් තැනී ඇති මීතේන් මුළින්ම සොයා ගෙන ඇත්තේ 1776 දීය. පොලොව යට පිහිටි හොඳින් වැසුණු කුහරයක් වැනි ස්ථානවල මීතෙන් වායුව ඉතා ඉක්මණින් තැනෙයි. වඩාත් ඉක්මණින් කුණු වී යන ද්‍රව්‍ය මෙම කුහරය තුළට එක්වන්නේ නම් මීතේන් වායුව තැනීම වඩාත් ඉක්මණ් වෙයි.
වැසිකිලි වලවල්වල මිනිස් අපද්‍රව්‍ය දෛනිකව එකතුවීමත්, වැසිකිලි වල තුළට බාහිරින් වාතය ගමන්කිරීම සඳහා ඉඩකඩක් නොමැති වීමත් නිසා ඒවා තුළ වඩාත් ඉක්මණින් මීතේන් වායුව හට ගනී. ඇතැම් වැසිලිකිලි වලවල්වල කොන්ක්‍රීට් වැස්ම මත නලයක් සවිකිරීමේ පුරුද්දක් දැනට කලකට පෙර පැවතිය ද වර්තමානයේ එවැන්නක් සිදුවන ආකාරයක් වැඩිපුර පෙනෙන්නේ නැත. එවැනි නලයක් ඇත්නම් වැසිකිලි වල තුළ නිපදවෙන මීතේන් වායුව පිටතට ගළා යාම ස්වභාවිකවම සිදුවේ. නමුත් එය අනෙක් අතට පාරිසරික ගැටලුවක් වෙයි. මීතෙන් යනු ‛හරිතාගාර ආචරණය’ සිදුකරන්නට දායකවන වායුවකි. ‛හරිතාගාර ආචරණය යනු කෙටියෙන් හා සරලව පවසනවා නම් අපගේ ලෝකය උණුසුම්කිරිමට දායක වන වායුවකි. අප සාමාන්‍යයෙන් සිතා සිටින්නේ ලෝකය උණුසුම් වීම සඳහා කාබන් ඩයොක්සයිඩ් වැඩි දායකත්වයක් ලබදෙන බව නමුත් මීතේන්වලින් සිදුවන හානිය කාබන්ඩයොක්සයිඩ්වලින් සිදුවන හානිය මෙන් 30 ගුණයක් යැයි පැවසේ. මේ නිසා එය වායුගෝලයට එක්වන්නට ඉඩ හැරීම පාරිසරික විනාශයකට දායක වීමකි.
වර්තමානයේ අප මුහුණ දෙමින් යන බලශක්ති අර්බුදය නිසා මීතේන් වායුව බලශක්තියක් ලෙස යොදාගත හැකිවන පරිදි වැසිකිලි වලවල් සැළසුම්කිරීම කෙරෙහි ලොව පුරා දැඩි අවධානයක ලක්ව ඇත. එයට හේතුව මීතේන් යනු ඉතා හොඳින් දහනය වන වායුවක් වන බැවිනි. ගෘහාශ්‍රිතව ඉදිකොට ඇති ජීව වායු ඒකකවල නිපදවෙන්නේ ද මීතේන් වායුවය. සාමාන්‍ය වැසිකිලි වලක් තනනවාට වඩා ජීව වායු ඒකක සහිත වැසිකිලි වලක් ඉදිකිරීමට වැඩි පිරිවැයක් දැරිය යුතු නමුත් එය ආර්ථික පැත්තෙන් මෙන්ම පාරිසරික පැත්තෙන් ද වාසියකි.
මීතෙන් වායුව සාමාන්‍ය ගෑස් ලිපකට සැපයීමෙන් ආහාර පිසීම සිදුකළ හැකිය. එමෙන්ම වර්තමානයේ වැඩිපුර දක්නට නොමැති ‛පැට්‍රෝල්මැක්ස්’ ලාම්පුවල ඇති ‛මැන්ටල්’ කොටස ට මීතෙන් වායුව ලබාදීමෙන් එය දැල්වීමට ට හැකිය. එයින් සැළකිය යුතු තරම් ආලෝකයක් ද නිකුත් වේ.
කෙසේ නමුත් කොන්ක්‍රීට් වලවල් කඩාවැටීමෙන් සිදුවන මරණ මේ කිසිවකින් අවම කරගත නොහැකිය. මෙහිදී නිවැසියන් සිය ආරක්ෂාව පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතු වේ. වැසිකිලි වලවල් ආවරණය කිරීම සඳහා තනනු ලබන කොන්ක්‍රීට් ලෑල්ල ප්‍රමිතියෙන් යුක්තව තිබිය යුතු අතර, වැසිකිලි වල මත ඇවිදීම ආදියෙන් වැළකී සිටිය යුතුය. කුමක් හෝ හේතුවකට මෙහි දෝෂයක් තිබුණහොත් කඩාවැටී අනතුරක් සිදුවීමේ අවදානමක් ඇත. ඇතුළත ඇත්තේ විෂ වායුවක් බැවින් රෝහල් ගත කරන්නට පෙර මරණයට පත්වන්නට ද ඉඩ ඇත. මේ නිසා එවැනි අනතුරු මග හැර, මේ විෂ වායුව ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් කටයුතු කිරීමේ වගකීම ඇත්තේ ඔබ අතය.
wadagath lipiyak.....
ReplyDeleteඅදහස් දැක්වීම ගැන ඔබට ස්තූතියි
Deleteවටින ලිපියක් නිරංජන්... ජයවේවා
ReplyDeleteඅදහස් දැක්වීම ගැන ඔබට ස්තූතියි
Deleteහොඳ පැහැදිලි කිරීමක් ,මා සේවය කළ ගාල්ල කරාපිටිය රෝහලේ ඉවත ලන ආහාර සහ අපද්‍රව්‍ය මඟින් ජීව වායු නිපදවා ප්‍රාෙයා්ජනයට ගත්තා නමුත් අද දවසේ එය ක්‍රියාත්මක වේදැයි සැකයි , ( එයට හේතුව නම් බලධාරින් එම සම්පත පිළීබඳව දැරූ නිදිබර ආකල්පයයි)
ReplyDeleteඅපේ අයට සාමාන්‍යයෙන් සොබා දහම අයකිරීමකින් තොරව ලබා දෙන දේවල වටිනාකමක් නැහැ.
Delete