පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, January 14, 2013

බෝපත්පිටිය ඇල්ල - Bopathpitiya Falls

  
බෝපත්පිටිය ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේය. මෙහි මුල් නාමය මෙහි සදහන් පරිදි බෝපත්පිටිය වුවත් වර්තමානයේ භාවිත කරන්නේ බෝපත් ඇල්ල යන නාමයයි. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන හෙයින් මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වයි. මෙය මීටර් 30 (අඩි 98) උසින් යුක්ත වේ. මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ. ප්‍රාදේශිය පුරාවෘත වල සඳහන් අන්දමට බෝපත් ඇල්ලේ නිධානයක් නිදන් කර ඇති බවත් එය ආරක්ෂා කිරීම සඳහා ඒ අසල අවතාර ගැවසෙන බවත් සඳහන්ය.

රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පැමිණෙන විට කුරුවිට නගරය අසන්නයේ ඇති ප්‍රවේශ මාර්ග දෙකක් ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. මේ මාර්ග අතරින් එක් මාර්ගයක් හිග්ගස්හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. ඇල්ල වෙතට යාමට මේ කුමන මාර්ග භාවිත කළද ඇත්තේ එක් හා සමාන දුරකි.




බෝපත් ඇල්ල අවට පාරිසරික ලක්ෂණ
  
කුරුවිට නගරය හරහා ගලා බසින කුරු ගඟ, එම නගරය පසු කිරීමට පෙර එක්තරා අවස්ථාවක පර්වථයක පටු විවරයක් හරහා ගලා යාමේදී මෙම සුන්දර දිය ඇල්ල නිර්මාණය වේ. මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. හුදෙක් බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී පවතී.


බෝපත් ඇල්ල අවට පාරිසරික ලක්ෂණ


 කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.


බෝපත් ඇල්ල අවට පාරිසරික ලක්ෂණ

පර මලක්

පර ශාකය

දැව කොටන්වල පිපුණු හතු ද බෝපත් ඇල්ල අවට පරිසරය තවත සුන්දර කරයි

එන පුරාවෘත්ත අනුව රටේ පුරාතන පාලකයන් ස්නානයට දිය ඇල්ල භාවිතා කල බවත්, ඒ අතර තුර මහ සමන් දේවලය වැඳ පුදා ගත් බවත් කියවේ. තවද මෙහි සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතින ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. එවැනි පුරාවෘත අතර මිත්‍යා විශ්වාසද පවතී. පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනස ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව එක් විශ්වසයකි. තවත් සුප්‍රසිද්ධ විස්වාසයක් වන්නේ පුරාණ නිධානයක් මෙම දිය ඇල්ල තුල සඟවා ඇති බවත් එය ලබා ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලි දිය යුතු බවත්ය.

බෝපත් ඇල්ල අවට පාරිසරික ලක්ෂණ

බෝපත් ඇල්ල අවට සැරිසරන ප්‍රමාණයෙන් තරමක් විශාල බත්කූරන් බහුලය

බෝපත් ඇල්ල අවට පාරිසරික ලක්ෂණ


බෝපත් ඇල්ල ලංකාවේ පුළුල් ලෙස අධ්‍යයනයට ලක්වූ ඇල්ලක් ලෙස හැඳින්වේ. බෝපත් ඇල්ල ලංකාවේ ප්‍රධානම සංචාරක පාරාදීසක් වීමට හේතුව අගනගරය වන කොළඹට පහසුවෙන් ලඟාවිය හැකි වීමයි. තවද මෙම ඇල්ල භාවිතයෙන් ජල විදුලිය නිපදවීමේ අසාර්ථක උත්සාහයක නටඹුන්ද දිය ඇල්ල ආසන්නයේ පවතී. දිය ඇල්ලේ පිවිසුම් මාර්ගය දෙපස පිහිටා ඇති කුඩා වෙළඳ කුටි හේතුවෙන් දිය ඇල්ලේ සුන්දරත්වයට තර්ජනයක් එල්ල වී ඇත.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න