පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, March 27, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 11 කොටස - New Gadgets for New World Part 11

හොර වැඩ කරනවාට නියම ගැජට් එකක්











ගෙදර කවුරු හරි ඕන නැති වැඩක් කරනවා නම් ඒ ගැන බොහෝ විට මුළින්ම හෝදිසි කරන්න පටන් ගන්නේ අම්මා. අම්මට හොරෙන් ඕන නැති වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. ඒත් අද කාලේ තියෙන කාර්ය බහුල ජීවිතේ එක්ක අම්මලාට මේ වැඩේට කාලය යොදවන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මෙන්න මේ අපූරු ගැජට් එක හදන්න ඕන කියලා කාට හරි හිතෙන්න ඇත්තේ. මේකේ නම සෙන්.සේ මදර්’ (Sen.se Mother). මේ සමඟ, ඕනෑම තැනක රැඳවිය හැකිපුංචි විස්කෝතුවක ප්‍රමාණයේ චලන සංවේදී උපකරණ කිහිපයකුත් තිබෙනවා. ප්‍රධාන උපකරණය සමඟ මේ චලන සංවේදී විස්කෝතුඅපට අවශ්‍ය තරමට මිලදී ගන්න පුළුවන්. අම්මා වැඩක නිරත වෙලා ඉන්න අතරේ පවුලේ සියලු දෙනාගේම වැඩකටයුතු පහසුවෙන් හොයා බලන්න මේ ගැජට් එක උපකාරී වෙනවා.  මුළින්ම මෙහි ප්‍රධාන උපකරණය නිවසේ අන්තර්ජාල රවුටරය හා සම්බන්ධ කොට මේ සමඟ ලබා දී ඇති චලන සංවේදී විස්කෝතු කිහිපය ප්‍රධාන උපකරණයට හඳුන්වා දිය යුතු වෙනවා. එය ඉතා පහසු ක්‍රියාවලියක් වගේම කරන ආකාරය මේ සමඟ ඇති උපදෙස් පත්‍රිකාවේ තිබෙනවා. අවශ්‍ය නම් යූ ටියුබ් වීඩියෝවක් මගින් බලාගන්නත් පුළුවන්. ඔන්න දැන් ඔත්තුකාරයෝ ටික වැඩේට ලෑස්තියි. පුතා වෙලාවට පාසලට යන්න පිටත් වුණාද, හොර පාරවල්වල ගියාද, හරියටම වෙලාවට පාසලට ආවද, පාසල ඉවර වෙලා වෙන ගමන් යන්නේ නැතිව ගෙදර ආවද කියන එක හැම දෙයම දැන් අම්මාට තමන්ගේ දුරකතනයෙන්, ටැබ් එකෙන් හෝ අයි පෑඩ් එකෙන් බලාගන්න පුළුවන්. මේ චලන සංවේදී විස්කෝතු සෙන්.සේ මදර්ප්‍රධාන උපකරණය හා ජංගම දුරකතන ජාලයක් හරහා සම්බන්ධ වෙන ආකාරයටයි සකසා තියෙන්නේ. ඒ නිසා අදාළ චලන සංවේදී විස්කෝතු යම් චලනයකට පත්වෙන විට ඒ සියල්ල ප්‍රධාන උපකරණයට දත්ත ලෙස සම්ප්‍රේෂණය වෙනවා. ඒ වගේම මේ විස්කෝතු තිබෙන ස්ථානය ජීපීඑස් තාක්ෂණය ඔස්සේ දැනගත හැකියි. ඒ නිසා දරුවා පාසල් යන ආකාරය සියල්ල එහි සටහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ උපකරණය පවතින ස්ථානයේ උෂ්ණත්වය පවා මෙයින් දැනගත හැකියි. තව වැඩ බොහෝ කරගන්නට හැකියාව ඇති මෙහි මිල ඇමරිකානු ඩොලර් 299යි. රුපියල් නම් 43,000ක් විතර වෙනවා. 










ඕනෑම දුරකතන ජාලයකින් පණිවිඩයක් යවන්න 






ජංගම දුරකතන කොයි තරම් ප්‍රයෝජන වුණත් ප්‍රධාන නගරවලින් ඈත්වෙනවත් එක්කම පැන නගින ගැටලුව තමයි සංඥා දුර්වල වීම. විශේෂයෙන් කඳුකර පළාත්වල ඇතැම් තැන්වලට සංඥා ඇත්තේම නැහැ. සමහර අවස්ථාවලදී යම් යම් ජංගම දුරකතන ජාලවලට පමණක් සංඥා තිබෙනවා. නමුත් තමන්ගේ දුරකතනය සම්බන්ධ වී තිබෙන්නේ ඒ ජාලය සමඟ නොවෙයි නම් ගැටලුවක් මතු වෙනවා. කොහොම වුණත් ඒ කොතැනක කුමන ජාලයක සංඥා තිබුණත් ගැටලුවකින් තොරව තමන්ගේ හිතවතකුට පණිවිඩයක් යවාගන්න පුළුවන් නම් ඒක ලොකු සහනයක්. අන්න ඒ කටයුත්ත වෙනුවෙන් තමයි ඩෙල්රෝම් ඉන්රීච් එක්ප්ලෝරර්’ (Delorme inReach Explorer) නිපදවා තිබෙන්නේ. මෙය ඒරියලයක් සහිත කුඩා ජංගම දුරකතනයක් හා සමානයි. එය ඕනෑම ජංගම දුරකතන ජාලයක් ඔස්සේ මේ හා සමාන තවත් උපකරණයකට පණිවිඩ යැවීමට හැකි ආකාරයටක සකස්කොට තිබෙනවා. ඒ වගේම මෙහි ජීපීඑස් උපකරණයක් ඇති නිසා අදාළ උපකරණය පවතින ස්ථානය ගැන දැනගන්නටත් පුළුවන්. යම් කිසි දුෂ්කර පළාතක කුමක් හෝ අනතුරකට පත්ව සිටිනවා නම් හදිසි ඇමතුම් ඒකකයකට එක් බොත්තමක් පමණක් එබීමෙන් ඒ බව දැනුම් දෙන්නටත් පුළුවන්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 479.95 (රු. 70,000ක්) විතර වෙනවා. 








පහසුවෙන් ගෙන යා හැකි ලැප්ටොප් චාර්ජරයක් 








අද කාලේ බොහෝ දෙනෙක් ළඟ තියෙන්නේ පුද්ගල පරිගණකවලට වඩා ලැප්ටොප් පරිගණකයි. ලැප්ටොප් එක කොහොම හරි බෑග් එකක් ඔබාගෙනයන්න පුළුවන් වුණත් ඒක චාර්ජ් කරගන්න තියෙන චාර්ජරය දාගන්න ගියාම තමයි එපා වෙන්නේ. දිග වයර් එකක් එකක් තරමක ලොකු පෙට්ටි කෑල්ලක් වගේ එන චාර්ජර් එක එහෙන් මෙහෙන් නවලා දාගන්නත් බැහැ. තවත් කුඩා ප්‍රමාණයෙන් මේක හදන්න බැරිද කියලත් වෙලාවකට හිතෙනවා. ෆින්සික්ස් ඩාර්ට්’ (Finsix Dart) කියන ලැප්ටොප් චාර්ජරය හැදුවේ ඒ වගේ හිතුණ කෙනෙක්ම වෙන්න ඕන. මේ අලුත් චාර්ජරය සාමාන්‍ය ලැප්ටොප් චාර්ජර් එකකට වඩා 4 ගුණයක් ප්‍රමාණයෙන් කුඩයි. 6 ගුණයක් සැහැල්ලුයි. හැබැයි ලැප්ටොප් එක චාර්ජ්කරගන්න එක අකුරටම කරලා දෙනවා. එහෙනම් ඉතිං තවත් මොකටද පරණ ලොකු චාර්ජර් එක? මෙහි මිල ඇමරිකානු ඩොලර් 89ක් වෙනවා. රුපියල්වලින් නම් 12,800ක් පමණ වෙනවා. 







අලුත් විදිහේ සංචාරක බෑගයක් 









නිතර ගමන් බිමන් යන්න සිදුවෙන, විශේෂයෙන් විදෙස් සංචාරවල නිතර යැවෙන අයට ඒ වෙනුවෙන් විශේෂ උපකරණ තිබිය යුතුයි. තමන්ගේ බඩු බාහිරාදිය ඇසුරුම් කරන ගමන් මල්ල මේ අතුරින් විශේෂයි. මෙන්න මේ ආකාරයේ විශේෂ ගමන් මල්ලක් තමයි බ්ලූස්මාර්ට් කැරි-ඔන්’ (Bluesmart Carry-on) කියන්නේ. මේ ගමන් මල්ලට ඔබේ ජංගම දුරකතනය අරෝපණය කර දෙන්න පුළුවන්. ඒ වගේම මෙහි ඇති ඉලෙක්ට්‍රික් තරාදියෙන් ගමන් මල්ලේ බර ගැන අවබෝධයක් ගන්න පුළුවන්. විශේෂයෙන් විදෙස් ගමන් යද්දී තමන්ගේ ගමන් මල්ලේ බර ගැන විශේෂ අවධානයක් යොමු කර යුතුමයි. ඒ වගේම මෙහි ඉලෙක්ට්‍රොනික් අගුලක් තිබෙනවා. එය අගුල් ලෑම සහ අගුල විවර කිරීම කළ හැක්කේ අයිතිකරුවාගේ ජංගම දුරකතනය හරහා පමණයි. ඒ වගේම එය පවතින ස්ථානය පිළිබඳ ජීපීඑස් ඔස්සේ තොරතුරු ජංගම දරකතනය වෙත එවන්නට හැකි ආකාරයෙන් ද මෙය සකසා තිබෙනවා. ගුවන් යානාවල ගමන් මලු තැනපත් කරන ස්ථානයට ගැළපෙන පරිදි මෙය සකස් කොට තිබීමත් විශේෂයක්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 435ක් (රු. 63,000) වෙනවා. 





සාදයකට යනවා මේ ගැජට් එක තියෙන්නම ඕන 







සාදයකට යනවා කියන්නේ ඉතිං මධුවිතක් තොල ගෑවෙනවාම කියන එක තමයි. මද්‍යසාර විශාල ප්‍රතිශතයකින් ඇති පාන වර්ග පානය කරන්න ගියාම බොහෝ අයට සීමාවක් නැහැ. තමන්ගේ සිරුරට දැන් කොයි තරම් මද්‍යසාර ප්‍රමාණයක් එකතු වෙලාද කියලා කාටවත් අවබෝධයක් නැහැ. සාදය ඉවර වෙලා ගෙදර යන්න හදන කොට තමයි සාදය මාරයි - ගෙදර ගිහින් හමාරයිකියලා හිතෙන්නේ. මේ නිසා ලිමිට් තියාගෙන බොන්නපුළුවන් උපරණයක් තියෙනවා නම් කොයි තරම් හොඳද කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන අයට කියන්න තියෙන්නේ ඔන්න එහෙම එකක් තියෙනවා කියලා තමයි. මෙය හඳුන්වන්නේ ඇල්කොහූට් බූත්’ (Alcohoot booth) නමින්. මෙය පැළඳගෙන වුණත් ඉන්න පුළුවන්. මෙය ඔබගේ ජංගම දුරකතනය හා සම්බන්ධ කොට එය වෙත හුස්ම පිටකිරිමෙන් ඔබේ සිරුරේ ඇති මද්‍යසාර ප්‍රමාණය ගැන තොරතුරු දැනගත හැකියි. මේක දැකලා අම්මෝ ඇති යන්තම්කියලා කියැවෙන අය ඉන්නවා කියන එක ගැන අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් මිලත් බලාගෙනම යන්න. මෙහි මිල ඇමරිකානු ඩොලර් 99ක් (රු. 14,245ක්) වෙනවා. 







2 comments:

  1. අන්තිම එක නං කාට කාටත් වැදගත් වේවි
    පළවෙනි එක නං ටිකක් බයානකයි හිහි

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න