පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, November 2, 2021

ඉඳගන්නා ඉරියව්වෙන් හෙලිවන ගතිගුණ

Body Language එහෙමත් නැත්නම් ශරීරයෙන් ඇඟවෙන භාෂාවට පුළුවන් වචනවලට වඩා වැඩි දෙයක් කරන්න. විවිධ අය ඇසුරු කරද්දි මේ ශාරීරික භාෂාව ඉතාමත් වැදගත් වෙනවා. සමහර වෙලාවට වචනවලින් කියවෙන්නේ නැති දේවල් ශරීරයේ අංග චලනවලින් වඩාත් හොඳින් කියවෙනවා. විවිධ පුද්ගලයන් ඉඳගන්න ඉරියව් කියන්නෙත් මේ වගේ ශරීරයෙන් ඇඟවෙන දෙයක්. ඒ ඉරියව්වලින් අපට කියන්න පුළුවන් ඒ පුද්ගලයා මොනවගේ කෙනෙක්ද කියන එක. 


පළමු ඉරියව්ව



මේ පෙනෙන ඉරියව්වෙන් ඉඳගන්න අය ඉතා නිර්මාණශීලී සහ ජනකාන්ත පුද්ගලයන්. ඔවුන් තීරණ ගන්නට වැඩි කාලයක් ගන්න අය නෙවෙයි. ඒ නිසා ඔවුන් ඉඳහිට කරදරවලටත් මුහුණපානවා. නමුත් ඔවුන්ගේ තියෙන ආකර්ෂණීය ස්වභාවය නිසා මේ කරදර මගහරින්න හැකියාව තියෙනවා. මේ පුද්ගලයන් ජීවිතය දිහා බලන්නේ හරියට උද්‍යෝගී, වීර වික්‍රමයන්ගෙන් පිරුණු දෙයක් විදියටයි. අලුත් අත්දැකීම් ලබාගන්නටත් මේ පුද්ගලයන් ඉතා කැමතියි. ඔවුන් හරිම ජනප්‍රියයි. බොහෝ මිතුරන් ඇතිකර ගත්තත් ඒ බොහෝ මිතුරු සබඳකම් වැඩි කාලයක් පවතින ඒවා නම් නෙවෙයි. 


දෙවැනි ඉරියව්ව



මේ ඉරියව්වෙන් ඉඳගන්න පුද්ගලයන් ඇත්තටම සිහිනවල ජීවත්වෙන අයයි. ඔවුන් ඕනෑවටත් වඩා හීන දකිමින් ඒවා ගැන කල්පනා කරමින් ඉන්නවා. නමුත් ඒ සිහින සැබෑ වන ඒවා නම් නෙවෙයි. ඉතා ඉක්මනින් කම්පනයට පත්වෙන මේ පුද්ගලයන් අනෙක් අය සමග ඉතා පහසුවෙන් සබඳතා ගොඩනගා ගන්නවා. නමුත් ඔවුන් කරදරේ වැටෙන්නේ මේ සබඳකම් නිසාම තමයි.  මේ පුද්ගලයන් අනෙක් අයට ඉතා හොඳින් සවන් දෙය අයයි. තමන්ගේ හැඟීම් ගැනත් ඉතා දැඩිව කල්පනා කරනවා. 


තුන්වැනි ඉරියව්ව



සිත එක තැනක රඳවාගනිමින් සන්සුන්ව සිටින්නට මේ අයට අපහසුයි. ඔවුන්ගේ සිත නිතර සසලවන ස්වභාවයක් තියෙනවා. තමන් කියන දෙයින් මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියන එක ගැන හිතන්නේ නැතිව තමයි මේ අය කතා කරන්නේ. ඉක්මනින් කලකිරීමට පත් වෙන මේ අය යම් දෙයකට අවධානයක් යොමු කරන්නේ කෙටි කාලයකට පමණයි. කලබලකාරී උද්‍යෝගිමත් වටපිටාවක් තියෙන විට මේ අය වැඩිපුර කැපී පෙනෙන්න උත්සාහ කරනවා. ආදර සම්බන්ධතාවලදි ඉක්මනින් ඒවා එපාවෙන ස්වභාවයක් තියෙනවා. කලකිරීමක් ඇතිවුණු විට මේ අය දිරිමත් කරන්න කවුරුන් හෝ සිටිය යුතුමයි. 


හතරවැනි ඉරියව්ව



මේ අය ඉතා දක්ෂ අය විදියටයි පිළිගැනෙන්නේ. හැම දෙයක් ගැනම තාර්කිකව හිතනවා. ඔවුන්ගේ වැඩකටයුතු ඉතා පිළිවෙලයි. ඔවුන්ගේ ගේ දොර, වැඩකරන තැන ඉතා පිරිසිදුව, පිළිවෙලට තබාගෙන ඉන්න දැඩි කැමැත්තක් දක්වනවා. හිතේ තියෙන දේවල් එකවර පිටතට පෙන්වන්නේ නැහැ. නමුත් මේ අය ඉතා අවංකයි. අනුන්ගේ ඕපාදූප සොයන්නටවත් ඕපාදූප කියන්නටවත් කැමැති නැහැ. සෑම අවස්ථාවකදීම සන්සුන්ව සිටින්නට මේ අයට පුළුවන්. කිසිම අවස්ථාවක හිතේ සන්සුන්බව නැතිකර ගන්නේ නැහැ.


පස්වැනි ඉරියව්ව



මේ පුද්ගලයන් යම් නිශ්චිත ඉලක්කයක් කරා ගමන් කරන්නට ඉතා දක්ෂයි. තමන්ගේ රැකියාව ඉතා ඉහලින් අගය කරනවා. මේ අය තමන් වෙනුවෙන් යම් යම් ඉලක්ක ඇතිකරගන්නා අතර සුළු සුළු දේවල්වලින් සතුටට පත්වන්නේ නැහැ. විශේෂයෙන් ආදරය, සෞඛ්‍යය වැනි දේවල් සඳහා ද ඔවුන් ඉලක්ක ඇතිකර ගන්නවා. තමන්ගේ පෙනුම ඇතුළු සියලු දෙයකම පූර්ණත්වය මේ අය බලාපොරොත්තු වෙනවා. වැඩි වැඩියෙන් දේවල් බලාපොරොත්තු වෙන නිසා ඇතැම් අවස්ථාවල දී තමන් ළඟ තියෙන දේවලුත් අහිමි කරගන්නා අවස්ථා ද තියෙනවා.


9 comments:

  1. මම හතරවැනි ඉරියව්වේ . නමුත් ගොඩක් පිරිමි එහම තමා ඉඳ ගන්නේ . අනික මම කකුල් හොල්ලනවා. ගොඩක් ගැහැණු ඉඳ ගන්නේ දෙක සහ පහ . එනිසා මේක එච්චරම හොයල බලල ලියපු එකක් නෙමේ කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහරවිට වෙන්නත් ඇති. ඉන්ටර්නෙට් ඒකේ තියෙන දේවල්නේ.

      Delete
  2. ඒකත් එ්මද.. හුම්ම්
    ගෑල්ලමයි ගැන ලිව්ව එකක්ද මංද

    ReplyDelete
    Replies
    1. අන්න ඒකම තමයි මටත් හිතුනෙ...

      Delete
    2. මම හිතන්නේ පින්තූරවල ‌‌පේන්නේ ගෑනු ළමයි වගේනේ. ඒක නිසා වෙන්න ඇති.

      Delete
  3. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  4. දෙවනි ඉරියව්ව තමා මට සෑහෙන පුරුදු..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හීනවල ජීවත්වෙනවා කියන එකද? ඒකත් නරකම නෑ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න