බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ
රැජින පසුගිය අප්‍රේල් 21 වැනිදා සිය 90 වැනි ජන්ම දිනය සැමරුවා. ලෝකයේ වැඩිම කාලයක්
රැජිනක් විදිහට ජීවත් වුණු කාන්තාව ලෙස පසුගිය වසරේදී ඇයව නම් කරනු ලැබුවා. බ්‍රිතාන්‍යය
ලෝකයේ සුවිශේෂී රටක් බවට පත්කරන්නට එලිසබෙත් මහ රැජින ඇතුළු රජ පවුල හේතුවක් වී
තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මිනිසුන් රජුන්ගේ හෝ රැජිනියන්ගේ හෝ පාලනයට
යටත්ව සිටීමට තවදුරටත් කැමැති නැති බවට අදහස් දැක්වූවත්, බ්‍රිතාන්‍යට යම් යම් ආකාරවලින් යටත්ව හෝ සම්බන්ධව සිටින, මහ රැජින නායිකාව ලෙස සිටින රටවල් සියල්ල තවමත්
සිය ඓතිහාසික නායිකාව ලෙස එලිසබෙත් මහ රැජිනට ගෞරව කරනවා. ඔවුන් සළකන්නේ රැජිනක්
යටතේ ජීවත්වීම දීනකමක් ලෙස නොවේ ආඩම්බරයට හේතුවක් බවයි. අනෙක රැජිනක් ලෙසත් සාමාන්‍ය
පුද්ගලයකු ලෙසත් ඇය සිය චරිතයෙන් බොහෝ ආදර්ශයන් ලොවට දායාද කොට තිබෙනවා. මේ සියලු
කාරණා පසුපස්සේ සිටින්නේ පසුගිය දා 90
වැනි ජන්ම දිනය සැමරූ බ්‍රිතාන්‍ය මහ රැජිනයි. මේ නිසා ඇය ගැන යමක් කතා කිරීම ඉතා
වැදගත් දෙයක්.
දෙවැනි එලිසබෙත් මහ රැජින බිළිඳියක ලෙස
මෙලොව එළිය දකින්නේ ලන්ඩන් නුවරදී 1926
අප්‍රේල් 21 වැනිදායි. ඇය උපදින විට ඇගේ දෙමාපියන්
යෝර්ක් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වශයෙන් සිටියත්, පසුව ඇගේ පියා හයවැනි ජෝර්ජ් ලෙස බ්‍රිතාන්‍යයේ රජු බවට පත් වුණා.
ඇගේ මව එලිසබෙත් බිසව බවට පත් වුණා.
අප ඇගේ නම එලිසබෙත් කියා පමණක් දැන
සිටියත් සම්පූර්ණ නම වන්නේ එලිසබෙත් අලෙක්සනඩ්‍රා මේරි. 1952 වසරේදී ඇය රැජිනක ලෙස කිරුළු පැළඳුවා. ඒ බ්‍රිතාන්‍යයට
පමණක් නොවේ. කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේත් රැජින
වන්නේ ඇයයි. එම රටවල වැසියන් ඒ ගැන ඉතා ආඩම්බරයෙන් කතා කරනවා. ඒ වගේම එදා සිටම
පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේත් ඇයයි.
1947 වර්ෂයේදී ඇය එඩින්බර්ග් හි ආදිපාද
පිලිප් කුමරු සමඟ විවාහ වුණා. ඒ විවාහයෙන් ඇයට චාර්ල්ස්, ඇන්ඩෘ සහ එඩ්ව්ඩ් කියා පුතුන් තිදෙනෙක් ද ඈන් කියා දියණියක් ද
සිටිනවා.
දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ ජන්ම දිනය
පසුගිය අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබුණත් ඔවුන්ගේ රාජ
වංශයේ සිරිත් විරිත්වලට අනුව එය ඉතා උත්සවාකාරයෙන් සමරන්නක් නොවෙයි. කෙසේ නමුත්
රජකු හෝ රැජිනක සඳහා නිල ජන්ම දින උත්සවයක් චාරිත්‍රානුකූලව පැවැත්විය යුතුයි. මේ
අනුව ඇගේ නිල ජන්ම දින උත්සවය එලැඹෙන ජූනි මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව
දැනගන්නට තිබෙනවා. ඇගේ මේ නිල ජන්ම දින උත්සවය සඳහා ආරාධිතයන් 10,000ක් සහභාගී කරවාගැනීමට සැලසුම්කොට ඇති බවයි
පැවසෙන්නේ. මේ අනුව ඇය උපන් දින දෙකක් සහිත නායිකාවක ලෙස ප්‍රකට තිබෙනවා.
කුමරියක් ලෙස සිටි එලිසබෙත් කිසිදා
රැජිනක් වන්නට අපේක්ෂා කළ තැනැත්තියක නෙවෙයි. ඇය සිටියේ රාජ්‍යත්වය ලැබෙන
අනුපිළිවෙල අනුව තෙවැනි ස්ථානයේ. ඇගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගෙන් පසුව රාජ්‍යත්වය
හිමිවූයේ අටවැනි එඩ්ව්ර්ඩ් රජුටයි. කෙසේ නමුත් ඔහු රජ පවුල්ට අයත් නොවන කාන්තාවක
හා විවාහ වූ නිසා ඔහුට රාජ්‍යත්වය අහිමි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස එලිසබෙත්
කුමරිය රාජ්‍යත්ව පිළිවෙලේ පළමුවැනියා බවට පත් වුණා.
එලිසබෙත් මහ රැජිනගේ තවත් විශේෂත්වයක්
වන්නේ ඇයගේ නමට එන සියලුම ලිපිවලට පිළිතුරු යැවීමේ පුරුද්දක් තිබීමයි.ලැබී ඇති
තොරතුරුවලට අනුව ඇය මේ වන විට මිලියන තුන හමාරක් ලිපි සඳහා පිළිතුරු යවා තිබෙනවා.
ඒ වගේම ඇය විසින්ම නත්තල් සුබ පැතුම් පත් 45,000ක් ලියා තිබෙනවා. ඒ වගේම තමන්ගේ කාර්ය මණ්ඩලය සඳහා මේ වන විට නත්තල්
පුඩිං 90,000 කට වැඩිය ලබා දී තිබෙනවා. මෙවැනි
කරුණුවලින් පෙනෙන්නට තියෙන්නේ ඇය රැජිනක් වුවත් තමන්ගේ හිතවතුන් සමඟ පෞද්ගලිකවම
සම්බන්ධ වෙමින් හොඳ හිත පවත්වාගෙන යන්නට කටයුතු කර ඇති බවයි.
බ්‍රිතාන්‍ය මහ රැජින කතා කරද්දී සඳහන්
කළ යුතු තවත් සුවිශේෂීතම දෙයක් වන්නේ ඇයට ලැබුණු අසාමාන්‍ය අන්දමේ තෑගි ගැනයි. ඇයට
අසාමාන්‍ය අන්දමේ තෑගී බොහොමයක් ලැබී තිබෙනවා. මේ ඇතැම් තෑගිවලට පණ තියෙන සතුන් ද
ඇතුළත් වෙනවා.
බ්‍රිතාන්‍ය මහ රැජිනගේ වෙබ් අඩවියට
අනුව ඇය 1972 සීෂෙල්ස් කරා කළ සංචාරයේදී ඉබ්බන්
දෙදෙනෙකු තෑගි ලෙස ලැබී තිබෙනවා. 1972
වසරේදී ඇය කැමරූන් රාජ්‍යයට ගිය අවස්ථාවේදී ඇගේ රජත විවාහ සංවත්සරය නිමිත්තේන් ඇයට
එහි ජනාධිපතිවරයා විසින් ජම්බෝ නම් අලි පැටවකු තෑගි කළා. කැනඩාවට කළ රාජකීය
සංචාරයේදී කලු බීවරයන් දෙදෙනකු තෑගි කරනු ලැබුවා. මේ සතුන් සියලු දෙනා ලන්ඩන්
සත්වොද්‍යානයේ තබා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයට කළ සංචාරයේදී ගොපල්ලක් පළඳින
බූට් පාවහන් යුගලක්, අව් කන්නාඩි කුට්ටමක්, අන්නාසි සහ ඉස්සන් කිලෝ ග්‍රෑම් 7ක් තෑගි ලෙස හිමි වී තිබෙනවා.
බ්‍රිතාන්‍ය මහ රැජින ගැන කතා කරද්දී
අසන්නට ලැබෙන තවත් විශේෂ දෙයක් වන්නේ ඇයට ගමන් බලපත්‍රයක් නොතිබීමයි. ඇය සිය රාජ්‍ය
කාලය ඇතුළත රටවල් 116කට වැඩි සංඛ්‍යාවකට සංචාරය කොට තිබුණත්
කිසිදු අවස්ථාවක ගමන් බලපත්‍රයක් ලබාගෙන නැහැ. ඒ විතරක් නෙවෙයි ඇය රට පුරා වාහන
පදවාගෙන යන්නට තරුණ කාලයේ පුරුදුව සිටියත්, ඒ කාලයේ හෝ අද හෝ අයට කිසිම රියැදුරු බලපත්‍රයක් ද තිබී නැහැ.
ඒ වගේම ඇය සෑම අවස්ථාවකදීම බොහෝ විට
පළඳින්නේ එකම කරාබු කුට්ටමක්. මුතු ඇට දෙකකින් සමන්විත මේ කරාබු කුට්ටම මෙයට පෙර
මේරි රැජින පැළඳූ ඒවා බව දැනගන්නට තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී ඇය දියමන්ති කරාබු
කුට්ටමක් පළදින අවස්ථා ද තිබෙනවා.
බ්‍රිතාන්‍යය පුරා සිටින සියලුම
හංසයන්ගේ අයිතිකාරිය වන්නේ ද ඇයයි.
ලෝකයේ මුල්ම වරට ඊමේල් යැවූ නායිකාව
ලෙස ද ඇය ප්‍රකටයි. ඒ 1976 මාර්තු 26 වැනිදා. ඒ වන විට අන්තර්ජාලය පැවතියේ ප්‍රාථමික අවස්ථාවේ.
Itha rasawath!
ReplyDeleteඔබට ස්තූතයි.
Deletethanks
ReplyDeleteThank you too.
Deleteවයස අවුරුදු සීය සමරන බ්‍රිතාන්‍ය පුරවැසියන්ට ඇයගේ අත්සනින් උපන්දින කාඩ්ස් යවනවා. ඉන්පසු 105ටත් යවනවා. 105න් පසු හැම වසරකම යවනවා. 60වැනි විවාහ සංවත්සරයටත් ඉන් පසු සෑම පස්වසරකට වතාවකුත් එය සිදුවෙනවා. ඒ ක්‍රමවේදය කොහොම වෙනවාදැයි නම් දන්නේ නැහැ.
ReplyDeleteරජයේ අදාළ ආයතනවලින් මේවා සම්බන්ධව විස්තර ලබාගන්නවා ඇති මම හිතන්නේ.
Deleteරැජිණක් වුනත් ඇයට ගොඩක් දෙනා ආදරය කරන්නේ ඇගේ සරල දිවි පැවැත්ම නිසා වෙන්න ඇති.හැබැයි ඩයනා කුමරියගේ මරණය ගැන ඇයටත් ඇගිල්ල දික් වුනා නේද?අරූයියා නම් ඒ ගැන වැඩි යමක් දන්නවා ඇති අපිට වඩා.
ReplyDeleteහංසයින්ගේ අයිතිකාර කතාව නම් අලුත් දෙයක්.
මනෝ....මේ රජ පවුල නඩත්තු කිරීමේ ක්‍රමයට විරුද්ධ කංඩායම් ඉන්නවා. රැජිණ ජනතාව අතර ප්‍රිය වුනත් ඔවුන්ගේ ජීවිත නම් සරළ නැහැ. මම පෞද්ගලිකව මේ රජ නඩත්තුවට අකැමති වුවත් බොහෝ අය කියන්නේ MONARCHY එක නැතිවුනොත් රටේ හිස්බවක් ඇතිවෙයි කියලා.මේක නිකම් ආභරණයක් වගේ.
Deleteඅරුණ කියන කතාව ඇත්ත. මහා බ්‍රිතාන්‍යය පරිපූර්ණ වෙන්න නම් රජ පවුල් පවතින්න ඕන කියලා මතයක් සහ පිළිගැනීමක් පවතිනවා. ඒ නිසා රජ පවුල් නඩත්තු කිරීම තමන්ගේ යුතුකමක් ලෙස බහුතර බ්‍රිතාන්‍ය වැසියන් සිතනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDelete