‛ක්ෂණික ආහාර’ එසේත් නැත්නම් ‛ෆාස්ට් ෆුඩ්’ (Fast food) පිළිබඳ ඔබ අසා ඇතිවාට සැකයක් නැත. අප රටේ ද
ආහාර වර්ග අළෙවි කරන වෙළෙඳ සල්වල ‛ෆාස්ට්
ෆුඩ්’ යනුවෙන් සඳහන්කොට තිබෙනු දැකිය හැකිය.
පිළියෙල කිරීමේ වේලාව ඉතාමත් අඩු ඕනෑම ආහාරයක් ‛ෆාස්ට් ෆුඩ්’ හෙවත් ‛ක්ෂණික ආහාර’ ලෙස හඳුන්වනු ලබයි. මේවා 50 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවී ඉතාමත්
ජනප්‍රියත්වයට පත් වූ බව පෙනෙන්නට තිබේ. අනෙක් ආහාර සමඟ සැසඳීමේදී මේවා පෝෂ්‍ය
ගුණයෙන් අඩුය. කළින් පිසගත් හෝ කලින් රත්කර ගත් අමුද්‍රව්‍ය සහිත, පාර්සල් කොට රැගෙන යා හැකි පරිදි සකස් කොට
අළෙවි සල්වල ඇති ආහාර ද මෙනමින් හැඳින්වේ. Fast food යන්න නිල වශයෙන් පිළිගත් වදනක් බවට පත්
වූයේ 1951 වසරේදී එය ‛මෙරියම් - වෙබ්ස්ටර්’ (Merriam–Webster ) ශබ්දකෝෂයේ ඇතුළත්වීමත් සමඟය. ‛කෙටි කෑම’ යන අරුත් ඇතිව අප රටේ ජනප්‍රියව පවතින ‛ෂෝර්ට් ඊට්ස්’ (Short eats) අයත් වන්නේ ද මේ ආහාර කාණ්ඩයටමය.
ඉතා ඉක්මණින් පිළියෙලකිරීම, ඒ සඳහා විවිධ රසකාරක ආදිය අධික ලෙස භාවිතය වැනි
ක්‍රියාවන් හේතුවෙන් ක්ෂණික ආහාර යනු සෞඛ්‍යයට එතිරම් හිතකර නොවන්නක් බව
පෝෂණවේදීහු නිතර පවසති. කෙසේ නමුත් මිනිසුන්ගේ පවතින කාර්ය බහුලත්වය නිසාම බොහෝ
දෙනෙක් මෙහි අහිතකර බව දැන දැනම ඒවා පරිභෝජනය කරති. කෙසේ නමුත් ක්ෂණික ආහාර අහිතකර
බව දන්නා මුත් අහිතකර වන්නේ කුමන හේතූන් නිසාදයි බොහෝ දෙනෙක් දන්නේ නැත. එබැවින්
ක්ෂණික් ආහාරවල ගොදුරු බවට පත්ව සිටින අප සියලු දෙනා ඒ පිළිබඳ තොරතුරු දැන ඒවා
සීමා කිරීම හෝ නවතා දැමීම සෞඛ්‍යය අතින් ගත් කල ඉතා හිතකර දෙයක් බව සඳහන් කළ
හැකිය. ක්ෂණික ආහාර සෞඛ්‍යයට අහිතකර වන්නේ මන්ද යන කරුණු පිළිබඳ අපි මෙසේ කෙටියෙන්
වමසා බලමු.
තරබාරු බව
ක්ෂණික ආහාරවල කැලරි සහ සීනි ඉතා අධික
ලෙස අඩංගු වේ. කුඩා ප්‍රමාණයක් ආහාරයට ගත්ත ද එයින් ලැබෙන කැලරි ප්‍රමාණය ඉතා
අධිකය. මෙය ඉක්මන් තරබාරුවට මග පාදන්නකි. අනෙක ක්ෂණික ආහාර නිසා අපගේ ආහාර
චර්යාවන් ද වෙනස් වන බැව් සොයාගෙන තිබේ. මේවාට තදින් අබ්බැහි වූවන් අපගේ සෞඛ්‍යයට
හිතකර එළවලු, පලතුරු, කිරි ආදියට කෙමෙන් අකැමති වන බව සොයා ගෙන තිබේ.
හෘද රෝග
සතියකට සිව් වතාවක් පමණ ක්ෂණික ආහාර
ගන්නා පුද්ගලයන් හෘද රෝගවලින් මිය යෑමේ හැකියාව 80% ක් පමණ බව පර්යේෂණවලින් හෙලීවී. තිබේ. එයට හේතුව මේවායේ අධික ලෙස
සංතෘප්ත මේදය අඩංගු බැවිනි. මේ මේදය නිසා රුධිර නාල අවහිර වී කාලයත් සමග හෘද රෝග
ඇතිවිය හැකිය.
දියවැඩියාව
නිවසේ අහාර පිසගැන්මට කාලවේලාව නොමැති
නිසා බොහෝ දෙනෙක් ක්ෂණික ආහාරවලට ඇබැබහි වී සිටිති. මෙහිදී දියවැඩිය තත්වය
ඇතිවන්නට හේතුව කායික වෙහෙසවීමක් තොරව අධි කොලෙස්ටරෝල් සහ සීනි අඩංගු ආහාරවලට ඇති
වැඩි නැඹුරුතාවයයි. ආහාර පිසීම සදහා හෝ කායික ශක්තියක් වැය නොකර සිටීම නිසා කාලයත්
සමඟ දියවැඩියා තත්වයක් වර්ධනය විය හැකිය.
පවුලේ එකමුතුව දෙදරා යාම
ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වීම නිසා පවුලේ
සාමාජිකයන් සියලු දෙනා එකතුවී ආහාර ගැනීමේ පුරුද්ද කෙමෙන් අහිමි වී යයි. පවුලේ
සියලු දෙනාට එකවර හමුවී කතා බහ කරන්නට ලැබෙන්නේ කෑම ගන්නා අවස්ථාව පමණි. ක්ෂණික
ආහාරවලට ඇබ්බැහි වූවන් මේවා අනුභව කරන්නේ එක්කෝ වාහනයක යන අතරමගය. නැත්නම් මහ මගය.
නැත්නම් කාර්යාලයේදීය.
ක්ෂණික ආහාර එතරම් හිතකර නොවන්නට තවත්
බොහෝ කාරණා තිබේ. නමුත් ඒවායේ අහිතකර තත්වය අවබෝධ කොට ගන්නට මේ කෙටි තොරතුරු ප්‍රමාණවත්
වේ යැයි සිතේ. එබැවින් මේ පිළිබඳ අවබෝධයෙන් කෙටි කෑම වර්ග පරිභෝජනය කරන්නේ නම්
මැනවි.
ක්ෂණික ආහාර, සුළු කෑම කියලත් හඳුන්වන්න පුළුවන්. සිංහල භාෂාව ගැන මෙලෝ හසරක් නැති කෙනෙක් තමා, මුලින්ම ඔය කෙටි කෑම කියන වචනය යොදා තිබෙන්නේ. එතකොට දිග කෑම කියලා ජාතියකුත් තියනවද? :D ඔය වගේම තමයි, අපේ අය, ත්‍රී වීල් එක, ඩබල් කැබ් එක, වැනි මේ ලෝකේ නැති යෙදුම් හදාගෙන තියෙන්නේ.
ReplyDeleteක්‍ෂණික ආහාර සඳහා ගෙවන මුදල ඉතා අධිකයි. ඒ මුදලෙන් පිරිසිදු, පෝෂ්‍යදායක, රසවත්, දේශීය ආහාර ගන්න පුළුවන්.
ඇත්තටම ක්ෂණික ආහාරයක් සදහා ගෙවන මුදලට, වඩාත් හොද පෝෂ්‍යදායී ආහාරයක් ගන්න පුළුවන්. නමුත් වැඩි දෙනෙක් තමන්ගේ පසුව තකා මෙවැනි කෑම වර්ගවලට පුරුදු වී සිටිනවා.
Deleteරෝල් එකක්, කට්ලට් එකක් වගේ ශෝට් ඊට් කන්න ආසයි. රෑ වේලට නම් බත්ම තමයි. අනම් වනම් වානා.
ReplyDeleteඒක ඇත්ත. තේ එකක් එහෙම බොන කොට රෝල් එකක්, කට්ල්ට් එකක්, පැටිස් එකක් වගේ තියෙනවා නම් හොදයි. ඒත් ප්‍රධාන ආහාරයකින් ලැබෙන ශක්තිය හෝ පෝෂණය මේවායෙන් ලැබෙන්නේ නැහැ. බඩ රවටනවා විතරයි.
Delete