පොළොන්නරුවේ
චාරිකාවක ගිය අවස්ථාවක පරාක්‍රමබාහු රජුගේ යැයි සැළකෙන ප්‍රතිමාව නරඹන්නට ගියා. මේ
වීඩියෝවේ දැක්වෙන්නේ ඒ අවස්ථාවේදී එතැන සිටි නිලධාරී මහතකු මේ ප්‍රතිමාව පිළිබඳ
පැවසූ විස්තරයක්. ඒ විස්තරය වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට අවශ්‍ය තැන්වලට ගැළපෙන
ඡායාරූප දමා තිබෙනවා.
එක් අවස්ථාවක
පඬුවස්නුවර නටබුන් නැරඹීමේ අවස්ථාවක් ලැබුණා. පඬුවස්නුවර කියන්නේ පඬුවස්දෙව් රජ
කළ රාජධානිය නොවන බව කවුරුත් දන්නා දෙයක්. ඉතිහාසගත තොරතුරුවට අනුව මෙයට මේ නම
වැටී ඇත්තේ මේ ප්‍රදේශයේ පැවති පඬා වැව නිසා බවයි පැවසෙන්නේ. දැන් ඇත්තේ එහි
නටබුන් පමණයි. ඒ වගේම මෙම ප්‍රදේශය ප්‍රධාන රාජධානියක් නොව උප රාජධානියක් ලෙස
පැවති බවත්, එහි පාලකයාව සිට ඇත්තේ එවකට ඈපා කෙනෙක් හෙවත් යුව රජකු වූ, පසුව
පොලොන්නරුව රාජධානිය කරගන්නා පරාක්‍රමබාහු කුමාරයා බවත් ඉතිහාස පුවත් හමුවෙනවා.
පඩුවස්නුවර පවතින කෞතුකාගාරයේ පරාක්‍රමබාහු කුමාරයාගේ යැයි සැලකෙන කුඩා ප්‍රතිමාවක් දක්නට ලැබෙනවා. මේ ප්‍රතිමාවේ පෙනුමත් පොලොන්නරුවේ පවතින ප්‍රතිමාවේ පෙනුමත් බොහෝ සමාන බැව් මේ ඡායාරූපය බැලීමෙන් ඔබට ද පැහැදිලි වෙනවා ඇති. මේ නිසා පොලොන්නරුවේ පවතින්නේ පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවම බව බොහෝ දෙනෙක් දක්වන අදහසට මෙය අනුබලයක් වන බවයි මගේ අදහස.

බොහොම හොඳ විස්තරයක්. ස්තුතියි ඔබට.
ReplyDeleteඔබේ අදහස් දැක්වීමට සතූතියි.
Deleteවටිනා ලිපියක්
ReplyDeleteස්තූතියි
Deleteගොඩක් හොද ලිපියක්...
ReplyDeleteඔබේ අදහස් දැක්වීමට ස්තූතියි
DeleteOKA NISSANNKA MALLGE KIYALA KIYANWA NEDA
ReplyDeleteඔව් හෙම අදහසකුත් තියෙනවා. ඒකත් මේ වගේම හරිහැටි නිගමනය කරගන්න බැරි අදහසක් බවයි පෙනෙන්නේ.
Delete