පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, January 7, 2017

ෆයිල් ටික කොපි වෙන්න දාලා නිදාගන්න - Copy Files and Shutdown


වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙදි අපට ෆයිල් කොපි කරගන්න කියලා වෙනමම මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ නෑ. වින්ඩෝස්වලම ඒකට පහසුකම තියෙනවා. වෙන දෙයක් ගැන හිතන්න අපට කොහොමටවත් ඕන වෙන්නේ නෑ. නමුත් පෞද්ගලිකව මට ෆයිල් කොපි කරන වෙනත් විදියේ  මෘදුකාංගයක අවශ්‍යතාවය අවස්ථා කිහිපයකදිම ආවා. ඒ අවශ්‍යතාවය නිතරම වගේ තියෙනවා. සමහර විට මෙය කියවන ඔබ මේ ගැන දන්නවා වෙන්නත් පුළුවන්. නමුත් මේ අවශ්‍යතාවය තියෙන, මෙවැන්නක් ගැන නොදන්නා කෙනෙක් හිටියොත් ඔහුට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියා සිතෙන නිසා මෙසේ ලියන්න හිතුණා.

විවිධ චිත්‍රපට එකතු තියෙන බාහිර දෘඩ තැටි මට මිතුරන්ගෙන් ලැබෙනවා. ඒ වගේම මා ළඟ ඇති චිත්‍රපට මම ඔවුන්ටත් දෙනවා. හුඟක් වෙලාවට මේවා ලැබෙන්නේ වැඩ ඇරිලා ගෙදර එන වෙලාවේ. පහුවදා මේ දෘඩ තැටිය අනිවාර්යයෙන්ම ගිහින් දෙන්න ඕන. අනික මේවායේ සෑහෙන ප්‍රමාණයක චිත්‍රපටි තියෙන නිසා ඒවා කොපි වෙලා ඉවර වෙන කල් මට ඇහැරගෙන ඉන්නත් වුණා. කොපි වෙන්න දාලා නිදාගන්නත් බෑ. එහෙම වුනොත් උදේ වෙනකල්ම කොම්පීටරේ ඇහැරගෙන ඉන්නවා. ඒක අපරාදයක් නේ. ඉතිං මට හිතුණා ෆයිල් කොපි වුනාට පස්සේ ඉබේම කොම්පීටරේ ෂට්ඩවුන් වෙන මෘදුකාංගයක් තියෙනවාද කියලා හොයා ගන්න. මෙහෙම හොයන කොට වැඩි අමාරුවක් නැතිවම එකක් හොයා ගන්න ලැබුණා. මේ වගේ තව ඒවා ඇති. නමුත් මට ලැබුනේ මේක. මේකේ නම තමයි TeraCopy. වැඩිය බර මෘදුකාංගයක් නෙවෙයි. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බාගන්න ඕන කරන ලින්ක් එක මම පහල දාලා ඇති.


මේක ස්ථාපනය කළාට පස්සේ ෆයිල් එකක් කොපි කරන්න හදන කොට අපෙන් අහනවා වින්ඩෝස්වලින්ද කොපි කරන්නේ, එහෙමත් නැතනම් TeraCopy එකෙන්ද කියලා. ඉතින් TeraCopy කියලා දුන්නාට පස්සේ මෙන්න මෙහෙම සංවාද කොටුවක් අපට පෙන්නනවා. චිත්‍රපට 20ක් විතර කොපි වෙන්න දාලා මට හිතේ බරක් නැතිව නිදාගන්න ලැබෙන්නේ මේ පොඩි මෘදුකාංගය නිසයි. මෙතැනදි කරන්න ඕන මෙච්චරයි. රතු පාටින් රවුම් කරපු තැන තියෙන අයිකන් එක බලන්න‍. 


ඒක ටිකක පොඩි ඉර කෑල්ලක් හිටවලා වගේ තියෙන්නේ. ඉංග්‍රීසි I අකුර වගේ. අන්න ඒක එක වතාවක් ක්ලික් කරන්න. එතකොට අනෙක් පින්තූරයේ තියෙනවා වගේ ඒක ලා කොල පාට වෙනවා. 


එච්චරයි. දැන් මේ ෆයිල් ටික ඔක්කෝම කොපි වුනාට පස්සේ මේ මෘදුකාංගයෙන් කොම්පීටරේ ෂට්ඩවුන් කරලා දානවා. ෂට් ඩවුන් වෙන්න කලින් ඒ මෘදුකාංගය අපෙන් ප්‍රශ්නයක් අහනවා කොම්පීටරේ ෂට්ඩවුන් කරන්නද එපාද කියලා. 



කොහොම වුනත් ඒ ප්‍රශනේ අහන වෙලාවට අපි නිදි. No කියලා උත්තරේ දෙන්නේනැති නිසා මිනිත්තු 5කින් කොම්පීටරේ ඉබේම ෂට්ඩවුන් වෙලා යනවා. ඔබට තියෙන්නේ ෆයිල් ටික කොපි වෙන්න දාලා නිදාගන්න විතරයි.

ඩවුන්ලෝඩ් කරගන්නවා නම් මේ තියෙන්නේ ලින්ක්ස්




2 comments:

  1. Thwa hoda ewwa tynwa wise auto shotdown soft ekath use krla balanna..eke okta wadaa godak deewal tynwa

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අලුත් සොෆ්ට්වෙයාර් එකක් ගැන කිව්වාට. මම ඒක use කරලා බලන්නම්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න