‛ජෙෆ් බෙසොස්’
කියන්නේ කවුදැයි ඔබෙන්
ඇසුවොත් එයට පිළිතුරක් දෙන්නට නොහැකි වන්නට පුළුවන්. නමුත් මේ විස්තරය කියවුවාට
පසු බොහෝ දෙනෙක් මේ නම මතක තබා ගන්නා බව නො අනුමානයි. ඒ අන් කිසිවක් නිසා නොව
අලුත්ම ආර්ථික සහ මූල්‍ය වාර්තාවලට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ජෙෆ් බෙසොස්
වීම නිසයි. ලෝක ප්‍රකට, විශාලතම
අන්තර්ජාල වෙළෙඳ සමාගම වන ‛ඇමසන්’
හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධරයා වන්නේ ඔහුයි. ඔහුගේ මුළු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 105ක් පමණ වනවා. මේ ප්‍රමාණය 153 න් වැඩි කිරීමෙන් මේ
වත්කම අප රටේ මුදලින් කීයක් වනවා දැයි සොයා ගන්නට ඔබට අවශ්‍ය නම් හැකියාව තිබෙනවා.
ඒ වගේම 2016 වසරේ අප රටේ
දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 81.32ක් යැයි කීමෙන් ඔහුගේ වත්කම්වල ප්‍රමාණය
කෙතරම් දැයි යම් අවබෝධයක් ඔබට ලැබිය හැකියි.
මෙතෙක් වසර
ගණනාවක් තිස්සේම ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පළඳා සිටියේ මයික්‍රොසොෆ්ට්
සමාගමේ බිල් ගේට්ස්. නමුත් පසුගිය දිනෙක ඇමසන් සමාගම කොටස් වෙළෙඳ පළේ වේගයෙන් ඉදිරියට
පැමිණීම නිසා බිල් ගේට්ස්ව පරදා ජෙෆ් බෙසොස් ට ඉදිරියට එන්නට හැකියාව ලැබුණා.
1964 ජනවාරි 12 වැනිදා ඇමරිකා එක්සත්
ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ දී ජෙෆ් බෙසොස් උපත ලබන විට ඔහුගේ මව වූ ජැක්ලින්
ජෝර්ගෙන්සන් ට වසර විස්සක්වත් සම්පූර්ණ වී තිබුණේ නැහැ. ඔහුගේ පියා වූයේ ටෙඩ්
ජෝර්ගෙන්සන්. කෙසේ නමුත් ජෙෆ් බෙසොස් ට
අවුරුදු හතරක්වත් සම්පූර්ණ වන්නට පෙර ඔහුගේ මව වෙනත් විවාහයක් කර ගත්තා. ඔහුගේ නව
පියා වූයේ මෙක්සිකානු ජාතිකයකු වූ මයික් බෙසොස්. කුඩා කාලයේ සිටම අලුත් දේවල් ගැන
සිහින මැවූ ජෙෆ් බෙසොස් ඇමසන් නම් වූ ලෝකයේ අති විශාල අන්තර්ජාල වෙළෙඳ සල දක්වා
දිගු ගමනක් ගියේ මේ සිහිනය නිසාම බව බොහෝ ව්‍යාපාරික සඟරා පවසනවා.
ඔහු පරිගණක
විද්‍යාව සහ විදුලි කාර්මික ශිල්පය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවා. මේ නිසාම මේ
ක්ෂේත්‍ර දෙකින් ඔහුට උපාධි ගැනීමටත් හැකියාව ලැබුණා. කුඩා කාලයේ දී ඔහු බොහෝ දේවල්
නිර්මාණය කළේ සිය නිවසේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. තමන් සමග කාමරයේ එකට හැදුණු වැඩුණු
සහෝදරයන් කාමරයෙන් පිටතට යනවා දැයි බලා ගන්නට ඔහු අපූරු අනතුරු හැඟවීමේ උපකරණයක් ද
නිපදවූවේ කුඩා කාලයේදීමයි.
ජෙෆ් බෙසොස්
ලෝකයේ ලොකුම ධනවතා වුවත් යහපත් විවාහ ජීවිතයක් ගත කරන බව තමයි ව්‍යාපාරික වෙබ්
අඩවි පවා සඳහන් කරන්නේ. එයට හේතුව ලෝකයේ බොහෝ ධනවතුන්ගේ විවාහ ජීවිතවල යම් යම්
අසාර්ථකතාවන් තිබෙන නිසයි. ඔහු විවාහ වී සිටින්නේ මැකන්සි ටට්ල් සමගයි. ඔහුට ඇයව
හමු වී ඇත්තේ ඔහු උපාධිය සඳහා ඉගෙනීම ලැබූ කාලයේ දී. 1993 වසරේ දී විවාහ වූ ඔවුන් ඇමසන් සමාගම ආරම්භ
කිරීම සඳහා සියැටල් ප්‍රාන්තය කරා සංක්‍රමණය වුණා. මේ විවාහයෙන් ඔවුන්ට දරුවන්
තිදෙනෙකු ලැබුණා. එයට අමතරව ඔවුන් චීන ජාතික දැරියකව සිය දරුකමකට ද හදා වඩා ගත්තා.
ජෙෆ්, ඇමසන් සමාගමේ මුල්ම කාර්යාලය බවට පත් කර ගත්තේ
සිය නිවසේ ගරාජයයි. ඔහු තම සමාගමට ගැළපෙන විවිධ නම් ගැන සිතුවත් අවසානයේ දකුණු
ඇමරිකානු ගංගාවක් වූ ‛ඇමසන්’
යන්න ඒ සඳහා යොදාගැනීමට
තීරණය කළා. මේ නමින් නිර්මාණය කළ ඇමසන් වෙළෙඳ ලාංඡනයේ ඉංග්‍රීසි ‛ඒ’ අකුරත් ‛ඉසඩ්’ අකුරත් යාකරමින් ඊතලයක් ඇඳ තිබෙනවා. එයින්
ඔහු අදහස් කළේ ඇමසන් වෙබ් අඩවියෙන් ඕනෑම දෙයක් (ඒ සිට ඉසඩ් දක්වා - A to Z) මිලට ගත හැකි බවයි.
ඔහු ගරාජ
කාර්යාලයේ සිටියදී මේසයක් ලෙස භාවිත කළේ ලීවලින් සෑදූ දොරක්. ඔහු මේ බව කිසි දිනක
අමතක කළේ නෑ. තමා දවසින් දවස දියුණුව කරා පා තැබුවත් මේ මේසය ඔහු සමග ඉදිරියට ගමන්
කළා. අද ද ඇමසන් කාර්යාලයේ ඇති සියලු මේස සකසා ඇත්තේ ලීවලින් තැනූ දොරක ආකෘතියක්
සිහිවන ආකාරයෙනුයි.
2003 වසරේ දී ඔහු
ගමන් කළ හෙලිකොප්ටරය අනතුරකට ලක් වුණා. එයින්ඔහුට සිදු වූයේ සුළු තුවාලයක් පමණක්
වුවත් ඔහු එයින් පසුව හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් යාම සහමුලින්ම නතර කළා.
ඔබ බොහෝ
දෙනෙක් ලෝක ප්‍රසිද්ධ ‛වොෂිංටන්
පෝස්ට්’ පුවත් පත
පිළිබඳ දන්නවා විය හැකියි. 2013 වසරේ දී ජෙෆ්
මෙය ඇමරිකානු ඩොලර් මිලියන 250 කට මිලට
ගත්තා.
ජෙෆ් කුඩා
කාලයේ පටන්ම අභ්‍යවකාශ චාරිකා ගැන සිහින මැවූ පුද්ගලයෙක්. මේ සිහිනය ඉටු කරගන්නට
ඔහු ‛ඇමසන් ප්‍රයිම්
එයාර්’ නමින් සමාගමක්
ආරම්භ කළා. ඔහු එයින් බලාපොරොත්තු වන්නේ අභ්‍යවකාශ චාරිකා සඳහා වැයවූ මුදල් බොහෝ
අඩු කොට වැඩි දෙනෙකුට එම අත්දැකීම ලබා දීමටයි. කෙසේ නමුත් ඇමරිකාවේ ෆෙඩරල් ගගන
පරිපාලනය තවමත් මෙයට අනුමැතිය ලබා දී නැහැ.
ජෙෆ් ලෝකයේ
ලොකුම සල්ලිකාරයා වුනත් ඇතැම් මූල්‍ය ආයතන එය එකවර පිළිගන්නට කැමැත්තක් නැති බව
පෙනෙනවා. ඇතමෙක් පවසන්නේ අද පවතින උද්ධමන අනුපාතය ආදිය පිළිබඳ සලකා බැලීමේ දී මේ
තරම් වත්කමක් මෙයට වසර කිහිපයකට පෙර මයික්‍රොසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස් ට ද තිබුණු
බවයි. කෙසේ නමුත් අනෙක් අය පවසන්නේ සිය ව්‍යාපාර තුළින් ඉදිරියට පැමිණ ලෝකයේ ධනවතා
බවට පත්ව සිටින ජෙෆ් බෙසොස් හට එම ගෞරවය ලබා දෙන්නට කිසිවකු මැලි නොවිය යුතු බවයි.
(මේ ලිපිය ලියන කාලයේ ලෝකයේ ලොකුම සල්ලිකාරයා ජෙෆ් බෙසොස් වුවත් 2021 ආරම්භයේ දී මේ තත්වය වෙනස් වුණා. 2021 වෙද්දී ලෝකයේ ලොකුම සල්ලිකාරයා වුනේ ටෙස්ලා ආදී සමාගම් ගණනාවකට නායකත්වය දුන් එලන් මස්ක්. ඔහු ගැන ලිපියක් පහත ලින්ක් එකෙන් කියවන්න පුළුවන්.)
හොඳ ලිපියක්.. දිගටම ලියමු..
ReplyDeleteජය වේවා!!
ඔබටත් ජයම වේවා! අදහස් දැක්වීම ගැන ස්තූතියි.
Deleteඑළ කොල්ලෙක් නේ.. අර දොර පලු මේස කතාව මරු! :)
ReplyDeleteඑ්ක තමයි. මුල් අමතක නොකරපු මිනිස්සු.
Delete