Image copyright - http://english.manoramaonline.com/content/dam/mm/en/news/nation/images/2018/2/26/sridevi-certificate.jpg.image.784.410.jpg |
මුළු ලෝකයම
කම්පා කරමින් බොලිවුඩ් සුපිරි රංගන ශිල්පිනියක වූ ශ්‍රී දේවි ජීවිතයෙන් සමුගත්තා.
කෙසේ වෙතත් ඇගේ මරණය සිදුවී දවස් කිහිපයක් ඇතුළත දැනගන්නට ලැබුණේ ඇයගේ මරණයට හේතුව
මුලින් සඳහන් කළ කාරණය නොවන බවයි. මුලින් සඳහන් කළේ එය හෘදයාබාධයක් නිසා සිදු වූ
මරණයක් බවයි. නමුත් වෛද්‍ය වාර්තා ලැබුණු පසු දැනගන්නට ලැබුණේ අහම්බෙන් සිදු වූ
දියේ ගිලීමක් නිසා මේ මරණය සිදුවන්නට ඇති බවයි. ඇය මත්පැන් පානය කොට සිටි බවත් හෙළි
වී තිබෙනවා. දැන් ඒ ගැන බොහෝ දෙනා විවිධ අදහස් දක්වන්නට පටන් අරන් තිබෙනවා. මෙවැනි
අසාමාන්‍ය, අභිරහස් ලෙස
මිය ගිය නළු නිළියන් සම්බන්ධ පළමු සිදුවීම මෙය නොවෙයි. අතීතයට ගොස් විපරම් කරද්දී
බොලිවුඩයෙන් එවැනි සිදුවීම් බොහොමයක් හමු වෙනවා. මේ කියන්න යන්නේ ඒ අතරින්
කිහිපයක් පමණයි.
දිව්‍යා භාරතී
දිව්‍යා භාරතීගේ මරණය |
90 දශකයේ
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රියත්වයක් වගේම ඉහළතම අය කිරීමකට ද හිමිකම් කියූ රංගන
ශිල්පිනියක් තමයි දිව්‍යා භාරතී. ඇගේ මරණය පසුපස ඇති අභිරහස ගැන අදටත් ක්ෂේත්‍රයේ
කතා බහට ලක් වෙනවා. ඇය විවාහ වී සිටියේ චිත්‍රපට නිෂ්පාදකයකු වූ සජිද් නාදියාවාලා
සමගයි. මුම්බායි හි වර්සෝවා හි නිවාස සංකීර්ණයක පස්වැනි මහලේ පිහිටා තිබුණු ඇගේ
නිවසේ සිට බිමට ඇද වැටීමෙන් හිසෙහි සිදු වූ රුධිර වහනය නිසා ඇය මිය ගිය බවයි
වාර්තා වුණේ. 1993 අප්‍රේල 5 වැනිදා මිය යද්දී ඇගේ
වයස අවුරුදු 21ක් වූවා පමණයි.
කෙසේ නමුත් බොහෝ වාර්තාවලින් පෙන්වා දී තිබෙන්නේ අද වන විට වත් ඇගේ මරණයට නිවැරදි
හේතුව දැනුම් දී නොමැති බවයි. බොහෝ වාර්තාවලින් පවසන්නේ ඇය ඉහළ සිට බිමට ඇද වැටී
ඇත්තේ මත්පැන් පානය කොට සිටි නිසා බවයි. මෙය සිය දිවි නසා ගැනීමක් විය හැකි බව ඇතමෙක්
සිතනවා. ඇගේ දෙමාපියන් පවසන්නේ මෙය ඝාතනයක් බවයි. කෙසේ නමුත් 1998 වසරේ දී පොලිසිය මේ
සිදුවීම පිළිබඳ සෙවීම නිල වශයෙන් අවසන් කළා. ඇය මිය ගිය අවස්ථාවේ දී ඇගේ නිවසේ
එවකට ජනප්‍රිය ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක වූ නීතා ලල්ලා සහ ඇගේ සැමියා සිටි
බවට පැවසෙන නමුත් පොලිසිය ඒ ඔස්සේ කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති වීමත් පුදුමයට
කරුණක්.
ප්‍රවීන් බාබි
70 සහ 80 දශකයේ බොලිවුඩයේ සිටි
අතිශය ජනප්‍රියත්වයකට පත් නිළියක් තමයි ප්‍රවීන් බාබි කියන්නේ. කිසිදා විවාහ
ජීවිතයකට ඇතුළත් නොවුනත් ඇය මහේෂ් භාත් සහ කබීර් බේඩි කියන සිනමාකරුවන් සමග දැඩි
සමීප ඇසුරක් පැවැත් වූ බව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම ඇය සහ අමිතාබ් බච්චන් ගැනත්
විවිධ කටකතා පැතිර ගොස් තිබෙනවා. බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රියත්වයකට පත්ව සිටි
ඇය 1983 වසරේ දී
හදිසියේම සිනමාවෙන් සමුගන්නවා. ඉන්පසු ඇය ජීවත්වන ප්‍රදේශයක්වත් කිසිවකුට දැනගන්නට
ලැබෙන්නේ නැහැ. විවිධ වාර්තාවන්ට අනුව පසුව දැනගන්නට ලැබෙන්නේ ඇය අධ්‍යාත්මික සුවය
සොයා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක සංචාරයකට ගිය බවයි. 1984 දී සිය අනන්‍යතාව
නිවැරදිව ඔප්පු කරගන්නට නොහැකි වීම නිසා ඇය ඇමරිකා එක්සත් ජනපදයේ කෙනඩි ගුවන්
තොටුපළේ රඳවා තබා ගැනීමක් ගැන දැනගන්නට ලැබෙනවා. ඇයට මාංචු දමා මානසික රෝගීන්
සිටින වාට්ටුවකට ගෙන ගොස් දැමූ බවට මේ වාර්තා පවසනවා. මේ අවස්ථාවේදී ඉන්දීය
කොන්සල්වරයා ඇය හමුවන්නට ගොස් ඇති අතර ඇය කිසිවක් සිදු නොවූ අන්දමින් සිනහවෙමින්
සාමාන්‍ය අන්දමින් කතා බව කළ බවයි පැවසෙන්නේ. ඇය 1989 දී නැවත මුම්බායිවලට පැමිණි පසු වෛද්‍ය
වාර්තාවක සඳහන් කෙරෙන්නේ ඇය ‛භින්නෝන්මාදය’
නම් මානසික රෝගයකින්
පෙළුණු බවයි. කෙසේ නමුත් ඇය එය ප්‍රතික්ෂේප කරනවා. එපමණක් නෙවෙයි ඇය නඩුවත් ගොනු
කරමින් අමිතාබ් බච්චන්, බිල් ක්ලින්ටන්,
චාල්ස් කුමරු, ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ රජය, කතෝලික සභාව, සී. අයි, ඒ, කේ.ජී.බී. වැනි ඔත්තු සේවාවන් තමාව ඝාතනය
කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදු කරන බවට චෝදනා කරන්නට පටන් ගන්නවා. කෙසේ නමුත්
සාක්ෂි නොමැති වීම නිසා මේ නඩු ක්‍රියාත්මක වන්නේ නැහැ. 2005 වසරේ දී ඇය සිය නිවසේ
දී මිය ගොස් සිටිය දී පොලිසියට හමු වෙනවා. පොලිසියට ඇගේ සිරුර හමුවෙද්දී ඇය මිය
ගොස් පැය 72ක් පමණ ගත වී
තිබුණු බවයි වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ නමුත් ඇගේ මරණයට නිවැරදි හේතුවක් සොයා
ගන්නට පොලිසිය අසමත් වනවා. අවසානයේ පවසන්නේ එයට හේතුව සංකීර්ණ දියවැඩියා තත්වයක්
බවයි.
ජියාහ් ඛාන්
ජියාහ්ගේ මළ සිරුරේ වූ තුවාල
|
සිය නිවසේ නිදන
කාමරයේ සීලීම් පංකාවේ එල්ලීමෙන් මරණයට පත් වූ ජියාහ් ඛාන්ගේ සිරුර 2013 ජූනි 3 වැනිදා පොලිසියට හමු
වෙනවා. පොලිසිය එකවර පවසන්නේ මෙය සිය දිවි නසා ගැනීමක් බව නමුත් ඇගේ මව චෝදනා
කරන්නේ ඇගේ පෙම්වතා මෙන්ම එවකට ජනප්‍රිය
නළුවකු ද වූ සූරාජ් පංචෝලි විසින් ඇය ඝාතනය කොට ඇති බවයි. ඇගේ සිරුරේ තැන්
තැන්වලින් අසාමාන්‍ය අන්දමේ ලප කැළල් ද දකින්නට ලැබුණා. ජියාහ් මුලින්ම රංගනයට එක්
වන්නේ අමිතාබ් බච්ච් සමග ‛නිශාබ්ද්’
චිත්‍රපටයෙන්. කෙසේ
නමුත් ඇයගේ නිවසේ නවකතා පොතක තිබී පිටු හයකින් යුක්ත යම්කිසි සටහනක් ඇගේ සොයුරියට
හමු වෙනවා. එහි එක් තැනක සඳහන් වන්නේ
මරණයට ආසන්න දිනයක ඇය ගබ්සාවක් සිදුකොට ගෙන ඇති බවයි. මේ කාලයේ ඇය සමග සම්බන්ධයක් පැවැත් වූ
සූරාජ්ගෙන් මේ ගැන ප්‍රශ්න කරන්නට පොලිසිය අත්අඩංගුවට ගත්තත් ඔහු වැඩි දිනක්
ගතවන්නට මත්තෙන් ඇප පිට නිදහස් වෙනවා. මුම්බායි ඉහළ උසාවිය ඉන්දීය මධ්‍යම ඔත්තු
කාර්යාංශයට නියෝගයක් දෙමින් කියා සිටින්නේ මේ ගැන විමර්ශනයක් පවත්වන ලෙසයි. එම
පරීක්ෂණයෙන් පසු වාර්තාවක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ සූරාජ් විසින් දරුණු ලෙස
පහරදීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය මිය ගොස් තිබූ බවයි. 2016 වසරේ දී මධ්‍යම ඔත්තු කාර්යාංශය සිය අවසන්
වාර්තාව ලබා දීමෙන් පවසන්නේ ඇය මරා සීලිම් පංකාවේ එල්ලා ඇති බවයි. මේ පරීක්ෂණයෙන්
සෑහීමකට පත් නොවෙන ජියාහ්ගේ මව මේ ගැන පරීක්ෂණ පවත්වන්නට බ්‍රිතාන්‍ය අධිකරණ වෛද්‍යවරයෙකුගේ
සහාය ලබාගත්තත් ඔහු පවසන්නේ ඔත්තු කාර්යාංශ වාර්තාවට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්.
ඔහුගේ වාර්තාවට අනුව මෙය ඝාතනයක් නොව හුදෙක් සිය සිවි නසා ගැනීමක් පමණක් බව
දැක්වෙනවා. මේ මරණය පිළිබඳ විමර්ශන තවමත් අවසන් වී නැහැ.
විවෙක් බබාජී
විවෙක් බබාජී
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරුවක්ව සිටියත් මිනිසුන් ඇය වඩාත් හොදින් හඳුනා ගත්තේ ‛කාමසූත්ර’ නමින් වෙළඳපළට පැමිණි
උපත් පාලන උපකරණ ප්‍රචාරණය කිරීමේ දැන්වීම්වලට පෙනී සිටීම නිසයි. ඇගේ පළමු චිත්‍රපටය
වූයේ දීපාක් තිජෝරි සමග රඟ පෑ ‛යේ කයිෂි
මොහාබත්. 2010 ඇය සිය
නවාතැනේ සීලිමේ එල්ලී සිය දිවි නසා ගෙන සිටිනු පොලිසියට දැනගන්නට ලැබෙනවා. ඇගේ
දිනපොත කාමරයේ තිබී හමු වන අතර එහි අවසන් වරට ලියා තිබුණේ මෙවැන්නක්.
“උඹ මාව මැරුවා
ගෞතම් වොහ්රා”
ගෞතම් යනු ඇය
මිය යන සමයේ ඇසුරු කරමින් සිටි පෙම්වතාගේ නමයි. පොලිස් වාර්තා පවසන්නේ මානසික
ආතතිය නිසා ඇය සිය දිවි නසාගෙන ඇති බවයි. 2012 වසරේදී මේ පිළිබඳ විමර්ශන නැවත ආරම්භ
කෙරුණු අතර එහිදී ගෞතම් අත්අඩංගුවට ගැනෙනවා. මේ විමර්ශන තවම අවසන් නැහැ.
බොලිවුඩයෙන්
ඇසෙන මෙවැනි අභිරහස් මරණ සංඛ්‍යාව මෙහි සඳහන් කළ කිහිපය පමණක් නොවෙයි. වැනි සිදුවීම්
තවත් බොහොමයක් තිබෙනවා. ඒ සියල්ල මෙහි සඳහන් කරන්නට අපහසුයි. කෙසේ නමුත් මේ සියල්ල
පසුපස ඇත්තේ අභිරහසක්. ශ්‍රී දේවියගේ මරණයත් එවැන්නක් ද නැතිද යන්න අනාගයේදී අපට
දැනගන්නට ලැබේවි.
දිව්‍යා භාරතී ගේ මරණය ඒ කාලේ අපිට පට්ට ෂොකිං :)
ReplyDeleteඔව් ඒක සෑහෙන්න මතක හිටින මරණයක් වුණා, අනෙක් නිළියන්ගේ මරණවලට වඩා
Deleteඑහෙත් එහෙනං මෙහෙ වගේම තමා වගේ ... ප්‍රබලයා දිනනවා
ReplyDeleteඒක ඇත්ත. බලද්දි කොහෙත් එකයි.
Deleteසුරූපී හා දක්ෂ රංගන ශිල්පිනියන් 2 ක් වන දිව්‍යා භාරති හා ශ්‍රී දේවි ගේ මරණය සැබවින්ම ශෝක ජනකයි .
ReplyDeleteවිචාරක දියණිය
ඔව් ඒක ඇත්ත. ශෝකජනක වගේම මේ බොහෝ මරණවල අභිරහස් බවකුත් තියෙනවා.
Delete