ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් පිරිනැමුණු ‛යාවජීව ප්‍රණාම සම්මානය’ ඔහුගේ නිසල දේහය අසල තිබිය දී අතුරුදහන් වුණු පුවතත්, පසුව 177 දරණ මාර්ග අංකය හිමි කොල්ලුපිටිය - කඩුවෙල බස් රථයක තිබී එය නැවත හමු වූ පුවතත් මේ වන විට සියලු දෙනාම පාහේ දැන සිටිනවාට සැකයක් නැහැ. මේ ආකාරයට සම්මාන ගැන කතා කරන අතරේ හොරු අතරට එක් වූ පුදුමාකාර සම්මාන හොරුන් ගැනත් කතා කිරීමත් වටිනවා. සම්මාන හොරුන් සිටින්නේ හෝ නොදන්නා හේතුවක් නිසා සම්මාන අතුරුදහන් වන්නේ ලංකාවේ විතරක්දැයි සොයා බලන විට සොයා ගන්නට ලැබුණේ පිටරටවලත් මේවා සිදුවන බවයි. කොටින්ම ලෝකයේ ඉහළම ආර්ථිකයක් හිමි ඇමරිකාවේ ද සම්මාන නැති වෙන බවයි. මේ කාලයේ තරම් මේක කියවන්නට වෙන සුදුසු කාලයක් නැති නිසා අපි ඒ ගැන විස්තර ටිකක් කියවා බලමු.
ඇන්ජලිනා ජොලි කියන්නේ ලෝකයේ සුප්‍රකට
නිළියක්. 1999 වසරේ තිරගත වූ, ඇය රංගනයෙන් දායක වුණු Girl, Interrupted චිත්‍රපටය
වෙනුවෙන් ඇය එම වසරේ දී ම හොඳම සහාය නිළිය වශයෙන් ඇකඩමි සම්මානය දිනා ගත්තා. ඇය එය
සිය මව වූ මර්ෂලීන් බර්ට්‍රන් හට තිළිණ කළා. මේ සම්මානය පෙට්ටික බහා ඇයගේ මව 2007 වසරේ දී මිය යන තෙක්ම ඇයගේ බඩුබාහිරාදිය අතරේ
තිබුණු බව ඇන්ජලිනා පවසනවා. ඇයගේ මරණයෙන් පසුව ඇන්ජලීනා මෙය සෙව්වත් හමු වූයේ
නැහැ. මේ වන විටවත් එයට සිදුවුණු දෙයක් කිසි කෙනෙකු දන්නේත් නැහැ.
වූපි ගෝල්ඩ්බර්ග් කියන්නේ සම්මාන
බොහොමයකට හිමිකම් කියන්නට තරම් වාසනාවන්ත වූ හොලිවුඩ් රංගන ශිල්පිනියක් සහ ගායන
ශිල්පිනියක්. බොහෝ කතාබහට ලක් වූ ‛ගෝස්ට්’
චිත්‍රපටය ඔබ නරඹා ඇත්නම් එහි මියගියවුන් සමග
කතා බහ කරන, යකැදුරුකම් කරන චරිතය මතක ඇති. වූපි මේ
චරිතය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි ඇකඩමි සම්මානය දිනා ගත්තා. 2002 වසරේ දී ඇය මේ සම්මානය හොඳින් ඔප මට්ටම් කරවා
ගැනීමේ අරමුණින් නැවත ඇකඩමි සම්මාන ප්‍රදානය කරන ආයතනයට භාර දුන්නා. ඔවුන් මෙය,
චිකාගෝ නගරයේ සම්මාන නිෂ්පාදනය කරන ආර්.එස්.
ඔවෙන්ස් සමාගමට යැව්වා. කෙසේ නමුත් එම සමාගමට ලැබී තිබුණේ හිස් පෙට්ටියක්. ඔවුන්
එය විවෘත කොට බලන විට එහි සම්මානයක් තිබුණේ නැහැ. මේ පෙට්ටිය අතරමගක දී කවුරුන් හෝ
විවෘත කොට සම්මානය සොරා ගෙන ඇති බවයි කවුරුත් පැවසූයේ. කෙසේ නමුත් පසුව මෙය
කැලිෆෝර්නියාවේ, ඔන්ටාරියෝ ගුවන් තොටුපළේ කුණු කූඩයකින්
මතු වුණා.
ඔලිම්පියා කියන්නේ ග්‍රීක - ඇමරිකානු
සම්භවයක් සහිත අති දක්ෂ නිළියක්. ප්‍රේමාන්විත ප්‍රහසන චිත්‍රපටයක් වූ ‛මූන්ස්ට්රක්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වීම වශයෙන් ඇයට 1987 වසරේ දී හොඳම නිළියට හිමි ඇකඩමි සම්මානය හිමි
වුණා. එයින් වසර දෙකකට පසු, එනම් 1989 දී එම සම්මානය ඇගේ නිවසින් සොරකම් කොට තිබුණා. සම්මානය සොයා ගැනීමට
ඇය කළ හැකි සියලු දේ කළත් කිසිවක් සාර්ථක වූණේ නැහැ. මේ සම්මානය ඇයට බොහෝ වටිනා
නිසා ඇකඩමි ආයතනයට කතා කළ ඇය මේ වෙනුවෙන් ‛සම්මාන පිටපතක්’ ලබා ගත හැකි දැයි විමසා සිටියා. ඔවුන්
පැවසූයේ එය නොමිලයේ ලබා දිය නොහැකි බවත්, ඒ සඳහා ඩොලර් 78ක් ඉල්ලා සිටියා. එය වර්තමාන ඩොලර්
අනුපාතිකයට අනුව ගත්තොත් අපේ රටේ මුදලින් රුපියල් 12,000ක් පමණ වෙනවා. එය අසාධාරණ මුදලක් යැයි නොසිතූ ඇය එයට කැමති වී
සම්මානය සල්ලිවලට ගත්තා.
මාලන් බ්‍රැන්ඩෝ කියන්නේ නම ඇසූ පමණින් සිනමා රසිකයන් කවුරුත්
දන්නා හඳුනන රංගන ශිල්පියෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ‛ජුලියස් සීසර්’, ‛ගෝඩ් ෆාදර්’ ආදිය ඔහුගේ සුප්‍රකට චිත්‍රපට අතර
විශේෂයෙන් සඳහන් කළ හැකියි. ඔහු රංගනයෙන් දායක වූ ‛ඔන් ද වෝටර්ෆ්‍රන්ට්’ චිත්‍රපටය
වෙනුවෙන් ඔහුට 1954 වසරේ දී ඇකඩමි සම්මානය හිමි වුණා. ඔහු
එය සිය සම්මාන එකතුව අතර තැන්පත් කොට තිබුණත්, දිනක් එය සොයන විට දක්නට ලැබුණේ එය එතැන නොමැති බවයි. ඔහු සිය
දිනපොතේ ඒ ගැන මෙසේ සඳහන් කොට තිබෙනවා. “වෝටර්ෆ්‍රන්ට් චිත්‍රපටය වෙනුවෙන් මට ලැබුණු සම්මානයට මොකක් වුණා
දැයි මම දන්නේ නැහැ. කාලය ගෙවී යද්දී එය කොතැනකදී හෝ නැති වෙලා.” ඔහුට 1973 වසරේ දී ‛ගෝඩ් ෆාදර්’ චිත්‍රපටය වෙනුවෙන් ද හොඳම නළුවා වෙනුවෙන් ඇකඩමි සම්මානයක් හිමි
වුණා. ඔහුට එම අවස්ථාව වර්ජනය කළ නිසා එම සම්මානය ගැනීමේ කාර්යය ඔහු පැවරුණේ සචින්
ලිට්ල්ෆෙදර් කියන රංගන ශිල්පිනියටයි. ඔහු ඒ සම්මානය පිළිබඳ සිය දිනපොතේ තබා
තිබෙන්නේ මෙවැනි සටහනක්. “ඇය මේ සම්මානය මට එවන්න ඇති. ඒත් ඒක
කොහේද කියලා මම දන්නේ නෑ.” මේ අනුව මාලන් බ්‍රැන්ඩෝට ලැබුණු
සම්මාන දෙකම ආගිය අතක් නැහැ.
ජෙෆ් ලියොන් බ්‍රිජස් කියන්නේ ඇමරිකානු
රංගන ශිල්පියෙක්, ගායකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක්. ඔහුගේ පවුලම රංගනයට
සම්බන්ධයි. 2009 වසරේ දී ‛ක්‍රේසි හාර්ට්’ කියන චිත්‍රපටය වෙනුවෙන් ඔහුට හොඳම
නළුවාට හිමි ඇකඩමි සම්මානය හිමි වුණා. ඔහු එහි ඉදිරිපත් කළේ බීමත් ගායකයකුගේ
චරිතයක්. කෙසේ නමුත් එය ඔහු ළඟ තිබුණේ අවුරුද්දක කාලයක් පමණයි. ඔහුගේ නම ඊළඟ වසරේ
ඇකඩමි සම්මානයක් වෙනුවෙන් යෝජනා වෙද්දී මේ සම්මානය ඔහුගේ නිවසේ තිබුණේ නැහැ. කෙසේ
නමුත් එම වසරේ ඔහුට සම්මානය හිමි වුණේ නැහැ. ඒ වසරේ සම්මානය හිමි කරගත්තේ ‛ද කිංග්ස් ස්පීච්’ වෙනුවෙන් කොලින් ෆර්ත්
කොලින් ෆර්ත් කියන්නේ ඉංග්‍රීසි ජාතික
රංගන ශිල්පියෙක්. ඔහු ගැන ඉහත විස්තරයේ ද කියවුණා. ඔහුට 2010 වසරේ දී ‛ද කිංග්ස් ස්පීච්’ චිත්‍රපටයේ හයවැනි ජෝර්ජ් රජුගේ චරිතය
නිරූපණය කිරීම වෙනුවෙනුයි මේ සම්මානය හිමි වුණේ. මෙය සත්‍ය කතාවක්. මේ සම්මානය
හිමි වූ රාත්‍රියේ කොලින් ෆර්ත් එය වැසිකිළියක
අමතක කොට දමා ගොස් තිබුණා. බොහෝ දෙනා සරදමට මෙන් පවසන්නේ ජෙෆ් බ්‍රිජස්ට
එවර සම්මානය දිනාගන්නට නොහැකි වීම නිසා ඔහු කළ සාපයක ප්‍රතිඵලයක් වශයෙන් මෙවැන්නක්
සිදු වූ බවයි. ඒ සම්මානය ඔහුට හිමි විය යුත්තක් බව ජෙෆ් බ්‍රිජස් නම් පවසා තිබුණා.
මේ සම්මානය වැසිකිළි පිරිසුදු කරන්නකු රැගෙන යනු ආරංචි වූ ඔහු පසපස හඹා ගොස් ඔහුගේ
අතින් යලිත් සම්මානය ලබා ගන්නට කොලින් ෆර්ත් වාසනාවන්ත වුණා. මෙය ලජ්ජාවට කාරණයක්
නිසා පසුව කොලින් ෆර්ත් පැවසූයේ එවැන්නක් සිදු නොව බවයි. නමුත් ඇත්තටම එවැන්නක්
සිදු වුණා.
මැට් ඩේමන් කියන්නේ ඇමරිකානු ජාතික
රංගන ශිල්පියෙක්, නිෂ්පාදකයෙක් සහ තිර රචකයෙක්. ඔහු 1998 වසරේ දී ‛ගුඩ් විල් හන්ටින්’ කියන
චිත්‍රපටයේ තිර රචනය වෙනුවෙන් ඇකඩමි සම්මානය දිනා ගත්තා. ඔහු එය නිවසට රැගෙන ගිය
බව මතක නමුත් දැන් එය ඇත්තේ කොහිදැයි ඔහුට මතක නැහැ. ඔහු නිවස පෙරළා සම්මානය
සෙව්වත් සොයා ගන්නට හැකි වී ද නැහැ. කෙසේ
නමුත් 2007 වසරේ දී ඔහු මෙවැනි ප්‍රකාශයක් කළා. “මම හිතන්නේ මේක නැති වෙන්න ඇත්තේ නිව්යෝර්ක්වල
අපි හිටපු නිවසේ දියි. අපි ගෙදර නැති වෙලාවක ගලපු ගංවතුරකින් ගේ යට වුණා. එයින්
පස්සේ මම ඒ සම්මානය දැක්කේ නැහැ.”
මාග්‍රට් ඕ'බ්‍රයන් කියන්නේ ඇමරිකානු ජාතික චිත්‍රපට,
රූපවාහිනී, ගුවන් විදුලි සහ වේදිකා නාට්‍ය ශිල්පිනියක්. ඇය 1944 වසරේ දී හොඳම ළමා නිළියට හිමි ‛බාලක ඇකඩමි සම්මානය’ දිනා ගත්තා. මෙය අවුරුදු 8 ට
අඩු ළමා රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් වෙනුවෙන් ඇකඩමි ආයතනය විසින් ප්‍රදානය කරනු
ලබන විශේෂ, ගෞරවනීය සම්මානයක්. ඇය මේ සම්මානය දිනා
ගත්තේ සමස්තයක් ලෙස එම වසරේ රංගනයේ යෙදුණු හොඳම ළමා නිළිය ලෙසයි. කෙසේ නමුත් එයින්
වසර දහයකට පසු මේ සම්මානය ගැන සොයා බැලූ විට මතක් වී ඇත්තේ එය ඔප දැමීම සඳහා යම්
කිසි තැනකට භාර දුන් නමුත් ආපසු ලබා ගන්නට අමතක වූ බවයි. එය නිවසේ මෙහෙකාරියක්
හරහා එම ආයතනයට භාර දී තිබුණේ ඇගේ මව විසින්. කෙසේ නමුත් සම්මානය ගැන මතක් වෙද්දී
මව මිය ගොස් සිටි නිසා ඔවුන් එම මෙහෙකාරිය අමතන්නට උත්සාහ කළත්, එම දුරකතන අංක ඒ වන විට ක්‍රියාත්මක තත්වයේ
තිබුණේ නැහැ. අවසානයේ ඇයට සිදු වූයේ ඇකඩමි ආයතනයෙන් ඒ වෙනුවට සම්මාන පිටපතක් ලබා
ගැනීම පමණයි. කොහොම වුනත් කතාව එතැනින් අවසන් වූයේ නැහැ.
1995 වසරේ දී එක්තරා යුවළක් පරණ භාණ්ඩ
අළෙවි කරන වෙළෙඳ සල්වල සැරිසරමින් සිටිය දී එහි අළෙවියට තිබූ ඇකඩමි සම්මානයක් දැක
තිබෙනවා. ඔවුන් එය මිලට ගෙන ඇකඩමි ආයතනයට ගොස් එහි සුළමුළ විමසද්දී සොයා ගන්නට
ලැබුණේ එය මාග්‍රට් ගේ නැතිවුණු සම්මානය බවයි. ඔවුන් එය නැවත මාග්‍රට් හට භාර දුන්නා.
“ආයේ නම් මේක මොනම හේතුවකටවත් මම
ඔපදමන්න නම් භාර දෙන්නේ නැහැ.” මාග්‍රට්
එහිදී පැවසුවා.
බින් ක්‍රොස්බි කියන්නේ ඇමරිකානු ජාතික
රංගන ශිල්පියෙක් සහ ගායකයෙක්. ඔහුට 1944
වසරේ දී ‛ගොයිං මයි වේ’ චිත්‍රපටය වෙනුවෙන් ඇකඩමි සම්මානය දිනා
ගත්තා. එය ඔහු ඉගෙනුම ලැබූ ගොන්සාගා විශ්ව විද්‍යාලයේ වසර ගණනාවක් තිස්සේ ප්‍රදර්ශනයට තබා තිබුණා.
නමුත් 1972 වසරේ එක් දිනක එම සම්මානය එතැන තිබුණේ
නැහැ. සම්මානය වෙනුවට එතන දක්නට ලැබුණේ කුඩා මිකී මවුස් අනුරුවක්. සතියකට පසු එම
සම්මානය විශ්ව විද්‍යාලයේම දේවස්ථානයේ තිබී හමු වුණා. එයට කිසිදු හානියක් සිදු වී
තිබුණේ ද නැහැ. “මට ඕන වුණේ මිනිස්සුන්ව හිනා ගස්සවන්න.” එක්තරා
නිර්නාමික පුද්ගලයකු මේ සම්මානය නැති වීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ පුවත්පතට
පසුව දන්වා එවා තිබුණා.
හැටී මැක්ඩැනියල් වඩාත්ම ප්‍රකටව
සිටියේ වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙස වුවත් ඇය 1939 වසරේ දී, ලෝක ප්‍රකට ‛ගෝන් විත් ද වින්ඩ්’ කියන
චිත්‍රපටය වෙනුවෙන් ‛මැමී’ නම් චරිතය නිරූපණය කළා. ඇයට ඒ වෙනුවෙන් එම වසරේ හොඳම සහාය නිළියට
හිමි ඇකඩමි සම්මානය ද හිමි වුණා. ඇය එම සම්මානය තමා අධ්‍යාපනය ලැබූ හොවාර්ඩ්
සරසවියට පරිත්‍යාග කළ අතර වසර ගණනාවක් තිස්සේ එය එහි ලලිත කලා ගොඩනැගිලි සංකීර්ණයේ
ප්‍රදර්ශනයට තබා තිබුණා. 1960 දශකයේ එක්තරා දිනෙක හදිසියේ දැනගන්නට
ලැබුණේ එය එම ස්ථානයෙන් අතුරුදහන් වී ඇති බවයි. එයට කුමක් වූවාද කියා කිසිවකුට හෝ
සිතාගන්නට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් පැතිරී ගිය එක් කටකතාවක් වූයේ ඇය නිරූපණය
කළ එක් චරිතයකට විරෝධය පෑම සඳහා කවුරුන් විසින් හෝ මෙය පොටොමැක් නම් ගංගාවට විසි
කොට ඇති බවයි.
මේ, සම්මාන නැති වීම් සහ සොරකම්
කිරීම්වලින් තෝරා ගත් කිහිපයක් පමණක් වන අතර ලෝකයේ තවත් බොහෝ රටවල් බොහෝ සම්මානවලට
මේ ඉරණම අත්ව තිබෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිදුවීම අප අත්දුටු පළමු
සිදුවීම වන නමුත් එය අවසන් සිදුවීම නම් නොවන්නට බොහෝ විට ඉඩ තිබෙනවා.
මා දන්නා ආකාරයට Relic Hunter හි ප්‍රධාන චරිතය කරන්නේ Tia Carrere, ඒ වගේම හොඳ ලිපියක් නොදන්නා දේවල් දැනගත්තා.
ReplyDeleteඇත්තටම මට එතන වැරදිලා. ඒක නිවැරදි කරන්නම්. වැරැද්ද පෙන්වා දුන්නාට තුති. ඔන්න මම එක් නිවැරදි කළා.
Deleteමේ සිද්ධිය නිසා මට සිංහල ජාතිය ගැන දැඩි පිලිකුලක් ඇතිවුනා.
ReplyDeleteසිංහලයෝ කියන්නේ අන්තිම නීච ජාතියක්. දෙමළ මිනිස්සු තුවක්කු අතට ගත්ත එක අහන්නත් දෙයක්ද?
අපේ සිංහල මිනිස්සු වගේ නෙමෙයි යාපනේ වෙල්ලාල දෙමළ මිනිස්සු (වතු දෙමෙල්ලු නෙමෙයි) (ඉංග්‍රීසි කාරයෙ ලඟට ඉන්න) ශ්‍රේෂ්ඨම ජාතිය.
සුද්දන්ට තිබුනේ 1948දී දකුනු අප්‍රිකාවේ වර්ණ භේධවාදී පාලනය වගේ එකක් ලංකාවේ ඇති කරන්න.
යාපනේ දෙමෙල්ලුන්ට (වතු දෙමෙල්ලු නෙමෙයි) දනගහලා වැඳපියව්.
කොයි තරම් බණ කිව්වත් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප නම් හදන්න බෑ. ආකල්ප හදන කල් මේ රට ගොඩගන්නත් බෑ.
Deleteහොද සටහනක්... ලොකු ප්‍රශ්නයක් තියෙනවා හැබැයි... මෑතකදි නැති වුනේ රණ මයුර සම්මානය නෙමේ... 2000 වසරේදී 31 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ලැබුණු යාවජීව ප්‍රණාම සම්මානයයි නැතිවුනේ... ලංකාවේ හැම මාධ්‍යක්ම පාහේ පොට පටලගත්තු තැනක් මේක...
ReplyDeleteඇත්තටම මමත් පත්තරයකින් බලලා තමයි විස්තරය ගත්තේ. එහෙනම් ඒක නිවැරදි වෙන්න ඕන තැනක්. වැරැද්ද පෙන්වා දුන්නාට ස්තූතියි.
Delete