මිනිසුන්
මිනිසුන් අතර එකිනෙකාට පිහිට වීමේ අවස්ථා අප ඕනෑ තරම් දැක තිබෙනවා. ඒ වගේම
මිනිසුන් සතුන්ට වගේම සතුන් මිනිසුන්ට පිහිට වූ අවස්ථාවන් ද අපට අසන්නට ලැබෙනවා.
කොහොම වුනත් මිනිසුන්ට පිහිට වූ සතුන් ගැන තොරතුරු අපට ලැබෙන්නේ ටිකක් අඩුවෙන්.
බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ මිනිසාට හිතවත් සතෙක් වන සුනඛයාගෙන් ලැබුණු උදව්
පමණයි. නමුත් අප නොසිතන ආකාරයේ සතුන් මිනිසුන්ට පිහිට වී ඔවුන්ගේ ජීවිත ගළවා ගත්
අවස්ථා තිබෙනවා. මේ කියන්න යන්නේ එවැනි සිදුවීම්වලින් කිහිපයක්.
ලුලූ නම් ඌරා
ජෝන්
අල්ට්මාන් කියන්නේ කාන්තාවක්. ඇය දිනක් පපුවේ වේදනාවකින් එක පාරටම බිම ඇද වැටුණා.
පසුව සොයා ගත් පරිදි ඇය හෘදයාබාධයකටයි ලක් වෙලා තිබුණේ. මේ වගේ වෙලාවකට වෛද්‍ය
ආධාරයක් නැතිව සෑහෙන වෙලාවක් ඉන්න වුනොත් ඇගේ ජීවිතයට හානියක් විමේ දැඩි අවදානමක්
තිබෙනවා. කොහොම වුනත් සුරතලයට ඇති දැඩි කරන
‛ලුලූ’ කියන ඌරා හැරෙන්න ගෙදර
කිසිම කෙනෙක් හිටියේ නෑ. තමන්ගේ ස්වාමි දුව වේදනාවෙන් බිම ඇද වැටිලා ඉන්න ආකාරය
ලුලූ දැක්කා. ඌ නිවසින් පිටතට ඇවිත් වාහන ගමන් කරමින් තිබුණු පාරේ නිදා ගත්තා. ඒ
බොහෝ විට පාරේ වාහනවල යන අයගේ අවධානය තමන් වෙත යොමු කරවාගෙන, ඒ ඔස්සේ තමන්ගේ ස්වාමි
දුවට උදව්වක් ඉල්ලා ගන්න විය හැකියි. නමුත් ඇත්තටම ලුලූට එහෙම හිතන්න හැකියාවක්
තිබුණා ද කියා අනෙක් අතට සිතෙන්නටත් පුළුවන්. ලුලූගේ උත්සාහය අපතේ ගියේ නෑ. එක්
පුද්ගලයෙක් ලුලූ ළඟට ආවා. ඉන් පස්සේ නැගී සිටි ලුලූ නිවස දිහාට යන්න පටන් ගත්තා.
අර පුද්ගලයා ද ඒ පසුපස ගමන් කළා. ජෝන් අල්ට්මාන් බිම වැතිරී සිටින ආකාරය දුටු ඔහු
තවත් පමා නොවී සෞඛ්‍ය ආධාර ලබාදෙන ආයතනයකටත් කතා කළා. අවසානයේ ඇගේ ජීවිතය
ගළවාගන්නට හැකියාව ලැබුණා. නමුත් ලුලූ නොසිටින්නට අද ඇය ජීවතුන් අතර නැහැ.
ජම්බෝ කියන්නේ
ඇමරිකා එක්සත් ජනපදයේ ජර්සි සත්වෝද්‍යානයේ සිටින රිදී පිටක් සහිත ගෝරිල්ලෙක්.
දවසක් ජම්බෝ ඇතුළු ගෝරිල්ලන් රංචුවක් ඉන්න කූඩුවට පොඩි දරුවෙක් වැටුණා. ගෝරිල්ලන්
කියන්නේ දරුණු විය හැකි සතුන් වර්ගයක් නිසා එතැන සිටි මිනිසුන් විලාප දෙන්න පටන්
ගත්තා. නමුත් එයින් පසුව සිදුවුණේ සිතාගන්නට බැරි දෙයක්. ජම්බෝ සෙමින් දරුවා ළඟට
පැමිණියා. කුඩා දරුවකු නලවන ආකාරයට මේ ගෝරිල්ලා දරුවාගේ පිටට සෙමින් තට්ටු කළා. මේ
කූඩුවේ තවත් ගෝරිල්ලන් ආක්‍රමණශීලී ලෙස
හැසිරෙන්නට පටන් නිසා ජම්බෝ දරුවා ළඟින් මදක් හෝ සෙලවුණේ නැහැ. මේ කලබගෑනිය මැද
දරුවා හඬන්නට පටන් ගත්තා. ජම්බෝ තමන්ගේ කූඩුවේ හිටිය අනෙක් අයව පැත්තකට පන්නා දමලා,
දරුවා ගළවා ගැනීමට
පැමිණි සත්වෝද්‍යානයේ සේවකයන්ට ඔවුන්ගේ කාර්යය කරන්නට ඉඩකඩ සාදා දුන්නා. මේ විදියට
ජම්බෝ ද ජීවිත බේරා ගත් සතුන් අතරට පැමිණෙන්නට වාසනාව උදා කරගත්තා.
ටොබී කියන්නේ
රන් පැහැති ලෝම තියෙන රිට්‍රීවර් වර්ගයට අයිති සුනඛයෙක්. යම් යම් දේවල්වලට පුහුණු
කිරීමෙන් සුනඛයන්ගේ මිනිසුන්ට බොහෝ ප්‍රයෝජන තිබුණත්, ප්‍රථමාධාර ලබා දීම වැනි දේවල් සඳහා
සුනඛයන්ව පුහුණු කරවන්නේ නැහැ. එයට හේතුව අවස්ථාවේ හැටියට අවශ්‍ය වන්නේ කුමන
විදියේ ප්‍රථමාධාරයක් ද කියා ඔවුන්ට එකවර තීරණය කරන්නට හැකියාවක් නැති නිසයි. කෙසේ
නමුත් ටොබීගේ ස්වාමි දුව වන 45 හැවිරිදි
වියෙහි පසු වූ ඩෙබී පාක්ස්ට්ගේ ජීවිතේ බේරාගන්නට ලැබුණේ අවස්ථාවෝචිතව ලබා දුන් ප්‍රථමාධාරය
නිසයි. ඒ කතාව මෙන්න මේකයි. ඇය දිනක් ඇපල් ගෙඩියක් කමින් සිටිය දී එකපාරටම එක
කෑල්ලක් උගුරේ සිරවුණා. එකවර හුස්ම ගැනීමට නොහැකි වූ ඇය බිම ඇදවැටුණා. මේ අවස්ථාවේ
දී ලබා දිය යුතු එක් විශේෂිත වූ ප්‍රථමාධාරයක් තිබෙනවා. එහිදී සිදුවන්නේ යම්
කිසිවකුගේ දෑතින් අදාල රෝගියාගේ පපුව වැරෙන් තද කිරීමයි. එයින් පමණයි ස්වාසනාලයේ
යමක් සිරවූ කෙනෙකුගේ ජීවිතය බේරා ගන්නට පුළුවන් වෙන්නේ. ටොබී දෙපාරක් හිතුවේ නැහැ,
දැනුවත් හෝ නොදැනුවත්ව
ඌ තම ස්වාමි දුවගේ පපුව සිය ඉදිරි දෑත්වලින් සිය ස්වාමි දුවගේ පපුවට වැරෙන් ගසන්නට
වුණා. එහි ප්‍රතිඵලය වුණේ ස්වාස නාලයේ සිරවුණු ඇපල් කැබැල්ල පිටතට පැමිණීමයි.
මේ කතාව ආරංචි
වෙන්නේ 2012 වසරේ දී අප්‍රිකානු
මහද්වීපයට අයත් ඉතියෝපියාවෙන්. මේ සිදුවීම ලෝකයේ අතිශය ප්‍රකට දෙයක්. අන්තර්ජාලය
පිරික්සීමෙන් එය තහවුරු කරගන්නට පුළුවන්. ඉතියෝපියාවේ විවාහයට වයස් සීමාවක් නැහැ.
කුඩා දැරියක වුනත් විවාහ කරගන්නට පුළුවන් කම තිබෙනවා. එක් ඉතියෝපියානු දැරියක්,
විවාහ යෝජනාවකට අකැමති
වූ නිසා ඔහු තවත් සය දෙනෙකු සමග පැමිණ මේ දැරියව පැහැර ගත්තා. පැහැර ගෙන සතුන්
අතින් මිය යන සේ මහ කැලෑවේ අතරමං කොට දමා පැමිණියා. මේ පිළිබඳ ආරංචි වූ පොලිසිය ද
දැරිය සොයමින් කැල පීරන්නට පටන් ගත්තා. අවසානයේ සතියකට පසු පොලිසියට ඇයව හමුවුණා.
පොලිසිය පැවසූ අන්දමට ඇය සිටියේ හොඳින් වැඩුණු දරුණු සැවනා වර්ගයේ සිංහයන්
තිදෙනෙකුට මැදිව. ඔවුන් සිටියේ යම් දෙයක් ආරක්ෂා කරද්දී සිංහයන් සිටින ඉරියව්වෙන්
බවයි පැවසෙන්නේ. වෙනත් ලෙසකින් කීවොත් ඔවුන් මේ දැරියව ආරක්ෂා කරමින් හිඳ තිබෙන
බවයි එයින් අදහස් වන්නේ. පොලිසිය පැමිණ ඇත්තේ දැරිය බේරාගන්නට බව ඉවෙන් මෙන්
දැනුණු නිසාවත්දෝ මේ සිංහයන් සෙමින් එතැනින් ඉවත් ගොස් තිබෙනවා. අවසානයේ කැලෑවේ
වෙනත් සතුන්ගේ ගොදුරක්ව මිය යන්නට සිටි දැරිය මේ විදියට සිංහයන්ගේ උදව්වෙන් ජීවිතය
ගළවා ගත්තා.
මැන්ඩි නම් එළුවා
හොඳ පළපුරුදු
ගොවියකු වූ නොයෙල් ඔස්බෝන්ට එදා දවසත් වෙනදා වගේම උදා වුණා. ඒ දවසේ විශේෂත්වයක්
ඔහුට දැනුණේ නැහැ. ඔහු තමන්ගේ සුපුරුදු වැඩකටයුතුවල නිරත වෙමින් සිටිය දී හදිසියේ
පෝර වලකට වැටිලා උකුල් අස්ථිය බිඳී ගියා. ඔහුට එතැනින් නැගිටින්නට තියා සෙලවෙන්නට
වත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහු කෑ ගැසුවත්, ඒ හඬ ඇසෙන මානයේ කිසිවකු හෝ සිටියේ නැහැ.
ඔහුගේ එළු රංචුවේ සිටි මැන්ඩි කියන එළුවා මේ වලට සෙමින් බැහැලා ඔහු ළඟට වෙලා දවස්
පහක් සිටියා. රාත්‍රියේ දී ඔහුව උණුසුම්ව තබන්නට අවශ්‍ය යැයි මැන්ඩිට දැනුණු නිසා
හෝ කුමක් හෝ හේතුවක් නිසා ඌ, නොයෙල්ගේ
සිරුරට තදින් තුරුලු වී සිටියා. තමන්ගේ කිරි බුරුල්ලේ වූ කිරිවලින් නොයෙල්ගේ
කුසගිනි නිවාගන්නට ඉඩ හැරියා. අවසානයේ ඔහුව සොයා පිරිසක් එනතුරුම ජීවිතය බේරාගෙන
තිබුණේ මේ මැන්ඩි නිසයි.
විලියම් නම්
ගිරවා
‛පෙත්තා
බත් කෑවා’ කියා පවසන්නට දැන සිටියත්, ජීවිතයක් බේරාගන්නට
උදව් කරපු ගිරව් ඉන්නවා නම් ඒ ඉතා කලාතුරකින්. මේ කියන්න යන කතාවේ ඉන්න විලියම්
කියන ගිරවා ද එහෙම සතෙක්. විලියම්ට ගෙදර කට්ටිය ආදරේට කිව්වේ ‛විලී’ කියලා. මේ පවුලේ ඉන්න
අවුරුදු දෙකක් පමණ වයස පුංචි හැනාගේ ජීවිතය ගළවා ගත්තේ ‛විලී’ කියලයි පවුලේ අය කියන්නේ. හැනාව බලාගන්න
කෙනා මෙන්න මේ විදියටයි තමාගේ අත්දැකීම විස්තර කළේ.
“මම නාන කාමරයේ
ඉන්න කොට විලී කවදාවත් නැති විදියට කෑගහන්න පටන් ගත්තා. හයියෙන් අත්තටු ගහන
සද්දෙත් ඇහුණා. විලී එහෙම හැසිරෙනවා මීට කලින් දැකලා තිබුණේ නැහැ. ඉන් පස්සේ විලී mommy baby කියලා හයියෙන්
කෑගැහුවා. මම ඉක්මනට නාන කාමරයෙන් එලියට
දිව්වා. ඒ යද්දියි දැක්කේ හැනා උගුරේ යමක් හිර කරගෙන හුස්ම හිරවෙලා ඉන්න හැටි.
හැනාගේ මූණ නිල්පාට වෙලා තිබුණා. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර දීලා හැනාගේ ජීවිතෙ
බේරා ගත්තා. විලී නොසිටියා නම් මේ අනතුර ගැන දැනගන්නට වෙන්නේ නැහැ.”
මේ සිද්ධිය
ගැන දැනගන්නට ලැබෙන්නේ 2004 වසරේ දී
සිදුවූ සුනාමියෙන්. සුනාමිය එන වෙලාවේ තායිලන්තයේ පූකට් වෙරළ තීරයේ අට හැවිරිදි බ්‍රිතාන්‍ය
ජාතික ඇම්බර් ඔවෙන් හිටියා. ඇය සිටියේ අවුරුදු හතරක් පමණ වූ අලි පැටවකුගේ පිටේ
නැගලා වෙරළේ ඇවිදිමින්. සුනාමි රැල්ල වේගයෙන් ඇදී ආවා. ඒ අවස්ථාවේ දී ඇම්බර්ව පිටේ
තියා ගත්තු නින් නොන්ග් උස් බිමක් කරා දිව ගියා. නමුත් රැල්ලේ කොටසකට ඔවුන් හසු
වුණා. ඒ අවස්ථාවේ දී ඇම්බර්ව ජල පහරට ඇදී යාමෙන් වළක්වා ගන්නට නින් නොන්ග් ඇයව තම
සිරුරට සිර කරගෙන හිටියා. මේ විදියට ඇම්බර් තමාගේ ජීවිතය සුනාමියෙන් ගළවා ගත්තා.
මේ වන විට ඇම්බර් 22 හැවිරිදි
තරුණියක්.
මේ කතාව ගැන දැනගන්නට ලැබුණු මයිකල් මෝපර්ගෝ නම් ඉංග්‍රීසි ජාතික කතුවරයා War Horse නමින් පොතක් ලිව්වා. ඒ පොතේ මේ කතාව ඇතුළත්
වෙනවා.
http://shadesoflotus.com/%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/
ReplyDeleteහරිම සංවේදී කතාවක්. තිරිසනුන් ළඟ මිනිස්කම් තිබුණත්, මිනිසුන් ළඟ තිබිය යුතු මිනිස්කම් පවා නැති වෙලා යන යුගයක් මේක. ලින්ක් එකට ස්තූතියි.
Deleteඉතා ගුණයහපත් සත්තු සිටිනවා.ඔබේ ගෙවත්තේ ඉන්න කුඩා කුරුල්ලනට,ලේන්නු ආදී අයට කෑම කටක් දාන්න.දිගටම පුලුවන් විදියට කරන් යන්න.ඔබ නිර්මාංශිකනම් ඉතා හොඳයි.ටික ටික ඔබට තේරුම්යාවි සත්තුන්ගෙන් වෙන උවදුරු වලින් ඔබව සුරැකෙනබව.
ReplyDeleteඇත්තටම අපේ වත්තේ දැනටමත් කුරුල්ලන්ට කෑම දෙන්න ලෑල්ලක් තියෙනවා. එක එක වර්ගයේ කුරුල්ලන්, ලේනුන් මේ ලෑල්ල පිරිවරා ගෙන සිටිනා දසුන නෙතට සුන්දර වගේම හිතටත් පුදුමාකාර සතුටක් ගෙන එනවා.
Deleteහොඳ ලිපියක්. සත්තුන්ට අපි හිතනවට වඩා දෙයක් තේරෙනවා කියල හිතෙනවා මේක කියෙව්වම. අපේ පුසට නම් අනිවාර්යයයෙන්ම තේරෙනවා
ReplyDeleteඔබ කියන කතාව ඇත්ත. සතුන්ට අප හිතනවාට වඩා බොහෝ දුරට හිතන්න පුළුවන්. ඒත් අපේ ඇතැම් අය ඇතැම් වෙලාවට සතුන් තරම්වත් හිතන්නේ නැති නිසා වෙන්න ඇති ඔවුන්ට සතුන් මරාගෙන මස් කන්නට හිතෙන්නේ.
Delete