පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, December 2, 2019

පරණ වාහන බැටරියක් ගොඩ දාගන්නේ මෙහෙමයි - Restoring an Old Vehicle Battery



වාහනයක් සඳහා භාවිත කරනවාට අමතරව වාහන බැටරියක් ගන්න පුළුවන් තවත් ප්‍රයෝජන බොහොමයක් තියෙනවා. විදුලිය ඇණ හිටීමක දී නිවසට ආලෝකය සපයා ගැනීම වැනි දෙයකට වාහන බැටරියකින් සෑහෙන උදව්වක් ගන්න පුළුවන්. නමුත් අලුතින් බැටරියක් මිලට ගැනීම ඒ තරම් ලාබදායක නැහැ. පරණ බැටරි විකුණන තැන්වලත් අපි හිතන තරම් ලාබෙට බැටරි ලබා ගන්න බැහැ. කොහොම වුනත් කිසිම ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැතිව ඉවත දමාපු බැටරියක් නම් නිකම්ම වගේ ලබා ගන්න හැකියාව තියෙනවා. මේ වගේ බැටරියක් ගොඩදාගන්න පුළුවන් නම් අපට එයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ කියන්න යන්නේ එහෙම ක්‍රමයක් ගැන.

මේක මම හොයා ගත්ත දෙයක් නෙවෙයි. මේ ක්‍රමය අන්තර්ජාලයෙන් හොයා ගත්තේ. නමුත් මම අත්හදා බැලුවා. හරි ගියා. ඉතින් අනෙක් අයත් එක්ක ඒක බෙදා හදා ගන්න එක හොඳයි කියලා හිතුවා.

මෙන්න මේවා තමයි ඕන කරන්නේ

පරණ බැටරියක්

එප්සම් ලුණු කිලෝ එකක් විතර (ෆාමසිවල තියෙනවා. කිලෝ එකක් රුපියල් 150 ක් වගේ වෙන්නේ)



බැටරි වතුර අවශ්‍ය තරමට

ලොකු සිරින්ජරයක්


ක්‍රමය
බැටරිය අරන් ඒකේ මූඩි ටික ගලවන්න. ඊට පස්සේ  පින්තූරයේ පෙනෙනවා වාගේ සිරින්ජරයට බට කෑල්ලක් සවි කරලා හැම බැටරි සෙල් එකකම තියෙන දියරය හින්දවන්න ඕන. ඒවා විෂ සහිත විය හැකි නිසා භාජනයකට එකතු කරලා බේකිං සෝඩා දාලා උදාසීන කරලා පරිසරයට මුදා හරින එක හොඳම ක්‍රමය.

දැන් ඇලුමිනියම් භාජනයක් අරන් ඔබ සොයා ගත් බැටරියට අවශ්‍ය වෙයි කියලා හිතන තරමට බැටරි වතුර දමන්න. ඒකට එප්සම් ලුණු ටිකක් දාන්න. මම අත්හදා බලාපු බැටරිය ඇම්පියර් 65 ක එකක්. ඒකට මම ග්‍රෑම් 700 ක් විතර දැම්මා. සමහර තැන්වල තියෙනවා එප්සම් ලුණු ඒකක 1 කට බැටරි වතුර ඒකක 3ක් දාන්න කියලා. සමහර තැන්වල තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයක් දාන්න කියලා.

දැන් මේක ලිපක් උඩින් තියලා රත් කරන්න ඕන. රත් කරන ගමන් හැන්දකින් හොඳට කවළම් කරන්න ඕන. ටික වෙලාවකින් එප්සම් ලුණු ටික බැටරි වතුරේ හොඳින් දියවෙනවා. දැන් නිවෙන්න තියලා, අර සිරින්ජරේ බටය ගලවලා බැටරියේ හැම සෙල් එකකම ඉහළ මට්ටම වෙනකල් අර දියරයෙන් පුරවන්න.

වැඩේ ඉවර නම් මුඩි ටික තද කරලා චාර්ජ් වෙන්න දාන්න.

මේක සීල් බැටරියක්. සීල් එකක ගලවලා මේ ද්‍රාවණය දාලා සීල් එක ගම් දාලා ඇලෙව්වා.



දැන් වැඩේ හරි.

එප්සම් ලුණු කියන්නේ මැග්නීසියම් සල්පේට් (MgSO).

බැටරියක් කාලයක් පාවිච්චි කරන කොට ඒවායේ තියෙන ප්ලේට්වල සල්පේට් තත්වයක් ඇති වෙනවා. එවිට ඒවායේ ආරෝපණය අල්ලාගෙන සිටීමේ හැකියාව නැති වී යනවා. එප්සම් ලුණු සහ බැටරි වතුර මිශ්‍රණයෙන් කරන්නේ මේ බැඳුණු සල්පේට් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉවත් කරන එක. ඒ නිසයි නැවත බැටරියෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන මට්ටමකින් ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ.

12 comments:

  1. Replies
    1. ඔව් වැඩි වියදමක් යන්නේ නැති නිසා කරලා බැලුවත් පාඩුවක් වෙන්නේ නැහැ.

      Delete
  2. අයියෝ මීට හය මාසෙකට කලින් බැස්ටිය මාරුකලා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ. තිබුණා නම් පොඩි ට්‍රයි එකක් දාලා බලන්න තිබුණා.

      Delete
  3. මම මෝටර්බයික් බැටරියක් භාගෙට ගොඩදාගත්තා එප්සම් සොල්ට් දාලා, මීට වඩා තරමක් වෙනස් ක්‍රමයකට. බැටරියේ ඇසිඩ් විසි කරේ නෑ, ඔබේ ක්‍රමයටම එප්සම් සොල්ට් දාලා පැයකීපයක් තියෙන්න හැරියා, එතකොට බැටරියේ සෙල් වල බැදුනු සල්පේට් ගැලවිලා බැටරියේ යට තැම්පත් වෙනවා, ඒවා බැටරිය හොදින් සොලවා සෝදා අයින් කරනවා, දෙපාරක් තුන්පාරක් ඒ විදිහට එප්සම් සොල්ට් දාලා අයින් කරලා බැටරිය හොදින් ඩුයි වෙන්න මුනින් අතට තියලා, අර මුලින් අයින් කරගත් ඇසිඩ් පෙරලා නැවත පුරවනවා. ඒ ක්‍රමයෙන් භාගෙට අවුල් වුනු සෙල් දෙකක් ගොඩ ගියා.

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමයත් හොඳයි වගේ දැනෙනවා. තව නරක් වුණු බැටරියක් ගෙදර තියෙනවා. ඒ ක්‍රමයට ගොඩ දාගන්න බලන්න ඕන. ස්තුතියි අලුත් ක්‍රමයක් ගැන කිව්වාට.

      Delete
    2. එතකොට බැටරියේ එප්සම් ලුණු ද්‍රාවණය තියෙද්දිමද වාහනයට හයි කරන්නෙ

      Delete
    3. ඔව්. මේක කළාට පස්සේ බැටරි ඇසිඩ් වෙනුවට එප්සම් ලුණු ද්‍රාවණය තමයි මේ කාර්යය කරන්නේ. අනෙක් බැටරි සෙල්වල සල්ෆයිඩ් බැඳීමත් මේ නිසා අඩු වෙනවා. තවත් අය බේකිං සෝඩා (ආප්ප සෝඩා) වලින් බැටරිය ඇතුළ හොඳට සෝදලා හොඳින් පිරිසුදු කළාට පස්සේ එප්සම් ලුණු මිශ්‍රණය දාලා බැටරි ගොඩ ගන්නවා. තවත් අය බේකිං සෝඩාවලින් හෝදලා, බැටරියේ කලින් තිබුණු බැටරි ඇසිඩ් මිශ්‍රණය බ්ලොටිං පේපර් එකකින් පෙරලා අරං බැටරියට දාලා බැටරිය ගොඩ ගන්නවා. මේ වගේ ක්‍රම කීපයක්ම තියෙනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න