පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, March 13, 2020

දිගින් දිගටම අභාග්‍ය සම්පන්න වන භාග්‍යමත් මාසය

Image credit: https://www.parenting.lk/wp-content/uploads/2019/04/Avurudu-696x405.jpg


අප්‍රේල් මාසයට සිංහලෙන් ‘බක් මාසය‘ කියලා කියනවා. ‘බක්‘ කියන එකේ තේරුම තමයි භාග්‍යමත් කියන එක. ඒ කියන්නේ වාසනාවන්ත මාසය කියන එක. අස්වනු නෙලාගෙන අටුකොටු පුරවගෙන සූර්ය මංගල්‍යය සමරන්න ආදි පැරැන්නෝ හුරුපුරුදු වෙලා හිටියේ මේ මාසයේ. ඉතින් ඒ මාසය ඇත්තටම භාග්‍යමත් මාසයක් තමයි. කොහොම වුනත් දැන් වසර කිහිපයක ඉඳන් මේ භාග්‍යමත් මාසය අභාග්‍යමත් සිදුවීම්වලින් දිගින් දිගටම පිරෙන්න පටන් අරන් තියෙනවා. ඒ ගැනයි මේ කියන්න යන්නේ.

2017 අප්‍රේල් මාසය

Image credit : http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/04/21/kunu-1_21042017_ESK_CMY.jpg?itok=gSwIoFQs


2017 අප්‍රේල් මාසයේ තමයි මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ. ඒ අප්‍රේල් 14 වැනිදා. හරියටම සිංහල අවුරුද්ද දවසේ. සිංහල අවුරුද්ද සමරමින් සිටි පිරිසක් තමයි මේ අභාග්‍යමත් ඛේදවාචකයට ලක් වුණේ. එයින් 32ක් පමණ මිය ගියා.

2018 අප්‍රේල් මාසය

Image Credit : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf-S9T_OBDj81WpwDj5VpBh3M0781npYAC9Lcq9p1Lh6MwPtWHaiz4tj418sTQ8KjkaQeVgo0SG-HR7_i0bqbcLFZaIRYxD2mLkLcGlQsF0ezEsN5evHvNsJk5bGRtkwermvkvjta5s5e5/s400/Wesak+kooduwa.jpg


2018 අවුරුද්දේ මිනිස් ජීවිත විනාශ වෙන ආකාරයේ ඛේදවාචකයක් නොවුනත් ඒ මාසය බෞද්ධයන්ට නම් අභාග්‍යමත් වුණා. සාමාන්‍යයෙන් බුදුන් වහන්සේගේ තෙමඟුල සමරන්නේ මැයි, එසේත් නැත්නම් වෙසක් මාසයේ. කොහොම වුනත් ප්‍රායෝගික නොවන ජ්‍යොතීර්වේදීන් සහ මුග්ධ පාලකයන් නිසා ඒ වසරේ තෙමඟුල සැමරිය යුතු යැයි රජය නිවේදනය කළේ අප්‍රේල් මාසයේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර වෙසක් දිනය පවා යෙදී තිබුණේ මැයි මාසයේ. මැයි මාසයේ ද සඳක් පායන නිසා ඒ මාසයේ තෙමඟුල සමරන්නට ඕනෑ තරම් ඉඩක් තිබිය දී එය අප්‍රේල් මාසයටම දැමීමට පාලකයන් තීරණය කළ නිසා එය අභාග්‍යමත් මාසයක් බවට පත් වුණා.

2019 අප්‍රේල් මාසය

Image Credit : https://cdn.vox-cdn.com/thumbor/RRbXkPoUd_3bfZMvdyUIQyBJl4Q=/0x0:3000x2000/1320x0/filters:focal(0x0:3000x2000):format(webp):no_upscale()/cdn.vox-cdn.com/uploads/chorus_asset/file/16182203/sri_lanka_002.jpg


මිනිස් ජීවිත 25ක් අහිමි කරමින් ද තවත් 400 ගණනකට තුවාල සිදු කරමින් ද ඉස්ලාම් අන්තවාදීන් විසින් කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේ 2019 අප්‍රේල් මාසයේ දි යි. නැවත වරක් භාග්‍යමත් මාසය අභාග්‍යමත් වුනේ ඒ ආකාරයටයි.

2020 අප්‍රේල් මාසය

Image Credit : https://af62359ed6764b37dd8d-a09ab6654f67c1c7801ec2e0698b9db1.ssl.cf2.rackcdn.com/images/Coronavirus_ChBAkDp.jpg


2020 අප්‍රේල් මාසය තවම එළැඹී නැතත්, මේ වන විටම එය අභාග්‍යමත් තත්වයට පත්වෙමින් පවතින බවට ලකුණු පහළ වී තිබෙනවා. ඒ කොරෝනා වෛරසය නිසයි. මේ වන අපේ රටේ මේ වෛරසය ටිකෙන් ටික හිස ඔසවන්නට පටන් අරන් තිබෙනවා. වැරදි මත ප්‍රචාරය වීම නිසා වෙළෙඳ සල්වල බඩු භාණ්ඩ හිඟ වෙමින් පවතිනවා. මෙය බොහෝ විට බක් මාසය අභාග්‍යමත් වීමට හේතුවක් විය හැකියි.
අපේ පැතුම එසේ නොවේවා කියායි.


2 comments:

  1. වෙසක් පෝය තිබිය යුත්තේ වෙසක් මාසයේ මිස මැයි මාසයේ නොවේ

    ReplyDelete
    Replies
    1. ඒක අපේ පාලකයන්ට නොතේරුණු එකනේ අවුල වුණේ=

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න