පිරිමින් අඳින යට ඇඳුමට අද වන විට කුමන වදනක් භාවිත වුවත්, දැනට කලකට පෙර එය හැඳින්වීම සඳහා යොදනු ලැබුවේ ලන්කට් යන වදනයි. මෙය උපදින්නට ඇත්තේ කෙසේදැයි සොයා බලද්දී එයට හේතු වූ කාරණා කීපයක්ම සොයා ගන්නට හැකි වුණා. මෙයින් එකක් හෝ මේ සියල්ලම හෝ එයට බලපාන්නට ඇති. කෙසේ නමුත් ලන්කට් ඇඳි අය හෝ ලන්කට් ගැන දැන සිටි අය හෝ මේ ගැන දැනගන්නට කැමැත්තෙන් ඇතැයි සිතෙන නිසා මෙය ලියා තබන්නට අදහස් කළා.
![]() |
Loincloth ලෙසින් වර්තමානයේ භාවිත වන ඇඳුම |
![]() |
Langot ලෙසින් වර්තමානයේ භාවිත වන ඇඳුම |
ලන්ගොට් යනු (Langot) යනු ඉන්දියාවේ, විශේෂයෙන්ම උතුරු ඉන්දියාවේ සහ දකුණු
ඉන්දියාවේ සමහර ප්‍රදේශවල පිරිමි යට ඇඳුමක් සඳහා භාවිතා කරන වචනයක්. මෙම වචනය ද්‍රවිඩ
භාෂාවන් හරහා සිංහලයට පැමිණෙන්නට ඇතැයිද සිතිය හැකියි. "ලන්කට්" යන්න
"Langot" යන වචනයෙන්
බිඳී ආවා යැයි තර්ක කිරීමටද හැකියාවක් තිබෙනවා.
"අමුඩය"
හෝ "ඉනකඩ" වැනි පැරණි සිංහල වචන තිබුණ ද, නූතන යට ඇඳුම් වර්ගයක් සඳහා
"ලන්කට්" වැනි වචනයක් භාවිත කිරීම අරුමයක් නොවේ.
කෙසේ වෙතත්,
මෙයද නිශ්චිතවම තහවුරු
කළ නොහැකි නමුත්, "Loincloth" හෝ "Langot" යන වචනවලින්
"ලන්කට්" යන වචනය සෑදෙන්නට ඇති බව සිතිය හැකියි.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න