ඉන්දීය මධ්‍යම
රජයේ ඇමතිවරයකුගේ බිරිඳ හිටිහැටියේ මරණයට පත්වීමේ පුවත මේ දිනවල ජාත්‍යන්තර ජනමාධ්‍යයේ
සුවිශේෂීතම පුවතක් බවට පත්වී තිබේ. පුවත් සොයමින් සිටි මාධ්‍යවලට මෙය කදිම
සිදුවීමක් බවට පත්ව තිබේ. මෙම සිදුවීම සවිස්තරව මෙසේය.
ඇමතිවරයා නමින් ශෂී තරූර් ය. ඔහු ඉන්දීය මධ්‍යම රජයේ කණිෂ්ට මානව සම්පත් සංවර්ධන ඇමතිවරයාය. ඔහුගේ බිරිඳ සුනන්දා පුෂ්කර් ය. ඇය පසුගිය 17 වැනිදා (ජනවාරි) නවදිල්ලියේ තරු පහේ හෝටලයක් වූ ලීලා පැලස්හි සිය කාමරය තුළ මිය ගොස් සිටියාය. ඇය මියගොස් සිටි බව සොයාගන්නට හැකි වූයේද හෝටල් සේවකයන් කාමරයේ දොර විවෘත කරන්නට උත්සාහ ගත් මොහොතේය.

වෛද්‍යවරු මෙම මරණය හඳුන්වා දී තිබුණේ ‛අස්වාභාවික ක්ෂණික මරණයක්’ වශයෙනි.
ශෂී තරූර්
මෙම සිදුවීමේ එක් චරිතයක් වන්නේ ශෂී තරූර් නම් ඇමතිවරයාය. 1956 මාර්තු 9 වැනිදා උපන් ඔහු දේශපාලනඥයකු පමණක් නොව කර්තෘවරයකු සේම පුවත්පත් තීරු ලිපි රචකයකු ද වන්නේය. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරු අතර වේගයෙන් ඉහළට නැග ආ අතර එහි මහලේකම් සඳහා පැවති තරගයෙන් බැංකි මූන් හට පරාජය වීමෙන් පසු එම සංවිධානයේ තනතුරුවලින් ඉල්ලා අස්විය. කෙසේ මුත් ඔහු දේශපාලන වශයෙන් දූෂණ හා අක්‍රමිකතාවලට ද චෝදනා ලැබ තිබේ.
මෙහ්රා තරාර්
මෙම සිදුවීම පසුපස සිටින තවත් චරිතයක් නම් පකිස්ථානු මාධ්‍යවේදිනියක වන මෙහ්රා තරාර් ය. 1968 මාර්තු 2 වැනිදා උපන් ඇය පාකිස්ථානු ඩේලි ටයිම්ස් පුවත්පතේ සහකාර සංස්කාරකවරිය ලෙස කටයුතු කරන්නීය. ඇය මාධ්‍යවේදිනියක වුවත් ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට ලක්වන්නේ ශෂී තරූර්ගේ සමඟ යම්කිසි සබඳතාවයක් පවත්වාගෙන ගිය බවට ඔහුගේ මියගිය බිරිඳ චෝදනා කිරීමත් සමගය. එමෙන්ම ඇය පාකිස්ථානු රහස් ඔත්තුකාරියක බවටත් සුනන්දා පුෂ්කර්ගේ චෝදනාවට ලක්ව සිටියාය.
සුනන්දා
පුෂ්කර්ගේ යටගියාව
1964 ජූනි 17 වැනිදා උපන් සුනන්දා පුෂ්කර් මියයන විට 50 වැනි වියෙහි පසු වූවාය. ඇය ඩුබායි හි පිහිටි ‛ටෙකොම් ඉන්වෙස්ට්මන්ට්’ ආයතනයේ අළෙවි කලමනාකාරිනිය මෙන්ම ඉන්දියාව මුල්කරගනිමින් පිහිටුවාගත් ‛රෙන්ඩසවුස් ස්පෝර්ට්ස් වර්ල්ඩ්’ හි සම හිමිකාරිනිය ද වූවාය. කාශ්මීර් ජාතිකයකු වූ සංජේ රයිනා සමඟ ඇය මුළින්ම විවාහ වී සිටි අතර 1988 වසරේදී එම විවාහයෙන් වෙන්වූවාය. අනතුරුව 1989දී ඩුබායි කරා පිටත්ව ගිය ඇය 1991 දී සුජිත් මෙනන් සමඟ විවාහ වූවාය. 1997 වසරේ ඉන්දියාවට පැමිණි අවස්ථාවකදී සුජිත් රිය අනතුරකින් මිය ගියේය. ඇයට ශෂී තරූර් හමුවන්නේ 2009 වසරේදීය. ඒ කෝටිපතියකු විසින් සංවිධනය කරනු ලැබූ සාදයකදීය. එදින සිදුවූ පළමු හමුවෙන් පසුව ගෙවුණු බොහෝ අවස්ථාවල ශෂී හා සුනන්දා එක්ව සිටිනු දක්නට ලැබීම සුලභ සිදුවීමක් විය. සුනන්දාගේ සමාගම වෙනුවෙන් වාසිසහගත යම් යම් දේ සිදුකරවා දීම හේතුවෙන් ශෂී තරූර් ඇමතිවරයා මාධ්‍යවල දෝෂාරෝපණයට ලක්වන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනාම මාධ්‍යවල අවධානය යොමු විය.

ට්විටර්
සිදුවීම
ට්විටර් යනු සුප්‍රකට ෆේස්බුක් වැනිම සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය ඉන්දීය දේශපාලඥයින්, කලාකරුවන් ඇතුළු බොහෝ සුප්‍රකට පුද්ගලයන් අතර ජනප්‍රිය වෙබ් අඩවියකි. ඔවුන් සිය පෞද්ගලික තොරතුරු පවා මේ ඔස්සේ හෙළිකොට තිබෙනු දැකිය හැකිය. ශෂී තරූර් වෙනුවෙන් ද ට්විටර් ගිණුමක් තිබිණි. 2014 ජනවාරි 15 වැනිදා ඔහුගේ ට්විටර් අඩවියේ ආදරබර පණිඩිඩ ගණනාවක් දිස්වන්නට පටන්ගත්තේය. ඒවා එයට එක්කොට තිබුණේ පකිස්ථානු මාධ්‍යවේදිනියක වූ මෙහ්ර් තරාර් විසිනි. එම පණිවිඩවලින් දැකගන්නට ලැබුණේ අැය සහ ශෂී තරූර් අතර ආදර සබඳතාවයක් ඇති බවය. එක් පණිවිඩයක් මෙබඳු විය.

“මම ඔයාට ආදරෙයි ශෂී තරූර්. හැම වේලාවෙම ඔයාට ආදරෙයි. මම ඔබේ ආදරයත් හිතේ තියාගෙන යන්නම්. වේදනාවක් තමයි. ඒත් ඔයා එක්ක මම හැමවෙලාවකම”.
මෙවැනි පණිවිඩ ගණනාවක්ම ශෂී තරූර්ගේ ටිව්ටර් පිටුවේ පළවී තිබුණු අතර ඒවා ඔහුගේ මිලියන දෙකක් තරම් අනුගාමිකයන් විසින් දැක තිබිණි.
පසුව ශෂී පැවසූයේ තම ට්විටර් ගිණුමට යම්කිසිවෙකු හොරෙන් ඇතුළු වී මේවා සිදුකළ බව වුව ද මිය යන්නට පෙර සුනන්දා හෙළිකොට සිටියේ එවැනි කිසිවක් සිදුනොවූ බවත්, මෙහ්රා විසින් සිය සැමියා අපහසුවට පත්කිරීම සඳහා මෙම පණිවිඩ ටිව්ටර් හි පළකරන්නට ඇති බවත්ය. පසුව ශෂී තරූර්ගේ ෆේස්බුක් පිටුවේ පළවී තිබුණේ සුනන්දා හා ශෂී එක්ව සකස් කළ පණිවඩයකි. එහි සඳන්ව තිබුණේ ඔවුන්ගේ විවාහ ජීවිතය ප්‍රීතිමත් එකක් බවය. සුනන්දා යම්කිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ බව ද එහි සඳහන්ව තිබිණි.
මරණය
ට්විටර් සිදුවීමෙන් පසු 2014 ජනවාරි 17 වැනිදා නවදිල්ලියේ ලීලා හෝටලයේ 345වැනි කාමරයේ සුනන්දා පුෂ්කර් මියගොස් සිටියාය. සුනන්දාගෙන් කිසිදු පණිවිඩයක් නොලැබුණු තැන ශෂී විසින් පොලීසිය දැනුවත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයගේ සිරුර හොටල් කාමරයේ තිබී සොයාගන්නට හැකිවිය. මුළින්ම වාර්තා වූයේ සුනන්දා සියදිවි නසාගෙන ඇති බවකි. පසුව වාර්තා වූයේ එය ‛අස්වාභාවික හදිසි මරණයක්’ ලෙසිනි. මූලික මරණ පරීක්ෂණයේදී හෙලි වූයේ ඇයගේ සිරුරේ තුවාළ සළකුණු තිබෙන බවය. මෙම තුවාල මරණයට හේතු වූයේද නැතිද යන්න පිළිබඳ කිසිවක් සඳහන් නොවිණි. පොර බැදූ සළකුණක් ද දක්නට නැත. ඇය වේදනානාශක ඖෂධයක් මාත්‍රාව ඉක්මවා ලබාගෙන ඇති බව ද පරීක්ෂණවලදී හෙළිවිය. ඒවා සමඟ මද්‍යසාර ද කළවම් වී ඇති බැව් දක්නට ලැබිණි. කෙසේ මුත් මරණ පරීක්ෂණවලින් අනතුරුව සෙනසුරාදා නවදිල්ලියේදී ඇගේ සිරුර ආදාහනය කෙරිණි.
මෙම සිදුවීම්වලින් සම්බන්ධව මෙහ්රා පවසන්නේ ශෂී සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නොපැවති බවය. ඇය මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන්නීය.
කෙසේ මුත් ඉන්දීය වෝහාරික වෙවද්‍යවරුන් පිරිසක් මෙම මරණයට හේතුව ලෙස සඳහන් කොට ඇති ‛අස්වාභාවික හදිසි මරණය’ යන හේතුව ප්‍රතික්ෂේප කර සිටිති. ඔවුන් පවසන්නේ ‛ස්වභාවික හදිසි මරණය’ යන යෙදුම මිස ‛අස්වාභාවික හදිසි මරණය’ වැනි යෙදුමක් වෝහාරික වෛද්‍ය විද්‍යාවේ භාවිත නොවන බවය. ඔවුන් පවසන්නේ මේ පිළිබඳ තවත් පරීක්ෂණ අවශ්‍ය බවය. මේ සම්බන්ධව තවමත් පරීක්ෂණ අවසන්ව නොමැති අතර නොබෝ දිනකින් සියලු තතු මාධ්‍ය ඉදිරියේ දිගහැරෙනු ඇත.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න