පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, December 9, 2015

සියදිවි නසා ගන්නා ලෙමින්ග් මීයෝ - Lemings, the Suiciding Rats




ස්කැන්ඩිනේවියාවේ වෙසෙන මූෂික වර්ගයට අයත් ලෙමින්ග් නම් සතුන් ගැන අතීතයේ සිටම වාර්තා වෙන්නේ අරුම පුදුම කතාවක්. කිලෝමීටර් සිය ගණනක් දුර සිට රංචු වශයෙන් පැමිණෙන මොවුහු ස්කැන්ඩිනේවියාවේ ගංගා ඉවුරු කර පැමිණෙන බවත් එහි මද වේලාවක් ගත කරන ඔවුහු මෙතෙක් සොයාගෙන නොමැති කුමක් හෝ හේතුවක් නිසා ගඟට පැන සිය දිවි නසා ගන්නා බවත් මිනිසුන් අතර ප්‍රවාදයක් පැතිරී තිබෙනවා. මෙම ප්‍රවාදයත් ඒ පිළිබඳ මිනිසුන් දක්වන ප්‍රතිචාරත් අතර සම්බන්ධය කොයි තරම්ද කියනවා නම් මෙය අළලා චිත්‍රපට, පොත්පත් සහ වීඩියෝ ක්‍රිඩාවන් ද බෙහොමයක් නිර්මාණය වී තිබෙනවා.



ලෙමින්ග් යනුවෙන් හැඳින්වෙන්නේ නොර්වේ හා ස්වීඩනයේ ආර්ක්ටික් තුන්ද්‍රා තෘණබිම්වල වෙසෙන මූෂික වර්ගයට අයිති කුඩා ශාක භක්ෂක සතුන් වර්ගයක්. මූෂිකයන්ගේම පෙනුම ඇති මොවුන් සතුව දිගු ලෝම හා කෙටි වලිගයක් දක්නට ගැබෙනවා. මොවුන්ගේ ගහණය ඉතා සීඝ්‍රව වර්ධනය වන මුත් වසර හතරකට වරක් එම ජනගහණය ඉතා සීඝ්‍රයෙන් පහළ බසිනවා.  මොවුන්ගේ බෝවීම ඉතා  සිදුවන්නේ ඉතා සීඝ්‍රයෙන්. එය කෙතරම් ද යත්  සත්ව විශේෂඥයින් මේ පිළිබඳ සඳහන් කරන්නේ පුපුරා යන තරම් අධික ගහණයක් ලෙසටයි. නමුත් එම වැඩිවන වසර හතරකට වරක් මොවුන් වදවී ගොස් ඇතැයි සිතෙන තරමටම ගහණයෙන් අඩුවී යනවා.



කැනේඩියානු ජීව විද්‍යාඥයකු වන ඩෙනිස් චිටි මෙම සතුන්ගේ අභිරහස සොයා ගන්නට දශක හයක් පුරා පර්යේෂණ පැවැත්වුවා. නමුත් මෙම කාලය ඇතුළත ලෙමින්ග් සතුන් ගංගාවලට පැන සියදිවි නසා ගන්නා බවට කිසිදු සාධකයක් සොයා ගන්නට හැකිවූයේ නැහැ. ඔහු සිය පර්යේෂණය අවසානයේ ඉදිරිපත් කළේ මෙවැනි නිගමනයක්. ඔහු පවසන්නේ සතුරන් වැඩිවීම, ආහාර සැපයීම අඩුවීම, සත්වගහණයේ ඉහළ පහළ යාම් ආදිය සිදුවනවා මිස සැබැවින්ම මේ සතුන් සියදිවි නසා ගන්නේ නැති බවයි. ඔහු පවසන පරිදි ජනගහණය ඉතා ඉහළ මට්ටමකට පත්වන විට හා ආහාර හිඟ තත්වට පත්වන විට ලෙමින්ග් මූෂිකයන් මෙම ප්‍රදේශයෙන් සංක්‍රමණය වන්නට පටන් ගන්නා පවයි. මෙම මූෂිකයන්ගේ ගමන අවසන් වන්නේ ගංඉවුරක් හමුවූ විටයි. මෙසේ ගංඉවුරට එක්රොක් වන ලෙමින්ග් මූෂිකයන් ජලයට පැන අනෙක් ඉවුරට පිහිනා යනවා. එසේ පිහිනා යන්නට යන්නට ඉදිරිපත් නොවන මූෂිකයන් ආහාර හිඟ කම නිසාම මිය යනවා.




ලෙමින්ග් සතුන්ගේ මෙම අපූරු කතන්දරය මිනිසුන් අතර අතිශය ජනප්‍රිය වන්නට තවත් හේතුවක් වූයේ 1958 දී වයිට් විල්ඩර්නස්” (White Wilderness) නමින් වෝල්ට් ඩිස්නි සමාගමෙන් ඉදිරිපත් කරන ලද චිත්‍රපටයයි.  මොවුන් සියදිවි නසා ගන්නා ආකාරය පෙන්වීම සඳහා ආනයනය කරන ලද ලෙමින්ග් සතුන් කිහිප දෙනෙකුව හිමෙන් ආවරණය කරන ලද මේසයක් හරහා දුවන්නට සලස්වා ගංගාවකට වැටෙන ආකාරයෙන් රූපගතකරනු ලැබුවා. මම සතුන්ගේ ඇති තවත් අපූරු ලක්ෂණයක් වන්නේ මොවුන් නිදා නොගැනීමයි. ඔවුන් පැය 24 පුරාම එකසේ ක්‍රියාකාරීයි.










11 comments:

  1. හරිම අපූරුයි. සොබාදහමෙ විශ්මයන් තමයි. සත්වයා කියන්නෙ ජානවල රූකඩ නැටුමෙ නැට්ටුවන් කියලයි මට හිතෙන්නෙ. සැගවුන නූල් සූත්තරකරුවා ජාන. ජානවල පැවැත්ම සදහායි හැම දෙයක්ම. සමහරවිට ජාන පිටුපසිනුත් යම් බලවේගයක් තිබෙනවා වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මම හිතන්නේ ජාන විකෘතිතා ඇතිවන්නේත් වෙනත් හේතූන් නිසා ජානවලට සත්වයාව පාලනය කරගැනීමට නොහැකි වීම නිසා වෙන්නටත් පුළුවන්.

      Delete
  2. ඉතාම වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඔබට බොහෝ ස්තූතියි.

      Delete
  3. https://en.wikipedia.org/wiki/Animal_suicide

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න