යමෙක් තරබාරු තත්වයක් පසුවනවා නම් හෝ තරුබාරුවෙමින් පවතිනවා සේ පෙනෙනවා නම් අප බොහෝ දෙනෙක් පවසන්නට පුරුදුව ඇත්තේ,
“ඔයාගේ ඇඟ නම් ටිකක් වැඩියි. කෑම ටිකක් අඩු කළොත් නරකද?”
වැන්නකි. ඒ සමඟම ව්‍යයාම කරන්නට ද උපදෙස් දෙනු දක්නට හැකිය. සිරුරේ තරබාරුව අඩුකරගැනීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වන විවිධ තොරතුරු, වීඩියෝ ආදිය ද දක්නට ලැබේ. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ ආහාර සහ තරබාරුව අතර වැඩි සම්බන්ධතාවයක් ඇති බවය. “ඕනෑවටට වඩා කෑවොත් නේ මහත් වෙන්නේ” වැනි අදහස් බහුතරයකගේ සිතේ තිබෙන නිසා බොහෝ දෙනෙක් කෑම බීම පාලනය කරන්නට පෙළැඹී සිටින බැව් පෙනේ. ඇතැමෙක් රැගෙන එන අහාර වේලක ප්‍රමාණය අඩු කරන අතර රාත්‍රියේදී බත් වැනි බර ආහාරයක් ගන්නේම නැත. කිරි වීදුරුවක් පමණක් පානය කොට නින්දට යනු ඕනෑ තරම් දැකිය හැකි තත්වයකි. නමුත් මේ තරබාරුව පසුපස පවතින එකම කාරණය ආහාර පමණක් ද යන්න කිසිවකු නිකමට හෝ සිතා බලා නැත.
ඩේවිඩ් ලුඩ්විග් යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් මහජන සෞඛ්‍ය විද්‍යාලයේ පෝෂණවේදය පිළිබඳ මාහාචාර්යවරයෙකි. ඔහු මේ තරබාරුව සහ ආහාර අතර ඇති සම්බන්ධතාවය වෙනත් අයුරකින් දකින්නෙකි.
ඩේවිඩ් ලුඩ්විග් |
එක් අවස්ථාවක ඔහු සිය සායනයට තරබාරු දරුවන් 12 දෙනෙක් රැගෙන පැමිණියේය. ඔවුන්ට කැඹ පිඟන් 12ක් ලබා දෙන ලදී. මෙහිදී 12 දෙනාට එකිනෙකට වෙනස් ආහාර වර්ග ලබා දුන් නමුත් මේ සෑම ආහාරයකම අඩංගු වූ කැලරි ප්‍රමාණයක් එක සමාන විය.
සාමාන්‍යයෙන් අප වැඩි දෙනෙකු විශ්වාස කරන්නේ මේදය අධික ආහාර නිසැකවම තරබාරුවට හේතු වන බවය. මේ නිසා ලොව වටා වැඩි දෙනෙක් නීරෝගීව හිඳීමේ අරමුණින් සිය ආහාරවල ඇති මේද ප්‍රමාණට හැකි තරමින් කපා හරිනු දක්නට ලැබේ. නමුත් බොහෝ අධ්‍යයනවලින් පෙනී ගොස් ඇති කරුණක් වන්නේ මෙය සාර්ථක නොවන දෙයක් බවය. මේදය අඩු ආහාර ගත් බොහෝ දෙනෙකුට ඉක්මණින් කුසගිනි දැනෙන බවත්, යම් බර අඩුවීමක් ඇතිවූවා නම් එය වහා වර්ධණය වන බවත් පර්යේෂණවලින් හෙළිවී තිබේ. මහාචාර්ය ලුඩ්විග් සොයන්නට වෙහෙසුනේ මේ තත්වය පිළිබඳවය. ඇතැම් විට සිරුරේ තරබාරුවට හේතු වන්නේ ආහාරයට ගනු ලබන කැලරි වර්ග නොව කැලරි ප්‍රමාණය වන්නට ද හැකි බව ඔහු සිතුවේය.
දරුවන් 12 දෙනාට ආහාර ලබාදීමෙන් පසු ගෙවී ගිය පැය කිහිපයේදී මහාචාර්ය ලුඩ්විග්ගේ කණඩායම මේ දරුවන් ගත් ආහාර ප්‍රමාණය සහ ඔවුනට කෙතරම් ප්‍රමාණයන්ගෙන් කුසගිනි දැනේ දැයි විමසිල්ලෙන් සිටියහ. මෙහිදී පෙනුණු කරුණ වූයේ රුධිරයට වඩාත් ඉක්මණින් ග්ලූකෝස් එකතු වන ආහාර ලබාගත් දරුවන්ට ඉක්මණින් කුසගිනි දැනුණු බවය. ඔවුන් සිය ආහාරයෙන් පසු විවිධ කෙටි කෑම අධික ලෙස ලබාගත් බව පෙනුණි. නමුත් රුධිරයට ඉතා අඩු වේගයකින් ග්ලූකෝස් එකතු වන ආකාරයේ ආහාර ලබා ගත් දරුවන්ට ඉක්මණින් කුසගිනි නොදැනුණු බවත් පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.
ඉන් පසු ඔහු තවත් පර්යේෂණයක් සිදු කළේය. එය ඒ සඳහා තරබාරු තත්වයේ සිටි පුද්ගලයන් 12 දෙනෙකු යොදා ගත්තේය. ඔවුන්ට ආහාර වර්ග තුනක් ලබා දෙනු ලැබිණි. ඒවා නම් අධි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් සහ අඩු මේදයක් ඇති ආහාර, අඩු කාබොහයිඩ්‍රේට් ප්‍රමාණයක් සහ අධි මේදයක් ඇති ආහාර සහ එක සමාන කාබොහයිඩ්‍රේට් සහ මේදය ඇති ආහාර වශයෙනි.
මෙම පර්යේෂණයට අනුව ලද ප්‍රතිඵලවලට අනුව පෙනී ගියේ අඩු මේදය සහිත ආහාර ගත් පුද්ගයන්ගේ කැලරි දහනය වී ඇත්තේ දිනකට 325කටත් අඩුවෙන් බවය. සාමාන්‍යයෙන් පුද්ගලයකු දිනකට කැලරි 1,200ක් පමණ දවාලිය යුතු බැව් පැවසේ. අඩු කාබෝහයිඩේට් ඇති ආහාර සමඟ සැසඳීමේදී මොවුනගේ පරිවෘත්තිය ක්‍රියා වේගය ද පහළ වැටී ඇති පෙනේ. පරිවෘත්තීය ක්‍රියා වේගවත් නම් සිදුවන්නේ කැලරි සිරුරේ තැන්පත් වනවාට වඩා ඒවා දහනය වී යාමය.
මහාචාර්ය ලුඩ්විග් මේ සොයා ගත් කරුණුවලට අනුව පැවසිය හැක්කේ අප ආහාර ගැනීම සහ තරබාරුව පිළිබඳ අප සිතා සිටි කරුණු වැරදි විය හැකි බවය.
ආහාර සහ තරබාරුව අතර සම්බන්ධතාවයක් පවතින බැව් කවුරුත් දන්නා නමුත් එය කුමනාකාර සම්බන්ධතාවයක් දැයි කිසිවකු සොයා බලා නැත මේ නිසා පෝ්ෂණවේදීන් නිතරම උත්සාහ කරන්නේ අප ගන්නා ආහාරවලින් හැකිතාක් මේදය අවමකිරීමය. ඔවුන් මහජනතාවට ලබාදෙන පණිවිඩය වන්නේ ‛මේදය අඩු ආහාර ගන්න’ යන්නය. මේ නිසා ආහාර කර්මාන්තයේ නියුක්ත සමාගම් උත්සාහ ගන්නේ අඩු මේදය සහ මේදය නොමැති ආහාර නිෂ්පාදනය කරන්නටය. කෙසේ නමුත් මෙවැනි ආහාර පරිභෝජනය පිණිස පැමිණ බොහෝ කලක් ගත වුව ද අප බොහෝ දෙනෙකු සෞඛ්‍ය සම්පන්න බවක් නම් පෙනෙන්නට නැත. මේදය අඩු සහ රහිත ආහාර පරිභෝජනය කරන්නට තිබුණ ද පෙරටත් වඩා තරබාරු පුද්ගලයන් සිටින බවක් නම් පෙනේ. සැබවින්ම මෙයට හේතුව කුමක්ද?
ඉතිහාසය මුළුල්ලේ මිනිසා ආහාරයට ගනු ලැබුයේ අප සුපිරි වෙලෙඳසල්වල දක්නට ඇති ආකාරයේ සකසන ලද ආහාර නොවේ. කිසිම සැකසීමක් නොකරන ලද ආහාර වර්ගයන්ය. ඒවා සකස් කරන ලද ආහාර මෙන් වේගයෙන් ජීර්ණය වී රුධිරයට එකතු වන්නේ නැත. සකස් නොකරන ලද ආහාර ජීර්ණය වන්නට බොහෝ වේලාවක් ගත වන අතර ඉන් පසුව පමණක් රුධිරයට එකතු වේ. මෙය අපට සොබා දහම හුරු කල ආහාර රටාවයි. ජීර්ණය වන්නේ මිනිත්තු කිහිපයක් ඇතුළත නොව පැය ගණනාවක් ඇතුළතය.
නමුත් අපගේ ආහාරයෙන් මේදය හිතා මතාම ඉවත් කළ විට ගැටලුවක් පැන නගී. මේදය නොමැතිව ආහාරයට රසයක් නැත. එබැවින් ආහාර කර්මාන්තකරුවන් කරන්නේ මේදය වෙනුවට පිරිපහදු කරන ලද කාබොහයිඩ්‍රේට් සකස් කරන ලද ආහාරවලට එක්කිරීමය. මෙහි ප්‍රතිඵලය වන්නේ අධික ලෙස සකස් කරන ලද පිරිපහදු ආහාරයක් අපට ලැබීමය. පසුගිය වසර 20 කාලයක් මුළුල්ලේ මහාචාර්ය ලුඩ්විග් මෙම ආහාර පිළිබඳ පර්යේෂණ සිදු කොට තිබේ. ඔහු පවසන්නේ මේවා ‛කලින් ජීර්ණය වූ’ ආහාර බවය.
කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරවලින් රුධිරයට ඍජුවම සීනී එක් කරයි. එවිට සිරුරින් අධික ප්‍රමාණයක් ඉන්සියුලින් නිපදවයි. සිරුරට ලැබෙන ශක්තිය දහනය නොකර ඒවා සිරුරේ ගබඩා කර ගත යුතුබවට සංඥාව ලබා දෙන්නේ ඉන්සියුලින් මගිනි. මේ නිසා ජීර්ණය වූ කාබෝහයිඩ්‍රේට් නිතර ආහාරයට ගනිත්ම ඉන්සියුලින් ද වැඩි වශයෙන් ස්‍රාවය වන්නට පටන් ගනී. ඉන් පසු සිදුවන්නේ පැය කිහිපයක් තුළ මේ සියලු පෝෂණ ද්‍රව්‍යයන් සිරුරේ ගබඩා වීමය. එවිට සිරුරට දහනය කරන්නට කිසිවක් ඉතිරි වන්නේ නැත. මෙය සමාන වන්නේ ඔබ අතේ වියදමට සතයක්වත් තබා නොගෙන සියලු මුදල් බැංකුවේ තැන්පත් කිරීමකටය.
මේ ආකාරයට කැලරි දහනයක් සිදු නොවන විට මොලය එය තේරුම් ගන්නේ කුසගින්න හැටියටය. අපගේ සිරුරේ මේද සෛලවල අවශ්‍ය තරම් කැලරි ගබඩා වී ඇති බවට පණිවිඩයක් මොලයට යන්නේ නැත. එයට පෙනෙන්නේ රුධිරයෙහි ඇති තරම් කැලරි පවතින බවක් පමණි. මොලය තේරුම් ගන්නේ සිරුරට අවශ්‍ය තරම් ආහාර නොමැති බවකි. මේද සෛලවල කොතරම් කැලරි ගබඩා වී තිබේද යන්න මොලය සැලකිල්ලට ගන්නේ නැත. රුධිරයේ ඇති සීනි බිඳ වැටෙද්දී මොලය ක්ෂණික අවදානමකට ලක් වෙයි. මෙවැනි සකස් කරන ලද ආහාර ගෙන පැය කිහිපයක් යන්නට මත්තෙන් කුසගින්න පිළිබඳ සංඥා ලැබෙන අතර අවශ්‍ය හෝමොන් ස්‍රාවය වීම ද සිදු වෙයි.
ආහාර පාලනය කරන්නන්ට ද මෙය ගැටලුවකි. අප කැලරි ප්‍රමාණය කපා දමා සිරුරේ බර අඩුකරගන්නට උත්සාහ ගන්නවා යැයි සිතමු. එවිට තමාට අහිමි වන ආහාර වෙනුවෙන් සිරුර සටන් කරන්නට පටන් ගනී. එහිදී මුළින්ම සිදුවන්නේ කුසගිනි මට්ටම ඉහළ යාමය. අපට මෙය පැය කිහිපයක් හෝ දින කිහිපයක් දරාගෙන සිටිය හැකිය. නමුත් දිගින් දිගටම මෙසේ ආහාර පාලනය කරත්ම කුසගිනි මට්ටම ද කෙමෙන් තියුණු වන්නට පටන් ගනී. එවිට සිරුරේ මේද සෛලවල තැන්පත්ව ඇති ශක්තිය ග්ලූකෝස් බවට පත්වී රුධිරයට එක්වන අතර රුධිරයේ සීනී අධික වීම වෙනත් අයුරකින් සිරුරේ තරබාරුවට හේතු විය හැකිය.
සැබවින්ම තරබාරුවට විසඳුම ආහාර පාලනය නොව හැකිතාක් සකසන ලද ආහාරවලින් වැළකී සිටීම බව මහාචාර්ය ලුඩ්විග් පවසයි. අප වැළකිය යුත්තේ මේදය සහිත ආහාරවලින් නොව කාබොහයිඩ්‍රේට් සහිත ආහාරවලිනි. මේදය සහිත ආහාරවලින් වැළකීම යනු යල්පැන ගිය අදහසකි. සියලු දෙනා සිදු කල යුත්තේ මිනිසාගේ ස්වභාවික ආහාර රටාවට හැකිතාක් නැඹුරුවීමය. එවිට සිරුරේ ශක්තිය තැන්පත්වීම අවම කොට කැලරි දවාලීම ස්වභාවිකවම සිදු වේ. සිරුර තරබාරුවට පත්වීම මේ අනුව පහසුවෙන් පාලනය කරත හැකි වනු ඇත.
ගෙදර උන්දැත් රෑට හරි හමන් කෑමක් කන්නෙ නෑ ඇඟ අඩු කරගන්නය කියල. හොඳ ලිපියක්.
ReplyDeleteඇත්තටම සිරුරේ බර අඩු කරගන්නට ආහාර නොගෙන සිටීම මෝඩ වැඩක්. ස්වභාවිත ආහාර රටා, ව්‍යායම ආදියට හුරු වෙන්නට පුළුවන් නම් නිරෝගී සිරුරක් හිමිකරගන්නට පුළුවන් වේවි.
Deleteකෑම නොක ඉදියම ලෙඩ වැඩි. කෘතිම ක්ශණික ආහාර වලින් ඈත් වෙනවනම් ඔය කිසිම ප්‍රශ්ණයක් නෑ.
ReplyDeleteඒක ඇත්ත. අද බොහෝ දෙනෙකුට වෙලා තියෙන්නේ කෘත්‍රිම හා ක්ෂණික ආහාරවලට වැඩි වැඩියෙන් ඇබ්බැහිවීමයි.
Deleteගොඩක් වැදගත් ලිපියක්... නෙරන්ජන්ගේ පෝසුටු කොහොමත් එහෙමයි.. කොමෙන්ට් නොකළට හැමදම කියවනවා...
ReplyDeleteදිගටම ලියන්න...
ඔබේ අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි.
DeleteThanks a lot.
ReplyDeleteThank you too.
Deleteමහත්තයො..පොඩි ගැටලුවක් තියෙනවා ..එතකොට ඔය චොකලට් වගේ දේවලුත් කෘතිම ආහාරද..(ඔයා ඉඳලා හිටලා ගෙනෙන චොකලට් එකත් නැති වෙන පොටක් මේක නම්)
ReplyDeleteඉදලා හිටලා චොක්ලට් කෑවට අවුලක් වෙන්නේ නෑ. අනික ඉතිං චොකලට් කියන්නේ විශේෂ ආහාර වර්ගයක් නේ. මෙන්න මේ ලිපිය කියෙව්වට පස්සේ චොකලට් තව කන්න හිතෙයි. ඒ නිසා චොකලට් ගෙන එක නතර වෙන්න විදිහක් නම් නෑ.
Deletehttp://worldbeyondworld.blogspot.com/2014/07/story-of-chocolate.html