පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, June 28, 2016

සල්ලිකාරයන් වෙනුවෙන් හදපු රත්තරන් ෆෝන් - Golden Phones for Rich People

Luxury Gold Samsung Galaxy ALPHA

Full price: £1364.16


අපි ඉතිං සල්ලි එකතු කරලා අමාරුවෙන් ස්මාර්ට් ෆෝන් එකත් ගන්නවා වුණාට සල්ලි තියෙන උදවිය ගන්නේ ලොකු ලොකු ගණන් තියෙන ෆෝන්. මේ ළඟදි අන්තර්ජාලය පීරන කොට අහම්බෙන් වගේ හම්බ වුණා අමුතුම ෆෝන් වර්ගයක්. මේවා අපට මේ සම්ජ්ජාතියේදී නම් ගන්න ලැබෙයි කියලා හිතන්න ආමාරුයි. මොකද මේ ෆෝන්වල පිටත ආවරණය එහෙ පිටින්ම හදලා තියෙන්නේ කැරට් 24 රත්තරන්වලින් නිසයි. සල්ලිකාරයන් වෙනුවෙන්ම මේ ෆෝන් නිෂ්පාදනය කරනා නිසා වෙළෙඳපළට පැමිණෙන්නේත් ඉතා ස්වල්ප ප්‍රමාණයෙන්. මිල රුපියල්වලින් බැලුවොත් ලක්ෂ 2කටත් වැඩියි. මේවා එන ඇසැරුම පවා බලන්න ලස්සනයි. ඉතිං ගන්න විදිහක් නැතත් මේ වගේ ෆෝන් තියෙන බව විතරක් නෙවෙයි ඒවා ගන්න තරමට සල්ලි වියදම්කරන්න මිනිස්සුත් ඉන්නවා කියලා දැනගන්නත් එක්ක මේ විස්තර ටික නිකමට වගේ කියව ගනිමු. 

Luxury Gold Samsung Galaxy S5

Full price: £1264.16

 

Gold Samsung Galaxy S6 Edge Prism

Full price: £2214.00

Gold Samsung Galaxy Note 5 Prism

Full price: £1780.84

Gold Samsung Galaxy S6 Edge Scripto

Full price: £1814.18

Samsung Galaxy S7 Edge Gold Stardust

Full price: £2297.00

දුරකතනය සමග එන ඇසුරුම් පෙට්ටිය

4 comments:

  1. මම නම් කියන්නේ ඉතින් තමුන්ගෙ වැඩ ටික කරගන්න සෑහෙන තරමට සාධාරණ මිලකට පෝන් එකක් ගත්තට කමක් නෑ..ඒත් ඉතින් පොෂ් වෙන්න ,මොඩ් වෙන්න හිතන් මේ වගේ රත්තරන් පෝන් ගන්න එක තේරුමක් නෑ කියලා..හොරු ගත්තොත් අර තරම් මුදල් වියදම් කළ එක අපරාදෙ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඒත් සල්ලිකාරයෝ වුණාම අනෙක් අයට නැති දේවල් තමන් ළග තියෙනවා කියලා පෙන්නන්න කැමැතියිනේ. අන්න ඒ කැමැත්තෙන් වාසිය ගන්න තමයි මේ ෆෝන් කොම්පැනි රත්තරන් ෆෝන් හදලා තියෙන්නේ.

      Delete
  2. රත්තරන් ෆෝන්,රත්තරන් කාර්,රත්තරන් කොමඩ් එහෙම පාවිච්චි කරන්න ගොඩක් කැමති අරාබි ජාතිකයින් නෙමේද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒත් මුස්ලිම් පිරිමි රත්තරන් භාවිතයක් නෑ කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න