අප
අසල්වැසියකු මෑත දිනකදී අපූරු කතාවක් පැවසූයේය. ඔහු පැවසූයේ තමාට වැළඳුණු රෝගයක්
සඳහා විවිධ ස්ථානවලින් ප්‍රතිකාර ගත්ත ද අඩුවක් නොමැති බැවින් පැරණි සිංහල වෙද
මහතකු සොයමින් සිටි බවය. මේ අතරතුරේදී ඔහුට කුරුණෑගලට ආසන්නව පිටිසරබද ප්‍රදේශයට
සිටින එක්තරා විශ්මයජනක වෙද මහතකු පිළිබඳ දැනගන්නට ලැබුණු බවත් ළඟදීම ඔහුගේ ප්‍රතිකාර
ගැනීමට යන බවත් පැවසූයේය. අසල්වැසියා පැවසූ පරිදි මේ වෙද මහතා උපතින්ම වෙදකම් කළ
කෙනෙකු නොවේ. ඔහු සාමාන්‍ය පුද්ගලයකු පරිදි ගමේ ජීවත් වූ තැනැත්තෙකි. කෙසේ හෝ
හදිසියේම ඔහුට සිහිනෙන් පෙනී සිටි එක් පුද්ගලයකු පවසා ඇත්තේ තමන් උඩරට රාජධානි
සමයේ ජීවත් වූ දක්ෂ වෙද මහතකු බවත්, සිය වෙදකම පෙර කී පුද්ගලයාට ලබාදෙන්නට කැමැත්තෙන් සිටින
බවත්ය. එතැන් පටන් අප අසල්වැසියා සඳහන් කළ ‛වෙද මහතා’ගේ අතින් ඉබේම බෙහෙත් වට්ටෝරු ලියැවෙන්නට
පටන් ගෙන තිබේ. මෙය ඔහු හිතාමතා කරන්නක් නොවන බව ඔහු පවසා ඇත. එසේ ඉබේ ලියැවෙන
අවස්ථාවේදී තම අත තමාගේ නොවේය වැනි හැඟීමක් දැනෙන බව ද ඔහු පවසා තිබේ. ඔහු කරා යම්
කිසිවකු ප්‍රතිකාර සඳහා පැමිණෙන අවස්ථාවකදී ආවේශයකදී මෙන් බෙහෙත් සීට්ටු ලියා දී
ඇත.
මේ ආකාරයට
යමක් ඉබේ ලියැවීම පිළිබඳ කතා අසන්නට ලැබෙන මුල්ම අවස්ථාව මෙය නොවේ. මෙහිදී අදාළ
පුද්ගලයා පවසන්නේ එය තමා හිතා මතා කරන දෙයක් නොවන බවය. එය ස්වයංක්‍රීයව ලියැවෙන
බවත්, තමාව ඒ සඳහා
පොළඹවන්නේ මළගිය ආත්මයක් බවත් එවැන්නෝ පවසති. මෙය ‛ස්වයං ලේඛනය’ (Automatic writing) මෙන්ම ඇතැම් ස්ථානවල
‛භූතාරූඪ ලේඛනය’
(Mediumistic writing) යනුවෙන් ද
සඳහන් වේ. 1877 දී ප්‍රකාශයට
පත්ව ඇති De l'intelligence නම් කෘතියේ තෙවැනි
සංස්කරණය සඳහා ප්‍රංශ ජාතික විචාරකයකු මෙන්ම ඉතිහාසඥයක් ද වන හිපොලිටෙ ටේන් විසින්
ලියන ලද පෙරවදනේ ස්වයං ලේඛනය පිළිබඳ සඳහන්ව තිබේ. පෘතුගාල ජාතික ලේඛකයකු වන
ෆර්නැන්ඩෝ පෙසෝවා (1888 - 1935) ද කිහිප තැනක
සඳහන් කොට ඇත්තේ තමාට ද මෙම අත්දැකීම ඇති බවය. ඔහු සඳහන් කොට ඇත්තේ ඇතැම්
අවස්ථාවලදී සිය කැමැත්තකික් තොරව දකුණු අත ඉහළට එසැවී ලියැවෙන්නට පටන් ගත් බවය.
අයර්ලන්ත ජාතික කවියකු සහ විසිවැනි සියවසේ විසූ ප්‍රකට සාහිත්‍යධරයකු ද වූ විලියම්
බට්ලර් යීට්ස් (1865-1939)ගේ බිරිඳ වූ
ජෝර්ජ් හයිඩ්-ලීස් ද මෙවැනි අත්දැකීමට බඳුන් වූ තැනැත්තියකැයි පැවසේ.
ඉංග්‍රීසි
ජාතික මනෝ වෛද්‍යවරයකු වූ විලියම් ෆ්ලෙචර් (1844-1925) සඳහන් කොට ඇත්තේ ලියනු ලබන්නාගේ අත අක්‍රිය තත්වයේ සිටිමින්
මෙවැන්නක් ලියැවෙන බවය. එනම් යම්කිසි පුද්ගලයකු ලවා වෙනත් කුමක් හෝ බාහිර බලපෑමක්
මගින් ‛බලහත්කාරයෙන්
මෙන්’ ලියවන්නක්
බවය. මෙහිදී පැන්සලක් මගින් කරදහියක හෝ බටහිර රටවල ජනප්‍රියත්වයට පත්ව ඇති ‛භූත පුවරු’ (ouijaboard) හෝ ‛ප්ලැංචෙට්ටු’ නම් දැව පුවරු (planchette) මත හෝ ලියැවෙන බව ද
ඔහු වැඩිදුරටත් සඳහන්කොට තිබේ. යම් පුද්ගලයකු ආවේශ වී හෝ එසේ නොමැතිව හෝ මෙය
සිදුවිය හැකිය. සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත The New Revelation නම් කෘතියේ ද
ස්වයං ලේඛනය පිළිබඳ සඳහන්ව තිබේ. ඇමරිකානු ජාතික භෞතික විද්‍යා පර්යේෂකයකු වූ
තෝමස් ජෝ හඩ්සන් (1834-1903) සඳහන් කොට
ඇත්තේ ස්වයං ලේඛනය සඳහා හේතු වන්නේ මිය ගිය ආත්මයක් නොව යම්කිසි පුද්ගලයකුගේ යටි
සිත බවය.
මේ ආකාරයට මෑත
ඉතිහාසය මුළුල්ලේම මෙවැනි ස්වයං ලේඛන සිදුවීම් ලෝකයේ බොහෝ ස්ථානවලින් වාර්තාවන්නට
වූයෙන් ඒ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ රැසක්ම සිදුකරන ලදී. මේ සියලු පර්යේෂණවල ප්‍රතිඵල
මගින් පැවසෙන්නේ ස්වයං ලේඛනය සඳහා හේතු වන්නේ ‛සංකල්ප චාලක ශක්තිය’ හෝ ‛මනෝ චාලක අනුඵල (ideomotor
effect) බවය. මෙම
යෙදුම වර්ෂ 1852 දී විලියම්
බෙන්ජමින් කාපෙන්ටර් විසින් සිය විද්‍යාත්මක පත්‍රිකාවක සඳහන් කොට තිබේ.
සමාජ
පිළිගැනීම දැඩිව ලබාගන්නට කැමැත්තෙන් පසුවන, නමුත් ඒ සඳහා සාමාන්‍ය විධීන් අනුගමනය
කිරීමෙන් එය ලබාගන්නට නොහැකි වන පුද්ගලයන් තුළ ඇතිවන අපේක්ෂාභංගත්ව මානසිකත්වය
නිසා පසුකාලීනව ඔවුන් තුළ මනෝ චාලක අනුඵල තත්වයක් ඇතිවය හැකිය. මෙය ඔවුන්ටම නොදැනී
සිදුවන දෙයක් වන අතර එවිට අදාළ පුද්ගලයා තුළ බොහෝ විට ඔහු ද නොදන්නා පුද්ගලයකු
ජීවත්වන්නට පටන් ගනී. අදාළ පුද්ගලයා සිතන්නේ තමා තුළ සිට තමාව මෙහෙයවන බාහිර
බලවේගයක් පවතින බවය. එවිට ඔහුට නොදැනුවත්වම ඔහුගේ අතින් යම් යම් දේ ලියැවෙන්නට
පටන් ගනී. නමුත් සැබැවින්ම ඔහු අතින් ලියැවෙන්නේ බාහිර බලපෑමකින් ලැබෙන තොරතුරු
නෙවේ. ඔහු ජීවිත කාලයක් පුරා දැක, අත්දැක ඇති විවිධ සිදුවීමය. එක්කෝ කරන්නට කැමැත්තෙන්
සිටි දේවල්ය. මේවා ඔහුට මතක නැතත් ඔහුගේ
යටි සිතෙහි තැන්පත්ව තිබේ. නමුත් ඒවා තමාගේ අත්දැකීම ලෙස හෝ තම චරිත ලක්ෂණ ලෙස
පිටතට පෙන්වීමට තරම් ශක්තිමත් පෞර්ෂයක් ඔවුන්ට නැත. එබැවින් ඒ සඳහා වෙනත් බාහිර
පුද්ගල පෞර්ෂයක් මෙය ඈඳා ගනියි. මිය ගිය ශක්තිමත් පෞර්ෂීය ලක්ෂණ ඇත්තකු මෙය ඈඳා
ගැනෙන්නේ එබැවිනි. නමුත් මෙය සිදුවන්නේ හිතාමතා නොවේ. මෙම මානසිකත්වය ඇති වූ විට
එය තම මානසිකත්වයේ ගැටලුවක් බව අදාළ පුද්ගලයාට දැනෙන්නේ ද නැත.
පර්යේෂණවලින්
හෙළිවී ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ මොලයේ දකුණු අර්ධය හානියට පත් වූ ඇතැම්
රෝගීන්ගෙන් ද මෙම ස්වයං ලේඛන තත්වය වාර්තා වී ඇති බවයි. මෙවැනි තත්වයකට පත් වූ
පුද්ගලයකුගෙන් සිදුවිය හැකි අනතුරුදායක තත්වයන් ද බොහොමය. නිදසුනක් ලෙස වෛද්‍යරයකු
නොවන යමෙක් වෛද්‍යවරයකු ලෙස හැසිරෙමින් මෙසේ ස්වයං ලේඛනය ඔස්සේ ප්‍රතිකාර කරන්නේ
යැයි සිතුවහොත් ඔහු අතින් නියම කෙරෙන බෙහෙත් වට්ටෝරු නිවැරදි ඒවා නොවන්නට ඇති ඉඩ
බොහෝය. ඒවා බොහොමයක් හරි හෝ වැරදි හෝ වේවා මේ සියල්ල ඔහුගේ යටි සිතේ තැන්පත්ව ඇති තොරතුරුය. මේ නිසා
මිය ගිය පුද්ගලයකුගේ ආවේශයෙන් ප්‍රතිකාර කරන්නන්, සාස්තර කියන්නන්, අනාවැකි පළකරන්නන් ආදීන්ගෙන් ප්‍රවේශම් වීම
වඩා ගුණදායකය.
https://en.wikipedia.org/wiki/Z%C3%A9_Arig%C3%B3
ReplyDeleteNice description but I always think there are things which are beyond our perception. Still science is not something perfect. I don't know, this is way I think. Thank you.
Above link has related information about a farmer who did surgeries without prior practice.
There may be lots of things beyond our knowledge. But as per the knowledge, science has given to us, these kind of things mainly from mental disorders.
Deleteවටින ලිපියක්...ප්‍රස්නයක් උනාම ඕනෙම මිත්‍යාවක් පස්සේ යන්ඩ අපේ අය හරි දස්සයි....
ReplyDeletesinhala bloggala.
ඔව් ඒක ඇත්ත. විශේෂයෙන් සුව කළ නොහැකි ලෙඩ රෝග වැළදුණු අවස්ථාවලදී සිහිනෙන් පැවසූවා යැයි කියමින් බෙහෙත් නියම කරන අවස්ථා ද දකින්නට පුළුවන්.
Deleteමේ ජාතියේ වෙද්දු වෙන්න ඇති රටේ වෙද්දු කියන්නේ.
ReplyDeleteමේ වගේ මිනිස්සු නම් රටේ වෙද්දුම තමයි.
Delete