පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, July 17, 2016

බ්‍රිතාන්‍ය නව අගමැතිනිය මාරි යකඩියක් වෙයිද? - Wll New British Prime Minister become an iron Lady?


මහා බ්‍රිතාන්‍යය නව නායකත්වයක් යටත්ට පත් ව තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ වර්තමාන අගමැති තනතුරට පත්ව සිටින්නේ කාන්තාවක වීමය. අවසන් වරට මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරියක සිටියේ අදින් වසර විසි හයකට පෙරය. ඒ 1979 - 1990 අතර සමයේ මහා බ්‍රිතාන්‍යය පාලනය කළ. යකඩ ගැහැනියනමින් විරුදාවලි ලත් මාග්‍රට් තැචර්ය. ඉන් පසු නැවත අගමැතිවරියක මහා බ්‍රිතාන්‍යයට හිමි වන්නේ මේ 2016 වසරේදීය. ඒ  කෘතහස්ත දේශපාලඥවරියක වන තෙරේසා මාරි මේ’ (Theresa Mary May) ය. ඇය පත්වන්නේ ද හිටපු අග්‍රමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ දේශපාලන පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයෙනි. බැංකු ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ තෙරේසා දේශාපාලනයට සම්බන්ධ වී විවිධ තනතුරුවලට පත් වූවාය. මහා බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් ස්වදේශ කටයුතු ලේකම්වරියක ලෙස සේවය කොට ඇත්තේ ද ඇය ය. මෙසේ වගකිව යුතු තනතුරු දරමින් කෙමෙන් අග්‍රාමාත්‍ය තනතුර දක්වා වූ දිගු ගමන දැන් සම්පූර්ණ වී තිබේ. මාග්‍රට් තැචර්ගෙන් අනතුරුව කොන්සර්වේටිව් පක්ෂයෙන් බිහිවුණු ප්‍රබලතම කාන්තාව ද තේරේසා මේ ය. 

1956 වසරේ ඔක්තෝබර් 1 වැනිදා සසෙක්ස් ප්‍රාන්තයේ ඊස්ට්බෝර්න් හි උපත ලද තෙරේසා සිය මව්පියන්ගේ එකම දරුවාය. ඇගේ පියා එංගලන්ත සභාවේ පූජකවරයෙකි. ඔක්ස්ෆර්ඩ්ෂයර් ප්‍රාථමික පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කළ තෙරේසා ඔක්ස්ෆර්ඩ් සරසවියේ භූගෝල විද්‍යාව පිළිබඳ දෙවැනි පංතියේ සාමාර්ථයක් සහිත ශාස්ත්‍රවේදී උපාධිධාරිනියකි. බැංකුකරුවකු වූ පිලිප් මේ සමග විවාහ වී වසර 36ක් ගතවී ඇති අතර ඔවුනට දරුවන් නොමැත. 
 
විවාහ වූ අලුත
 
වර්තමානයේදී සිය සැමියා සමග

තෙරේසා මේ මහ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය බවට පත් වන්නේ මහජනයා විසින් ඡන්දය ලබාදෙන මැතිවරණයකින් නොවේ. කොන්සර්වේටිව් පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර පවත්වනු ලැබූ ඡන්ද විමසීමක ප්‍රතිඵලයක් ලෙසය. යුරෝපීය සංගමයෙන් මහා බ්‍රිතාන්‍යය ඉවත් විය යුතුද නැද්ද යන්න සඳහා පැවැත්වූ ජනමත විචාරණයේදී බහුතරයක් පවසා සිටියේ ඉවත් විය යුතු බවය. හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පවසා සිටියේ යුරෝපීය සංගමයෙන් ඉවත්වන්නට වැඩි දෙනෙක කැමැති වුවහොත් තමා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වන බවය. අවසානයේ ජනමත විචාරණයෙන් ලැබුණේ් මහා බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ඉවත් විය යුතුය  යන ප්‍රතිඵලයය. නීත්‍යානුකූලව කොන්සර්වේටිව් පක්ෂයට මහා බ්‍රිතාන්‍යයේ බලයේ රැදී සිටීමට තව කාලය ඉතිරිව ඇති බැවින් හිටපු කැබිනට් මණ්ඩයේ ඇමැතිවරුන් අතර පැවැත්වූ ඡන්ද විමසීමකින් තෙරේසා මේ ජයග්‍රහණය කළාය. ඇය මහා බ්‍රිතාන්‍යයේ අග්‍රමාත්‍ය තනතුරට පත්වන්නේ එපරිද්දෙනි. 

කෙසේ වෙතත් මහා බ්‍රිතානයේ අගමැති තනතුරට තෙරේසා මේ පත්වීම ගැන පොදු ජනතාවගේ එතරම් සතුටක් නොමැති බැව් පෙනෙන්නට තිබේ. ඒ ඇය මුල් කාලයේ සිට දැක්වූ විවිධ අදහස් හේතු කොට කොගෙනය. 

ඇය යම් අයුරකින් අග්‍රමාත්‍ය තනතරට පත්වුවහොත් මහා බ්‍රිතාන්‍යයේ කාන්තාවන් අමාරුවේ වැටෙනතත්වයක් උද්ගත වන ඇතැමන්ගේ අදහස විය. එසේ වන්නට හේතුව වූයේ ඇය පෙර අවස්ථා කිහිපයකස්ම කාන්තා අයිතීන් කෙරෙහි යම් යම් විවේචනාත්මක අදහස් පළ කළ බැවිනි 


මහා බ්‍රිතාන්‍යය තුළ මුස්ලිම් අනත්වාදය හිස ඔසවමින් පවතින බව මෑතක සිය එරට ජනතාව පවසයි. මේ නිසාම එහ සිටින මුසුලිම් ජාතිකයන් පිළිබඳ බහුතර බ්‍රිතාන්‍ය වැසියන්ගේ පැහැදීමක් නැත. අනෙක යුරෝපයේ බොහෝ රටවලටද මුස්ලිම් අන්තවාදී තර්ජන දැඩිව පවතී. නමුත් තෙරේසා මේ පවසන්නේ මෙතෙක් කල් එරට පැවති එක නීතියක්යන සම්ප්‍රදාය අතහැර ෂාරියා නීතිය මහා බ්‍රිතාන්‍යය තුළ පිහිටුවීම පිළිබඳ සළකා බලන බවය. 

එරට සාංක්‍රමණික නීතිය සංශෝධනය කරන්නට ද ඇය අදහස් කොටගෙන සිටින අතර එයින් පහර වදින්නේ එරට විවිධ කටයුතු සඳහා ජීවත්වන විදෙස් පුද්ගලයන්ටය. විශේෂයෙන් යුරෝපීයයන් නොවන්නවුන්ට එය්න් දැඩි බලපෑමක් එල්ල විය හැකිය. ඇය පවසන්නේ විදසේ රටවලින් පැමිණ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන පිරිස් නිසා එරටට අධික විදේශ විනිමයක් ලැබුණ ද ඔවුන් මහා බ්‍රිතාන්‍යයේම නතර වී රැකියාකරන්නට පටන් ගැනීම තම රටට විශාල බරක් බවය. 

විදේශිකයන් හා විවාහ වී සිටින බ්‍රිතාන්‍ය වැසියන්ට ද තෙරේසි මේ අනතුරු හඟවයි. ඇය පවසන්නේ යුරෝපීය නොවන පුද්ගලයෙක් සමග යම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විවාහ වී සිටින්නේ නම් එම විදෙස් සැමියාට හෝ බිරිඳට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා නොදෙන බවය. මෙය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුවත් ඇය එය ක්‍රියාත්මක කරන්නට සැරසනෙ බව පෙනෙන්නට තිබේ. එමෙන්ම බ්‍රිතාන්‍යයේ ජීවත්වන්නට කැමැත්ත පළ කරන විදේශිකයන්ට ද පුරවැසිභාවය ලබාගැනීම ඉදිරියේදී දුෂ්කර කටයුත්තක් වනු ඇත. මෙහිදී සිදුවන්නේ දහස් ගණන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට එරටින් පිටව යන්නට සිදුවීමය. ඒ තෙරේසා මේ ගේ නීතය හමුවේ සිය පවුල් කඩා බිඳ දමා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නැති බැවිනි. 

තෙරේසා මේ ගේ අභිප්‍රාය වනවා ඇත්තේ මහා බ්‍රිතාන්‍යය තුළ තවත් මාග්‍රට් තැචර් කෙනෙකු බවට පත්වීම විය හැකිය. කෙසේ නමුත් මාග්‍රට් තැචර්ටට හිමි වූ තරම් ජනප්‍රසාදයක් තෙරේසා මේ ට හිමිව නැති බැව් පෙනෙන්නට තිබේ. දේශපාලන විචාරකයක් පවසන්නේ ඇය මාග්‍රට් තැචර් කෙනෙකු නොව ජර්මන් චාන්සල්ර් ඇන්ජෙලා මර්කෙල් කෙනෙක් බවට පත්වන්නට වැඩි හැකියාවක් ඇති බවය. කෙසේ නමුත් තෙරේසා තවම මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වූවා පමණකි. සියල්ලටම තව කාලය තිබේ.

5 comments:

  1. දැන් යුරෝපයේ අයිසිස් හිස ඔසවන කාළය.. උන් මුළු යුරෝපයම ඉස්ලාම දහමට හරවනවා කියලා කියලා තියෙන්නේ.. මේ වෙන්නේ ඒක ලේසී කරන එක...

    කොහොමත් අපිට පාඩම් උගන්වන්න ආපු අය පාඩම් ඉගෙන ගන්නවා දකින මූසල ආසාවක් හිතේ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. යුරෝපය අයිසිස් එකේ තර්ජනයට දැන් තදින්ම නතු වී ගෙනයි යන්නේ. සමහර විට ඒ තර්ජනවලින් යම් අස්වැසිල්ලක් ගන්න අලුත් අගමැතිනිය ෂාරියා නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් බ්‍රිතාන්‍යයත් අයිසිස් ප්‍රහාරවලට ලක්වෙන්න තියෙන ඉඩකඩ නම් වැඩි බව තමයි හිතෙන්නේ.

      Delete
  2. හිකිස්...මට පේන විදිහට නම් බ්‍රිතාන්‍යයේ ගෑණු අයත් ෆර්දාව අඳින කාලය වැඩි ඇතක නෙමෙයි වගේ..ඇයි ඉතින් කාන්තා අයිතීන් එහෙමත් ඩිලීට් කරනවලුනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රංශයට වගේ අයිසිස් ප්‍රහාර දෙක තුනක් වදින කොට තෙරේසා කියයි අපිත් ෆර්දාවම අදින්නම්, ප්‍රහාර එල්ල කරන්න එපා කියලා. එතකොට මුස්ලිම් කාන්තා අයිතිවාසිකම් හරි ආරක්ෂා වෙනවනේ.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න