පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, July 24, 2017

අඩු වයසේ නායකයෝ - World's Youngest Leaders

නායකයෙක් වන්නට නම් බොහෝ ජීවිත අත්දැකීම් තිබිය යුතුය. රටක නායකයෙක් පිළිබඳ සැලකීමේ දී මෙය අනිවාර්යය. ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්වීමේ දී වයස සලකා බැලෙන්නේ මේ නිසාය. අප රටේ වුව ජනපති ධුරය සඳහා තරුණ වියෙහි පුද්ගලයකු ඉදිරිපත් වන්නේ කලාතුරකින් වන අතර යම් හෙයකින් ඉදිරිපත් වුව ද ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්නට බොහෝ දෙනෙකු තුළ එතරම් කැමැත්තක් නැත. නමුත් සෑම විටම එසේ වන්නේ ද නැත. තරුණයෝ ද ලෝකයේ රාජ්‍ය නායකයන් බවට පත් වෙති. 


වර්තමානයේ ද එවැන්නෝ සිටිති. වර්තමාන ප්‍රංශ ජනපතිවරයා වන එම්මානුවෙන් මැක්‍රෝන් එවැන්නෙකි. ඔහු තිස් නව වැනි වියේදී ජනපති පදවියට පත් විය. ඔහුගේ සම්ප්‍රාප්තියෙන් පසු තරුණ රාජ්‍ය නායකයන් පිළිබඳ ලෝකයේ කතා බහට ලක්වන්නට පටන් ගත් බවක් පෙනුණි. තරුණ රාජ්‍ය නායකයන් සිටින්නේ ඔහු පමණක්ම දැයි ඇතැමෙක් අසන්නට වූහ. මේ එයට පිළිතුරක් වන්නට පුළුවන.


ජිග්මේ ඛේසාර් නාම්ග්යෙල් වන්ග්චුක්


1980 පෙබරවාරි 21 උපන් දැනට 37 වැනි වියෙහි පසුවන ජිග්මේ, භූතානයේ රජු ය. වජ්‍රයාන බෞද්ධයකු වූ ඔහු එහි රාජ්‍යත්වය පත් වන්නේ සිය පිය රජු වූ ජිග්මේ සිංග්යේ වන්ග්චුක් ගේ ඇවෑමෙන් පසුවය. සිය ද්විතීයික අධ්‍යාපනය භූතානයේ දී හැදෑරීමෙන් පසු  ඇමරිකා එක්සත් ජනපදයේ දී සහ එක්සත් රාජධානියේ දී උසස් අධ්‍යාපනය හැදෑරුවේය. ඔහු එහිදී විදේශ සේවය ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සිය දැනුම දියුණු කරගත්තේය. එමෙන්ම ඉන්දියාවේ ලාල් බහදුර් ශාස්ත්‍රී ජාතික පරිපාලන ඇකඩිමියේ දී පරිපාලනය පිළිබඳ පාඨමාලාවක් ද සම්පූර්ණ කොට තිබේ.

තමිම් බින් හමාඩ් අල් ථානි


ඔහු කටාර් හි එමීර් වරයා වේ. එමීර් යනු කටාරයේ රාජ්‍ය නායකයා ය. 1980 ජූනි 5 වැනිදා උපන් ඔහු දැනට 36 වැනි වියෙහි පසු වෙයි. ඔහු මෙයට පෙර සිටි එමීර්වරයා වූ හමාඩ් බින් ඛලීෆා අල් ථානි ගේ සිව්වැනි දරුවාය. සිය පියාගේ ඇවෑමන් අනතුරුව ඔහු මෙම තනතුරට සුදුසුකම් ලද්දේය.

කිම් ජොන් උන්


කිම් ජොන් උන් යනු උතුරු කොරියාවේ උත්තරීතර නායකයා වේ. විකිපීඩියාව ඔහුගේ උපන් දින දෙකක් ගැන සඳහන් කරයි. ඉන් එකක් 1984 ජනවාරි 8 වැනිදා වන අතර අනෙක 1984 ජූලි 5 වැනිදාය. කෙසේ වුවත් ඔහු දැනට 33 වැනි වියෙහි පසු වෙයි. උතුරු කොරියාව යනු ලෝකයේ වැසුණු රටක් බැවින් ඔහු පිළිබඳ දැනගන්නට ලැබෙන තොරතුරු ස්වල්ප වන අතර ඒවා ද කෙතරම් දුරකට නිවැරදි දැයි කිව නොහැකිය. සිය පියා වූ කිම් ජොන්ග් ඉල් ගේ අවමංගල්‍යය දා ඔහු උතුරු කොරියාවේ රාජ්‍ය නායකත්වය පත් විය.

වැනෙස්සා ඩිඇම්බ්‍රාසියෝ


වැනෙස්සා යනු ඉතාලි අර්ධද්වීපයේ පිහිටි ස්වාධීන රාජ්‍යයක් වූ සැන් මැරීනෝ ජනරජයේ රාජ්‍ය නායිකාව වේ. එහි රාජ්‍ය නායිකාව හඳුන්වනු ලබන්නේ කැප්ටන් රීජන්ට්යන නමිනි. 1988 අප්‍රේල් 26 වැනිදා උපන් ඇය දැනට 26 වැනි වියෙහි පසුවන්නීය. ජනතා ඡන්දයෙන් තේරී පත් වුණු ඇය සැන් මැරීනෝ වේ මෙතෙක් පත් වූ ලාබාලතම රාජ්‍ය නායිකාව වේ. 

9 comments:

  1. ඉතාමත් හොඳ ලිපියක්. නවතොරතුරු එකතුකරන්නෙකුට මෙය හරිම වැදගත් වගේම ටිකක් මහන්සිවෙලා කරන ලද නිර්මාණයක් බව පේනවා.
    විචරක දියණිය.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  2. ලංකාවෙත් කවුරුහරි තරුණයෙක් දමං නම් හොඳයි. බලයෙන් දුෂණය වෙන්න කල් තියනවනේ එතකොට.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියනනේ දැන් නම් විශ්වාස කරන්න පුළුවන් විදියේ තරුණ නායකයෙක්වත් නැති එකයි.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න