අපේ ඉතිහාසයේ
ඉලනාග රජතුමා සම්බන්ධව සිදුවීම් කිහිපයක්ම හමුවෙනවා. ඉලනාග රජකමට පත්වෙන්නේ සීවලී
රැජින සිහසුනෙන් පළවා හැරීමෙන් පසුවයි. රාජාභිෂේකයෙන් පසු ඉලනාග රජතුමා සිරිත්
පරිදි තිසා වැවේ දිය නෑමට යනවා. මේ වෙලාවේ අනිවාර්යයෙන්ම අමාත්‍ය මණ්ඩලය ද රජු සමග
මේ අවස්ථාවට සහභාගී විය යුතුයි. එය රාජ ගෞරවය වෙනුවෙන් සිදු කරන දෙයක්. රජතුමා දිය
නා ආපසු යාමට සූදානම් වෙද්දී දුටුවේ ලම්භකර්ණ වංශයට අයත් රාජ නිලධාරීන් පිරිස
රජතුමාටත් කලින් පිටත්ව ගොස් ඇති බවයි.
ඒ කාලයේ පැවති
චාරිත්‍රවලට අනුව මෙවැනි ක්‍රියාවකින් පෙනෙන්නේ රජුව නොසලකා හැරීමක්. ඒ වගේම එය
තවත් අතකින් රාජද්‍රෝහී ක්‍රියාවක් ද වෙනවා. මෙයින් කෝපයට පත් රජතුමා රුවන්වැලි
මහා සෑය කරා යාමට තනමින් සිටි පාරක වැඩ කරන්නට ඔවුන්ව යොදවනවා. ලම්භකර්ණ වංශිකයන්
උපතින්ම පුහු මාන්නයෙන් සිටි පිරිසක්. එවැනි පිරිසක් පාරේ වැඩ කරනු දැකීම සාමාන්‍ය
ජනතාවගේ සතුටට කාරණයක් වුණා. රජතුමා එතැනින් නැවතුණේ නැහැ. ඔහු කළේ සමාජයේ පහත්
යැයි සැලකෙන චණ්ඩාල වංශිකයන් පිරිසක් වැඩ පරීක්ෂා කිරීම සඳහා යෙදවීමයි.
මේ සිදුවීම
නිසා ලම්භකර්ණ වංශිකයන්ගේ සිත තදින්ම පෑරෙනවා. ඔවුන් පසුව කුමන්ත්‍රණයක් කොට රජුව
සිර ගතකොට රාජ්‍ය පාලනය ඔවුන් අතට ගන්නවා.
කෙසේ වෙතත්
රජු මේ සිරබත් කෑමෙන් නිදහස් වෙනවා. ඒ ගැන මහාවංශයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා.
“තම සැමියාත්
බිළිඳු දරුවාත් මරා දමතැයි ඉලනාග බිසව බියෙන් බලා සිටියාය. දරුවා දාමරිකයන් අතින්
මිය යනවාට වඩා මඟුල් ඇතාගේ පයට පෑගී මිය යාම හොඳ යැයි සිතූ ඈ දරුවාව ඇඳුම්
පැළඳුම්වලින් සරසා ඇතා ඉදිරිපිට තැබුවාය. යමක් තේරුම් ගත්තා මෙන් ඇතා බිළිඳා
හොඬයෙන් ගෙන පිටේ තබා ඉලනාග රජු සිරකර ගෙන සිටි කුටිය කරා දිව ගොස් එහි බිත්ති බිඳ
රජු බේරාගෙන කිසි උවදුරක් වන්නට ඉඩ නොදී මහාතිත්ථ නැව් තොටට ගෙන ගියේය. රජු එහි
නැවැත්වූ ඇතා ඉක්බිතිව හුදකලාව කඳුකර වනාන්තරයට ගියේය.”
මහාතිත්ථ නැව්
තොටින් නැව් නැග ඉන්දියාවට ගිය ඉලනාග රජු අවුරුදු තුනක් එහි වාසය කොට එරට
සෙබළුන්ගේ ආධාර ඇතිව ලංකාවට පැමිණ නැවත රාජ්‍යය අල්ලා රජ බවට පත් වෙනවා. තමාට
සතුරුකම් කළ ලම්භකර්ණ වංශිකයන්ගේ හිස ගසා දැමීමට රජු තීරණය කළත් බිසවගේ බලවත්
ඇවටිල්ල හමුවේ ඔවුනට අභය දානය ලබා දෙනවා. නමුත් ඔවුන් විසින් අදින ලද රථයකින් නගරය
පුරා සංචාරය කරන රජු එය අවසන් වූ වහාම ඔවුන්ගේ නාසා සහ පා ඇඟිලි කපා දැමූ බව
ඉතිහාස කතාවලින් දැනගන්නට ලැබෙනවා.
ලම්භකර්ණ වංශිකයින්ගේ සේවකයින්/වහලුන් විදිහට ඉඳල ඔවුන්ගේ වැටීමෙන් පසුව කැලයට පලාගියයි කියනකන්පොත්තෝ/කන්පෙත්තෝ නැමති මිනිස්සු කොටසක් ගැන තියන ප්‍රවාද ගැන මොනවත් දන්නවනම් කියන්න පුලුවන්ද?
ReplyDeleteඑහෙම පිරිසක් ගැන නම් අහලා නැහැ. හැබැයි හොයන්න වටින තොරතුරක්. හම්බ වුනොත් ලියන්නම්.
Deleteකන්පෙත්තෝ කියලා ගූගල් සෙවුමක් කළාම දිවයින පත්තරේ පළවුණු මේ විස්තරය හමු වෙනවා.
Deletehttp://www.divaina.com/2012/02/09/sarasavi%204.html
එකේ කියවෙන විදියට මේ අය ඉඳලා තියෙන්නේ සබරගමුවේ. මා ළඟ සබරගමුව ගැන ලියවුණු පොත් කීපයක් තියෙනවා. බලමු හොයා ගන්න පුළුවන් වෙයිද කියලා විස්තරයක්.
Ela!
ReplyDeleteThank you
DeleteThanks
ReplyDelete