පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, November 1, 2020

නොස්ට්‍රඩෑමුස් කොරෝනා වෛරසය ගැන කීවාද? Did Nostradamus predict the coronavirus outbreak?



මයිකල් ඩි නොස්ට්‍රඩෑම්, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි නොස්ට්‍රඩෑමුස් කියන්නේ ක්‍රි.ව. 1503 - 1566 අතර සමයේ ප්‍රංශයේ ජීවත් වූ ජ්‍යෝතීර්වේදියෙක් සහ භෞතික විද්‍යාඥයෙක්. කෙසේ නමුත් ඔහු ලෝකයේ ප්‍රසිද්ධියට පත් වුණේ අනාවැකි පළකරන්නකු හැටියටයි. අනාගත ලෝකයේ සිදුවිය හැකි දේවල් අඩංගු වන්නේ ඔහුගේ මේ අපූරු අනාවැකි එකතු කොට සම්පාදනය කරන ලද Les Propheties නම් ග්‍රන්ථයේ යි. ඔහුගේ අනාවැකි මෙහි අඩංගු වී ඇත්තේ සිව් පද ලෙසින්. ඔහුගේ මේ ග්‍රන්ථයේ අඩංගු වූ අනාවැකි සැබෑ වූ බව පැවසෙනවා. කෙසේ නමුත් ඒවායේ එක එල්ලේම අදාළ සිදුවීම් පිළිබඳ සඳහන් කොට නැහැ. මේ අනාවැකි විශ්ලේෂණය කිරීමෙන් පමණයි ඒවායෙන් පැවසුණු අනාවැකිය ගැන දැනගත හැකි වන්නේ.


අනාවැකි සහිත L es Prophetiesග්‍රන්ථය



පසුගිය කාලයේ ලෝකයේ සමාජ ජාලවල ඔහුගේ එක් අනාවැකියක් සංසරණය වුණා. එය සරල බසින් මෙසේ සඳහන් කළ හැකියි.


“උදාවෙයි නිවුන් වසරක්

නැගී සිටියි රැජිනක් පෙරදිගින් සපැමිණි

ඇය පතුරුවයි වසංගතයක් අඳුරු රැයේ දී

සත් කඳු ඇති දේශයේ 

මිනිසුන් හැරෙයි දුහුවිල්ලට

ලොව නැසී වැනසී යයි”


මෙය විශ්ලේෂණය කොට ඇත්තේ මේ ආකාරයෙන්.


“උදාවෙයි නිවුන් වසරක් (2020)

නැගී සිටියි රැජිනක් (Queen = Corona) පෙරදිගින්  (චීනයෙන්) සපැමිණි

ඇය පතුරුවයි වසංගතයක් (වෛරසය) අඳුරු රැයේ දී

සත් කඳු ඇති දේශයේ (ඉතාලිය)

මිනිසුන් හැරෙයි දුහුවිල්ලට (මරණය)

ලොව නැසී වැනසී යයි”


අපේ රටේ සමාජ මාධ්‍යවල කෙසේ වෙතත් ලෝකයේ සෙසු රටවල, විශේෂයෙන් යුරෝපයේ සහ ඇමරිකාවේ මෙය ශීඝ්‍රයෙන් පැතිර ගියා. නොස්ට්‍රඩෑමුස් කොරෝනා පිළිබඳ අනාවැකියක් පළ කළා පමණක් නොව එය සත්‍යයක් බවට ද පත් වූ බවයි සමාජජාලවල ස්ථාපිත වුණේ.


නමුත් පසුව සොයා ගත්තේ මෙවැන්නක් නොස්ට්‍රඩෑමුස් විසින් පවසා නොමැති බවයි. ඔහුගේ සියලු අනාවැකි සහිත කෘතියේ මෙවැන්නක් සඳහන්ව නැති බව නිව්යෝර්ක් සරසවියේ ප්‍රඞශ භාෂාව, ප්‍රංශ භාෂා අධ්‍යයනය සහ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ස්ටෙෆානි ගර්සන් රොයිටර් පුවත් සේවය හමුවේ අනාවරණය කළා. නොස්ට්‍රඩැමුස් සිය අනාවැකි පළ කොට ඇති ශෛලිය සියුම් ව අනුගමනය කරමින් මේ බොරු අනාවැකිය නිර්මාණය කොට සමාජමාජවලට මුදාහැර ඇති බවටයි අවසානයේ තීරණය කෙරුණේ. 




4 comments:

  1. ඔයවගේ දේ දැන් ගොඩක් එයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දැන් ඔය විශ්ව ශක්තියෙන් කොරෝනා සනීප කරන වැඩත් පටන් අරන් තියෙන්නේ.

      Delete
  2. (තොරතුරු )තාක්ෂණයේ දියුණුව සමග බොරු හා මිත්‍යා විස්වාස වැඩිවීම නොස්ට්‍රඩාමුස්ටවත් ප්‍රෙඩික්ට් කරන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. අනාගතයේ මිත්‍යා විශ්වාස මේ තරම් වැඩිවෙලා ඔඩු දුවයි කියලා නොස්ට්‍රඩෑම් හීනෙන්වත් හිතන්න නැතිව ඇති. ඒකයි එහෙම එකක් ගැන අනාවැකි කියන්න මතක් වෙන්න නැතිව ඇත්තේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න