පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, March 27, 2015

හිනා යයි කියල හිතෙන කතාවක් 2 - My Joke Stories


අපේ ගෙදර වතුර කරාමයක් කැඩිලා.  අලුතින් එකක් දාන්න ඕන වුණා. 

ඒකට මුළින්ම වතුර වහලා ඉන්න ඕන නේ. 

මම ගේට් වෑල්ව් එක වහන්න ගියා. 

මීට කලින් වතාවක ගේට් වෑල්ව් එක වහන්න ගිහින් ඒකේ එක අණ්ඩක් කැඩිලා තිබුණේ. 

මම ඉතිරි අණ්ඩට පයිප්ප කෑල්ලක් දාලා ගේට් වෑල්ව් එක වහන්න ගියා. 

හුටා පටස්! ඒ අණ්ඩත් කැඩුණා. 

දැන් මොකද කරන්නේ? 

වතුර වහන්න විදිහක් නෑ. 

යාළුවකුගේ ගෙදර ස්පැනර් (මේක කියැවෙන්නේ ඉස්පැනර් කියලා) එකක් තිබුණා. 

ඒකෙන් ගේට් වෑල්ව් එක වහලා වැඩේ කරගන්න පුළුවන් කියලා හිතුණ නිසා යාළුවට කෝල් කළා. 

එහා පැත්තෙන් කතා කළේ යාළුවගේ අම්මා. 

“වසන්ත ඉන්නවද අම්මේ?” 

පුතා නානවනේ” 

පස්සේ මම කවුද කියලා අඳුන්නලා දීලා මගේ අවශ්‍යතාවය කිව්වා. 

අම්මේ වසන්ත හන්දියේ පැත්තේ යනවා නම් ඉස්පැනර් එක අපේ ගෙදරට දීගෙන යන්න කියනවද” 

හා පුතේ මම කියන්නම්” 

යාළුවගේ අම්මා එහෙම කියලා ෆෝන් එක තිබ්බා. 

ඊට පැයකට විතර පස්සේ වසන්ත එනවා අපේ ගෙවල් පැත්තේ. 

මිනිහා වීල්බැරෝ එකක බැරල් එකක් පටවගෙන එනවා. 

මම බැලුවා මේ මොකද කියලා. 

මොකද බං මේ බැරල් එකක් අරන්? කොහේද යන්නේ?” 

කොහේ යන්නේද කියලා අහන්නේ? මෙහේ තමයි.” 

වසන්ත කිව්වා. 

මම බැලුවා මේ මොකක්ද කියලා. 

ඉතිං මට මොකටද බං බැරල් එකක්?” 

ඇයි බං අම්ම කිව්වේ උඹ හිස් බැරල් එක අරන් එන්න කිව්වා කියලා” 

හුටා පටස්! 

දැන් තමයි මට වැඩේ තේරුණේ. 

අයියෝ බං, මම අම්මට කිව්වේ ඉස්පැනර් එක අරන් එන්න කියලානේ. එහෙනම් අම්මට ඇහෙන්න ඇත්තේ හිස් බැරල් කියලා වෙන්න ඇති.” 

අන්තිමට වසන්තත් එකක් එකතු වෙලා උගේ හිස් බැරල් එක ආයේ ගෙදරට ගෙනෙහින් දලා මම ඉස්පැනර් එක ඉල්ලගෙන ඇවිත් මගේ වැඩේ කරගත්තා. 


12 comments:

  1. Replies
    1. අන්න මිනිස්සු. හිනා එනවා නම් එච්චරයි.

      Delete
  2. තව පොඩ්ඩෙන් මැරෙනවා හිනා වෙලාම

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් අහෝ දුකකි ඉරකි තිතකි වෙනවා

      Delete
  3. ටෙලිෆෝන් එකෙන් ටිකක් විකෘති වෙලා ඇහුනා වෙන්නත් පුළුවන්. නමුත් ඔයවගේ සිද්ධියක් සෑහෙන කාලයක් යනකල් හිනාවෙන්න පුළුවන් සිද්ධියක්. ඇත්තෙන්ම හිනාවුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වගේ වචන වෙනස් වෙලා ඇහෙන දේවල් නිසා එක එක අකරතැබ්බවලට පත්වෙන අවස්ථා ඕන තරම් තියෙනවා.

      Delete
  4. ඒකට වැඩිපුරම හිනා යන්නෙ ඇත්තටම ඒ අත්දැකීමට ඇත්තටම මූන දීපු කෙනාට නේහ්
    පස්සෙ කාලෙක එහෙමමතක් වෙද්දි...
    හිහි

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවත් ඇත්ත. සමහර දේවල්වලට හිනා යන්නේ ඒකට මුණ දීපු අයට විතරයි තමයි. අනෙක් අයට ඒවාට හිනා යනවා තියා මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වෙලාවල් තියෙනවා.

      Delete
  5. මේකට ගුගල් පලෝවර් එක එකතු කරන්නකො

    ReplyDelete
    Replies
    1. මම ඒක එකතු කරලා තියෙන්නේ. මේ පේජ් එකේ යටම බලන්න..

      Delete
  6. aththatama hina giya...mata siddiya mawilam penuna...

    ReplyDelete
    Replies
    1. හිනා ගියා නම් ඔන්න වැඩේ ගොඩ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න