හිනා යන
කතාවක් කියන්නද? මට නම් මේකට ඊයේ හිනා ගියා. ඒත් දැන් හිනා යන්නේ නෑ.
අපේ ඔෆීසියේ ප්‍රින්ටරයයි,
වතුර ෆිල්ටරයයි මේ ටිකේ කැඩිලා. මේක හදලා දෙන්න කියලා ඒ අදාළ තැන්වලට කියලා තිබුණේ.
විශේෂයෙන් වෝටර් ෆිල්ටරේ අවුල ගැන අපේ සිකුරිටිත් ඇවිත් කියනවා ඇහුණා.
මේ අස්සේ ඊයේ
එක මනුස්සයෙක් ඇවිත් සිකුරිටිට කිව්වලු
‘‘ප්‍රින්ටරේ හදන්න ආවා’’ කියලා.
‘‘ආ ඉන්න මම පෙන්නන්නම්’’ කියලා සිකුරිටි අර මනුස්සයාව එක්කරගෙන
ගියාලු ෆිල්ටරේ ළගට. මොකද සිකුරිටිට ඇහිලා තියෙන්නේ ප්‍රින්ටරේ කියන එක ෆිල්ටරේ විදිහට.
‘‘මෙන්න මේකේ තමයි ලෙඩේ
තියෙන්නේ. මේකේ වතුර ලීක් එකක්’’
කියලා
සිකුරිටි කිව්වලු.
අර මනුස්සයා
කිව්වලු
‘‘මට කිව්වේ නම් ප්‍රින්ටරක්
හදන්න මිසක් ෆිල්ටරක් හදන්න නෙවෙයි’’ කියලා.
මේක ඇහිලා
තියෙනවා අපේ කෙනෙකුට. ඊට පස්සේ කිව්වලු
‘‘ආ ඔයා ප්‍රින්ටරේ
හදන්නද ආවේ? ඒක තියෙන්නේ ඔතන නෙවෙයි ඔෆිස් එක ඇතුලේ’’
‘‘කොහේ යන එකෙක්ද මංදා.
කියන එකක් තේරෙන්න කියන්න එපායැ’’ කියලා කියලා. සිකුරිටි බැන බැන ගියාලු.
හිනා ගියාද?
කොහොම හරි
හිනාවෙන්න.
හිනා වී
තරවෙන්න.
ප.ලි.
තවම ෆිල්ටරේ
හදන්න කවුරුවත් ආවේ නෑ.
ටිකක් විතර හිනා ගියා
ReplyDeleteඅම්මෝ යන්තම් ඇති. මම මේ බයේ උන්නේ මේකට හිනා යන එකක් නෑ කියලා.
Deleteහුලං විතර හිනාගියේ නෑනේ........
ReplyDeleteකමක් නෑ. පොඩ්ඩක් හරි හිනා ගිය එක ලොකු දෙයක්.
Deleteකට කොණකින් වගේ...
ReplyDeleteහිහි....
අවුලක්ම නෑ
අම්මෝ ඒ ගාණට හිනා ගියා කියන්නේ ඉතිං ගොඩම තමයි.
Deleteහාස්‍යය රසය විඳින්න කටින් හිනා යන්න ඕනේම නෑ....! රසය විඳලා හිතෙන් හිනා වෙන්නත් පුළුවං.....මේක ඒ වගේ කතාවක්.....!
ReplyDeleteඒක ඇත්ත. මමත් ඒ කතාව පිළිගන්නවා.
Deleteහිතෙන් හිනා ගියා
ReplyDeleteහිතෙන් හරි හිනා ගිය එකත් ලොකු දෙයක්. දැන් නම් ෆිල්ටරෙත් හදලා. ඒත් ප්‍රින්ටරේ හදන්න බැරි නිසා අලුත් ප්‍රින්ටරයක් ලැබුණා.
DeleteNO කතා
ReplyDeleteNO සිනා
අනේ දෙවියනේ . . .
Delete