පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, July 12, 2015

ලේන් පැටවුන්ගේ කතාව - Story of Baby Squirrels


අද, ඒ කියන්නේ ඉරිදා උදේ අැහැරුනේ ලේනෙක් කන් බීරි වෙන කල් කෑගහන සද්දේ ඇහිලා. මේ මොකක්ද කියල බැලුවා. ගේ පිටිපස්ස පැත්තෙන් තමයි සද්දේ ආවේ. ඒ පැත්තට යන කොට ලේනෙක් ගේ පිටිපස්සේ පරණ ටොයිලට් එකේ වහලේ දුව දුව කෑ කහනවා. තව ටිකක් හොයලා බලද්දි ලේන් පැටියෙකුගේ සද්දයකුත් ආවා. ටොයිලට් එක ඇතුළට ගිහින් බලද්දි ඒකේ පෝච්චියට ලේන් පැටියෙක් වැටිලා. ඔළුව විතරයි උඩ. දෙපාරක් හිත හිතා හිටියේ නෑ පෝච්චියට අත දාලා පැටියාව ගත්තා. රෙදි කෑල්ලක් අරන් හොඳට පිහ දැම්මා. බලද්දි ටොයිලට් එක ඇතුළේ ලේන් කූඩුවක් හදලා. කවුරුවත් දන්නෙත් නැහැ. මම හෙමින් කූඩුවෙන් ලේන් පැටියාව තිබ්බා. ඌ හෙමින් ඒක ඇතුළට රිංගුවා. 


ටික වෙලාවකින් මහ ලේනා හෝ මහ ලේනි කෑ ගහන සද්දෙත් නැවතුණා. 

අපේ වත්තේ සෑහෙන්න ලේන් කූඩු තියෙනවා. මේ වගේම දවසක් ලේන් පැටියෙක් වැටිලා ඉඳළා පැටියාගේ අම්මටයි තාත්තටයි දෙන්න බැලුවත් හරි ගියේ නෑ. ඒ නිසා ටික දවසක් හදලා ඌව නිදහස් කරලා ඇරියා. 

ඌට දුවයි පුතයි එකතු වෙලා ‛මිමී’ කියලා නමකුත් දැම්මා. දවාලට ගෙදර කවුරුවත් නැති නිසා කිරි පොවන්න මට ඌව පොඩි පෙට්ටියක දාගෙන ඔෆිස් අරන් යන්නත් වුණා. කොහොම වුණත් ඌට කරදරයක් නොවී ආයෙමත් ලේන් සමාජයට එකතු කළා. 



මිමියාගේ නම් ෆොටෝ සෑහෙන්න ගත්තා. ඒ ෆොටෝ සහ මිමියා වෙනුවෙන් හදපු වීඩියෝ එකක් තමයි මේ එක්ක දාලා තියෙන්නේ. 

අද බේරා ගත්ත ලේන් පැටියාගේ ෆොටෝ ගන්න වෙලාවක් තිබුණේ නැහැ. මට ඕන වුණේ ඉක්මණට පැටියාව අම්මටයි තාත්තටයි භාර දෙන්න. 

කොහොම වුණත් සතෙකුගේ ජීවිතයක් බේරාගත්තා කියලා අමුතු සතුටකින් තමයි අද දවස පටන් ගත්තේ. 




පළමු කොටස කියලා මේකේ දැම්මාට දෙවැනි කොටසක් හදන්න කලින් මිමියා ලේන් සමාජයට යැව්වා.

6 comments:

  1. දුක දැනෙන මිනිස්සුන්ට සත්තුත් අාසයි......... පිං වැඩ ඔ්වා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මෙහෙම වැඩක් කළාම හරි සතුටක් දැනෙනවා.

      Delete
  2. පහුගිය දවසක මගේ වෙන්ඩ නෝනා එයාලාගේ ඔෆිස් එක ගාව වැටිලා යන එන මන් නැතුව හිටපු ලේන් පැටියෙක්ව ඇවලෝන් පෙට්ටියක දාගෙන ගෙදර අරගෙන ගිහින් තිබුනා.බස් එකේ එයා ගාව වාඩි වෙලා හිටිය එක මනුස්සයෙකුත් එතනින් නැගිටලා වෙන තැනකට ගියාලු ලේනා කැගහන නිසා විටින් විට.පස්සේ ඉතින් ගෙදර ගිහින් ටික දවසක් වූව හදා ගෙන පස්සේ ටිකක් ලොකු වුනාට පස්සේ ඌව යන්න ඇරලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොද වැඩක්

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න