පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 5, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 4 කොටස - New Gadgets for New World Part 4

ඔබේ නිවසට ස්මාර්ට්  ස්පීකරයක් 



ඉස්සර ගෙවල්වල ගීත අහන්න තිබුණේ ටිකක් ලොකු බැෆල්. බෆල් කියලත් කියනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක මේවා ටික ටික කුඩා වුණා. මේ කියන්නෙත් ඒ වගෙ අලුත්ම විදියේ ස්පීකරයක් ගැන. ‛ස්මාර්ට් ස්පීකර්’ කියල තමයි මේකට කියන්නේ. මිලත් ස්මාර්ට් වගේ තමයි. මොකද අමරිකානු ඩොලර් 180ක්, රුපියල්වලින් නම් 25,300ක් විතර වෙනවා. බ්ලූටූත් තාක්ෂණයෙන් ගීත අහන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය නම්, නිවසේ ඇති බොහෝ දේවල් මේ හරහා පහසුවෙන් කරගත හැකිවිමයි. බ්ලූටූත්වලින් ක්‍රියාතමක වන නිවසේ සියලු උපාංග මෙයින් පාලනය කළ හැකියි. ඒ වගේම අන්තර්ජාල පහසුකම් නිවසට සම්බන්ධ කරන ‛හබ් එක’ පාලනය කළ හැකියි. ශ්‍රව්‍ය ආකාරයෙන් ඇති පොත් කියවාදීම, කාලගුණය පරීක්ෂාකොට එහි ප්‍රතිපල ඇසෙන්නට සැලැස්වීම, එයට ඔබේ හඬින් උපදෙස් දීම මගින් අන්තර්ජාල මිලදීගැනීම් සිදුකිරිම ආදිය හැකියි. අනෙක ස්පීකරයක් හැටියට මෙහි ශබ්දයත් ඉතා උසස් ගුණත්වයකින් පවතිනවා. 

නිදාගන්නව නම් මෙන්න ඇඳක් 



අගුපිලකට වැටුනත් නින්ද යන අපට මොකට මේ වගේ ඇඳන් ද කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් මේක එසේ මෙසේ ඇඳක් නෙවෙයි. නිදාගත් විට ඔබගේ නින්දේ ස්වභාවය මෙන්ම ස්වසන රටාව, හෘද ස්පන්ධන වේගය හා රටාව ආදිය ද මෙයින් නිරීක්ෂණය කෙරෙනවා. මේ තොරතුරු ලබාදෙනවා පමක් නොවෙයි ඔබ වඩා සෞඛ්‍ය සම්පන්න නින්දක් ලබාගත යුත්තේ  කෙසේද කියා මෙයින් උපදෙස් ද ලබාදෙනවා. ඇඳේ මෙට්ටය ඔබට කැමති ආකාරයටකට සකස් කරගන්නටත් පුළුවන්. මිල ගැන සඳහන් කළොත් නම් ඇමරිකානු ඩොලර් 1099ක්, ඒ කියන්නේ රුපියල්, 155,000ක් පමණ වෙනවා.

කාර්යාලයේ ඉඳන් ගෙදර වැඩ කරමු 




සාමාන්‍යයෙන් වැඩ වැඩි වුණාම කාර්යාලයේ වැඩ ගෙදර අරන් යන එක තමයි කරන්නේ. දැන් කියන්න යන්නේ කාර්යාලයේ ඉඳන් ගෙදර වැඩ කරගන්න පුළුවන් විදිහක් ගැනයි. අයිහෝම් සමාගම මගින් හඳුන්වා දී ඇති ‛ස්මාර්ට්ප්ලග්’ නමින් හඳුන්වන උපකරණය තමයි තමයි සහාය වෙන්නේ. මෙය ද ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය මගින් පාලනය කළ හැකියි. ඔබේ නිවසේ ඇති වයිෆයි උපරණය හා සම්බන්ධකිරීම මගින් ඔබට ඔබේ කාර්යාලයේ හෝ ඕනෑම තැනක සිට නිවසේ විවිධ උපකරණ මෙය ඔස්සේ පාලනය කරන්නට පුළුවන්. නමින්ම සඳහන් කරන අන්දමටම මෙය ප්ල්ග් එකක්. ඔබේ නිවසේ අත්‍යවශ්‍ය උපකරණ සඳහා මෙම ප්ලග් හරහා විදුලිය ලබාදෙන්නට පුළුවන්. එක් උපකරණයට එක් ප්ල්ග් එක බැගින් අවශ්‍ය වෙනවා. මේ ප්ලග් සියල්ල වයිෆයි හරහා ඔබේ දුරකතනයෙන් පාලනය කළ හැකියි. මෙයට සම්බන්ධ උපකරණවල තත්වය ඔබේ දුරකතනයෙන් ඕනෑම තැනක සිට පරීක්ෂා කරන්නට පුළුවන්. යම් දෙයක් නිවා දමා එන්නට අමතක වූයේ නම් දුරකතනය ඔස්සේ එය ක්‍රියා විරහිත කරන්නට පුළුවන්. ඒ වගේම ක්‍රියාත්මක කරන්නටත් පුළුවන්. මෙම එක් ප්ලග් එකක් ඇමරිකානු ඩොලර් 38ක්, ඒ කියන්නේ රුපියල්වලින් නම් 5400ක් පමණ වෙනවා.

ඇඟිළි සළකුණු දොර අගුල 



සාමාන්‍ය මට්ටමේ දොර අගුලක් රුපියල් 4,000 - 20,000 වැනි මුදලකට ගන්න පුළුවන්. මේ හැම අගුලක්ම සාම්ප්‍රදායික විදිහට යතුරකින් තමයි විවෘත කරන් වෙන්නේ. නමුත් මේ පවසන්නට යන්නේ ඇමරිකානු ඩොලර් 270ක්, ඒ කියන්නේ රුපියල් 38,700 වැනි මුදලකට ගත හැකි ඇඟිලි සලකුණ යතුරක් විදිහට භාවිත කරන්නට පුළුවන් දොර අගුළක් ගැනයි. චිත්‍රපටවල නම් මෙවැනි දොර අගුල් ඔබ ඇතැම් විට දැක තිබෙනවා වන්නටත් පුළුවන්. ඔබේ නිවසේ සාමාජිකයන් සඳහා ස්ථිර අවසරයත් ඔබේ නිවසේ සේවකකු සිටී නම් ඔහුට හෝ ඇයට තාවකාලික අවසරයත් මේ අගුළ ඔස්සේ ලබාදෙන්නට පුළුවන්.

ඔක්කොම කාඩ් එක තැනකට 


අද කාලේ බොහෝ දෙනෙක් ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ්, ලෝයල්ටි කාඩ් ආදිය වැඩි වශයෙන් භාවිත කරනවා. ඇතැම් අයට කාඩ් කිහිපයක්ම තියෙනවා. මේවා පසුම්බියේ දාගෙන යන එකත් අමාරුයි. ඒ වගේම අනාරක්ෂිත බවකුත් තිබෙනවා. ‛ජියෝකෝඩ්’ නම් මේ ස්මාර්ට් දුරකතන ගැජට්ටුව එයට විසඳුමක් ලබාදෙනවා. ඔබේ සියලුම කාඩ්වල ඇති දත්ත මෙම ගැජට්ටුව හරහා ඩිජිටල්කරණයට ලක් කරන්න පුළුවන්. ඉන්පසු ඔබේ දුරකතනයේ ඇති ඇප්ලිකේෂන් එක සහ මෙම ගැජට්ටුව හරහා අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාඩ් පතෙහි දත්ත මේ සමඟ ඇති තාවකාලික කාඩ් පතට සම්ප්‍රේෂණය කළ හැකියි. ඔබේ ගනුදෙනුව අවසන් වූ පසුව එය නිකම්ම කාඩ් එකක් බවට පත් වෙනවා.  මේවා වෙන අයෙක් ඔබෙන් සොරාගත්තත් එහි ඇති දත්ත සොරාගන්නට හැකියාවක් නැහැ. මිල ඇමරිකානු ඩොලර් 159ක් (රු. 22,720ක් පමණ) වෙනවා. 

ඉන්න තැන ස්මාර්ට් විදිහට සොයා ගන්න 


මෙය හඳුන්වන්නේ ‛ටොඩ්’ නමින්. මෙහි සිම් කාඩ් පතක් තියෙනවා. ඔබේ දරුවා, සුරතලා හෝ, නොඑසේ නම් ඔබේ මෝටර් රථය වුවත්, සිටිය යුතු හෝ තිබිය යුතු සීමාවෙන් පිටතට ගිය විගස මෙයින් ඔබේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබෙනවා. ඒ වගේම ඔබට එසේ ඉවතට ගිය දරුවා, සුරතලා හෝ මෝටර් රථය සිටින හෝ තිබෙන ස්ථානයත් මෙයින් පෙන්වා දෙනවා. මෙය ඇමරිකානු ඩොලර් 32ක් (4573ක් පමණ) වෙනවා. 

පෙර ලිපිය

6 comments:

  1. ඉතා වැදගත් පොස්ටුවක් දිගටම අපිව දැනුවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිගන්වන අදහස්වලට ස්තූතියි.

      Delete
  2. Replies
    1. හොද හොද ඒවා ඉස්සරහට තියෙනවා.

      Delete
  3. මමත් ලිපියක් ලිව්වා තාම හදලා නැති ඒවා ගැන.
    http://anthoniyo-bahijata.blogspot.com/2015/12/blog-post_18.html

    තවම මට අවශ්‍ය ජංගම දුරකථනය හදලා නෑ ඒ ගැන පස්සේ ලියන්න ඕනෙ.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න