අපි සියලු දෙනා එකම ආකාරයකින් මේ ලොවට බිහි වුව ද
සමාජයත් සමග ගැටෙද්දී විවිධාකාර පුද්ගල චරිත බවට පත් වන්නෙමු. දෙමාපියන්ගෙන් අපට
ලැබෙන ආදර්ශයන්ට වඩා බොහෝ දේවල් අප ලබාගන්නේ සමාජයෙනි. මෙසේ සමාජානුගත වන ජීවියා ඇතැම්
අවස්ථාවල දී කුමක් හෝ හේතුවක් නිසා සමාජය සමග යම්කිසි නොමනාපයක් ඇති කර ගනියි. මෙය
සුළු සිද්ධියක් හෝ විශාල සිද්ධියක් විය හැකිය. කෙසේ නමුත් මෙයට මුහුණ දෙන ආකාරය ඒ
ඒ පුද්ගලයාගේ පෞරුෂය අනුව වෙනස් වේ.
ශක්තිමත් පෞරුෂයකින් යුක්ත පුද්ගලයා ඒ දෙස උපේක්ෂාවෙන්
බලා සිය සමාජ සාරධර්ම රැක ගනිමින් සාමාන්‍ය පුද්ගලයකු ලෙස සමාජයේ ජීවත් වෙයි. නමුත්
පෞරුෂයේ යම්කිසි අසාමාන්‍යතාවක් ඇත්නම්, ඔහු තමා මුහුණ දුන් සිදුවීම පිළිබඳ සලකා
බලන්නේ සාමාන්‍ය පුද්ගලයකු ලෙස නොවේ. ඔහු එය වෙනත් ඇසකින් දකින්නට උත්සාහ කරයි. මේ
පුද්ගලයා සිය අදහස් සමාජය වෙතට යොමු කිරීමේ දක්ෂයකු නම් එවිට තත්වය බරපතළ වේ. තත්වය
බරපතළ වනවා යන්නේ අදහස් කරන්නේ තමාට සමාජයෙන් සිදු වූ වරද, අසාධාරණය නිසා ඔහු සිය අදහස්
සමාජ සාරධර්ම, සිරිත් විරිත් ආදිය බිඳ දැමෙන සේ කටයුතු කිරීමය. එවැනි පුද්ගලයන්
සතුටු වන්නේ ඒ ආකාරයෙනි. සමාජය රැඳී පවතින කුමන හෝ සාරධර්මයකට පහර වදිනු බලා
මොවුහු බොහෝ සතුටක් ලබති. එයින් නො නැවතෙන ඔවුහු මෙවැනි අදහස් ඇති පිරිස් එක් කර
ගනිමින් යම්කිසි කණ්ඩායමක් ගොඩ නගා ගනිති. මෙවැන්නන් හැඳින්වීමට ඉංග්‍රීසි භාෂාවේ
අපූරු වචනයක් ද පවතී. ඒ misanthrope යන්නය. එහි
අදහස ‘විශ්වද්වේෂියා’ යන්නය.
දැන් ඔවුන් ශක්තිමත්ය. ඔවුන් අතර ලේඛකයන්, මාධ්‍යවේදීන්,
සිනමාකරුවන්, කවි ගී ලියන්නන් බොහෝ සිටිය හැක. ඔවුන් සිය නිර්මාණ ඔස්සේ සමාජයට මුදා
හරින්නේ සිය සිත්හි කැකෑරෙමින් පවතින සමාජ වෛරයයි. නමුත් එය බොහෝ විට පැමිණෙන්නේ
වෛරී සහගත ස්වභාවයකින් නොවන්නට පුළුවන. අද මෙවැන්නෝ සමාජය පුරා බොහෝ විසිරී
සිටිති. වුන්ගේ ඒකායන අරමුණ සමාජ සාරධර්මවලට සියුම් ලෙස පහර දීමය.
මොවුන් ඇතැම් අවස්ථාවාදී දේශපාලන පක්ෂවලට කඩේ
යාමක් ද සිදු කරනු දක්නට ලැබේ. ඔවුන් එයින් සමාජයට දීමට අදහස් කරන පණිවිඩය නම් සිය
අදහස් ඔස්සේ සමාජය යහමගට ගැනීමට උත්සාහ ගැනීම බවය. වමුත් සැබවින්ම ඔවුන්ගේ සැබෑ
අරමුණ වන්නේ සිය විකෘති අදහස් සමාජගත කිරීම සඳහා දේශපාලන බලය ගොඩනගා ගැනීමය. මේ
ඔස්සේ ඔවුන්ට රාජ්‍ය මාධ්‍ය නාලිකා ඔස්සේම සිය විකෘති අදහස් සමාජයට මුදාහැරීමට අවස්ථාව
ලැබේ.
සමාජයේ බහුතරයක ගේ ගෞරවයට පාත්‍රවන යම් යම් දෑ.
යම් යම් පුද්ගලයන් මොවුන්ගේ ඉලක්කයන් වේ. බහුතර සමාජයට පූජනීය වන පුද්ගලයන් මොවුනට
පෙනෙන්නේ නිස්සාර පුද්ගලයන් ලෙසය. පූජනීය වන ස්ථාන මොවුනට පෙනෙන්නේ පව් හෝ කුණු
කඳු ලෙසය. එවැනි අදහස් සිත්හි දරා සිටීමෙන් නොනැවෙතෙන ඔවුහු ඒවා සමාජයට මුදු හැරීම
ද සිදු කරති. එවිට විභාගය සමත් වන්නට පමණක් අකුරු උගත්, සමාජ ජාල හෝ මුදලින් එපිට
සමාජ වගකීමක් නැතැයි සිතන බහුතරය මෙවැනි ඇදහස් රස මසවුළු සේ භුක්ති විඳිති. ‘යකෝ
මූ නියම කතාවක් නේ කියවලා තියෙන්නේ. ඇත්ත නේන්නම්’ යැයි පවසති. එසෙත් නැත්නම් ‘ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා
නේන්නනම්’ කියා පවසති. අද සමාජය පුරා මෙවැනි විකෘති ජීවීන් විසිරී සිටිති. ඔවුන්
පවසන්නේ තමන් ‘අවුට් ඔෆ් බොක්ස්’ සිතන බවය. එයට හේතුව එවුන් ඒ වන විටත් සිය ‘බොක්ස්’
එක කඩා ගෙන ඇති බැවිනි. ඔවුන්ට අවශ්‍ය අන් අයගේ ‘බොක්ස්’ එක ද කඩා දැමීමටය. මෙය
පැරණි කතාවකට ආදේශ කරන්නේ නම් උගුලකට හසුව වලිගය කඩා ගත් නරියාගේ කතාව සඳහන් කළ
හැකිය.
මේ කුලකයෙන් බිහි වන සිනමා ‘නිර්මාණකරුවන්’ ද
බොහෝ ය. වෙනත් රටක් සිනමා නිර්මාණ සලකා බැලුවහොත් සැබවින්ම වුන් ‘අවුට් ඔෆ් බොක්ස්’
සිතන බව පෙනේ. නමුත් ඉහත කී සමාජ විරෝධී කුලකයෙන් බිහිවන සිනමා නිර්මාණකරුවන් යැයි
කියා ගන්නා පුද්ගලයන්ගේ ‘අවුට් ඔෆ් බොක්ස්’ සෙසු රටවල් සිනමා නිර්මාණකරුවන්ගේ චින්තනයට
වඩා වෙනස්ය. මොවුන් ‘අවුට් ඔෆ් බොක්ස්’ යැයි සිතන්නේ සිය සමාජයේ කුණු විකුණාගෙන කෑමය.
විකිණිය හැකි කුණු ගොඩක් ඇත්නම් ඔවුහු ය අවුස්සා විකුණති. නමුත් කුණු ගොඩ
විකුණන්නේ ‘නිර්මාණය’ නම් දවටනය එතීමෙනි. ඔවුන්ගේ ‘තියරිය’ වන්නේ සේදූ යට ඇඳුම්
පිළිකන්නේ තබා අව්වේ වේලා ගැනීම නොව ගේ දොරකඩ වැලක් ගැට ගසා වේලා ගැනීමය.
අද සමාජ ජාල මෙවැනි පුද්ගලයන්ගේ අදහස්වලින් පිරී
ඇත. ෆේස්බුක්වලින් එපිට ජීවිතයක් හෝ ජීවිත වගකීමක් නැතියි සිතමින් උදේ හවා එහිම
ජීවත් වන්නන්ට මොවුන් සුපිරි වීරයන්ය. පාලකයන්ට ද මෙවැන්නන් සිටීම වාසිදායකය. විට
ජනතාව ගොනාට ඇන්දවීම සඳහා මොවුන්ගේ සහාය ද වක්‍රව හිමිකරගත හැකිය.
කෙසේ වුවත් සමාජගත මිනිසා විචාරාත්මක වන තාක් මෙවැනි
විකෘති ජීවීන්ගේ සමාජය මුදවා ගත නොහැකි වන බව නම් පැවසිය යුතුය. වර්තමාන අධ්‍යාපනය
ඔස්සේ කිසිදාක විවාර බුද්ධියකින් යුතු පුද්ගලයන් බිහි නොවන සක්සුදක් සේ පැහැදිලිය.
එවිට බිහිවන අවිචාරවත් සමාජ මෙවැනි විකෘති ජීවින්ගේ පිරී අනාගතයේ දී විකෘති
සමාජයක් බිහිවන බව නම් ඉඳුරාම පැහැදිලිය.
ලංකාවෙත් අවුට් ඔෆ් බොක්ස් සිනමාවක් තියෙනවා. වැඩේ කියන්නෙ ඒවා වාරණය කරනවා
ReplyDeleteඔව් එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. ඒත් අපේ අය බොහෝ අයගේ 'අවුට් ඔෆ් බොක්ස් සංකල්පය බොහෝ ජාත්‍යන්තර සිනමාකරුවන්ගේ 'අවුට් ඔෆ් බොක්ස්' සංකල්පයට වඩා වෙනස්.
DeleteMisanthrope....
ReplyDeleteTikak hoyanna oni ehe gena.
හොයලා බලන්න. නොදන්න දේවල් ගැන දැනගන්න පුළුවන් වෙයි.
Delete