පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, September 23, 2020

සිංහල සංගීතයේ මට ඇසුණු අපූරු ගීත ටිකක්

Image Courtesy : https://www.minuteschool.com/2017/08/the-importance-of-classical-music-in-a-modern-world/


අපේ ගීත සාහිත්‍යය දෙස බලන කොට හොඳම ගීත ලියැවුණේ 70, 80, 90 වගේ දශකවල. එයින් කියවෙන්නේ නැහැ අද හොඳ ගීත නොලියවෙන බවක්. නමුත් ඒ කාලේ අහපු ගීත තවමත් හොඳින් මතකයේ තියෙනවා. ගීත අහද්දි ඒ වගේ මතකයේ රැඳුණු අපූරු ආකාරයේ ගීත කීපයක් ගැන කතා කරන්න හිතුණා.

 

අජන්තා රණසිංහ විසින් පද රචනය කොට සරත් දසනායකගේ සංගීතයට චන්ද්‍රානි ගුණවර්ධන ගායිකාව විසින් ගයන දම්පැහැ වීදුරු පුංචි වළල්ලක් ගීතය ගැන තමයි මුලින්ම කතා කරන්න හිතුවේ.

 

දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්

ඔබට මතක නැති

මට අමතක නැති

පුංචි වළල්ලක්

මා ළඟ තවම තියේ ....//

 

පෙරදා ඔබ ලියු පෙම්පත් සමඟින් //

ආදර පුවතක දූවිලි අතරින්

ඉඳහිට දිලිසෙන පුංචි වළල්ලක්

මා ළඟ තවම තියේ

 

දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්

ඔබට මතක නැති

මට අමතක නැති

පුංචි වළල්ලක්

මා ළඟ තවම තියේ

 

ආදර දෑතින් ඔබ මට පැළඳූ //

ආදර මා හද යළි යළි රිදවූ

දුක් කඳුළක් බඳු පුංචි වළල්ලක්

මා ළඟ තවම තියේ

 

දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්

ඔබට මතක නැති

මට අමතක නැති

පුංචි වළල්ලක්

මා ළඟ තවම තියේ ....//


 

ආදරය කළ කාලයේ පෙම්වතාගෙන් පෙම්වතියට පලඳවපු දම් පාට වීදුරු වළල්ලක් ගැන පෙම්වතිය මතක් කරන ආකාරය ගීතයෙන් කියවෙනවා. ඒක බිඳී ගිය ප්‍රේමයක් බවත් පෙනෙනවා. ප්‍රේමය බිඳී ගියත් පහසුවෙන්ම බිඳී යා හැකි පුංචි වීදුරු වළල්ල තවම ඇය පරෙස්සම් කරගෙන තියා ගෙන ඉන්න බව තමයි ඇය කියන්නේ. මේ ගීතය ගැන මතක් වෙද්දි කියන්න තියෙන අපූරු කතාව තමයි මේ ගීතයම පොඩි වෙනස්කම් කීපයක් සමග ගායකයකු විසින් ගායනා කිරීම. ගායකයා තමයි ශ්‍රීලාල් සෙනෙවිරත්න. වැඩිය අසා පුරුදු නැති නමක්. මේ ගීතය පද වෙනස් කොට රචනය කරන්න ඇත්තේ අජන්තා රණසිංහයන් විසින් විය හැකියි. සංගීතය නම් කාගේදැයි සොයාගන්නට හැකි වුණේ නැහැ. ඒ ගීතයේ පද මේ විදියට පෙළ ගැසී තියෙනවා.

 

දම්පැහැ වීදුරු පුංචි වළල්ලක්
ඔබට මතක නැති
මට අමතක නැති
පුංචි වළල්ලක්

මා ළඟ තවම තියේ //

 

පෙරදා ඔබ ලියු පෙම්පත් සමඟින් //

ආදර පුවතක දූවිලි අතර රැඳී

ඉඳහිට දිලිසෙන පුංචි වළල්ලක්

මා ළඟ තවම තියේ//

 

දම්පැහැ වීදුරු පුංචි වළල්ලක්

ඔබට මතක නැති

මට අමතක නැති

පුංචි වළල්ලක්

මා ළඟ තවම තියේ //

 

බොරු අමනාපෙන් ඉස්සර දවසක

ඔබේ සිහින් මුදු අතින් මුදාගෙන ආ

දුක් කඳුළක් බඳු පුංචි වළල්ලක්

මා ළඟ තවම තියේ //

 

කලින් ගීතයේ පෙම්වතා විසින් පෙම්වතියට දුන් වළල්ලක් ගැනයි කියවුණේ. මේ ගීතයේ තියෙන්නේ පෙම්වතිය සමග බොරු අමනාපයක් ඇති කරගෙන ඇගේ අතින් පෙම්වතා විසින් ගළවා ගෙන ආ වළල්ලක් ගැනයි. මේ ගීතයේ තියෙන්නේ විරහව. කලින් ගීතයේ පැරණි පෙම්වතා දුන් වළල්ල දකින වාරයක් පාසා පෙම්වතියගේ හිත පෑරෙනවා. මේ ගීතයේ පෙම්වතියගෙන් ගළවා ගෙන ආ වළල්ල දකින වාරයක් පාසා පෙම්වතාගේ හිත පෑරෙනවා.

 

ඊළඟට මට මතක් වෙන්නේ කුලරත්න ආරියවංශයන්ගේ පද රචනයට රෝහණ වීරසිංහයන් සංගීතය සපයා සුනිල් එදිරිසිංහ සමග නන්දා මාලිනී ගායනා කරන සඳ මල පිබිදුණු නිල් කඳු රැල්ලකගීතය.

 

සඳ මල පිබිදුණු නිල් කඳු රැල්ලක

රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක

හසරැල් කැල්මක දුක් කඳුළැල්ලක

තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක.

 

හඬා වැටෙන විට නෙතු යුග තෙත්වී

සිනා පොදක් වෙන්නම්

සිනා නගන විට පැතුමන් දැල්වී

කඳුලින් සුරකින්නම්..

 

සඳ මල පිබිදුණු...//

 

වියෝ දුකට සුසුමට මග අහුරා

හදේ ලැගුම් ගන්නම්..

රැඳී නිබඳ පණ නල මෙන් දැවටී

දිවි ඇති තුරු ඉන්නම්..

 

සඳ මල පිබිදුණු...//

 

පෙම්වතුන්ගේ සිතේ තිබෙන සදාකාලික ප්‍රාර්ථනාවක් මේ ගීතයට මුල් වෙලා තියෙනවා. වැඩි දෙනෙක් අසා තියෙන්නේ සුනිල් එදිරිසිංහයන් සහ නන්දා මාලිනිය ගයන ගීතය වුනත් එයට පෙර මේ ගීතය ගායනා කරලා තියෙන්නේ දිනේෂ් නාකන්දල සහ නීලා වික්‍රමසිංහ විසින්. ඒ වෙන තනුවකට. ඒ ගීතයත් මෙතැනින් අහන්න පුළුවන්.

 

අද ජනප්‍රියව ඇති කුලරත්න ආරියවංශයන් ලියා එම්.ජයවර්ධනයන් විසින් සංගීතවත් කොට අමරදේවයන්ගේ හඬින් අපට ඇසෙන සඳ තරු නිහඬයි ගීතය ත් මේ ගොන්නටම වැටෙනවා. අද ජනප්‍රියව ඇත්තේ මේ ගීතය වුනත් මෙය මුලින්ම ගායනා කොට ඇත් ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට නන්දා මාලිනිය විසින්.

 

සඳ තරු නිහඬයි

ගහ කොල නිසලයි

මුලු ලොව සැතපෙයි

සිතිවිලි විතරක් අවදි වෙලා

 

පියා නුවන් යුග

නිවා හැඟුම් සිත

සැතපෙන්නට වෙර දරන පැයේ

පාලුව තනිකම කුටියට අවුදින්

හදවත අවදි කලා

 

මවා නුවන් ඔබ

ඔබේ තෙපුල් සඳ

සිහිනයකින් මෙන් ගලා රැයේ

සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ

හදවත අවදි කලා

 

මිය ගිය ප්‍රේමයේ මතක සැමරුම ගැනයි ගීයෙන් කියවෙන්නේ.

 

මේ විදියට එකම ගීතය වෙනත් ගායක ගායිකාවන් විසින් ගායනා කළ අතීත සිදුවීම් බොහොමයක් අසන්නට ලැබෙනවා. අතීත සිදුවීම් කියා විශේෂයෙන් සඳහන් කළේ වර්තමානයේ කිසිදු අවසරයක් නොමැතිව නව ගායන ගායිකාවන් විසින් වෙනත් අයගේ ගීත කිසිදු සදාචාරාත්මක පදනමක් නැතිව ගායනා කළත් අතීතයේ සිදුව ඇත්තේ මනා අවසර ගැනීමකින්, සහ සදාචාරාත්මක ආකාරයෙන් නිසයි.

 

මෙවැනි ගීතවලට තව නිදසුන් කිහිපයක්.

 

පෙම් සිලිලාරේ තුන් සිත ඉහිරී -නීලා වික්‍රමසිංහ. පසුව දයාරත්න අමරා යුවලත් ගායනා කළා.

හීන හතක් මැද - අමරදේව වගේම ලතා වල්පොලත් ගායනා කළා

සවසට පායා අරුණේ සැඟවෙන ගීතය අප අසා ඇත්තේ ග්‍රේෂන් ආනන්දයන්ගේ හඬින් වුනත් මෙය මෙහි සංගීත අධ්‍යක්ෂණය කළ ස්ටැන්ලි පීරිස් විසිනුත් ගයා තියෙනවා.

යමු සෙල්ල කතරගම ගීතය දිවුල්ගනේ වගේම අනුලා බුලත්සිංහලත් ගයා තිබෙනවා.

පුන් සඳෙන් රැස් ගං තෙරෙන් ගීතය වික්ටර් රත්නායක, ජෝතිපාල වගේම පුන්සිරි සොයිසාත් ගායනා කොට තිබෙනවා.

කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා ගීතය මිල්ටන් මල්ලාවාරච්චි වගේම ප්‍රියා සූරියසේනත් ගායනා කර තිබෙනවා.

දුරක පාවී ගියා ගීතය මුලින්ම ගායනා කළේ ඇන්ටන් සේනානායක. නමුත් දැන් ගයන්නේ ප්‍රියා සූරියසේන

 

මෙහෙම ගීත අතරේ මට අහන්න ලැබු තවත් අපූරු ගීතයක් තමයි මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයිගීතය.

 

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

 

වැව් ඉවුරේ දිය රළ පෙර සේම දිලෙනවා

නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා

සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා

ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

 

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා

සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා

ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා

ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

 

මේක ඉතා ජනප්‍රිය ගීතයක් නිසා අමුතු විස්තරයක් කරන්න අවශ්‍ය නැහැ. මෙය ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පද රචනයට මර්වින් සිල්වා ගායකායාණන් විසින් තමාගේම තනුවකට ගායනා කරනවා. මේ ගීතය ගැන විශේෂයෙන් කතා කළේ මෙයට පිළිතුරු ගීතයක් ද නිර්මාණය වී ඇති නිසයි. එතරම් ජනප්‍රිය නැති මේ ගීතය ගයන්නේ පුණ්‍යා කත්‍රිආරච්චි ගායන ශිල්පිනිය විසින්. මෙහි පද රචනා වී ඇත්තේ සුනිලා විජේසිංහයන් අතින්. සංගීතය විශාරද ගුණදාස කපුගේ. අපේ රටේ ගීතවලට පිළිතුරු ගී බොහෝ නිර්මාණය වුනත් මේ පිළිතුරු ගීතය ඒ අතරින් විශේෂත්වයක් ගන්නා බව කිව හැකියි.

 

මා ඔබ මුණ ගැසුණු අයුරු

සිහිකරන්න එපා

මා ඔබ වෙන් කෙරුණු අයුරු

සිහි කරන්න එපා..//

 

වැව් ඉවුරේ දිය රැළි හා

මගේ රුවත් බිඳ දමන්න

නුග ගස් පෙළ දළු ලන සේ

ඔබේ දිවියත් දළුලවන්න

කඳු රැල්ලෙන් එහා පැත්තෙ

සරසවියක් නැත සිතන්න

ඇය හා මිස මමත් එක්ක

ඇසුරක් නැති බව සිතන්න

 

මා ඔබ මුණ ගැසුණු අයුරු

සිහිකරන්න එපා

මා ඔබ වෙන්කෙරුණ අයුරු

සිහි කරන්න එපා..

 

ඇගේ සොඳුරු ආදරබර

වතට දෙනෙත් කැට යොමන්න

සිඟිති පුතුගේ ටිකිරි වදන්

වෙතට සවන් පෙති යොමන්න

මා හා බැඳි සිහින සිතුම්

එක සුසුමක යාකරන්න

ජීවිතයක් කොයි තරමක්

ලස්සනදැයි සිහිකරන්න

 

මා ඔබ මුණ ගැසුණු අයුරු

සිහිකරන්න එපා

මා ඔබ වෙන්කෙරුණ අයුරු

සිහි කරන්න එපා..


 

මේ වගේ අටෝරාසියක් ගීත අතරේ මට ඉංග්‍රීසි සිංදුවක්  මතක් වුණා. මේ ගීතයේ නම The girl is mine.

 

Every night she walks right in my dreams

Since I met her from the start

I'm so proud I am the only one

Who is special in her heart

The girl is mine

The doggone girl is mine

I know she's mine

Because the doggone girl is mine

I don't understand the way you think

Saying that she's yours not mine

Sending roses and your silly dreams

Really just a waste of time

Because she's mine

The doggone girl is mine

Don't waste your time

Because the doggone girl is mine

I love you more than he

(Take you anywhere)

Well I love you endlessly

(Loving we will share)

So come and go with me

Two on the town

But we both cannot have her

So it's one or the other

And one day you'll discover

That she's my girl forever and ever

I don't build your hopes to be let down

'Cause I really feel it's time

I know she'll tell you I'm the one for her

'Cause she said I blow her mind

The girl is mine

The doggone girl is mine

Don't waste your time

Because the doggone girl is mine

She's mine, she's mine

No, no, no, she's mine

The girl is mine, the girl is mine

The girl is mine, the girl is mine

The girl is mine, (yep) she's mine

The girl is mine, (yep) she's mine

Don't waste your time

Because the doggone girl is mine

The girl is mine, the girl is mine

Michael, we're not going to fight about this, okay

Paul, I think I told you, I'm a lover not a fighter

I've heard it all before, Michael, she told me that I'm her forever lover

You know, don't you remember?

Well, after loving me, she said she couldn't love another

Is that what she said?

Yes, she said it, you keep dreaming

I don't believe it

The girl is mine (mine, mine, mine)

 

ගීතය ගායනා කරන්නේ මයිකල් ජැක්සන් සමග පෝල් මැකාර්ට්නි. එකම තරුණියකට පෙම් බඳින පෙම්වතුන් දෙදෙනෙක් කියන කතාවක් තමයි මේක. දෙන්නම කියන්නේ යම් යම් හේතු නිසා තරුණියට තමාට අයිති කතාවක්. මේ වගේ සිංහල ගීතයකුත් තියෙන නිසයි මේ ගීතය මෙතන සඳහන් කරන්න හේතු වුණේ.

 

මල සරසාගෙන

මල් නැලවෙනකොට

ඒ මල දුටුවේ මලයි

හිමිකාරයා මමයි

ඒ මගේ මලයි...

 

මල වටකරගෙන

මල් හිනැහෙන විට

ඒ ළඟ හිටියේ මමයි

හිමිකාරයා මමයි

ඒ මගේ මලයි...

 

පියගැට මුදුනින්

පිටුපා යනකොට

ආපහු හැරී බලා

හිනැහුණේ මටයි//

හිමිකාරයා මමයි

ඒ මගේ මලයි...

 

උඩ මහ මළුවෙන්

වැඳගෙන එනවිට

යන්නට ඉඩ හැරලා

අත වැනුවෙ මටයි//

හිමිකාරයා මමයි

ඒ මගේ මලයි...

 

තරගෙට අපි උරුම හරුමකම් කීවට

කැලේ පිපෙන්නෙ එක මලද යාළු

 

කැලේ පිපෙන මල් වලින් රොන් බොන්න එන්න බඹරුන්ට

වැටවල් බඳින්න බෑ යාළු

 

පිපුන මලක සුවඳට ඉස්සරහින් යන්නේ

අපි වගේ සුළං රැල්ලක් යාළු

 

ගිම්හානය දුරු කරන්න වැස්සෙන් මිසක්

පින්නෙන් පිහිටක් නෑ යාළු...

 

මගේ මලයි

හිමිකාරයා මමයි

ඒ මගේ මලයි..

නෑ නෑ නෑ ඒ මගේ මලයි.....

 

මේ ගීය ගයන්නේ රනිල් මල්ලවාරච්චි සහ හර්ෂ බුලත්සිංහල. සිංහල ගීතයේ රචකයා ලූෂන් බුලත්සිංහල. ඔහු අපේ රටේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක්. ගීත රචකයෙක්. කොහොම වුනත් මොන හේතුවකට හරි මේ ඉංග්‍රීසි ගීතයත්සිංහග ගීතයත් අතර අර්ථයෙන් පමණක් නෙවෙයි සමාන කම් තියෙන්නේ. ගීත දෙකේම අවසානයට පෙම්වතුන් දෙදෙනා අතර සිදුවන සංවාදයක් ද ඇසෙනවා.

 

ඉතින් ලූෂන් බුලත්සිංහලයන් ඉංග්‍රීසි ගීතය අසා ඒ අනුව මේ සිංහල ගීතය රචනා කළා ද, නැත්නම් මේක නොදැන සිදු වූ දෙයක් ද කියා දන්නේ නැහැ. ඒ පැනය ඔබට බාරකරමින්. මේ බ්ලොග් සටහන ඉවර කරනවා.

 

 

 

 

 

 

 

 

4 comments:

  1. උඩම සින්දුව ඇහුව බවක් මතකයේ නැහැ. නමුත් තනුව හුරුයි. සඳ මල පිබිදුන කියන්නේ ආසම සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. එවැනි රසවත් ගීත ෙබාෙහාමයක්ම අෙප් ගීත අතර තිෙබනවා.

      Delete
  2. හොඳ ලිපියක්. එකම කාන්තාවට ආදරය කරන දෙදෙනෙක් ගැන "මoගල මල්දම පතා හිඳිමි මම" ගීතය මතක් වුනා අවසාන හරියේදී. thanks

    ReplyDelete
    Replies
    1. ඔෙබ් අදහස් දැක්වීමට ෙබාෙහා් තුති. මමත් ඒ ගීතය අසා තිෙබනවා. නමුත් ෙම් ෙපා්ස්ට් එක ලිවීෙම් දී මතක් වුෙණ් නැහැ. ෙමයට ඇතුළත් කළ හැකි තවත් අමතක වූ සහ ෙනාදන්නා ගීත ෙබාාෙහාමයක්ම තිෙබනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න