පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, March 12, 2014

ත්‍යාගී බිරිඳ ඉදිරියේ සුභාෂ්ට අතුල්පහරක් එල්ළ කළේ යටි අරමුණක් ඇතිවද?

ත්‍යාගි


බොලිවුඩ් නිළියක වන ගීතිකා ත්යාගි සහ ඉන්දීය සිනමා අධ්යක්ෂවරයකු වන සුභාෂ් කපූර් අයථා ලිංගික ප්රයෝනයක් ගැනීම සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ වැඩි දෙනෙකු අතර ජනප්රියව පවතී. වීඩියෝවේ දැක්වෙන්නේ මීට වසර දෙකකට පෙර සුභාෂ් කපූර් කළ බව පැවසෙන නොමනා ක්රියාවට ප්රතිචාර වශයෙන් ත්යාගි, සුභාෂ්ට ඔහුගේ බිරිඳ ඉදිරියේම කම්මුල් පහරක් ගැසීමේ දර්ශනයකි පිළිබඳ මීට පෙර අපි ඔබ හා කතා කළෙමු (එම ලිපිය මෙතැනින් කියවන්න) අපි  ඔබ හා කතා කළෙමු. එය තවමත් ඉන්දියාව පුරා ආන්දෝලනාත්මක කතා බහට ලක්වන බැවින් මේ සතියේ මෙම සිදුවීම පසුපස ඇති තවත් කරුණු ඔබ හමුවේ ඉදිරිපත් කරන්නට අපි සිතුවෙමු.

සුභාෂ් කපූර්

ත්යාගි විසින් අන්ත්ර්ජාලයට මුදා හැරි මෙම වීඩියෝවේ විවිධ සංස්කරණයක් බොහොමයක් මේ වන විට නොගැනිය හැකි තරම් වන වෙබ් අඩවි අතර දක්නට ඇති අතර, ඇය විසින් මුදාහරින ලද වීඩියෝව පමණක් මේ ලිපිය ලියන මොහොත වන විට තුන්ලක්ෂයකට ආසන්න සංඛ්යාවක් නරඹා තිබේ. සුභාෂ් කපූර් නිසා තමාට සිදුවී ඇති යැයි පැවසෙන අසාධාරණය ලොවට පැවසීමේ අටියෙන් තමා මේ වීඩියෝව මුදාහළ බව ඇය පවසන්නීය.

යූ ටියුබ් අඩවියට ඇය එක්කොට ඇති වීඩියෝවට පහතින් මෙවැනි විස්තරයක් දක්නට ඇත.

මේ වීඩියෝව මුදාහැරීමේ අරමුණු මේවායි.
1. සුභාෂ් කපූර් නම් වන මේ පුද්ගලයා සමඟ සම්බන්ධතා පවත්වන්නට පැමිණෙන, ඔහු දෙස පියකු හෝ සහෝදරයකු ලෙස බලන, ඔහුව විශ්වාස කරන තරුණියන් හට අනතුරු ඇඟවීම.

2. තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම දෙවියන් විසින් වළකා ඇත්නම්, කිසිවිටෙක සාධාරණයක් බලාපොරොත්තුවෙන් අතවරකරුගේ බිරිඳ, සොයුරිය, දියණිය හෝ කිසිදු වෙනත් ගැහැණියක් ඉදිරියේ බැගෑපත් වන්න එපා. සුභාෂ්ගේ බිරිඳ ඩිම්පල් කර්බන්ඩා මෙම සිදුවීම සිදුවූ සතියේම සිනමා උළෙලකටත් සහභාගී වූවා. මෙය පටිගත වූ බවක් ඇය දැන සිටියේ නැහැ.

මෙවැනි වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරීම පහසු කාර්යයක් නොවෙයි ලිංගික අතවරයක් සම්බන්ධ මෙම වීඩියෝව මගින් මගේ පෞද්ගලිකත්වයට හානි සිදුවුණත්සුභාෂ් කපූර් මට සිදුකළ දෙය හෙළිකරන්න කියා මාගේ හෘද සාක්ෂිය මට බල කළා. මෙවැනි සිදුවීමකින් පසු නිහඬව සිටියත්, මෙවැන්නක් හෙළි කළත් ක්රියාවන් දෙකෙන්ම බැට කන්නේ ගැහැනියයි.

මෙවැනි ඉරණමක් වෙනත් ගැහැනියකට අත්නොවේවා යන්න මගේ පැතුමයි

අතුල් සභ්රවාල්

ඇය විසින් සුභාෂ් කපූර්ට එරෙහිව පොලිස් පැමිණිල්ලක් කොට ඇත. ත්යාගි ටයිම්ස් ඔෆ් ඉන්ඩියාපුවත්පත සමඟ මේ සම්බන්ධව සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වී ඇති අතර එය පසුගිය පෙබරවාරි 22 වැනි දා එහි වෙබ් අඩවියේ පළ වී තිබේ. එහි සඳහන් අන්දමට මෙම වීඩියෝ පටිගත කිරීම ඇය විසින්ම සිදුකොට ඇති අතර තමා මේ සියල්ල පටිගත කරන බව සුභාෂ්ට පවසා ඇත. සුභාෂ්ගේ බිරිඳ වන ඩිම්පල්, ත්යාගිට පවසා ඇත්තේ මෙම සිදුවීම ඇයට මෙන්ම ඔවුන්ගේ පුතුගේ අනාගතයට පවා දැඩිව බලපෑම් කරන්නක් බැවින් මෙය අමතක කරන දමන ලෙසය. මේ හේතුව මත සිය විවාහය පවා දෙදරා යමින් පවතින බැව් ඩිම්පල් පවසා ඇත. නමුත් එවැන්නක් පවසා සතියක් යන්නටත් පෙර සුභාෂ් - ඩිම්පල් යුවල ඉතා සතුටින් සාදයකට සහභාගී වනු දුටු ත්යාගිගේ කෝපය ඉහවහා ගොස් ඇත.

තමා සහ ත්යාගි අතර යම් සබඳකමක් තිබූ බැව් සුභාෂ් පිළිගත්ත මෙම ලිංගික අතවර චෝදනාව ඔහු දැඩිව ප්රතික්ෂේප කරයි. ඉන් ඔහු හඟවා ඇත්තේ මෙම සබැඳියාවට අතවරයයන නම ඈඳීමෙන් ත්යාගි සත්යය විකෘතිකොට ඇති බවය. මේ නිසා සිය චරිතය ඝාතනය කළේ යැයි පවසමින් ඔහු, ත්යාගිට එරෙහිව පොලිස් පැමිණිල්ලක් හා නඩුවක් ගොනු කිරීමට සැළසුම්කරමින් සිටින බැව් දැනගන්නට ලැබේ. සුභාෂ් පවසන තවත් දෙයක් වන්නේ යම් සිදුවීමක් වූවා නම් එය සිදුවූ වකවානුවේ පිළිබඳව ක්රියාකරනවා විනා වසර දෙකක තරම් කාලයක් ගතවුණු පසු මෙවැනි දේ කිරීම පෞද්ගලික කෝපයක් පිරිමසා ගැනීමක් පමණක් බවය. ට්විටර් වෙබ් අඩවිය හරහා චිත්රපට අධ්යක්ෂවරයකු වන තිග්මන්ෂු දුලියා සුභාෂ්ගේ පාර්ශවයටත්, අතුල් සභ්රවාල් ත්යාගිගේ පාර්ශ්වයටත් කරුණු දක්වමින් කොමෙන්ටු යුද්ධයක්කරගෙන යයි.
දැනට බොහෝ දෙනෙක් පවසන පරිදි සුභාෂ් කපූර් සමඟ පැවැති සම්බන්ධතාවයෙන් ත්යාගි අපේක්ෂා කොට ඇත්තේ තමාට යම්කිසි රැකවරණයක් ඔහුගෙන් ලැබෙනු ඇතිය යන්නය. නමුත් ඇය කරන චෝදනා සත් හෝ අසත් වුව සුභාෂ් කපූර් සාර්ථක විවාහ ජීවිතයක් පවත්වාගෙන යන්නෙක් බැව් පෙනෙන්නට තිබේ. එමෙන්ම ඔහු ක්ෂේත්රයේ සෑහෙන සාර්ථකත්වයකින් ඉදිරි ගමනක් යන්නෙකි. අනෙක ඇය මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ සුභාෂ් කපූර් දැවැන්ත සිනමා සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කරන්නට සැරසෙන බවට පුවත්පත් නිවේදනයක් නිකුත්කිරීමේ අවස්ථාවට සමගාමීවය. මේ පිළිබඳව ටයිම්ස් ඔෆ් ඉන්ඩියාපුවත්පත ඇගෙන් විමසූ අවස්ථාවේ එවැනි පළිගැනීමක් පිළිබඳ චෝදනාව ඇය ප්රතික්ෂේප කොට ඇත. නමුත් බොහෝ දෙනෙක් පවසන පරිදි ත්යාගි මෙවැන්නක් සිදුකොට ඇත්තේ තම පෞද්ගලික අරමුණු ඉටුකරගැනීමට ඔහුගෙන් කිසිදු සහයක් නොලැබීම නිසා එයින් ඇති වූ ද්වේශය නිසා බව පෙනේත්යාගි යනු අප පසුගිය සතියේ පැවසූ පරිදි තම හිතවතකුගේ වුව මුදල් සොරකම් කොට තම පෞද්ගලික අභිමථාර්ථයන් ඉටුකරගැනීමට සැරසී සිටින්නියක මිස ලිංගික අතවරයක් නිසා වසර දෙකක් නිහඬ සිටීමට සිදුවූ අහිංසකාවියක නොවේ. සුභාෂ්ගේ තරගකාරී, ඔහු සමඟ සිත් අමනාපයෙන් පසුවන වෙනත් සිනමා අධ්යක්ෂවරුන් මේ පසුපස සිටිය හැකි බැව් දැනගන්නට ලැබී තිබේ. හොඳම උදාහරණය අතුල් සභ්රවාල් . ඔහු කලෙක සුභාෂ්ගේ හිතවතෙකි. නමුත් මෙම සිද්ධියේදී ඔහු ත්යාගි වෙනුවෙන් පෙනී සිටිමින් සුභාෂ් පහර ගැසීමේ මඩ ව්යාපාරයක යෙදී සිටියි. සුභාෂ්ගෙන් පළිගැනීම සඳහා ත්යාගි බළල් අතක් ලෙස භාවිතකරන බවට සමහරෙක් චෝදනා කරති.

තිග්මන්ෂු දුලියා

තමාට ත්යාගි හමු වූ අවස්ථාවේදී පවා ඇය පැවසූයේ යම්කිසි සිදුවීමක් සිදුවූ බව මිසෙක ලිංගික අතවරයක් සිදු වූ බව නොවේ යැයි සිනමා පිටපත් රචිකාවක වන ඩැනිෂ් රාෂා පවසන්නීය. නමුත් ඊට දින දෙකකට පසු අතුල් සභ්රවාල් සමග සිටි ඇය සුභාෂ්ට ලිංගික අතවර චෝදනාවක් එල්ළ කළ බව රාසා පවසයි. මේ අනුව ඇයට එසේ චෝදනා කරන්නැයි යම්කිසි බලපෑමක්එල්ලවූ බවක් පෙනෙන්නට තිබේ යැයි බොහෝ දෙනෙක් පවසති. ඩැනිෂ් රාසා පවසන තවත් දෙයක් නම් වසර හයක පමණ කාලයක සිට තමා, සුභාෂ් හා ත්යාගි පිළිබඳ දන්නා බවත්, එම කාලය අතරතුර එවැනි කිසිදු වැරදි ක්රියාවකට සුභාෂ් සැළසුම් කරන බවක්  දැක ත්යාගි තමන් හා පවසා නැති බවකි.

පසුගිය දා අප රටෙන් වාර්තා වූ එක් පුවතක් මෙහිදී සිහිපත් වේ. එහි සඳහන් වූයේ එක් පොලිස් කාන්තාවක් එක් විවාහක පුද්ගලයකු පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් කළ සිදුවීමකි. ඇය මෙවැන්නක් සිදුකොට ඇත්තේ ලිංගික ද්වේශය නිසාය. ත්යාගිගේ මෙම ක්රියාව පසුපස ඇත්තේ  ලිංගික ද්වේෂය වන්නට පුළුවන.


කෙසේ හෝ සුභාෂ් - ත්යාගි සිදුවීම අනුව පෙනෙන්නට තිබෙන්නේ වැඩි ප්රසිද්ධියක් නොමැති නිළියක සුප්රකට අධ්යක්ෂවරයකු හරහා ප්රසිද්ධවන්නටත් ජීවිතය ගොඩනගාගන්නටත් කළ උත්සාහය එම අධ්යක්ෂවරයාගේ පවුල් ජීවිතයේ සාර්ථකත්වය මත  ව්යර්ථවීමෙන් ඇතිවූ අපේක්ෂාභංගත්වය මත මෙවැනි විනාශකාරී පියවරක් ගැනීමට උත්සාහ කොට ඇති බවකි. මේ පිළිබඳ නීතිමය කටයුතු දැනට සිදුවෙමින් පවතින අතර සැබෑව කුමක්දැයි නොබෝ දිනකින් අපට දැනගන්නට ලැබෙනු ඇත. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න