පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, November 10, 2014

මැක්‍රො ලෙන්ස් එකක් ගෙදරදිම හදමු - Let's Make a Macro Lens at Home


මේ තියෙන්නේ ජංගම දුරකතනවලට සවි කරන මැක්‍රෝ ලෙන්ස් එකක්. පුංචි පුංචි දේවල් සූක්ෂම විදිහට ඡායාරූප ගත කරන්න මේ වගේ එකක් තියෙනවා නම් හොදයි. අනෙක ජංගම දුරකතනයට සවි කරන්න පුලුවන් විදිහේ Macro Lens ගැන හැමෝම කතා කරනවා. ඒ නිසා මමත් හිතුවා ebay එකෙන් එකක් ගෙන්න ගන්න. ඒත් ආයේ හිතුනා ගෙදරම එහෙම එකක් හදාගන්න තිබුණා නම් හොඳයි කියලා. මෙහෙම හිත හිත ඉන්න කොට පරණ කැමරාවක් හම්බ වුණා. මේ කැමරාවේ Lens කිහිපයක්ම තිබුණා. එයින් මේ පහත තියෙන Lens එක මේ වැඩේට හොඳයි කියලා මට හිතුණා.



මම මුළින්ම මේක නිකං අතින් අල්ලගෙන පොඩි මල් වගේ දේවල්වල ඡායාරූප කිහිපයත් ගත්තා. වැඩේ සාර්ථකයි කියලා හිතුන නිසා මම ඒක කැමරාවට තියලා තද කරගන්න පුලුවන් විදිහට මෙන්න මේ සරල උපක්‍රමය හදාගත්තා. 






වැඩේ සාර්ථකයි. ඒක ෆෝන් එකට සවි කළාම මෙන්න මේ වගේ.





 මේ පහළ දාලා තියෙන්නේ මම මේකෙන් ගත්තු ඡායාරූප ටිකක්. ඉතිං මේ විදිහට ඔන කෙනෙකුට පුලුවන් තමන්ගේම කියලා Macro Lens එකක් හදාගන්න.


 
පිටි මකුණා



12 comments:

  1. ඒකත් මරු වැඩේ පිංතූර ටිකත් මරු හැබැයි...
    හිහි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් මේ වැඩේ නම් හරියටම හරි ගියා. පරණ කැමරාවලින් මේ වැඩේට හරියන ලෙන්ස් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම.

      Delete
  2. ෂහ් නියම වැඩක්. ඕක ෆෝන් එකට සම්බන්ධ කරන්නත් ප්ලාස්ටික් වලින් වගෙ මොකක් හරි හදා ගත්ත නම්, අර කම්බිය නැතුව. කම්බියට ෆෝන් එක සීරෙන්නෙ නැද්ද ?

    ෆොටෝ ටිකත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකට කවරයක් දාලා හින්දා සීරෙන්නේ කවරේ තමයි. ඒත් ඔබ කියපු කතවෙ ඇත්ත. ප්ලාසිට්ක් කෑල්ලක් මේකට යොදාගන්න හිතුණා. ඒත් හරියන එකක් හොයාගන්න වුනේ නැහැ.

      Delete
  3. ඒකනම් මරු. අපේ සංචාරකයට එහෙමනම් සෑහෙන්න වටී.

    ReplyDelete
  4. මරු වැඩේ..
    ඕක මං දැකල තියේ අහක දාපු DVD රයිටර් එක ඇතුලෙ තියෙන ලෙන්ස් එකක් වගේ කෑල්ලක් ඔය විදිහටම ෆෝන් එකට හයි කරල මැක්‍රො ගන්න හැටි..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව්. කෙටි නාභි දුරක් තියෙන ඕනම කාචයක් මේ වැඩේට ගැළපෙනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න