පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, April 17, 2015

ඔබේ රැකියාව ගැන ඔබ තෘප්තිමත්ද? - Are You Satisfied with your Job?



අපි ජීවත් වෙන්න නම් රැකියාවක් කරන්නම වෙනවා. නිකම් ඉඳගෙන ජීවත්වෙන්න නම් දෙමාපියන්ගෙන් ලැබුණු බූදලයක්වත් තියෙන්න ඕන. නමුත් එවැනි දේවල්වලට හිමිකම් කියන්න පුළුවන් අය දැන් අඩුයි. ඒ නිසා හොඳ රැකියාවක් තියෙන්නම ඕන. අමාරුවෙන් හරි රැකියාවක් සොයාගෙන ටික දවසක් යනකොට හිතෙනවා, “අයියෝ මේ රස්සාව නම් මට එපා වෙලා. වෙන රස්සාවක් හොයාගන්න ඕන” කියලා. ඉතින් වෙන රැකියාවක් සොයාගන්නවා. ඒත් ඒ ගැනත් ටික දවසක් යනකොට කියන්නේ අර පරණ කතාවමයි. මෙහෙම හිතෙන මානසිකත්වයක්ට පත් වුණාම මොන විදිහේ රැකියාවක් ලැබුණත් ප්‍රතිඵලය මේකම තමයි. මේකට කියන්නේ ‛රැකියාවෙන් තෘප්තිමත් නොවීම’ කියලයි. රැකියාව තෘප්තිමත්ව කරන්න බැරි නම්, රැකියාවෙන් තෘප්තියක් ලබන්න බැරි නම් එතැන ඇතිවෙන්නේ විශාල ගැටලුවක්. එයින් තමන්ටත්, තමන් රැකියාව කරන ආයතනයටත් සිදුවෙන්නේ විශාල පාඩුවක්. කොහොම වුණත් මේ හැම ගැටලුවකටම මුල රැකියාවෙන් තෘප්තිමත් නොවීම ද, එහෙමත් නැත්නම් වෙනත් දෙයක් ද කියන එක හරියටම සොයා බලන්න ඕන. මේ ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු දීලා අවසන් ප්‍රතිඵලය බැලුවාට පස්සේ ඔබටම හොයාගන්න පුළුවන් ඔබ රැකියාවෙන් කොයි තරම් තෘප්තිමත් ද කියන එක. 

ඉඩකඩ මදි වෙන නිසා සෑම ප්‍රශ්නයක් ඉදිරියෙන්ම පිළිතුරු සඳහන් කරන්නේ නැහැ. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු 7ක් තියෙනවා. ඒ පිළිතුරු සහ ඒවාට දිය යුතු ලකුණු ද මෙහි සඳහන් කරනවා. අවසානයේ සඳහන් කොට ඇති ප්‍රතිඵලවලින් ඔබ ඔබේ රැකියාව ගැන කොයි තරම් නම් තෘප්තිමත් ද කියලා හොයාගන්න පුළුවන්. 

පිළිතුරු 

1. සම්පූර්ණයෙන්ම එකඟ නැහැ - ලකුණු 0
2. සෑහෙන දුරට එකඟ නැහැ - ලකුණු 1
3. තරමක් දුරට එකඟ නැහැ - ලකුණු 2
4. එකඟ නැත්තෙත් නැහැ. ඇත්තෙත් නැහැ. - ලකුණු 3
5. තරමක් දුරට එකඟයි - ලකුණු 4
6. සෑහෙන දුරට එකඟයි - ලකුණු 5
7. සම්පූර්ණයෙන්ම එකඟයි - ලකුණු 6 

ප්‍රශ්න 

1. මම මේ ආයතනයේ වැඩ කරන්නේ ඉතාමත් තෘප්තියෙන්. 

2. මේ ආයතනය වැඩ කරන්න හොඳ තැනක් විදිහට වෙන කෙනෙකුට නිර්දේශ කරන්න කැමතියි. 

3. ආයතනය තමන්ගේ අරමුණු ගැන සේවකයන්ව දැනුවත් කොට තිබෙනවා. 

4. ආයතනය තමන්ගේ අරමුණු ගැන ගනුදෙනුකරුවන්ව දැනුවත් කොට තිබෙනවා. 

5. ආයතනයේ අරමුණු සමඟ මම එකඟයි. 

6. මගේ රැකියාව ආයතනයේ අරමුණු සමඟ කොයි තරම් පෑහෙනවද කියන එක ගැන මට අවබෝධයක් තියෙනවා. 

7. මට දැනෙන්නේ මම ආයතනයේම කොටසක් කියලා. 

8. ආයතනයේ උසස් නිලධරයන් සහ සේවකයන් අතර හොඳ අදහස් හුවමාරුවක් පවතිනවා. 

9. මම සේවය කරන අංශය ගැන මා ඉතා තෘප්තිමත්. 

10. මගේ රැකියාවෙන් මට බොහෝ දේ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා. 

11. මගේ රැකියාව කරගෙන යන්න අවශ්‍ය සියලු පහසුකම් මට තිබෙනවා. 

12. මගේ රැකියාව කරන්න අවශ්‍ය පුහුණුව මට තිබෙනවා. 

13. මගේ රැකියාවට අවශ්‍ය කරන පිළිගැනීම මට තිබෙනවා. 

14. ආයතනය තුළ රැකියාවෙන් ඉදිරියට යන්න තිබෙන අවස්ථා ගැන මට අවබෝධයක් තියෙනවා. 

15. මගෙන් උපරිම සේවයක් ආයතනය ලබාගන්නවා. 

16. මගෙන් බලාපොරොත්තු වන වැඩ මට්ටම සාධාරණයි. 

17. මගේ සම මට්ටමේ අය සමඟ වැඩ කරන පහසුයි. 

18. මගේ සේවා අංශයේ වැඩ කරන්නට ඇති උද්‍යෝගය ඉතා ඉහළයි. 

19. මගේ සේවා අංශයේ සියලු දෙනා ඉතා හොඳ මට්ටමින් අනෙක් අය සමග අදහස් හුවමාරු කරගන්නවා. 

20. මගේ ඉහළ නිලධරයා හොඳ සේවයක් සළසනවා 

21. මගේ ඉහළ නිලධරයා මගේ අදහස්වලට ඇහුම්කන් දෙනවා. 

22. මගේ සේවය උපරිම වශයෙන් ලබාදෙන්න මගේ ඉහළ නිලධරයා උදව් කරනවා. 

23. මගේ ඉහළ නිලධරයා සේවකයන් අතර කණ්ඩායම් හැඟීම ඇතිකොට තිබෙනවා. 

24. මගේ ඉහළ නිලධරයා මගෙන් බලාපොරොත්තු වන සේවා මට්ටම ගැන මට අවබෝධයක් තියෙනවා. 

25. මගේ ඉහළ නිලධරයා දිනපතාම වගේ මගේ සේවා තත්වය අගැයීමට ලක්කරනවා. 

26. මගේ රැකියාවේ දියුණු කරගත යුතු දේ ගැන මගේ ඉහළ නිලධරයා නිතර මා දැනුවත් කරනවා. 

27. මට ගැටලුවක් ඇති වූ ඕනෑම විටක ඒවාට විසඳුම් ලබාදෙන්න මගේ ඉහළ නිලධරයා පියවර ගන්නවා. 

28. මගේ වැටුප හොඳයි. 

29. මගේ ප්‍රසාද දීමනා හොඳයි. 

30. මම රැකියාවේ මෙතෙක් හොඳින් ඉහළට ඇවිත් තිබෙනවා. 

31. මගේ රැකියාවෙන් අනාගතයේදී ඉහළට යන්නට අවස්ථා තිබෙනවා. 

32. නිවාඩු ලබාගැනීම පහසුයි 

33. විශ්‍රාම සැළසුම් ආයතනය විසින් ඇතිකොට තිබෙනවා. 

34. වෛද්‍ය රක්ෂණයක් ලබා දෙනවා. 

35. ආයතනයෙන් තවත් බොහෝ  පහසුකම්  සළසනවා. 

36. වාර්ෂික වැටුප් වර්ධණය සඳහා ක්‍රමවේදයක් පවතිනවා. 

37. මගේ වාර්ෂික වැටුප් වර්ධණය ගැන මට සතුටුයි. 

38. උසස්වීම් සඳහා ක්‍රමවේදයක් පවතිනවා. 

ප්‍රතිඵල 
 
ලකුණු 215 - 228 ක් අතර නම් - ඔබ රැකියාවෙන් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් 

ලකුණු 190 - 215 අතර නම් - ඔබ රැකියාවෙන් ඉතා තෘප්තිමත් 

ලකුණු 170 - 190 අතර නම් - ඔබ රැකියාවෙන් සෑහෙන දුරට තෘප්තිමත් 

ලකුණු 140 - 170 අතර නම් - ඔබ රැකියාවෙන් තරමක් දුරට තෘප්තිමත් 

ලකුණු 115 - 140 අතර නම් - ඔබ රැකියාවෙන් තරමක් දුරට තෘප්තිමත් 
කියන්නත් බැහැ. තෘප්තිමත් නැහැ කියන්නත් බැහැ. අතර මැද. වැට උඩ. 

ලකුණු 90 - 115 අතර නම් - ඔබ රැකියාවෙන් සෑහෙන දුරට තෘප්තිමත් නැහැ. 

ලකුණු 60 - 90 අතර නම් - ඔබ රැකියාවෙන් තෘප්තිමත් නැහැ. 

ලකුණු 30 - 60 අතර නම් - ඔබ රැකියාවෙන් කොහොමටවත් තෘප්තිමත් නැහැ. 

ලකුණු 30ට වඩා අඩු නම් - වෙන රැකියාවක් හොයා ගන්න එක හොඳයි


 

4 comments:

  1. හත්තිලව්වයි වෙන රස්සාවක් හොයා ගන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. අහෝ දුකකි ඉරක් තිතකි

      Delete
  2. 188- මම රැකියාවෙන් සෑහෙන්න දුරට තෘප්තිමත්. :)

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න