පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, April 1, 2015

උඩුකය නිරුවත් ස්වාසිලන්ත ගැහැනු - Topless virgins of Swaiziland



අප්‍රිකා මහාද්වීපයට අයත් ස්වාසිලන්තය පිළිබඳ භූගෝල විද්‍යාව හැදෑරූ අයත්, ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන අයත් සහ ලෝකයේ විවිධ රටවල් පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ආදීන් හැරුණු කොට සෙසු බොහෝ දෙනෙක් නොදන්නා තරම්ය. පසුගිය රජය සමයේ එහි රාජ්‍ය නායකයා අප රටට පැමිණි බැවින් අප රටේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව කතා කළත් මේ වන විට බොහෝ දෙනෙකුට එවැනි රටක් පිළිබඳ වැඩි මතකයක් නොතිබෙන්නට පුළුවන. කෙසේ නමුත් මෙම රටේ පිරිමින් මෙන්ම කාන්තාවන් ද උඩුකය නිරුවත්ව සිටින බැවින් ඇතැමුන්ට නම් තවමත් මේ රට අමතක නොවී තිබෙන්නට ද බැරි නැත.
ස්වාසිලන්තය යනු අප්‍රිකාවට අයත් රටකි. උතුරේ සිට දකුණට කි.මී. 200 ක් ද නැගෙනහිර සිට බටහිරට කි.මී. 81 ක්ද ඇති මෙය එතරම් විශාල රටක් ද නොවේ. 

ලෝකයේ ඒඩ්ස් රෝගීන් බහුලම රට ලෙස ද වාර්තාවන්නේ ස්වාසිලන්තයයි. එය කෙතරම්ද කිවහොත් වැඩිහිටියන්ගේන් 25.8%ක්ම ඒඩ්ස් රෝගයට ගොදුරු වී තිබේ. අනෙක අඩුම ආයු අපේක්ෂණය සිහිත රටවල් අතරින් සිව්වැනි තැනට වැටෙන්නේද ස්වාසිලන්තයයි. එය අවුරුදු 49කි. ලෝක සෞඛ්‍ය සංවධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව එහි මරණවලින් 64%කම සිදුවන්නේ ඒඩ්ස් රෝගය නිසාවෙනි. ගර්භනී කාන්තාවන්ගෙන් ද 38.8%ක්ම එච්.අයි.වී. ආසාදනයට ලක්වී ඇති බැව් හෙළිවී තිබේ. 

තෙවැනි මසවාති රජු

ස්වාසිලන්තයේ කාන්තාවන්ට එහි සංස්කෘතියේ සුවිශේෂි ස්ථානයක් ලැබී තිබේ. සාම්ප්‍රදායික ලෙස ගතහොත් මොවුන් සාමාන්‍යයෙන් සිටින්නේ උඩුකය නිරුවත්වය. එය ඔවුනගේ සුවිශේෂී ලක්ෂණයකි. අනෙක රජුගේ සුවිශේෂී සැලකිල්ලක්ද කාන්තාවන්ට ලැබී තිබේ. එහි වර්තමාන රාජ්‍ය නායකයා වන තෙවැනි මස්වාති රජුට  දැනටමත් බිසෝවරු 15ක් හා දරුවන් 25ක් සිටී. ස්වාසිලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන උණ බම්බු උත්සවයේදී එහි රජු තම බිසෝවරුන්ගේ කණඩායමට අලුතින් බිසවක් එක්කර ගැනීම සිදු කරයි. මෙය  අපූරු චාරිත්‍රයකි. මෙම උණබම්බු උත්සවය සඳහා උඩුකය නිරුවත් තරුණියෝ 50,000 කට අධික පිරිසක් සහභාගි වෙති. ඔවුනට මෙය සිට ජීවිත කාලය තුළදී ලැබෙන්නා වූ ස්වර්ණමය අවස්ථාවක් ලෙස සැළකේ. 37 හැවිරිදි මස්වාති රජ එක් අවස්ථාවක තම බිසව ලෙස තෝරාගත්තේ 16 හැවිරිදි තරුණියකි. ඇය සිවාසිලන්තයේ රූ රැජින බවට පත්වූ නොතන්ඩෝ ඩියුබ් ය. මේ පිළිබඳ බොහෝ දෙනා විවේචන එල්ල කළේ රජුගේ වැඩිමහල්ම දියණිය වන සිඛානියිසෝ ඩ්ලාමිනි ගේ වයස අවුරුදු 17ක් ව තිබියදී රජු සිය අලුත්ම බිසව ලෙස 16 හැවිරිදි තරුණියක් තෝරා ගත් බැවිනි. 


සිඛානියිසෝ ඩ්ලාමිනි

බිසවක් ලෙස අලුතින් තේරී පත්වන තරුණියට රජුගෙන් දහසින් බැඳි පියලි හිමිවේ. ඇය පූර්ණ බිසවක් බවට පත්වන්නේ ගැබ් ගැනීමෙන් අනතුරුවය. සිය අලුත් බිසෝවරු අට දෙනෙකු වෙනුවෙන් මාලිගා ගොඩගනගන්නට ඔහු එක් අවස්ථාවක ස්ටර්ලිං පවුම් මිලියන 8.5 ක් වැය කළේය. එමෙන්ම සිය බිසෝවරුන් වෙනුවෙන් අලුතින් බී.එම්.ඩබ්ලිව් කාර් මිලදී ගන්නට තවත් ස්ටර්ලිං පවුම් මිලියන 450 ක් වැය කළේය. 

මෙවැනි සුවිශේෂි වරප්‍රසාද නිසා එහි තරුණියෝ රජුගේ බිසව බවට පත්වන්නට තරග වදිති. එහෙත් ඇතැමෙක් පවසන්නේ රජුගේ බිසව වනවාට වඩා තමා කැමති සැමියකු තෝරාගෙන සතුටින් ජීවිතයක් ගතකිරීම වඩා යහපත් බවය. 

රජු කාන්තාවන් පිළිබඳව දක්වන මෙවැනි සැළකිල්ල හැරුණු විට ස්වාසිලන්තයේ සමස්ත කාන්තා ප්‍රජාව පිළිබඳ පිළිබඳ ඇත්තේ නම් එතරම් යහපත් තත්වයක් නොවේ. මෙහි බහුභාර්යා සේවනය අධිකව සිදුවන නිසා කාන්තාවන් බහුලව අපචාරයන්ට ලක්වේ. ආරක්ෂිත ලිංගික උපක්‍රම භාවිත නොකිරීම කාන්තාවන් අතර ඒඩ්ස් රෝගය බහුල ලෙස ව්‍යාප්තවීමට ප්‍රබල හේතුවක් වී තිබේ. එපමණක් ද නොව කාන්තාවන් බොහොමයක් පිරිමින්ගේ අඩන්තේට්ටම්වලට ලක්වීම ද නිතර අසනන්ට ලැබේ. එබැවින් උණ බම්බු නැටුමක දකින සුන්දර ස්වාසි කාන්තාවන්ට වඩා එහි සාමාන්‍ය කාන්තාවකගේ ජීවිතය දුක් කම්කටොල්වලින් පිරී ඇති බැව් කිව යුතුය. රජු ද තම බිසෝ තනතුර සඳහා තරුණියන් තෝරා ගන්නට ඔවුන් දෙස බලනවාට වඩා ගැඹුරු ලෙස ඔවුනගේ ජීවිත දකිනතුරු මේ තත්වය මෙසේම පවතිනු ඇත.



16 comments:

  1. ඔය ස්වාසිලන්තයේ රජ්ජුරුවන්ගේ යාලු රජ්ජුරුවෙක් හිටියා. මිනිහා තව ටිකක්කල් රජ කරානම් මිනිහා එයාගේ රටේ රහසෙන් තියාගෙන හිටිය ආමි කර්නල් බිසවව ප්‍රසිද්දියේම තියාගන්නවා ගායිකාවෝ, නිලියෝ, හිටියා බිසවලා හැටියට එයාලටත් ගෙවල් කාර් එහෙම ලැබෙන්න තිබුනා නමුත් ඒ රටේ හිටිය පොඩි මිනිහෙක් ඒ රජ්ජුරුවන්ව එලෙව්වා රටේ මිනිස්සු එක්ක එකතුවෙලා.

    ReplyDelete
    Replies
    1. ඔය කියන රජා දැන් ආගම පටලවාගෙන මිනිස්සු ගොනාට අන්දවන්න හදනවා .නාකී පරන ඇමති කෙනෙකුයි,ගෙරි හමට තඩිබාපු එකෙකුයි තමයි රජාට සපොට් කරන්නෙ

      Delete
    2. කියලා වැඩක් නෑ.

      Delete
  2. මොහොතක් සිතන්න අපේ සමාජෙයි සියළු දෙනා නිරුවතින් සිටිනවා කියා. අපචාර දූෂන නැත්තටම නැතිවෙනවා. ලිංගික අවයව ගැන මනෝමය තත්වය හා කුතුහලය අවසන් වෙනවා. නිරුවත් සමාජවල ලිංගිකත්වය මහලොකු දෙයක් නොවෙයි.
    ඒඩ්ස් ඔය ජනතාව අතර පැතිරීම වැඩි ඔවුන්ගේ මිත්‍යා විශ්වාස , බහුබාර්යා සේවනය නිසයි.කන්‍යාවක් දූෂනය කළොත් ඒඩ්ස් සුවවන බව කියනවා.
    අප්‍රිකාවේ හොදට ඇදුම් අදින සමාජවලත් ඒඩ්ස් පැතිරීම වැඩියි. ඒ ඔවුන්ගෙ යම් පසුගාමීබවක් නිසයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. ඇත්තටම මමත් ඔබේ අදහස සමග එකගයි.

      Delete
  3. බොහොම හොද විස්තරයක්.. ඒ කියන්නේ ස්වාසිලන්තය කියන්නේ දුප්පත්ම රටකුත් නෙමෙයි.. රජතුමා බිරින්දෑලට අච්චර දේවල් දෙනවා කියන්නේ ලේසි වැඩක්ද..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. ඇත්තටම ඉතිං රට දුප්පත් වුණත්, රටේ සාමාන්‍ය මිනිස්සු දුක් වින්දත් රජා කරන්නේ තියෙන සල්ලිවලින් තමන්ගේ බිරින්දෑවරුන්ට සුව පහසුව සළසන එකනේ.

      Delete
  4. සිවාසිලන්තයට විතරක් නෙවෙයි දකුණු අප්‍රිකාවෙ බොහොමයක් රටවලට ඒඩ්ස් රෝගය බරපතල ගැටලුවක් වෙලා. නිසි අධ්‍යාපනයක් නොමැති වීම ප්‍රධාන වශයෙන් බලපානව මේ දේට.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සමග මමත් එකගයි

      Delete
  5. මෙවැනි තොරතුරු නිසා අනෙකුත් සියලුම වැදගත් ප්‍රවෘති ද බැලීම සහ සිංහළයාට හොඳ මදිය.හිතා බලන්න ඔබේ සිතින්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබේ අදහස මට පැහැදිලි මදි.

      Delete
  6. ඔබගේ බ්ලොගයේ සඳහන් අනෙකුත් ප්‍රවෘර්ති බොහොම අගය කරමි මූත් මෙම ප්‍රවෘතිය නිසා වටිනා අධ්‍යාත්මික තොරතුරු සමග ගත් කල ඒ නිරුවත් පුවත අයින් කලා නම් ඉතා අගයමි,

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. ඇත්තටම මා ඒ විස්තරය පළ කළේ නිරුවත උත්කර්ෂවත් කරන්නට නොව, ලෝකයේ තවත් එක රටක පවතින සමාජ ක්‍රමයක් ගැන දැනුම්වත් කරන්නටයි.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. J A A P Perea, eyage namanma pennawa thama inne LINDEE kiyala.......sinhalayata honda madi lu !!!!! JAAPP sigiriyee sithuwama aian karamudha ? meyala wage aye nisa thami thama api sadu lata mee rata ....karanna/ karawanna/ adahanna deela bala sitianne....budagamma ta anu wa SL wala sadu la thami apita kalian APPAyee yannne...............LIN madu mansikathwaya...........pita ratiyagee underware eke indala Hondai....niruwath wela inna wata .....akamathi.....oyalawa ayee nise thamai api thama lindee enne BRO.....a sad fact

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න