පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, July 6, 2015

නූඩ්ල්ස් පරීක්ෂණ වාර්තාව


‛ඉන්දියාවේ අහවල් නූඩ්ල්ස් ආහාරයට අහිතකර බව හෙළිවීම නිසා ටොන් ගණනින් විනාශ කෙරේ’ 
- පුවතක් 

‛ශ්‍රී ලංකාවේ ද ඒ අහවල් නූඩ්ල්ස් ආහාරයට අහිතකර ද යන්න පරීක්ෂා කෙරේ’ 
- පුවතක් 

‛ශ්‍රී ලංකාවේ අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය තිබේ දැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කෙරේ’ 
- පුවතක් 

‛අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය තිබේදැයි සිදුකළ පරීක්ෂණ වාර්තාව හෙට’ 
-පුවතක් 

‛ශ්‍රී ලංකාවේ අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය කිසිත් අඩංගු නැති බව පරීක්ෂණ වාර්තාව පවසයි’ 
- පුවතක් 

‛රඳවාගෙන සිටි අහවල් නූඩ්ල්ස් යළි වෙළෙඳ පළට’ 
- පුවතක් 

‛පාරිභෝගිකයන්ට අහිතකර දේ කිසිවක් දෙන්නේ නැති බව අහවල් නූඩ්ල්ස් සමාගම පවසයි’ 
- පුවතක් 

‛ආහාර විෂවීමක් නිසා පාසල් දරුවන් රැසක් රෝහල් ගත කරයි’ 
- පුවතක් 


10 comments:

  1. ඕවා කීයටවත් තහනම් වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපේ රටේ හැමදාම වෙන්නේ ඒක නේ.

      Delete
  2. අපේ ජනාධිපතිතුමා සටන් කලේ වල්නාශක වර්ග ගේන ඒකට විරුද්ධවනේ... ඒවා නැවැත්තුවා... ඔය නූඩ්ල්ස් වල්නාශකයක් යෑ... ඉතින් ඒවා නවත්තන්න තවත් ජනාධිපති කෙනෙක් ඒනතුරු ඉමු..............

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ඒ කතාවේ ඇත්ත තමයි නේද?

      Delete
  3. වැඩියෙන්ම වස විස කන රට මේක වෙන්න ඇති. ටීවී එකෙනුත් වැඩියෙන්ම මාර්කට් කරන්නෙත් එහෙම කෑම ජාතිනෙ.

    ReplyDelete
    Replies
    1. බලධාරීන් බුදියගෙන හිටියත් මිනිස්සු ටිකක් හරි දැනුවත් නේ තමන් කන බොන ඒවායේ වස විස තියෙන බව. ඒත් එහෙම දැන දැනත් ඒවම කනවා. බලධාරීන් තව බුදියගෙන ඉන්නවා.

      Delete
  4. ඇන්කර් එකට වුණ දේමයි. කවදත එකයි නේ

    ReplyDelete
    Replies
    1. කොයි තරම් වස විස ආවත් අපේ රටේ එහෙම තමයි. බහු ජාතික සමාගම් ඇවිත් අපේ අදාළ බලධාරීන්ට කියක් හරි අතමිට මොළවපු ගමන් රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ, උන් කියනවා කිසිම වසක් විසක් නෑ. ඕන තරම් කාපල්ලා කියලා. ඒක තමයි අපේ රටේ හැටි.

      Delete
  5. අහවල් නූඩ්ල්ස්, පිටිකරපු කිරි වගේම මට කොහෙදෝ මතකයක් තියනවා,කිසියම් මාජරීන් වර්ගයක් දරුවන්ට නොදාය යුතු බවට නඩුතීන්දුවක් පවා ප්‍රකාශයටපත්ව තිබුණ බවක්. ඒ සියල්ලටම වෙන්නෙ ඩීසීඩී වලට වෙච්ච දේම තමයි. සේරමඅමතක කරවන්න මාධ්‍ය ව්‍යාපාර දියත්වේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් අර ප්‍රසිද්ධ මාගරීන් වර්ගය හොද නෑ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා දුන්නත් ඒවා තහනම් වෙන්නේ නැති අමුතුම රටක් මේක. අඩුම ගානේ පත්තරවලින්වත් මේවා එළි කරන්නේ නැහැ. මොකද ඒවාට දැන්වීම් ලැබෙන්නේ මේ වස කවන පොවන සමාගම්වලින් නිසා. මිනිස්සු දැන දැනම වහ කනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න