පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, July 11, 2015

අනේ ජනාධිපතිතුමා පව්

ඡායාරූප අනුග්‍රහය - http://www.365gossiplanka.com/gossipdata/gossip_images/16-rajapaksa-rejiment-bankrupted-grand-scale-mud-attack-to-maithree.png

කලකදි මස කලකදි වස වෙනවාලු’ කියා කියමනක් සිංහලයාගේ තිබේ. මේ දිනවල එවැන්නක් පෙනෙන්නට තිබේ. 

මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීම සඳහා දිවා රෑ වෙහෙසෙමින් වැඩ කටයුතු කළ බොහෝ කණ්ඩායම්, වෙබ් අඩවි, බ්ලොග් අඩවි ජනපතිවරණය පැවැත්වෙන දිනවලදී වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපමණ ගුණ වැයූහ. නමුත් මේ ‛ගුණ ගී වරුසා සහ පැසසුම් ඝෝෂා’ වැඩිකලක් යන්නට මත්තෙන් කණපිට ගැසුවේය. ඒ මහින්ද රාජපක්ෂ මහතාට මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදෙන්නට මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැති වීමත් සමගය. මේ පිළිබඳව තවමත් මතභේද පවතින්නේ යැයි පෙනුනද බැලූ බැල්මට නම් ඔහු සිය කැමැත්ත ලබා දී තිබේ. ඔහු නාමයෝජනා ලබා දෙන්නට මෙසේ කැමැත්ත පළ කොට ඇත්තේ යම් හෙයකින් දිනුවේ නම් තමා සිරගෙට යැවීමට හෝ පොලොව යට අඩි හයක් ගැඹුරින් වළලා දමන්නට ක්‍රියා කරන්නෙකු යැයි වරින් වර සඳහන් කළ තැනැත්තෙකුටය. මේ නිසා දැන් ඔහු වටා සිටි පිරිස දැන් ඔහුට එරෙහිව අවි ඔසවමින් හිඳිති. සැබැවින්ම ඔහුට මේ අපකීර්තියෙන් ගැළවෙන්නට ඕනෑ තරම් ඉඩකඩ තිබුණද මේ ‛පරිප්පුව’ ඉල්ලාගෙන කෑවේ ඔහුමය. 

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ මහතාව ගෙදර යැව්වේ ඒකාධිපතිවාදය අවසන් කිරීමේ අපේක්ෂාවෙනි. ඔහු පැවසූයේ බලය පිළිබඳ තමාට තණ්හාවක් නැති බවය. නමුත් ජනපති බවට පත්වීමත් සමඟ ඔහු තුළ බල තණ්හාවක් නැති බවට ඉදිරිපත් කළ අදහසට පයින් දමා ගැසුවේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගැනීමත් සමගිනි. ඇතැම් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු නායකයින් සිරිසේන මහතාව හිතා මතාම මේ උගුළට හසු කළා වෙන්නටත් බැරි නැත. ඔහු අද මේ නාමයෝජනා උගුලක හසු වී කීර්තිනාමය විනාශ කරගත්තේ මේ තනතුරු භාරගැනීමත් සමගය. ඔහුට බල තණ්හාවක් නොමැති නම් මේ කිසිදු තනතුරක් භාර නොගෙන හුදෙක් පොදු අපේක්ෂකයා වශයෙන් නිර්පාක්ෂිකව සිටින්නට හැකියාව තිබිණි. එසේ නම් ඔහුට විශේෂයෙන් දිනවිය යුතු පක්ෂයක් නැත. කිසිවකු වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍යතාවයක් ද නැත. ඔහුට එසේ නම් නිර්භීතව තමා බලයට කැමැත්තක් නැති යහපාලනයක් අපේක්ෂා කරන නායකයකු ලෙස රැඳෙන්නට අවකාශ තිබිණි. නමුත් දැන් සිදුවිය යුතු දේ සිදුවී හමාරය. අපට දැන් කිව හැක්කේ එකම දෙයක් පමණි. ඒ, 

’අනේ ජනාධිපතිතුමා පව්’

කියා පමණකි. 

8 comments:

  1. Oba kiyana de aththa thamayi!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කවුරුත් මේක තමයි කියන්නේ.

      Delete
  2. ෙමහෙමයි.............. සමහර දේවල් තියෙනවා පන්න පන්න කෙලවන්න පුළුවන් ක්‍රම.... මේකත් ඒහෙමද කියලා කවුද දන්නේ.....???

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ එහෙම දෙයක් තමයි.

      Delete
  3. මහින්දගෙ කට්ටඬිය,තිබුන අවුරුදු දෙකත් නැතිකරල දැම්ම.දැන් මයිත්ත්‍රී මිනිහව දේසපාලනයෙන් අතුගාලම දාන්නයි යන්නෙ.

    ReplyDelete
    Replies
    1. මරාව හැකි ඉක්මනින් දේශපාලන වශයෙන් මරාදැමිය යුතුයි. මූ ආපහු ආවොත් මිනීමැරුම් සාමාන්‍යකරණය වෙනවා.

      Delete
    2. අගෝස්තු 17 වැනිදා සියල්ල තීරණය වේවි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න