පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, November 20, 2015

කම්මැලිකමට ලියැවෙන ඈණුම් කවි


කුමට ඇරියාද ඇණුමක්

බලියාගෙන කට

උසාවියේ

ගෑවා නම් කුරුටු

ඇණයකින්වත්

කුරුටු ගී වැසෙන්නට තරම් සීගිරියේ

මැරුණා නම් කොටි දෙනකව සිට නිදහස්ව

ගැසුවා නම් බෝම්බ

නුඹ ගැනත් කවි ලියයි

නුඹ ගළවාගන්නට පැමිණෙයි පෙරට දහසක්

එහෙත් නුඹ ඇරියේ ඈණුම්ය

කට බලියාගෙනය

දැන් ඉපන් මලේ මාස අටක්

මහ උළු ගෙදර

ගෙදර අයවත් ලියාවි කවියක්

13 comments:

  1. මාත් බලාගෙන හිටියෙ මේ ගැන සයිබරයෙ කතාබහ වෙන හැටි. මෙයා දෙමළ හෝ මුස්ලිම් වුනානම් කඳුලු බේරෙන නිර්මාණ සයිබරයෙ වැහි වැහැල. දරිද්‍රතාව ,පවුලෙ විස්තර ගැන සංවේදී නිර්මාන දකින්න තිබුන.
    ඈනුම කියන්නෙ ජෛව ක්‍රියාවක්. සීගිරිය කුරුටු ගෑම වගෙ සිතා මතා කරන දෙයක්වත් නෙමෙයි.
    මහජනතාවගෙ අයිතිවාසිකම් රැක දෙන ස්ථානය පාර්ලිමේන්තුවයි. උත්තරීතර විය යුත්තෙ පාර්ලිමේන්තුව. මම නම් මේක හැමදාම දරන මතයක්.
    යහපාලනය එක්ක භයානක නිළධාරිවාදයක් මතුවන බව මට නම් තේරුනේ මුල ඉදලමයි.

    මෙහිදී සංවාදයට ගතයුතු කාරනා තිබෙනවා. විධායක පරිපාලන ක්‍රියාමගින් ජනතාවට සිදුවන අසාධාරන ගැන කතා කළත් අධිකරනවලින් සිදුවන අසාධාරන ගැන කතා කරන්නෙ නෑ. ඒක අඩුපාඩුවක්. ඒ වගෙම නඩුකාරවරු කරන වැරදි ගැන කතා කෙරෙන්නෙ නෑ.
    නඩුකාරවරු කියන්නෙ ජෛව ක්‍රියා නොකරන අරුම පුදුම මනුස්සයො කට්ටියක්ද දන්නෙ නෑ.
    මට මේක අහපු හැටියෙ මතක් වුනේ පැනි වරකෙ කාපු උක්කුරාලගෙ කතාව.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපේ රටේ දෙමළ සහ මුස්ලිම් මිනිසුන් වෙනුවෙන් ඊනියා මානව හිතවාදී කට්ටිය අමුතු අනුකම්පාවක් ඇතිකරලා තියෙනවා. ඔවුන් කරන වැරදිවලට දඩුවම් වෙනුවට දෙන්නේ වරප්‍රසාද. සීගිරියේ කුරුටු ගාපු තැනැත්තියට රැකියාවක් පවා ලබාදුන්නා. අනෙක අපේ රටේ බහුතර නීතිඥයන් හිතන්නේ ඔවුන් සර්වබලධාරී දෙවියන් කියලා. ඇතැම් නීතිඥයන් තරම් තකතිරු මෝඩයන් වෙන කොහේවත් නැහැ.

      Delete
  2. https://www.facebook.com/1436910843286966/photos/a.1436918523286198.1073741828.1436910843286966/1514394695538580/?type=3&theater

    https://www.facebook.com/lankadeepa/photos/a.185916898143142.44513.181270011941164/915912191810272/?type=3&


    එකම රටේ නීති දෙකක්. බැංකුවක් කඩන එකයි ඈනුමයි මාර යහපාලනයක්. ස්වාධීන අධිකරන කියන්නෙ භයානක දෙයක්. 72 ව්‍යවස්ථාව යටතෙ වගෙ පාර්ලිමේන්තුව සර්වාධිකාරී වන ව්‍යවස්ථාවකුයි ඕන. අධිකරන ක්‍රියා පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් ඈනුම් අරින එවුනුත් අල්ලගෙන ගිහින් හිරේ දායි.

    ReplyDelete
    Replies
    1. එකම රටේ නීති දෙකකට වඩා තියෙනවනේ. දැන් බලන්න දෙමළාට රටේ ඕන තැනක ඉඩමක් ගන්න පුළුවන් වුණත් සිංහලයාට යාපනෙන් ඉඩමක් ගන්න ලේසි නැහැ තේසවලමේ නීතියට අනුව. මුස්ලිමුන්ට ෂාරියා බැංකු ක්‍රම තියෙනවා. සිංහලයන් ණයට පොලී ගෙවන්න ඕන. නමුත් මුස්ලිමුන් පොලී ගෙවන්නෙත් නැතිව බැංකු වරප්‍රසාද පවා ගන්නවා.

      Delete
  3. උසාවියේ ඇනුමක් ඇරියොත් මාස 8 නම් ඔලු ගලවලා යන හඬ පඩ යක් ගියොත් එහම උසාවිය වැසිකිලියක් වුනාවගේ කියලා මරණිය දඬුවම දෙයි ද?

    ReplyDelete
    Replies
    1. නඩුකාරයන් උත්තරීතරපුද්ගලයන් කියල ස්වාමීනි කිය කිය වැඩවසම් විදියට වැදවැටෙන කොට නඩුකාරයො මේ තත්වයට වැටෙන එක පුදුමයක් නෙමෙයි. අධිකරනවලින් ජනතාවට සිදුවන හිරිහැර ගැන හොයල බලන්න ආයතනයක් නැති එක අවුලක්

      Delete
    2. නඩුකාරයන්ට ඉස්සර කිව්වේ නඩුකාර උන්නාන්සේ කියලා. හරි නම් කියන්න ඕන බූරු වහන්සේ කියලා මේ වගේ ගොං තීන්දු දෙනවට. සල්ලි ගෙවනවනම් කොයි තරම් වැරදිකාරයෙක්ව වුණත් බොරු තර්ක ඉදිරිපත් කරලා නඩුවෙන් දිනවලා අහිංසක පැමිණිලිකාරයාව මාස 7 -8 කට හිරේ යවන්න පුළුවන් උන් ටිකක් තමයි මේ නීතිඤයෝ කියන්නේ. එහෙම නොවන කීප දෙනෙක් ඉන්න පුළුවන්. නමුත් බහුතරයක් ඉන්නේ බෙල්ල මිරිකලා හරි සල්ලි ටික ගන්න. අධිකරණයේ ඉන්න නඩුකාරයාගේ සිට අනෙක අයටත් නඩුදාන්න පුළුවන් වෙනම අධිකරණයක් හදන්න ඕන. නැත්නම් ජනතා අධිකරණයෙන් මේ වගේ බූරු තීරණ දෙන උන්ව ගල්ගහලා පන්නන්නන් ඕන.

      Delete
  4. බැංකුවක් කොල්ලකන්න ආපු මුස්ලිම් එකෙකුට රුපියල් 3500ක් දඩේකින් ශේප් වෙන්න පුළුවන්. මුන්ගේ අම්මලගේ නීති අපේ දුප්පත් මිනිස්සුන්ට විතරයි.

    ReplyDelete
  5. උසාවි වලින් පෙර වැරදි ගැනත් හොයල බලල තමයි දඬුවම් දෙන්නේ . මම කොතන හරි දැක්ක මේ පුද්ගලයා හෙරොයින් නඩුවක සැක කාරයෙක් කියල... එක පැත්තක් ගැන විතරක් බලන එක වැරදියි.

    ReplyDelete
    Replies
    1. එතකොට උසාවියට එන අය දිහා බලල පූර්ව නිගමනවලින්ද තීන්දු දෙන්නෙ. හෙරොයින් කතාව වෙන එකක්. මේක වෙන එකක්. හෙරොයින් චෝදනාව වෙනම අහන්න ඕන. නිර්දෝශීභාවය නම් පූර්ව නිගමනයට මොකද වෙන්නෙ. නීතීඥයො බුකියෙ මේක අනුමත කරල තිබුන ඒ අයගෙ ලොකුකම රැකෙන්නෙ මේව නිසා.
      නඩුකාරයන්ට හිතෙන හිතෙන දේවල් කරන්න ගියොත් භයානකයි.

      දැන් හෙරොයින් චෝදනා නැති කෙනෙක් ඈනුම් ඇරියොත් දඩුවම වෙනස්ද. පොඩි ළමයෙක් ඇඩුවොත් ඒ ළමයව මරනවද

      Delete
    2. හෙරොයින් වැරැද්දක් කළා නම් එක්ට වෙනම දඩ්‍රවමක් දෙනව මිසක් ඈණුම් ඇරපු එකට ඒක ගාව ගන්න එක් ගොං තකතීරු බූරු වැඩක්. නඩුකාරයෝ කැකිල්ලේ රජුජුරුවන්ටත් වඩා අන්තයි කියලා මේවායෙන් තේරෙනවා.උන් කොයි තරම් බූරු තීරණයක් දුන්නත් අපි ඒනා පිළිගන්න ඕන. පුදුම නීතියක් නේ. උසාවියේ ඉන්න ඕන රොබෝවරු වගේ කියල වෙන්න ඇති මේ නීතිය කියන්නේ. මුං ගෙවල්වල ඉන්න කොට වැඩකට මොකක් හරි බාධාවක් කළා කියලා ගෙදර උන්වත් ගස් බදිනවා ඇති. ගොං නීති.

      Delete
  6. වැඩිකල් නොයා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ ජවනිකාවත් බලාගන්න පුළුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දැනටත් ඒ වගේ බූරු තීන්දු දෙනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න