පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 19, 2016

‘කන්ග්‍රැජුලේෂන්ස්‘ ගීතයේ කතාව - Story of the 'Congradulations', a popular Song


විවාහ මංගල්‍යය අවස්ථාවලදී වගේම විවාහ සංවත්සර අවස්ථාවලදී වාදනය වන එක් ජනප්‍රිය ගීතයක් තමයි කන්ග්‍රැජුලේෂන් - ඇන්ඩ් සෙලිබ්‍රේෂන්ගීතය. මනාල යුවල උත්සව සභාවට පිවිසෙනවාත් සමඟ මේ ගීතය ඇසෙද්දි අපූරු උත්සවශ්‍රීයක් සිතට දැනෙනවා. බොහෝ කාලයක සිට මේ ගීතය අසා තිබුණත් බොහෝ දෙනෙක් මේ ගැන වැඩි විස්තරයක් නොදන්නා බව නම් විශ්වාසයි. මේ විස්තරය කියවා බැලුවාට පසු ඔබ සහභාගීවන මංගල උත්සවයකදි මේ ගීතය ඇසුනොත් වෙනදාටත් වඩා හොඳින්, අලුත් ආකාරයකින් එය රස විඳින්න පුළුවන් වෙයි. ඒ වගේම අනෙක් අය මේ ගීතය ගැන නොදන්නා ඔබ දන්නා විස්තර ටිකක් කතා කරන්නත් පුළුවන් වේවි.

ගීතය පටන් ගන්නේ මෙන්න මෙහෙමයි.

Congratulations - And celebrations
When I tell everyone that you're in love With me
Congratulations - And jubilations

I want the world to know I'm happy as can be.



මේ ගීතය ගායනා කරන්නේ ක්ලිෆ් රිචඩ් කියන ඉංග්‍රීසි ජාතික ගායකයායි.  බිල් මාර්ටින් සහ ෆිල් කෝල්ටර් කියන දෙදෙනා විසින් මේ ගීතය රචනා කරන ලද්දේ 1968 අප්‍රේල් 6 වැනිදා යුරෝපා මහාද්වීපයේ රටවල් අතර පවත්වන්නට නියමිතව පැවති යුරෝවිෂන්නම්  ගී තරගාවලියට ඇතුළත්වීම සඳහායි. එහිදී මේ ගීතය ක්ලිෆ් රිචර්ඩ් විසින් ඉදිරිපත් කරනු ලබන්නට  නියමිතව පැවතුණා.

ෆිල් කෝල්ටර් මුළින්ම මේ ගීතය ලියන්න පටන් ගත්තේ I Think I Love You ලෙසිනුයි. නමුත් ඒ චවනවල ගැළපීම ගැන විශ්වාසයක් නොතිබුණු නිසා මේ වැඩේට බිල් මාර්ටින් ද එක් කරගත්තා. ඔවුන් දෙදෙනාම Puppet on a String කියන සංගීත කණ්ඩායමේ සාමාජිකයන්. බිල් මාර්ටින් මෙය Congratulations ලෙසින් වෙනස් කළා. මෙය එක්සත් රාජධානිය තුළ පුදුම තරම් වේගයෙන් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගමන් කළා. එය තනි ගායකයකු විසින් ගායනා කරනු ලැබූ අංක එකේ ගීතය බවටත් පත් වුණා. තරගය පැවැත්වෙන දිනය වන විට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ඇතැයි සිතෙන තරමටම මෙය ජනප්‍රිය වෙලා තිබුණා. ඒ නිසා බ්‍රිතාන්‍ය පුවත්පත් සිය පාඨකයන්ගෙන් ඇසුවේ දෙවැනි ස්ථානය ලබා ගන්නා ගීතය කුමක් විය හැකිද?” කියායි.


ඡන්දය ලබාදෙන අවස්ථාවේදී මෙය බොහෝ ඉදිරියෙන් තිබුණා. කෙසේ නමුත් අවසාන මොහොතේ ජර්මනිය (ජර්මනිය ලෝක යුද්දවලින් පසුව බ්‍රිතාන්‍යයත් එක්ක පොඩි කොස්සක් තිබුණා) ස්පාඤ්ඤයට ලකුණු 6ක් දුන්නා. මේ නිසා යුරෝවිෂන් ගී තරගාවලියේදී එය එකම එක ලකුණකින් ස්පාඤ්ඤයේ La, la, la කියන ගීතයට පරාද වුණා. කෙසේ නමුත් යුරෝපය පුරා ජනප්‍රිය වුණේ Congratulations මිසක් La, la, la ගීතය නම් නෙවෙයි. මේ ගීතය යුරෝපය පුරා තවමත් එකසේ ජනප්‍රියයි. කොයි තරම් ජනප්‍රිය ද කීවොත් යුරෝවිෂන් තරගාවලියට වසර 50ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ උත්සවය නම් කළේ ද Congratulations නමින්. මෙය දෙවැනි මහා ලෝක යුද්ධය අවසන් වී බොහෝ කාලයකට පසුව රචනා කරන ලද ගීතයක් වුවත් යුරෝපයේ ජයග්‍රාහී දිනයසැමරීමේ 50 වැනි සංවත්සරය පැවති 1995 වසරේදී ක්ලිෆ් රිචර්ඩ් මෙම ගීතය ගායනා කළා.




මේ ගීතය ගායනා කරමින් ජනතාව අතරට එය රැගෙන ආ ක්ලිෆ් රිචඩ් ගැනත් ටිකක් කතා කළේ නැත්නම් ඒක ඔහුට කරන අසාධරණයක්. නයිට් පදවියකින් පුදනු ලැබ ඇති නිසා සර්කියන නම්බු නාමය ඇති ක්ලිෆ් රිච්ඩ් උපන්නේ 1940 ඔක්තෝබර් 14 වැනිදා ඉන්දියාවේ ලක්නව්වල. ඔහු බ්‍රිතාන්‍ය පොප් ගායකයෙක්, සංගීතඥයෙක්, සංදර්ශකයෙක්, නළුවෙක් සහ පරහිතකාමියෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. ලොව පුරා ඔහුගේ ගී තැටි මිලියන 250කට වඩා අළෙවි වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ගීත දර්ශක ඉතිහාසයේ එල්විස් ප්‍රෙස්ලි සහ බීට්ල්ස් සංගීත කණ්ඩායම හැරුණු විට වැඩිම ගී තැටි අළෙවියකට හිමිකම් කියන්නේ ක්ලිෆ් රිච්ඩ්. දැනට 75 හැවිරිදි වියේ පසුවන ඔහු තවමත් ගීත ගායනා කරනවා.

ක්ලිෆ් රිච්ඩ්ගේ පියා මිය යන විට ක්ලිෆ් හිටියේ ලාබාල වයසේ. ඔහුට සිය පියාගේ මරණය තදින් බලපෑ බව කියැවෙනවා. මගේ තාත්තා මිය ගියේ බොහෝ අඩු වයසින්. මගේ ජීවිතේ හොඳම කාලෙදි ඔහු මා ළඟ හිටියේ නැහැ. තාත්තා අසනීපෙන් ඉන්න කාලේ අපි හුඟක් සමීප වුණා.රිච්ඩ් සිය මතකය අවදි කරමින් එසේ පවසනවා.

රිච්ඩ් මුළු ජීවිත කාලයම ගත් කළේ තනිකඩ ජීවිතයක්. ඔහුගේ ප්‍රථම පෙම්වතිය ඩේලියා වික්ස්. ඇය ඕස්ට්‍රේලියානු ජාතික නර්තන ශිල්පිනියක්. ඇය පිළිකාවකින් මිය ගියා. ඔහු ඇගේ මරණයෙන් මහත් කම්පාවකට පත්වූ බව හෙළිවූයේ ඒ සම්බන්ධව ඔහු ලියන ලද ලිපියක් 2010 වසරේදී ප්‍රසිද්ධියට පත්කිරීමෙන් පසුවයි. ඔහු එහි මෙසේ ලියා තිබුණා.

ඩේලියාගේ මරණයෙන් පසු මම කිසිම තරුණියක් සමග බරපතල සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියා සිතා ගත්තා. මට හැමදෙයම එපා වුණා. පොප් ගායකයෙක් වූ මගෙ වෘත්තිය අතහැරලා දමන්න හිතුණා. ඒත් මගේ අම්මත් සහෝදරියනුත් සම්පූර්ණයෙන්ම යැපුනේ මගෙන්. ඒ නිසා මට මුදල් උපයන්න සිදු වුණා.


Congratulations ගීතය ගැනත් එය ගයන ගායන ශිල්පියා ගැනත් කෙටියෙන් කියන්න තියෙන්නේ මේ විස්තරය තමයි. බොහෝ දෙනෙක් සතුටුවන ගීතය ගායනා කළ ශිල්පියාගේ ජීවිතය කොයි කරම් දුක්බර ද කියාත් ඔබට සිතෙන්නට පුළුවන්. කෙසේ නමුත් මේ ගීතය නැවත අසන අවස්ථාවක ඔබට ඒ දෙස අලුත් ඇසකින් බලන්නට මේ තොරතුරු මග විවර කර දේවි.


ගීතයේ පද රචනය

Congratulations and celebrations
When I tell everyone that you're in love
with me
Congratulations
and jubilations
I want the world to know I'm happy as can be.

Who could believe that I could be happy and
contented
I used to think that happiness hadn't been
invented
But that was in the bad old days before I met you
When I let you
walk into my heart

Congratulations...
I was afraid that maybe you thought you
were above me
That I was only fooling myself to think you
loved me
But then tonight you said you couldn't live
without me
That round about me
You wanted to stay

Congratulations...

Congratulations and jubilations
I want the world to know I'm happy as can be
I want the world to know
I'm happy as can be

14 comments:

  1. හැබෑටම මේක දැනගෙන හිටියේ නෑ. ස්තුතියි අපට විස්තර කළාට.

    ReplyDelete
    Replies
    1. මමත් මේ ගැන විස්තරයක් කියවන තුරු මෙහෙම දෙයක් දැනගෙන සිටියේ නැහැ. ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete
  2. රටවල් කීපයකදීම උත්සව අවස්තාවලදී ගීතයේ කවදත් අසා නොතිබූ තොරතුරු ගෙනාවට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබ මෙයින් යමක් දැනගත්තා නම් මගේ සතුට එයයි.

      Delete
  3. Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  4. මා ගාව මේකෙ පරණ වර්ෂන් එකක් තිබුණා. ඒක දකින්න කලින් මාත් හිතාගෙන හිටියෙ කන්ග්‍රැජුලේෂන්ස් කියන්නෙ බැඳපු ජෝඩුවටයි කියලයි.

    ස්තූතියි මේ විස්තරේට. මාර විදියට දැනුනා, ක්ලිෆ් රිචඩ් ගෙ ප්‍රේමය ගැන කියවද්දි.

    අනික, පොරගෙ කටහඩ... මාර උත්සවාකාරී කටහඬක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. බොහෝ ගීත, ගායකයෝ ගැන විස්තර හොයන කොට අපි නොදන්නා හැගීම්බර දේ සොයාගන්න ලැබෙන වෙලාවල් තියෙනවා.

      Delete
  5. හැබැටම විවාහා උත්සව වලදි අම්බානක මේ සිංදුව ඇහිලා තියෙනවා විස්තරේ දැනගත්තේ දැන් බොහොම ස්තූතියි (තිත්දෙකක්)

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබටත් ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න