පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 19, 2016

ලිංගික එක්වීමකට හොඳම වෙලාව මොකක්ද? - Best Time to Have Sex




ආදරයත් (Love) අනුරාගයත් (Sex) මාර්ග දෙකක යන හැඟීම් දෙකක් විදිහට යම් යම් තැන්වල ලියැවිලා තිබෙනවා. අනුරාගය ඇති තැන ආදරය නැතැයි වැනි දේවල් ද අසන්නට ලැබෙනවා. නමුත් අපි ඇත්තටම, ප්‍රායෝගික ලෙස  සිතා බැලුවොත් ආදරයත් අනුරාගයත් කියන්නේ එකට අත්වැල් බැඳගෙන ඉන්න හැඟීම් දෙකක්. නීරෝගී සිරුරක් සහ මනසක් ඇති පුද්ගලයකුට ආදර හැඟීම් සහ අනුරාගී හැඟීම් එක සමානවම වාගේ පහළ විය යුතුයි. විශේෂයෙන් විවාහක යුවලක් අතර ආදර බැඳීමත් වඩාත් ශක්තිමත් වන්නට නම් ආදරය වගේම අනුරාගයත් ඔවුන් අතර අඩු වැඩි වශයෙන් සහ ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව මනාව පැවතිය යුතුයි. මේ හැඟීම් දෙකේ විවිධ අඩුපාඩු පැන නැගීමත් සමඟම යුග දිවියේ ගැටලු මතු වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මේ සූදානම් වෙන්නේ ආදරය සහ අනුරාගය මනාව පවත්වාගෙන යාමක් ගැන කතා කරන්න නෙවෙයි. ඒ සඳහා ද ඉවහල් වන වෙනත් කරුණක් ගැන කතා කරන්නයි. මෙය බොහෝ විට අලුත් විවාහ වුණු යුවලවලට වඩා වැදගත් වෙන්නත් පුළුවන්. ඒ තමයි අනුරාගී හැඟීමේවලින් සිත මනමත් කරගන්නට වඩාත්ම සුදුසු වන්නේ දවසේ කුමන කාලයක් ද කියන එක ගැන. බොහෝ දෙනෙක්ගෙන් මේ ප්‍රශ්නය ඇහුවොත්, “රෑ තමයි මේකට හොඳමකියලා උත්තර දෙයි. මොකද බොහෝ විට දවසේ වැඩ කටයුතු අවසන් කරලා හැම දෙයකින්ම නිදහස් වෙන්නේ ඒ වෙලාව නිසයි. ඒ වගේම එක් එක් අයගේ රුචි අරුචිකම් අනුව මේ වෙලාව වෙනස් වෙන්නත් පුළුවන්. සමහරෙක් උදේ පාන්දර හොඳයිවැනි පිළිතුරක් දෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මේ සම්බන්ධව පර්යේෂණ පවත්වපු විශේෂඥයන් මේ ගැන පවසන කාරණා ගැනත් අවධානය යොමු කළොත් ඔබට ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ ආදරයෙන් වෙලුණු අනුරාගී මොහොතක් ගත කරන්න පුළුවන් හොඳම වෙලාවක් තෝරාගන්න පුළුවන් වෙයි. 


සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික අදහස තමයි මේ සඳහා හොඳම වෙලාව නින්දට යාමට පෙර රාත්‍රියේදී කියන එක. කෙසේ නමුත් මිනිස් හෝර්මෝන පිළිබඳ විශේෂඥවරියක සහ WomanCode  නම් කෘතියේ කර්තෘ ඇලිස්සා විටී පවසන්නේ ඊට වඩා වෙනස් කතාවක්. මහා බ්‍රිතාන්‍යයේ ඩේලි මේල්පුවත් පතට මේ මාතෘකාව සම්බන්ධව අදහසක් දක්වමින් ඈ පවසා සිටියේ මෙයට වඩාත් සුදුසුම වෙලාව සවස 3.00 බවයි. මේ වෙලාව ගැන ඇහුවාම නම් වැඩි දෙනෙක්ගේ ඇස් උඩ යන්න පුළුවන්. සවස 3.00 කියන්නේ සියලු දෙනාම පාහේ රැකියාව කරන කාලසීමාව. කොහොම වුණත් ඇය මෙහෙම කියන්නේ ඇයි කියලත් බලමු. 


මේ කියන කාල සීමාවේ අනුරාගී සමීප වීමකදි දවසේ වෙනත් වෙලාවකට වඩා දෙදෙනාම තෘප්තිමත් වෙන්න ඇති ඉඩකඩ වැඩි බවයි ඇය පවසන්නේ. ඇය මේ සඳහා හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ අපගේ සිරුරේ ඇති කායික තත්වයක්. දහවල් දොළහෙන් පසුව පිරිමින්ගේ ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම වැඩි වන බව ඇය පවසනවා. එහි ප්‍රතිඵලය තමයි ඔවුන් මානසික වශයෙන් අනුරාගී සිතිවිලිවලින් වැඩි වැඩියෙන් යුක්ත වීම. ඒ වගේම කාන්තාවන් තුළ කෝර්ටිසොල් කියන හෝර්මෝනයේ ඉහළ යාමක් මේ කියන කාල සීමාවේදී  දක්නට ලැබෙනවා. මේ හෝර්මෝනය කාන්තාවන්ගේ දැඟලිලි ගතියවැඩි කරන්න හේතු වෙන්නක් බවයි හෝර්මෝන විශේෂඥවරියක වන විටී පවසන්නේ. මේ අනුව බලන විට පිරිමියාගේ සහ ගැහැනියගේ හෝර්මෝනවල ක්‍රියාකාරීත්වයේ එකවර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ මේ කියපු වෙලාවෙයි. වෙලාව අවුලක් වුණත් මේ සඳහා වෙලාවක් වෙන් කරගෙන අත්හදා බැලුවත් පාඩුවක් නෑ කියලා නම් කියන්න පුළුවන්. 


අප සාමාන්‍යයෙන් හිතන්නේ අනුරාගී එක්වීමක් සඳහා වඩාත් වැදගත් වෙන්නේ ටෙස්ටස්ටෙරෝන් හෝමෝනය කියලයි. නමුත් විටී ඒ ගැන දක්වන්නේ මේ වගේ අදහසක්.  ඇය පවසන්නේ ටෙස්ටස්ටෙරෝන් අපේ අනුරාගී හැඟීම් අවදිකරන්න හේතුවක් වන බව ඇත්ත නමුත් එය කාන්තාව බලාපොරොත්තු වන මානසික කුලුපගබව ඇතිකරන්න අවස්ථාවක් සළසන්නේ නැති බවයි.  නමුත් ඊස්ට්‍රජන් සහ කෝර්ටිසෝල් කියන හෝර්මෝන එකතුව මේ සඳහා වඩා හොඳ අවස්ථාවක් උදා කරනවා. එහිදී කාන්තාවගේ අවශ්‍යතාවයන් ගැන වැඩි වැඩියෙන් සිතන්න පිරිමියා පෙලඹෙන බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ. 


මේ සම්බන්ධයෙන් කළ තවත් පර්යේෂණයකින් පැවසෙන්නේ අනුරාගී හැගීම්වලින් සිත පුරවාගන්නට හොඳම වෙලාව උදේ බවයි. 


ලිංගික චිකිත්සාව පිළිබඳ දර්ශනපති උපාධිධාරී වෛද්‍යවරියකු වන ආර්ලීන් ගෝල්ඩ්මන් බ්‍රිතාන්‍යයේ කොස්මොපොලිටන් පුවත්පතට අදහස් දක්වමින් පවසා සිටියේ පිරිමින්ගේ ටෙස්ටස්ටෙරෝන් හෝර්මෝනය ඉහළ මට්ටමක පවතිද්දී අනුරාගී එක්වීමක් සිදුවෙනවා නම් ඔහුට එහිදී වැඩි ශක්තියක් හිමිවන බවයි. මේ ශක්තිය නිසා ඔහුට මේ කාර්යයේ වැඩි කාලයක් නිරතවන්නට හැකි බවත් ඇය පවසනවා. 


බ්‍රිතාන්‍ය වෛද්‍ය වාර සඟරාව’ (British Medical Journal) මේ අතරේ එක් පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස පළකොට තිබුණේ හිරු එළිය නිසා අපගේ මොලයේ හයිපොතැලමස නම් නිර්නාල ග්‍රන්ථියේ ටෙස්ටෙස්ටෙරෝන් හෝර්මෝන නිෂ්පාදනය වේගවත් කරන බවයි. මෙය අනුරාගී හැඟීම් වැඩි වශයෙන් ඇති කරන්නට හේතුවක් වන නිසා ඒ සඳහා හොඳම වෙලාව උදෑසන බව ඔවුන් දක්වා සිටිනවා. එමෙන්ම කාන්තාවන්ගේ එන්ඩෝර්පින් නම් හෝර්මෝනය උදේ 8.00 - 10.00 අතර ඉහළම මට්ටමකට පැමිණෙන බව ද එම පර්යේෂණයෙන් පෙන්වා දී තිබෙනවා. මෙය අනුරාගී හැඟීම් වඩාත් කැමැත්තෙන් විඳගන්නට මානසිකත්වයක් ඇති කරන හෝර්මෝනයක් බව ද පැවසෙනවා. 


ලිංගක චිකිත්සකවරියක වන සුසී හේමන් පවසන්නේ දෙදෙනාම යහපත් විවේකයකින් පසුවන්නේ උදෑසන නිසා ඔවුන්ගේ හැඟීම් නිදහසේ ප්‍රබෝධමත් වන්නට එය හේතුවක් බැවින් අනුරාගී එක්වීමක් සඳහා වඩාත් සුදුසු උදෑසන කාලය බවයි. කාන්තාවන් වැඩි සංඛ්‍යාවකට අනුරාගයේ ඉහළම සතුට හෙවත් සුරතාන්තයවැඩි වශයෙන් ලැබී ඇත්තේ ද උදෑසන කාලයේ බව පැවසෙනවා. 


පර්යේෂණවලින් පැවසෙන කාලසීමාවන් බොහෝ විට බොහෝ දෙනෙකුට අපහසු කාලසීමාවන් වන්නට පුළුවන්. කෙසේ නමුත් අනුරාගී සහ ආදර හැඟීම් විවිධ අයට ඇතිවන්නේ ඔවුනොවුන්ගේ කැමැත්ත, මානසිකත්වය, මානසික ඉහිල්භාවය ආදිය මතයි. එය වෙනත් බොහෝ කරුණු මත ද රඳාපවතින්නට පුළුවන්. මේ පර්යේෂණ මගින් පැවසෙන් කරුණු අත්හදා බලමින් පෞද්ගලිකව ඔබට වඩාත් සුදුසු යැයි හැඟෙන වේලාවක් මේ වෙනුවෙන් සොයාගැනීම රඳා පවතින්නේ ඔබ මතයි.


8 comments:

  1. Replies
    1. හැමෝම මෙහෙම තමයි කියන්නේ නම් . . .

      Delete
    2. ටිකක් ලැජ්ජයි වගේ නම් තමයි . . .

      Delete
  2. හොඳම වෙලාව තමයි පුලුවන් වෙලාව :D

    ReplyDelete
    Replies
    1. ඒ්එ කතාවත් ඇත්ත තමයි.

      Delete
  3. ගැහැණු දරුවා කැමති වෙලාව තමා හොඳම වෙලාව.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. මොකෝ තනි අතින් අත්පොඩි ගහන්නයැ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න