පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, November 12, 2016

ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කරන නළුවන් අකල් මරණවලට පත්වනවාද? Does Portraying Jesus Foretell DEATH?


ජේසුස් වහන්සේගේ චරිතය සිනමා නිර්මාණ සඳහා ඉදිරිපත් කළ ලෝක ප්‍රකට නළුවෝ බොහෝ වෙති. අප රටේ ද නිෂ්පාදනය කළ ‛ක්‍රිස්තු චරිතය’ සිනමා නිර්මාණය සඳහා සුප්‍රකට නළු විජය කුමාරතුංගයන් රංගනයෙන් දායක වූවේය. කෙසේ නමුත් ඔහුට අත්වූවේ අකල් මරණයකි. ජේසුස් වහන්සේගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන ශිල්පීන් අකල් මරණයකට පත්වන අප රටේ ද කසුකුසුවක් ඇති වූ අතර ලෝකයේ බොාේ දෙනෙකු අතර ද එම මතය පවතින බැව් පෙනෙන්නට තිබේ. මෙයට හේතුව වශයෙන් බොහෝ දෙනෙක් පවසන්නේ බහුතර ලෝක වාසීන්ගේ ආගමික නායකයකු වන ජේසුස් වහන්සේගේ චරිතය ඉදිරිපත් කිරීම  ‛වස් වදින්නට’ හේතුවක් වන බවය. මෙය සැබවින්ම සිදුවන්නක්දැයි සොයා බැලීම වටින්නේය. මේ සඳහා ජේසුස් වහන්සේගේ චරිතය ඉදිරිපත් කළ සුප්‍රකට රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවක් ගෙන ඔවුන්ගේ ජීවිත පිළිබඳ සොයා බැලීමෙන් මෙය අවබෝධ කොට ගත හැකිය. 

ඔහු ජේසුස් වහන්සේ චරිතය ඉදිරිපත් කළේ මෙල් ගිබ්සන්ගේ ‛පැෂන් ඔෆ් ද ක්‍රියිස්ට්’ නම් සිනමා නිර්මාණය සඳහා 2004 වසරේදීය. ඔහු තවමත් ජීවතුන් අතර සිටින මුත් එක් අවස්ථාවක පවසා සිටියේ මෙම චරිතය ඉදිරිපත් කිරීමෙන් පසු සිට රංගන ජීවිතය සහමුළින්ම පරිහානියට පත් වූ බවය. 

‛ගොස්පල් ඔෆ් ජෝන්’ සිනමා නිර්මාණය සඳහා 2003 වසරේදී ජේසුස් වහන්සේගේ චරිතය ඉදිරිපත් කළ ඔහු තවමත් ජීවත් වන්නේය. 

1999 වසරේදී ‛මේරි, මදර් ඔෆ් ජීසස්’ සඳහා ජේසුස් වහන්සේගේ චරිතය ඉදිරිපත් කළ මොහු තවමත් ජීවත් වන්නේය. 

‛ද ඩේ ඔෆ් ක්‍රියිස්ට් ඩයිඩ්’ සඳහා 1980 දී රංගනයෙන් දායක වුණු  ඔහු තවමත් ජීවත් වන්නේය. 

2000 වසරේදී ‛ද මිරකල් මේකර්’ සිනමා පටයට ජේසුස් වහන්සේ චරිතය ඉදිරිපත් කළ මොහු තවමත් ජීවත් වෙයි. 

1973 වසරේදී ‛ගෝඩ්ස්පෙල්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වුණු මොහු අකල් මරණයකට පත් වූයේ නැත. 

‛ජීසස්’ නම් සංගීතමය චිත්‍රපටය සඳහා 2005 දී රංගනයෙන් දායක වුණු මොහු අකල් මරණයකට පත් වූයේ නැත. 

1973 වසරේදී ‛ජීසස් ක්‍රියිස්ට් සුපර්ස්ටාර්’ සඳහා රංගනයෙන් දායක වුව ද මොහු තවමත් හොඳින් ජීවත් වෙයි. 

1927 වසරේදී ‛කිංග්ස් ඔෆ් ද කිංග්ස්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වුණු මොහු 1958 වසරේදී මිය යන විට 83 වැනි වියෙහි පසුවූයේය. එබැවින් එය අකල් මරණයක් ලෙස දැක්විය නොහැක. 

1977 වසරේ නිෂ්පාදනය කළ ‛ජීසස් ඔෆ් නාසරෙත්’ සඳහා ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කළ මොහු අකල් මරණයකට පත් වූයේ නැත. 

1965 වසරේදී ‛ද ග්‍රේටස්ට් ස්ටෝරි එවර් ටෝල්ඩ්’ සඳහා රංගනයෙන් දායක වුණු මොහු දැනට 87 වැනි වියෙහි පසු වෙයි. 

1961 වසරේදී නිෂ්පාදනය කෙරුණු ‛කිංග්ස් ඔෆ් ද කිංග්ස්’ සිනමා නිර්මාණය සඳහා ජේසුස් වහන්සේ චරිතය ඉදිරිපත් කළ මොහු 1969 වසරේදී මිය යන විට 42 වැනි වියෙහි පසුවූවේය. ඒ ඔහු ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කිරීමෙන් වසර 8 කට පසුය. ඔහු සැබවින්ම අකල් මරණයකට ලක් වූවෙක් යැයි සැළකිය හැකිය. 

2013 වසරේ රූපවාහිනි කතා මාළාවක් වූ ‛ද බයිබල්’ සඳහා ද, 2014 දී ‛සන් ඔෆ් ගෝඩ්’ සිනමා නිර්මාණය සඳහා ද ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කළ මොහු දැනට 36 වැනි වියෙහි පසුවෙයි. 





11 comments:

  1. හොඳයි= ලියන්න තව + ජය්වවේවා :)

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  2. Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  3. මා හිතනවා, මේ ලැයිස්තුවට, අපේ සිනමා නළු විජය කුමාරතුංගත් එකතු වියයුතුයි කියා. ඔහුත් ක්‍රිස්තු චරිතය රඟපා ටික කලකට පසු තමයි, ඝාතනයට ලක්වුණේ.

    ReplyDelete
    Replies
    1. ඒ බව මේ ලිපියේ මුළින් සඳහන් කොට තිබෙනවා.

      Delete
  4. අපේ දෙමව්පියො අතරෙත් ඒ කාලේ ඔයවගේ කතාවක් තිබුණා මතකයි. එහි ඇත්ත නැත්ත කුමක් වුවත් ලිපිය අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සිද්ධි එකක් දෙකක් නිසා එහෙම ප්‍රසිද්ධ වෙන්න ඇති. ඒත් ඇත්තටම බැලුවාම එහෙම දෙයක් පෙනෙන්නේ නෑ.

      Delete
  5. මැරෙන නොමැරෙන වස් වැදීමෙන් සිදුවන දෙයක් නෙමෙයි ඒක ඉතින් මිනිස්සු හදා ගත්තු මතයක් හෙනම් දිගට ජීවත් වෙන අයට කියන්න ඕන ජේසුන් වහන්සේගේ ආනුභාවයෙන් ජීවත් වෙනවා කියලා...නැද්ද මහත්තයෝ ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. එක සිද්ධියක් වුනහම හැම දෙයක්ම ඒකට ආදේශ කරගන්න එක තමයි අපේ බොහෝ දෙනෙක් කරන්නේ. මේ වගේ මතයක් හැදිලා තියෙන්නෙත් ඒ නිසා තමයි.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න