වසරේ මාස දොළහ
අතුරින් අප්‍රේල් මාසය ඉතා සුවිශේෂීය. අප රටේ පැහැදිලි සෘතු භේදයක් නැතිමුත්,
තුරු ලතා මලින් පලින් බරවී, වසන්ත කාලය උදාවන්නේ මේ මාසයේය. අස්වනු නෙළා
නිවෙස් අටුකොටුවලින් පුරවන්නේ මේ මාසයේය. එබැවින් එය ‛භාග්‍යවත් මාසය’ නම් අරුතැති ‛බක් මාසය’ නමින් ද හඳුන්වනු ලබයි. එමෙන්ම අප රටේ සිංහල සහ දෙමළ
ජනතාව සිය නව වසර සමරන්නේ ද මේ මාසයේ නිසා
එයට ඇති වැදගත්බව තවත් වැඩි වේ. සිය ජීවිත පුනර්ජීවයකට ලක්කරමින් නව ආරම්භයක්
ලබන්නට මෙම මාසය උදාකරදෙන්නේ සුවිශේෂී අවස්ථාවකි. කෘෂිකාර්මික දිවිපැවැත්මකට
හුරුපුරුදුව සිටි පෙරදිග ජනතාව සුර්යයා
කෙරෙහි දැඩි ගෞරවයකින් කටයුතු කළහ. අලුත් අවුරුද්ද සැමරීමේදී ‛සුර්ය දෙවියන්’ වෙනුවෙන් එය කැපකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයකි.
එබැවින් එය ‛සූර්ය මංගල්‍යය’ ලෙසින් ද හඳුන්වනු ලබයි.
අප රටේ සිංහල
ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ අලුත් අවුරුද්ද සමරනු ලැබුව ද හින්දු චාරිත්‍ර
වාරිත්‍ර හා විශ්වාසයන් පිළිබඳ සළකා බැලීමේදී පෙනී යන්නේ අප රටින් බැහැර සමස්ථ
ලෝකය පුරා විසිරී සිටින දෙමළ ජනතාව මෙය සැමරීමේදී යම් යම් වෙනස්කම් ඇති බවය. ඒ
වෙනස්කම් නම් අප රටේ සිංහල ජනතාවට හා දෙමළ ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු
දිනය නියම කරන්නේ නැකැත් කමිටුව වුව ද තමිල්නාඩුවේ සහ සෙසු රටවල සිටින දෙමළ ජනතාවට
මෙය සැමරීම සඳහා නිශ්චිත දිනයක් පැවතීමය. ඔවුන් එය සමරන්නේ අප්‍රේල් 14 වැනිදාය.
නිරායන ජ්‍යෝතිෂ
සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රෙගෝරියන් දිනදර්ශනයේ අප්‍රේල් 14 වැනිදාය. ජාත්‍යන්තර දෙමළ දිනදර්ශනයේ හා
තමිල්නාඩු දිනදර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන
කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි.
මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරායන මේෂ සංක්‍රාන්තිය ගණනය
කරනු ලබයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තියයි.
සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින්
වසර වෙනස් වීමය.
සිංහලයන්ගේ
සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අප්‍රේල් ය.
හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‛සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද මෙම මාසයේදීය. මෙම මාසය දෙමළ බසින් ‛පුත්තන්ඩු’, ‛වරුද පයිරප්පු’ හෝ ‛චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ‛පුත්තන්ඩු
වාස්තුකල්’හෝ ‛ඉනිය තමිල් පුත්තන්ඩු නල්ලවාස්තුක්කල්’ යැයි පවසමින් දෙමළ ජනතාව අලුත් අවුරුදු
දිනයේදී එකිනෙකාට සුබ පතති. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපුර්, මිතිලා,
ඔඩිෂා, ත්‍රිපුර ආදී ප්‍රාන්තවලද මෙම දිනයේ අලුත් අවුරුද්ද
සැමරේ. සිංහල ජනතාව අලුත් අවුරුද්ද සැමරීමේදී ජ්‍යෝතිෂ සිද්ධාන්ත අකුරටම
පිළිපදිති. එබැවින් මෙය ‛නැකැත් කෙළිය’ නමින් ද හඳුන්වනු ලැබේ. දෙමළ ජනතාව අතර ද මෙහි වෙනසක්
නැත. දෙමළ ජනතාව අතර අතීතයේ සිට පැවති සිරිතක් වන්නේ අලුත් අවුරුදු දිනයේදී පවුගේ
වැඩිහිටියකු හෝ නැකැත්කරුවකු විසින් ඉදිරි මාස 12 සඳහා සිය පවුලට අයත් පලාපල කථනයක් සිදුකිරීමය.
අලුත් අවුරුදු
දිනයේ අලුයමින් අවදිවන දෙමළ පවුලක මාතාව පවුලේ සාමාජිකයන්ගේ දෑස් වසා සුබ දසුනක් ඇති ස්ථානයකට රැගෙන යාම
සිදුකරනු ලබයි. ඒ බොහෝ විට නිවසේ ඇති දේව ප්‍රතිමාවන් වේ. ඊට අමතරව රන් ආභරණ,
පලතුරු ආදිය ද පෙන්වනු ලබයි. කැඩපතකින්
මුහුණ පෙන්වීමෙන් ද සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි.
මේ දිනයේදී
දෙමළ නිවෙස්වලට ඇතුළුවන දොරටුව අසළ කාන්තාවන් විසින් ‛කෝලම්’ හෝ ‛රන්ගෝලි’ නමින් හඳුන්වනු ලබන වර්ණවත් රටාවලින් අලංකාර කරනු ලබයි.
මෙම කෝලම් රටාවලට මැදින් ‛කුට්ටු විළක්කු’ නම් පහනක් තබනු ලබයි. ‛කන්නි’
නමින් හඳුන්වනු ලබන චාරිත්‍රයක් සිදුකිරීම ද
මෙම දිනයේ දක්නට ලැබෙන්නකි. ‛කන්නි’ යන්නෙහි අරුත් වන්නේ ‛සුබ දසුන’
වැන්නකි. ඔවුන් මේ අවස්ථාවේදී රන් ආභරණ,
පලතුරු, එළවලු, මල්, සහල් ආදිය දෙස
බලති. එයින් සෞභාග්‍යය උදාවෙතැයි ඔවුහු විශ්වාස කරති. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල
නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ
එල්වා තැබේ. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි. බොහෝ දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට
ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේදී ඒ අසළින් කොහොඹ අතු තැබීම, නිවෙස් සැරසීම සඳහා ඒවා යොදාගැනීම ආදිය
දක්නට ලැබේ. කොහොඹල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද
සමග මුසුකරගැනීම මගින් ජීවිතවල යම්කිසි යථාර්ථවාදී බවක් ද දෙමළ ජනතාව අපේක්ෂා
කරති. දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී ලක්ෂ්මී දෙවඟනට සහ ගන දෙවියන්ට විශේෂයෙන්
වැඳුම් පිදුම් කරති.
ශ්‍රී ලංකාවේ
දෙමළ ජනතාව අලුත් අවුරුද්දේ ‛කාසි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදුකරනු ලබයි. මෙය බොහෝ විට
සිදුකෙරෙන්න්ෙ අවිවාහක තරුණ තරුණයින්, විශේෂයෙන් කුඩා දරුවන් සමග වන අතර එයින් බලාපොරොත්තුවන්නේ වාසනාවන්ත බවයි.
එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීම සිදු
කරයි. මෙය ‛ආර්පුඩු’ නමින් හැඳින්වේ. සිංහල ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික දෙමළ
ජනතාවට ද පුණ්‍ය කාලයක් තිබේ. එය ‛පුණ්‍ය කාලම්’ නම් වේ. එමෙන්ම දෙමළ ජනතාව ඖෂධ මිශ්‍ර ‛මරුති - නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදුකරයි. එයින් සෞඛ්‍ය
සම්පන්න බව බලාපොරොත්තු වේ.
ලොව පුරා දෙමළ
ජනතාව අප්‍රේල් 14 වැනිදා මෙසේ
අලුත් අවුරුද්ද සැමරුවද තමිල්නාඩුවේ මෙයට පෙර බලයේ සිටි ඩී.එම්.කේ පක්ෂය පවසා
සිටියේ සැබෑ දෙමළ අවුරුද්ද විය යුත්තේ තෛපොන්ගල් උත්සවය පවත්වන්නා වූ ජනවාරි මාසය
බවයි. එය තමිල්නාඩු දෙමළ ජනතාවගේ අස්වනු නෙලීමේ උත්සවයයි. ඔවුහු මෙය සම්මත කරගැනීම
සඳහා පණතක් ද ඉදිරිපත් කළහ. නමුත් ජයලලිතා එහි මහඇමතිනිය වූ පසු පවසා සිටියේ සැබෑ
දෙමළ අලුත් අවුරුද්ද විය යුත්තේ අප්‍රේල් 14 වැනිද බවයි. එබැවින් ලොවපුරා වෙනසක් නොමැතිව දෙමළ
ජනතාවද අප්‍රේල් මාසයේ සිය අලුත් අවුරුද්ද සමරති.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න