පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, September 14, 2014

මේ ආදරයයි නාට්‍යය ගැන කතා කරමු - Lets Talk About Me Adarayayi, alias Yeh Hain Mohabbatein Tele Drama


විදෙස් රටවල නිෂ්පාදනය කරන ටෙලි නාට්‍ය අපේ රටේ රූපවාහිනි නාලිකාවල අතිශය ජනාදරයට පත්වෙමින් විකාශනය වෙනවා. සෑහෙන කලක සිට ඉන්දියානු ටෙලි නාට්‍යවලටත්, තරමක මෑතක කාලයක සිට කොරියානු ටෙලි නාට්‍යවලටත් අපේ ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත වැඩිවෙමින් පවතින බව පේනවා. සිරස  කියන්නේ සෑහෙන කාලයක සිට අපේ රටේ ප්‍රේක්ෂකයන් හට ඉන්දියානු ටෙලි නාට්‍ය හඳුන්වාදුන් නාලිකාවක්. ඔවුන් එසේ හඳුන්වා දුන් නාට්‍ය ද බොහෝ ජනාදරයට පත් වුණා. මේ රැල්ලට ඔවුන් අලුතින් එක් කළ තවත් නාට්‍යයක් තමයි මා ආදරෙයිකියන්නේ. සිංහල බසින් හඬ කවා ඉදිරිපත් කරන මෙහි මුල් කෘතියේ නම යේ හායි මොහාබතින්’. 

මේ ආදරයයිනාට්‍යයේ තේමාව ටිකක් වෙනස්. මේ කතාවේ ප්‍රධාන චරිත තුනක් ඉන්නවා. ඒ රමන්, ඉෂිතා සහ රුහි. රුහි කියන්නේ පුංචි දැරියක්. ඇයට මේ දෙන්නම ගොඩක් ආදරයෙි. දරුවට තියෙන මේ ආදරේ නිසා තමයි මේ දෙන්නා එකට ජීවත් වෙන්නේ. අපි ඒ ගැන තව ටිකක් විස්තර කතා කරමු මේ විදිහට. 

ඉෂිතා කියන්නේ දෙමළ කාන්තාවක්. රමන් පන්ජාබ් ජාතිකයෙක්. ඉෂිතාට දරු ඵල නැති නිසා ඇය රුහිට ගොඩාක් ආදරෙන් ළංවෙලා ඉන්නවා. ඇය රුහිට දක්වන්නේ අම්මා කෙනෙක් දක්වන විදියේ ආදරයක්. තමන්ට දරුවන් ලබන්න බැරි බවවත්, තමන්ට දරුවන් නොමැති බවවත් ඇයට මේ නිසා මතක් වන්නේ නෑ. ඇය මිත්‍රශීලි, ආදර සැළකිල්ලෙන් යුක්ත කාන්තාවක් වුණත් රමන්ගේ තත්වය වෙනස්. ඔහු දික්කසාදයක් නිසා බොහෝ සිත්තැවුළෙන් ඉන්න කෙනෙක්. මේ දික්කසාදය නඩුවෙදි තමන්ගේ දියණියගේ භාරකාරත්වය ගැන ගැටලුවක් එනවා. දියණිය රැකබලා ගන්නට කාන්තාවක් අවශ්‍ය වන නිසා, රමන් ඉෂිතාව විවාහ කරගන්නවා. ඒ හැර ඔහුට ඇය ගැන විශේෂ හැඟීමක් ඇතිවන්නේ නැහැ. රමන්ට අවුරුදු 11 ක පුතෙක් ඉන්න බව මේ අතරේ දැනගන්නට ලැබෙනවා. රමන්ගේ කලින් බිරිඳ, ෂාගුන්, දුෂ්ට චරිතයක්. ඇය රමන්ගේ පුතාගේ හිතේ රමන් ගැන වැරදි අවබෝධයක් ඇති කරනවා. ඇය මේ අතරේ රමන්ගේ තරගකාරී ව්‍යාපාරිකයකු වන අශෝක් වර්මා සමග විවාහ වෙනවා. 

රමන්ගේ චරිතය නිරූපණය කරන කරන් පතෙල්

මෙන්න මේ විදිහට තමයි කතාව ඉදිරියට ගළාගෙන යන්නේ. මේ කතාව ප්‍රධාන වශයෙන් ගළාගෙන යන්නේ චරිත තුනක් වටා කියලා අපි කතා කළා. ඒ තමයි රමන්, ඉෂිතා සහ රුහි. මෙහි රමන්ගේ චරිතය නිරූපණය කරන්නේ කරන් පතෙල්. 1983 නොවැම්බර් 23 වැනිදා ඉන්දියාවේ කල්කටාවල උපන් ඔහු වෘත්තීයෙන් නළුවෙක්. ඔහුගේ පියා රෂේෂ් පතෙල්. ගුජරාති වැසියන් වන ඔවුන් පරම්පරාවෙන්ම ව්‍යාපාරිකයෝ. ඔහු පවුලේ එකම දරුවා. පාසල් අධ්‍යාපනයෙන් පසුව කිෂෝර් නාමිත් කපූර් රංග විද්‍යාලයෙන් සහ ලන්ඩන් කලා විද්‍යාලයෙන් රංගනය ගැන හදාරා තිබෙනවා. දැනට ටෙලි නාට්‍ය 11 කට පමණ රංගනයෙන් දායක වී ඇති ඔහු City of Gold සහ Shootout at Wadala යන හින්දි චිත්‍රපට සඳහා ද පෙනී සිට තිබෙනවා. ඒ වාගේම ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායකවීම වෙනුවෙන් සම්මාන ද දිනාගෙන තිබෙනවා. 

ඉෂිතාගේ චරිතය නිරූපණය කරන දිව්‍යංකා ත්‍රිපති

මේ ටෙලි නාට්‍යයේ අනෙක් ප්‍රධාන චරිතය තමයි ඉෂිතා. මේ චරිතය නිරූපණය කරන්නේ දිව්‍යංකා ත්‍රිපති. ඇය ද වෘත්තීයෙන් ටෙලි නාට්‍ය නිළියක්. භෝපාල් හි උපන් ඇය 2005 වසරෙදී භෝපාල් රූ රැජින තරගයෙන් ද ජයග්‍රහණය කළා. ටෙලි නාට්‍ය නිළියක් ලෙස දැනට ප්‍රකට වෙමින් සිටියත් ඇය අධ්‍යයන කටයුතු සිදුකොට ඇත්තේ වෙනම ක්ෂේත්‍රයන්වලයි. ඇය නේරු ආයතනයෙන් කඳු නැගීම පිළිබඳ පාඨමාළාවක් ද, වෙඩි තැබීම පිළිබඳ පාඨමාළාවක් ද හාදාරා තිබෙනවා. රයිෆල් අංශය නියෝජනය කිරීමෙන් වෙඩි තැබීම සඳහා ඇය රන් පදක්කමක් ද දිනා සිටින අතර, භෝපාල් රයිෆල් ඇකඩමියේ විධායක නිලධාරිනිය ද වනවා. ඇයට තවම සිනමාව සඳහා දායකවන්නට අවස්ථාව ලැබී නැහැ. කෙසේ වුවත් ටෙලි නාට්‍ය රංගන ශිල්පිනයක් ලෙස ඇය සම්මාන දෙකක් දිනාගන්නට සමත්ව තිබෙනවා. 

රුහිගේ චරිතය නිරූපණය කරන රුහනිකා ධවාන්

මේ නාට්‍යයයේ කාගෙත් අවධානය දිනාගන්නට සමත්වුණු චරිතය තමයි රුහි. මේ චරිතය සඳහා දායක වන පුංචි රංගන ශිල්පිනිය රුහනිකා ධවාන්. ඇය තවමත් කුඩා වියේ පසුවන රංගන ශිල්පිනියක්. සය හැවිරිදි ඇය මුම්බායිවල උපන්නත් අයිති වෙන්නේ දිල්ලියට කියලයි සඳහන් වන්නේ. මුම්බායි වල ඇති ජෙබිසියෙල් ජාත්‍යන්තර පාසලේ පළමු ශ්‍රේණියේ ඇය අධ්‍යාපනය හදාරනවා. ක්‍රිඩා කිරීමට සහ යහලුවන් සමඟ සාද පවත්වන්නට කැමති බවයි ඇය පවසන්නේ.  ඇය නිතරම සල්මාන් ඛාන් ගැන කතා කරනවා. එයට හේතුව තමයි ‛‛ජායි හෝචිත්‍රපටයේ එක් ගීතයක ඇය සමඟ පෙනී සිටීම. මෙය ඇගේ පළමු ටෙලි නාට්‍යය වන අතර එයින්ම මුළු මහත් ඉන්දියාවේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් ඇය හඳුනාග්තා. ඇය රුහි විදිහට රඟපාන නාට්‍යයේ අම්මාත් තාත්තාත් වෙන් වී සිටියත් සැබෑ ජීවිතයේ නම් එසේ නොමැති බව ඇය පවසනවා. 

අම්මයි තාත්තයි නැති ජීවිතයක් මට හිතාගන්නවත්බැහැ. මම මගේ තාත්තතට ගොඩක් ආදරෙයි.

1 comment:

  1. මං ටීවි බලන්නේ නැත... බැලුවත් වැරදිලාවත් ඉන්දියන් ලබ්බ වල් නං බලන්නේ නැත

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න