පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, September 5, 2014

කොපි කර තැනූ හින්දි ගීත - Hindi Songs Copied or Influenced from some other Song


හින්දි ගීතවලට අපි කැමැතිය. ඒවායේ තේරුම අපට වැටහෙන්නේ නැතත් අපි ඒවා බොහොමයකට කැමතිය. කුඩා කාලයේ අප බොහෝ විට ඇසුවේ හින්දි ගීතයේ තනුවට තැනූ සිංහල ගීතය. පසු කාලයක ඒවායේ හින්දි ගීතය ඇසෙන විට පවසන්නේ


අන්න අර සිංහල සින්දුවේ හින්දි එක



කියාය. නමුත් සැබවින්ම සිදුව ඇත්තේ හින්දි තනුවෙන් සිංහල ගීතය තැනීමය. අපේ රටේ ඉස්සර කාලේ සිටන්ම සිදුවූයේ එයය. ඒවාට හින්දි අනුකාරක ගීයනුවෙන්ද කියන්නට පටන් ගත්තේය. ඇතැම් අය  කොපිගීත යැයි කියමින්, ඒවා අසන්නට කැමැති වන්නේ නැතිය. 


ඉන්දියාවේ තමයි නියම මියුසීසන්ස්ලා ඉන්නේ. ඒ මිනිස්සු තනුවක් හදන්න හරියට මහන්සි වෙනවා 


යනුවෙන් ඇතැම් අය පවසන්නට පටන් ගත්තෝය. 


නමුත් හරි ෂෝක් දෙයක් මම ළඟදී දුටුවෙමි. එය දැකීමෙන් මගේ හදවත සසල විය. 


අනේ ඒ ගොල්ලොත් එහෙමද?” 


කියාය. අන්තර්ජාලයෙන් වසන් කරන්නට පුලුවන් දෙයක් මේ ලෝකයේ නැති නිසා මෙවැනි දේ මට හමුවන්නට ඇතිය. ඒ වෙන අමුතු දෙයක් නොවේය. වෙන රටවල තනුවලින් තැනූ හින්දි ගීතය. ඒවා ඉතා ජනප්‍රියය. අපි ඒවාට හරි ආසාවෙන් සවන් දුන්නෙමුය.

ෂා මේවා තමයි නියම තනු



කියා අපි කීවෙමුය. නමුත් ඒවා ද අවසානයේ කොපිය. 


මා මෙහි සඳහන් කරන්නේ මා අසා ඇති හින්දි කොපි ගීත පමණක්ය. මා අසා නැති ඒවා ද කොපි කළ ඒවා අතර ඕනෑ තරම් තිබෙන්නට පුලුවන්ය. මේ තනු අලංකාර නිසා අපේ අය ද මේවා කොපි කර ගීත සාදා ගන්නේය. ෂෝක්ම කතාව ඒකය. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියා අසා ඇත්තෙමුය. එසේ නම් කොපියෙන් කොපිය උතුම්ම කොපියකියා කියන්නට ද පුලුවන්ය. 


දැන් ඒ කතාවලින වැඩක් නැතිය. අපි දැන් කොපි කර තැනූ ජනප්‍රිය හින්දි ගීත ටිකක් බලමුය. 


1. හින්දි ගීතය - හාන් හාන් යේ ප්‍යාර් හයි - චිත්‍රපටය දිල්ලගී

සංගීත අධ්‍යක්ෂණය - ජටින් - ලලිත්

කොපි කළේ - Can't Take My Eyes Off Of You (Frankie Valli)








2. හින්දි ගීතය - ජානේ මුජ්හේ ක්‍යා හුවා -  චිත්‍රපටය බාසි

සංගීත අධ්‍යක්ෂණය - අනු මලික්

කොපි කළේ - Fur Elise (Beethoven)







 3. හින්දි ගීතය - තුම් ක්‍යා ජානෝ -  චිත්‍රපටය ආසික්
සංගීත අධ්‍යක්ෂණය - සංජීව් - දර්ශන්

කොපි කළේ - Theme from The Godfather








හින්දි ගීතය - කොයි නහින් අයිෂා-  චිත්‍රපටය දිල්ලගී

සංගීත අධ්‍යක්ෂණය - ජටින් - ලලිත්

කොපි කළේ - Mony Mony (Tommy James and The Shondells)

 

 
 
 
 
 
 
හින්දි ගීතය - චුරා ලියා හයි තුම්නේ - චිත්‍රපටය ‘යාදොන් කි බාරත්’
සංගීත අධ්‍යක්ෂණය - ආර්.ඩී. බර්මන්
කොපි කළේ - If It's Tuesday This Must Be Belgium (Walter Scharf)
ආර්.ඩී. බර්මන් මෙම ගීතය ඔහුගේ ශෛලියට අනුව වෙනස්කම් කොට තිබේ. නමුත් මුල් ගීතයේ සෛලිය තවමත් එහි තිබේ.
 
 
 
 
 
හින්දි ගීතය - පාගල්පන් චා ගයා - චිත්‍රපටය ‘ජානම්’
සංගීත අධ්‍යක්ෂණය - අනු මලික්
කොපි කළේ - And I Love Her (Beatles)
 
 
 
 
 
 
 
හින්දි ගීතය - තෙරි චාහත් කෙ සිවා - චිත්‍රපටය ‘ජානම්’
සංගීත අධ්‍යක්ෂණය - අනු මලික්

කොපි කළේ - El Condor Pasa (Simon & Garfunkel)








 
 
 
හින්දි ගීතය - ඩොලේ ඩොලේ දිල් -  චිත්‍රපටය ‘බාසි’
සංගීත අධ්‍යක්ෂණය - අනු මලික්

කොපි කළේ - Come September (Theme)














හින්දි ගීතය - අයිසා සකම් දියා -  චිත්‍රපටය ‘අකේලේ හම් අකේලේ තුම්’
සංගීත අධ්‍යක්ෂණය - අනු මලික්

කොපි කළේ - Sweet Child In Time (Deep Purple)








හින්දි ගීතය - දිල් මෙරා චුරායා කයූන් -  චිත්‍රපටය ‘අකේලේ හම් අකේලේ තුම්’
සංගීත අධ්‍යක්ෂණය - අනු මලික්

කොපි කළේ - Last Christmas (Wham)






හින්දි ගීතය - සුන් සුන් සුන් බර්සාත් කි ධුන් -  චිත්‍රපටය ‘සර්’
සංගීත අධ්‍යක්ෂණය - අනු මලික්

කොපි කළේ - Listen To The Sound Of The Rain (Jose Feliciano)







 
හින්දි ගීතය - මුජ්හෙ නීන්ද න අයේ -  චිත්‍රපටය ‘දිල්’
සංගීත අධ්‍යක්ෂණය - ආනන්ද් - මිලින්ද්

කොපි කළේ - Chunni Ud Ud Jaaye (Alaap - UK band)








හින්දි ගීතය - කොය් යහාන් නචෙ නචෙ -  චිත්‍රපටය ‘ඩිස්කෝ ඩාන්සර්’
සංගීත අධ්‍යක්ෂණය - බප්පි ලහිරි

කොපි කළේ - Video Killed The Radio Star (The Buggles)











හින්දි ගීතය - කොයි මිල් ගයා -  චිත්‍රපටය ‘කුච් කුච් හෝතා හයි’
සංගීත අධ්‍යක්ෂණය - ජටින් - ලලිත්

කොපි කළේ - Take That Look Off Your Face (Song And Dance)





හින්දි ගීතය - පෙහෙලි බාර් මිලේ හේන් -  චිත්‍රපටය ‘සාජන්’
සංගීත අධ්‍යක්ෂණය - නදීම් - ශ්‍රවන්

කොපි කළේ - Solitude Standing (Suzanne Vega)





ඉතිං වෙන රටවල සිංදුවලින් කොපි කරලා හදපු හින්දි සිංදුවලින් ටිකක් විතරයි මෙතැන තියෙන්නේ. සමහර විට තව මාසයකින් විතර ආයේ මේ පැත්තේ ආවොත් මේ එකතුව තව වැඩි වෙලා තියෙන්නත් පුලුවන්. වෙන රටවල සිංදුවලින් කොපි කරලා හදපු සිංහල සිංදු ගැන පෝස්ට් එකකුත් දාන්න හිතේ තියෙනවා.

7 comments:

  1. ඇද මේ සෑම ක්‍ෂේත්‍රයකම තිබෙන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථය විනා නිර්මාණයක් කිරීම නොවෙයි. මෙතන වෙලා තියෙන්නේ ඒ දේ තමයි. අපේ රටේ සිනමා සංගීතය සඳහා හින්දි තනු කොපි කලත්, පසුව හොඳ ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවීමෙන්, අර හින්දි කොපි ගීත හැදීම නැතිවුණා. හින්දි සිනමාව කියන්නේ, දැවැන්ත ව්‍යාපාරයක්. ලක්ෂ ගණනක් එයින් යැපෙනවා. මේ නිර්මාණ කර තිබෙන්නේ, ලාභ/පාඩු ලබන ව්‍යාපාරික මනසින් යුක්තව, සහ ස්වතන්ත්‍ර නිර්මාණයක් කිරීම සඳහා වෙහෙසෙන්නේ කුමටද යන සංකල්පයෙන්.

    ReplyDelete
    Replies
    1. වර්තමානයේ කලාව කියන්නෙත් පහසුවෙන් මුදල් ඉපයීම තමයි

      Delete
  2. නිරංජන්
    සිරාවටම මං හින්දි කොපි ගැන දැනන් හිටියත් මේ වගේ ෆිල්ම් වලට ඒව ගත්ත කියල හිතුවෙම නෑ...
    මේ සිංදු තියෙන හැම එකක්ම සුපැ් හිට් ෆිල්ම්...
    ලංකාවෙත් හම්බානෙට ජනප්‍රියය්...
    බලං ගියාම අපි විතරක් නෙවී ඔක්කම හොරු
    හිහි

    ReplyDelete
    Replies
    1. අපි ආවෙත් ඉන්දියාවෙන් කියනවානේ. ඉතිං බලද්දි අපි ඔක්කොම රජ හොරු තමයි.

      Delete
    2. නෑ අපි ඉන්දියාවේ අය නෙමෙයි

      Delete
  3. යාළු මේකේ රයිට් ක්ලික් ඔප්ශන් එක දාලා දෙනවා නම් පහසුවක් වේවි ඒ වගේම ලින්ක් දාන කොට Open in New Window ඔප්ශන් සක්‍රීය කරනවා නම් කියවන්නාට වඩාත් පහසුවක් වේවි....

    ReplyDelete
    Replies
    1. මම සාමාන්‍යෙයන් Open New Window කියලා තමයි ලින්ක් එකක් දාන්නේ. සමහරවිට මොකක් හරි අමතකවීමිකින් සමහර ඒවායේ දාන්න නැතිව ඇති. රයිට් ක්ලික් ඔප්ෂ්න එක හදන්න මට මේකේ විජට් එකින් එක හොයන්න වෙනවා. ඒ ඔප්ෂන් එකේ කෝඩ් ලැබුණු වෙලාවේ ඒක දැම්මා මිසක් දැන් ඒක තියෙන්නේ කොහේද කියලා එක පාරය මතක් වෙන්නේ නැහැ. ටික දවමකින් පුලුවන් වෙයි. අදහස්වලට ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න