පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, November 8, 2014

කොරියානු එනිකෝල් එස් තිර අගුලු වැටීමේදී ඇතිවන දෝෂය - Galaxy Anycall Screen Blinking Continously



මේ Galaxy Anycall M110S එකක්. මෙහි තිරයට නිතර වැළඳෙන දෝෂයක් තමයි මේ. තිරය Lock කළ විගස එය Lock වනු වෙනුවට සිදුවන්නේ නැවත එය On වීමයි. මෙය අඛණ්ඩව සිදුවන නිසා බැටරි ඉක්මණින් බැස යනවා. මෙය අලුත්වැඩියා කරන්නට පිටකොටුවේ එක් දුරකතන අලුත්වැඩියා කරන තැනකින් රුපියල් 8000ක් ඉල්ලූ අතර ඔහු පවසා සිටියේ මෙය Display එකේ දෝෂයක් බවයි. වෙනත් තැනකින් රුපියල් 2000 ඉල්ලා සිටියා. තවත් තැනකින් මෙය අලුත්වැඩියා කරදීමට භාරගෙන අවසානයේ මෙහි නොතිබූ දෝෂයක් සමග ආපසු ලැබුණා. මෙය Display එකේ දෝෂයක් යැයි මට සිතෙන්නේ නැහැ. හේතුව කිහිප දිනක් ගතවන විට මෙම දෝෂය ඉබේම නිදොස්වීමයි. නමුත් මාසයක් දෙකක් පමණ ගත වූ පසු නැවත මෙම දෝෂය ඇතිවනවා.


 අවසානයේ මට ඉබේ මෙයට පිළියමක් හමුවුණා. ඒ තමයි මෙයට Jelly Bean හෝ Kitkat Custom ROM එකක් Flash කොට Screen Lock එක None කිරීමයි. Gingerbread, MIUI හෝ වෙනත් කුමන ROM එකකදි මෙය None කළත් මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි Sweep Screen එකක් ඇතිවන නිසා මෙම දෝෂය අඛණ්ඩව පවතිනවා. නමුත් Jelly Bean හෝ Kitkat ROM වලදී Screen Lock එක None කළ විට Screen එක Lock වන්නේ නැහැ. සිදුවන්නේ Off වීම පමණයි. මෙම දෝෂය මතුවන්නේ Screen එක Lock වීමේදී. නමුත් මෙයට හේතුව කිසිවකු හෝ නොදන්නා නිසා මෙයට ස්ථිර පිළියමක් සොයාගන්නට ක්‍රමයක් නැහැ. මෙය දකින කවුරුන් හෝ ජංගම දුරකතන විශේෂයඥයකු සිටී නම් මෙයට පිළියමක් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිනවා.

මම මේකට විසදුමක් හොයා ගත්තත් දැන් මේ වර්ගයේ දුරකතන බොහෝ දෙනෙක් සතුව නැති නිසා ඒ විස්තරේ දාන්න හිතුවේ නැහැ. නමුත් වෙනත් දුරකතනවලටත් මේ ගැටලුව එන බව පෙනෙන්නට තිබෙන නිසා මම සොයා ගත් විසදුම මෙතැන පළකරන්නම්.

මේක සරල දෙයක්. මම Smart Screen Off PRO v2.3.2 apkmania.com කියන ඇප් එක හොයා ගත්තා. මේක ඉන්ස්ටෝල් කරගන්න. මේ ඇප් එකෙන් කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Proximity Sensor එක use කරලා ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඕෆ් කරන එක. මේකේ සෙටිංග්ස් අපට හදාගන්න පුළුවන් ෆෝන් එක බූට් වෙනකොටම ඇප් එකත් ස්ටාර්ට් වෙන විදිහට. ඊට පස්සේ අපි ෆෝන් එක සාක්කුවට දානකොටම ඩිස්ප්ලේ එක ඕෆ් වෙනවා. ගෙදරදි හරි ඔෆිස් එකේදි හරි කරන්නේ මුනින් අතට හරවලා (ඩිස්ප්ලේ එක යට අතට) හරවලා තියන එක. ෆෝන් එකේ බැටරිය බහින්නේ නැතිව  තියාගන්න පුළුවන්. මේ විදිහට මාසයක් විතර පාවිච්චි කරන කොට ලෙඩේ නිකම්ම හරි ගියා. ආයෙමත් මේ ලෙඩේ ආවොත් මම කරන්නේ මේකම තමයි.

මේ ලෙඩේට විසදුම් ෆෝන් අලුත්වැඩියා කරන කවුරුවත් දන්නේ නැහැ. එක එක හේතු මේකට කියනවා. හදන්න ගියොත් වෙන්නේ අපි අමාරුවේ වැටෙන එක. පිටකොටුවෙන් මේක හදන්න ගිහින් අන්තිමේදී මගේ සිම් ට්‍රේ එක සවුත්තු වුණා. මහරගම ස්මාර්ට් ෆෝන් ෂොප් එකෙන් තමයි මේ ෆෝන් එකට හරියන සිම් ට්‍රේ එකක් හොයාගෙන ෆෝන් එක හදාගත්තේ.

(අවසන්වරට යාවත්කාලීන කළේ 2016-02-08) 

5 comments:

  1. මෙම රොම භාවිත කර බලන්න,මටනම් ඔහොම අවුලක් නැහැ

    www.borasite.blogspot.com.es/2014/05/blog-post_20.html?m=1

    ReplyDelete
    Replies
    1. බොහෙමෙත්ම ස්තූතියි. මම මේක කරලා ගුණ දොස් දන්වන්නම්.

      Delete
  2. mage eketh oya lede thiyenava bn

    ReplyDelete
  3. oyage eke den harida. please help me

    ReplyDelete
    Replies
    1. මගේ ෆෝන් එකේ නම් මේ ලෙඩේ දැන් හරි. මේක ෆෝන් හදන තැන්වලින් හදන්න ඒ කාටවත් මේ ගැන තේරුමක් නැති බව පේනවා. ඒ හැමෝම මේකට එක එක හේතු කියනවා. එහෙම වුණත් කුවුරුවත් නියම ලෙඩේ දන්නේ නැහැ. එක තැනකින් මට කි්වේ ඩිස්ප්ලේ එක මාරු කරන්න කියලා. ඉන්ටර්නෙට් එකෙත් එකෙත් නිවැරදි විසදුමක් නැහැ. මම මේකට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. ඒ ඇප් එකට පුළුවන් proximity sensor එක use කරලා ඩිස්ප්ලේ එක ඕෆ් කරන්න. සාක්කුවට දා ගත්ත ගමන් ඩිස්ප්ලේ එක ඕෆ් වෙනවා. ගෙදරදි කළේ ඩිස්ප්ලේ එක මේසය පැත්තට හිටින විදිහට හරවලා තියන එක. මේ විදිහට මාසයක් විතර කරන කොට ලෙඩේ නිකම්ම හරි ගියා. ආයෙත් ලෙඩේ ආවොත් මම කරන්නේ ආයෙම මේ ඇප් එක ඉන්ස්ටෝල් කරන එක. ඒක ඩවුල්ලෝඩ් කරගන්න ලින්ක් එක මම පෝස්ට් එක ඇතුලේ දාන්නම්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න