පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, October 15, 2020

Lion Pond at Mihintale - මිහින්තලේ සිංහ පොකුණ



සිංහ පොකුණ ලෙස හඳුන්වනු ලබන්නේ මිහින්තලයේ මැද මළුවේ ඇති ආරාම සංකීර්ණයට අයත් දිය පිහිල්ලකි. මෙය ආරාමයේ වාසය කළ භික්ෂූණ් වහන්සේලාගේ ස්නානය සඳහා ඉදිකරන ලද්දක් බැව් පැහැදිලිය. සජීවී ප්‍රමාණයේ සිංහයකු ඉදිරිපාද ඔසවාගෙන සිටිනා ආකාරයෙන් නිර්මාණය කොට ඇති මෙහි මෙම සිංහයාගේ මුඛයෙන් ජලය වහනය වීමට සලස්වා ඇත. මෙයට ජලය සපයා ඇත්තේ නාග පොකුණ හා සම්බන්ධ මැටි නල මාර්ගයෙනි. 







සිංහයාට ඉහළින් සකස්කොට ඇති ගල්පුවරුවන්හි ඉතා අනර්ඝ මූර්තීන් දක්නට ලැබේ. සටනෙහි නියුතු රණකාමීන් දෙදෙනෙකු දැක්වෙන රූකමක් ද, තපස්වරයෙකු ඇතෙකුගේ හිසට අත තබාගෙන සිටිනා ආකාරය නිරූපිත රූකමක් ද, නටන වයන කාන්තා හා පිරිමි රූකම් හා විවිධ ස්වරූපයන්ගෙන් සිටිනා වාමන රූපයන්ගෙන් ද සිංහ පොකුණ අලංකාර කොට තිබේ. මෙම නිර්මාණය ඉතා විශිෂ්ඨ ගනයේ නිර්මාණයක් ලෙස සැළකිය හැකිය. 












1 comment:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න